ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993

විකිපීඩියා වෙතින්
1993 දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 1993 ජූලි 17 – 1993 අගෝස්තු 14
නායකයන් අර්ජුන රණතුංග මොහොමඩ් අසාරුදීන්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා (266) විනෝද් කම්බ්ලි (249)
වැඩිම කඩුළු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (6) අනිල් කුම්බ්ලේ (13)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා සහ ඉන්දියාව මනෝජ් ප්‍රභාකරන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රොෂාන් මහනාම (116) මොහොමඩ් අසාරුදීන් (200)
වැඩිම කඩුළු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (7) මනෝජ් ප්‍රභාකර් (7)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1993 ජූලි 12 සිට අගෝස්තු 14 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI ට එරෙහිව පළමු පන්තියේ තරගයකින් ආරම්භ වූ අතර අවසන් එක්දින තරගයෙන් සංචාරය අවසන් විය. සමස්තයක් ලෙස ගත් කල, එය එක් පළමු පන්තියේ තරඟයකින් සමන්විත වූ අතර ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග තුන බැගින් විය.

ඉන්දියාව ශ්‍රී ලංකා පරාජය කරමින් ටෙස්ට් තරගාවලිය තුළ 1-0 ලෙස ජය ගත් අතර එක්දින තරගාවලියේ 2-1 ලෙස පරාජය විය. ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා ටෙස්ට් තරගමාලාවේදී ලකුණු 266 ක් රැස් කළ අතර ඉන්දියාවේ මනෝජ් ප්‍රභාකරන් සමඟ තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි. ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ කඩුලු 13 ක් දවා ගත් අතර එම තරගමාලාවේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා විය. එක්දින තරගාවලියේදී ඉන්දියාවේ මොහොමඩ් අෂරුදින් ලකුණු 200 ක් රැස් කළ අතර ප්‍රභාකරන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කඩුලු 7 බැගින් ලබා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයින් විය.

පුහුණු තරගය[සංස්කරණය]

තෙදින තරගය: ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI එරෙහිව ඉන්දියානුවන්[සංස්කරණය]

1993 ජූලි 12-14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති XI
415 (ඕවර 129.3)
සනත් ජයසූරිය 151 (239)
වෙන්කටපති රාජු 4/101 (ඕවර 38)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළහ.
  • ඉන්දියාව මොහොමඩ් අසාරුදින් මෙම තරගයේ ලකුණු 39 ලබාගැනීමත් සමග පළමු පන්තියේ තරගවලදී ලකුණු 10,000 ක් ලබා ගත්තේය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1993 ජූලි 17-22
ලකුණු පුවරුව
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් 1, 3, 4 සහ 5 දිනවල කිසිදු ක්‍රීඩාවක් කිරීමට නොහැකි විය. දෙවන දිනයේ ඕවර 12 ක් සහ මිනිත්තු 49 ක ක්‍රීඩා කිරීමත් සමඟ එය මෙතෙක් පැවති කෙටිම ටෙස්ට් තරගය විය.[1]

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1993 ජූලි 27 සිට අගෝස්තු 1 දක්වා
ලකුණු පුවරුව
359/4d (ඕවර 118)
නව්ජොත් සිං සිදූ 104 (268)
රුවන් කල්පගේ 2/97 (ඕවර 38)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව රුවන් කල්පගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  • මෙම ජයග‍්‍රහණය වසර හතකින් පසු ඉන්දියාවේ ප‍්‍රථම විදේශීය තරගමාලා ජයග‍්‍රහණය වන අතර ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවේදී වේ.[2]
  • ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා ටෙස්ට් තරගවලදී ලකුණු 2,000 ක් රැස් කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්විය.[2]
  • ඉන්දියාව කපිල් දේව් ඔහුගේ 126 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් ඉන්දියාවේ වැඩිම හා ලොව දෙවන වැඩිම තරග ක්‍රීඩා කල ක්‍රීඩකයා බවට පත්විය.[2]

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1993 අගෝස්තු 4-9
ලකුණු පුවරුව
352/6 (ඕවර 153.2)
රොෂාන් මහනාම 151 (362)
අනිල් කුම්බ්ලේ 3/108 (ඕවර 38.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ඉන්දියාව කපිල් දේව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම පන්දු ප්‍රමාණයක් යැවූ පන්දු යවන්නා (27,115 ක්) ලෙස බටහිර ඉන්දීය කොදෙව් ලාන්ස් ගිබ්ස් පසු කළේය.[3]

එක්දින ජාත්‍යන්තර තරගමාලාව (එදිජා)[සංස්කරණය]

ශ්‍රී ලංකාව තරගාමාලාව 2-1 ලෙස ජය ගත්තේය.

1 වන එදිජා තරගය[සංස්කරණය]

1993 ජූලි 25
ඉන්දියාව 
212/8 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
211 (ඕවර 49.2)
ඉන්දියාව ලකුණු 1 කින් ජය ගත්තේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාවකේ. ටී. ෆ්‍රැන්සිස් සහ ශ්‍රී ලංකාව ටී. එම්. සමරසිංහ
තරගයේ වීරයා: ඉන්දියාව මොහොමඩ් අසාරුදීන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • ඉන්දියාව රාජේෂ් චෞහාන් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

1993 අගෝස්තු 12 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව 
204/7 (ඕවර 50)
එරෙහි
 ඉන්දියාව
196 (ඕවර 49.2)
ශ්‍රී ලංකාව ලකුණු 8 කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ ශ්‍රී ලංකාව නන්දසේන පතිරාන
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

1993 අගෝස්තු 14
ඉන්දියාව 
227/9 (ඕවර 50)
එරෙහි
 ශ්‍රී ලංකාව
231/6 (ඕවර 49.3)
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
ද සොයිසා ක්‍රීඩාංගනය, මොරටුවා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව බී. සී. කුරේ සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොෂාන් මහනාම
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.

යොමුව[සංස්කරණය]

  1. "Sri Lanka v India 1993-94, First Test". Wisden. espncricinfo.com. සම්ප්‍රවේශය 20 February 2017.
  2. 2.0 2.1 2.2 "Sri Lanka v India 1993-94, Second Test". Wisden. espncricinfo.com. සම්ප්‍රවේශය 20 February 2017.
  3. "Sri Lanka v India 1993-94, Third Test". Wisden. espncricinfo.com. සම්ප්‍රවේශය 20 February 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග