බංගලාදේශ තුන්කොන් තරගාවලිය 2018

විකිපීඩියා වෙතින්
බංගලාදේශ තුන්කොන් තරගාවලිය 2018
තරගාවලි ලාංඡනය
කාලය2018 ජනවාරි 15 – 2018 ජනවාරි 27
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර (එදිජා)
සත්කාරකත්වයබංගලාදේශය බංගලාදේශය
ශූරයන්ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
අනුශූරයන්බංගලාදේශය බංගලාදේශය
සහභාගීත්වයබංගලාදේශය බංගලාදේශය

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව

සිම්බාබ්වේ සිම්බාබ්වේ
තරඟ7
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව තිසර පෙරේරා
වැඩිම ලකුණුබංගලාදේශය තමීම් ඉක්බාල් (252)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව තිසර පෙරේරා (11)


මෙම 2017-18 බංග්ලාදේශය කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ වූයේ ක්‍රිකට් 2018 ජනවාරි දී පැවැත්වූ තරගාවලියකි.[1] එය බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තුන්කොන් තරඟාවලියක් වූ අතර,[2][3] සියලුම තරඟ එක්දින ජාත්‍යන්තර (ODI) ලෙස ක්‍රීඩා කරන ලදී.[4] ෂරේ-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සියලුම තරඟ සඳහා සත්කාරකත්වය ලබා දුන් අතර, සෑම තරඟයක්ම මධ්‍යහ්නයේ ආරම්භ විය.[5][6] දෙවැනි එක්දින තරගය එම ස්ථානයේ පැවැති 100 වැනි තරගය වූ අතර[7] තෙවැනි තරගයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව ලකුණු 163කින් පරදවමින් එක්දින තරගවල ඔවුන්ගේ විශාලතම ජයග්‍රහණය වාර්තා කළේය.[8]

අවසන් මහා තරගය පැවැත්වුණේ සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතරයි.[9] ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක මංගල තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමත් සමඟ තරගය ලකුණු 79කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[10] තුන්කොන් තරගාවලියෙන් පසුව, ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරඟ දෙකක් සහ වි20 ජාත්‍යන්තර තරඟ දෙකක් (T20I) ක්‍රීඩා කළේය.[11][12]

සංචිත[සංස්කරණය]

 බංග්ලාදේශය[13]  ශ්‍රී ලංකාව[14]  සිම්බාබ්වේ[15]
  • මෂ්‍-රෆෙ මොටාසා (නා)
  • අනමුල් හක්
  • අබුල් හසන්
  • මෙහෙදි හසන්
  • ෂකීබ් අල් හසන්
  • නසීර් හොසේන්
  • රුබෙල් හොසේන්
  • තමීම් ඉක්බාල්
  • සුන්සාමුල් ඉස්ලාම්
  • ඉම්රුල් කයිස්
  • මහමුදුල්ලාහ්
  • මොහොමඩ් මිතුන්
  • මුස්ටෆිසර් රහමන්
  • සබීර් රහමන්
  • මුෂ්ෆිකර් රහීම්
  • මොහොමඩ් සයිෆුදීන්
  • ග්‍රේම් ක්‍රීමර් (නා)
  • ටෙන්ඩායි චතාරා
  • ටෙන්ඩායි චිසෝරෝ
  • ක්‍රේග් අර්වින්
  • කයිල් ජාවිස්
  • හැමිල්ටන් මසකඩ්සා
  • බ්‍රැන්ඩන් මවුටා
  • සොලමන් මිරේ
  • පීටර් මුවර්
  • ක්රිස්ටෝපර් ම්පොෆු
  • රයන් මරේ (කරැ)
  • බ්ලෙසින් මුසර්බානි
  • සිකන්දර් රාසා
  • බ්‍රෙන්ඩන් ටේලර්
  • මැල්කම් වොලර්

දෙවැනි එක්දින තරගයෙන් පසු ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කළේ ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙනි. මැතිව්ස්ට ආවරණයක් ලෙස සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා සංචිතයට එක්කර ඇත.[16] තෙවැනි එක්දින තරගයෙන් පසුව ඉම්රුල් කයිස් බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කෙරිණි. කෙසේ වෙතත් අවසන් තරගයට පෙර ඔහුව නැවත සංචිතයට එක්කරනු ලැබුවා.[17][18] සිව්වැනි එක්දින තරගය අතරතුර කුසල් පෙරේරා ආබාධයකට ලක් වූ අතර ඔහුට තරගාවලියේ සෙසු තරගවලින් ඉවත් විය. ඔහු වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත.[19]

ලකුණු වගුව[සංස්කරණය]

ස්ථා. කණ්ඩායම සම වි.නැ. අ.ප්‍රසාද ප්‍රසාද ශු.ල.වේ
1 බංග්ලාදේශය 4 3 1 0 0 3 15 1.114
2 ශ්‍රී ලංකාව 4 2 2 0 0 1 9 0.146
3 සිම්බාබ්වේ 4 1 3 0 0 0 4 -1.087
මූලාශ්‍රය: Cricinfo

1 වන එදිජා තරගය[සංස්කරණය]

සිම්බාබ්වේ 
170 (ඕවර 49)
 බංග්ලාදේශය
171/2 (ඕවර 28.3)
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
  • සිම්බාබ්වේ බ්ලෙසින් මුසර්බානි ඔහුගේ පළමු එක්දින තරගයට පිවිසියේය.
  • බංගලාදේශය රුබෙල් හොසේන් එක්දින තරගවලදී ඔහුගේ 100 වැනි කඩුල්ල ලබා ගත්තේය.[20]
  • ප්‍රසාද ලකුණු: බංග්ලාදේශය 5, සිම්බාබ්වේ 0.

2 වන එදිජා තරගය[සංස්කරණය]

සිම්බාබ්වේ 
290/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
278 (ඕවර 48.1)
සිම්බාබ්වේ පිලට ලකුණු 12ක ජයක්
ෂරේ-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: සිම්බාබ්වේ සිකන්දර් රාසා
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ් සහ බංගලාදේශය ෂර්ෆුද්දුල
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙම ස්ථානය එක්දින තරග 100කට සත්කාරකත්වය සැපයූ හයවැනි සහ වේගවත්ම ස්ථානය බවට පත්විය.[21][22]
  • ඕස්ට්‍රේලියාව ඩේවිඩ් බූන් ඔහුගේ 100 වැනි එක්දින තරගය තරග තීරක ලෙස විනිශ්චය කළ අතර මෙය සාක්ෂාත් කර ගත් 12 වැනි තරග තීරකවරයා බවට පත්විය..[23]
  • මෙය සිම්බාබ්වේ කණ්ඩායම වසර පහළොවකට පසු පූර්ණ සාමාජික කණ්ඩායමකට එරෙහිව එක්දින තරගයක මධ්‍යස්ථ ස්ථානයකදී ලැබූ පළමු ජයග්‍රහණයයි.[24]
  • ප්‍රසාද ලකුණු: සිම්බාබ්වේ 4, ශ්‍රී ලංකාව 0.

3 වන එදිජා තරගය[සංස්කරණය]

බංග්ලාදේශය 
320/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
157 (ඕවර 32.2)
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: බංග්ලාදේශය 5, ශ්‍රී ලංකාව 0.
  • බංගලාදේශය අනාමුල් හක් සහ බංගලාදේශය සබීර් රහමන් දෙදෙනාම එදිජා තරග වල ඔවුන්ගේ 1,000 වැනි ලකුණ ලබා ගත්හ.[25]
  • මෙය බංග්ලාදේශය එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු සංඛ්‍යාවෙන් ලැබූ විශාලතම ජයග්‍රහණය විය.[26]

4 වන එදිජා තරගය[සංස්කරණය]

සිම්බාබ්වේ 
198 (ඕවර 44)
 ශ්‍රී ලංකාව
202/5 (ඕවර 44.5)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
ෂරේ-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිසර පෙරේරා
විනිසුරුවන්: බංගලාදේශය මසුදුර් රහ්මාන් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, සිම්බාබ්වේ 0.

5 වන එදිජා තරගය[සංස්කරණය]

බංග්ලාදේශය 
216/9 (ඕවර 50)
 සිම්බාබ්වේ
125 (ඕවර 36.3)

6 වන එදිජා තරගය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
83/0 (ඕවර 11.5)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
ෂරේ-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සුරංග ලක්මාල්
විනිසුරුවන්: බංගලාදේශය අනිසුර් රහ්මාන් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙය බංග්ලාදේශය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 9 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව විය.[9]
  • ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, බංග්ලාදේශය 0.

අවසාන තරගය[සංස්කරණය]

 බංග්ලාදේශය
142 (ඕවර 41.1)
ශ්‍රී ලංකාවට ලකුණු 79ක ජයක් හිමිවිය
ෂරේ-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් තරංග
විනිසුරුවන්: ඉන්දියාව චෙට්ටිතොඩි ෂම්ෂුදීන් සහ බංගලාදේශය ෂර්ෆුද්දුල
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව ෂෙහාන් මධුශංක ඔහුගේ මංගල එක්දින තරගයට සහභාගි විය.
  • බංගලාදේශය මුස්ටාෆිසර් රහමන් ක්‍රීඩා කළ තරඟ අනුව, එක්දින තරඟවලදී (27) බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 50ක් දවාගත් වේගවත්ම පන්දු යවන්නා බවට පත් විය.[30]
  • ශ්‍රී ලංකාව ෂෙහාන් මධුශංක මංගල එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් සිව්වැනි පන්දු යවන්නා බවට පත්විය..[31]

යොමුව[සංස්කරණය]

  1. "Bangladesh to host Zimbabwe, Sri Lanka for tri-series in January". 14 December 2017. සම්ප්‍රවේශය 14 December 2017.
  2. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  3. "Afghanistan closer to maiden Test, in talks with Zimbabwe for full series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 July 2017.
  4. "Chevrons gear up for busy schedule". Chronicle (Zimbabwe). සම්ප්‍රවේශය 3 January 2018.
  5. "Itinerary for Tri-Nation (BAN-SL-ZIM) ODI Series, Test Series (BAN – SL) and T20i Series (BAN – SL)". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 14 December 2017.
  6. "Bangladesh Sri Lanka Zimbabwe Tri-Nation Series fixtures 2018". bdprimeit. සම්ප්‍රවේශය 5 January 2018.
  7. "Mirpur stadium wins the race to 100". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  8. "Star players fire as Bangladesh claim record-breaking victory". International Cricket Council. සම්ප්‍රවේශය 19 January 2018.
  9. 9.0 9.1 "Sri Lanka thrash Bangladesh to reach tri-series final". International Cricket Council. සම්ප්‍රවේශය 25 January 2018.
  10. "Debut hat-trick for Madushanka seals Tri Series for Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 27 January 2018.
  11. "Bangladesh, SL, Zim series confirmed". News Day. සම්ප්‍රවේශය 10 December 2017.
  12. "Bangladesh to host Zimbabwe, Sri Lanka for tri-series in January 2018". CricTracker. සම්ප්‍රවේශය 10 December 2017.
  13. "Soumya, Taskin out while Anamul makes the squad". The Daily Star (Bangladesh). සම්ප්‍රවේශය 7 January 2018.
  14. "Rookie fast bowler Shehan Madushanka in SL squad for tri-series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 January 2018.
  15. "Uncapped Mavuta and Murray in Zimbabwe ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 January 2018.
  16. "Mathews ruled out for three weeks". The Island. සම්ප්‍රවේශය 21 January 2018.
  17. "Imrul loses spot in the squad of tri-series". BDCricTime. සම්ප්‍රවේශය 20 January 2018.
  18. "Mercurial SL seek an encore in scrap for title". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
  19. "Dhananjaya to replace injured Kusal Perera". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 January 2018.
  20. "Rubel completes 100 ODI wickets". BDCricTime. සම්ප්‍රවේශය 15 January 2018.
  21. "Historic Mirpur venue braces for 100th ODI". Dhaka Tribune. සම්ප්‍රවේශය 17 January 2018.
  22. "Sri Lanka face Zimbabwe in Mirpur's 100th". Daily Star. සම්ප්‍රවේශය 17 January 2018.
  23. "David Boon becomes the 12th match referee to reach 100 ODIS milestone". International Cricket Council. සම්ප්‍රවේශය 17 January 2018.
  24. "Zimbabwe overcome Thisara blitz in thrilling win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  25. "Sabbir joins Anamul in 1000-run mark". BDCricTime. සම්ප්‍රවේශය 19 January 2018.
  26. "Bangladesh beat Sri Lanka by 163 runs". The Indian Express. සම්ප්‍රවේශය 19 January 2018.
  27. 27.0 27.1 "Tamim's journey to 6000 ODI runs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
  28. "Shakib, Tamim lead Bangladesh's rout of Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
  29. "Mortaza hails 'brilliant' Tamim and Shakib on difficult pitch". International Cricket Council. සම්ප්‍රවේශය 23 January 2018.
  30. "Mustafizur dismisses Tharanga, becomes fastest Bangladesh bowler to reach 50 wickets". BD News. සම්ප්‍රවේශය 27 January 2018.
  31. "Madushanka's debut hat-trick seals tri-series title". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.

බාහිර සබැඳි[සංස්කරණය]