2009 අයිසීසී ශූරයන්ගේ කුසලානය

විකිපීඩියා වෙතින්
2009 ICC Champions Trophy
ගොනුව:2009 ICC Champions Trophy logo.svg
පරිපාලක(යෝ)International Cricket Council
ක්‍රිකට් තරඟ ආකෘතියOne Day International
තරඟාවලි ආකෘතියRound-robin and knockout
සත්කාරකත්වය දකුණු අප්‍රිකාව
ශූරයන් ඕස්ට්‍රේලියාව (2 වන වරට)
අනුශූරයන් නවසීලන්තය
සහභාගීත්වය8
තරඟ15
තරඟාවලියේ වීරයාඕස්ට්‍රේලියාව Ricky Ponting
වැඩිම ලකුණුඕස්ට්‍රේලියාව Ricky Ponting (288)
වැඩිම කඩුලුදකුණු අප්‍රිකාව Wayne Parnell (11)
2006
2013


2009 ICC චැම්පියන්ස් කුසලානය යනු දකුණු අප්‍රිකාවේ සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 5 අතර කාලය තුල[1] වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ සහ සෙන්චූරියන් උද්‍යානයේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි.[2] මුලින් මෙම තරඟාවලිය 2008 වසරේ පකිස්ථානයේ සත්කාරකත්වය දැක්වීමට නියමිතව තිබූ නමුත් ආරක්ෂක හේතුන් මත එය දකුණු අප්‍රිකාවට මාරු විය.[3] එය හයවන ICC චැම්පියන්ස් කුසලානය වන අතර, එය මීට පෙර ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලානය ලෙස හැදින්විය. කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකින් කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 5 වැනිදා සෙන්චූරියන්හිදී පැවැත්විණි. අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 6කින් පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියාව ශූරතාව රැක ගැනීමට සමත් විය.

ඉතිහාසය[සංස්කරණය]

චැම්පියන්ස් කුසලානය 1990 දශකයේ අග භාගයේ ICC සභාපති වූ ජග්මෝහන් දල්මියාගේ සංකල්පයකි. එය නැගී එන ජාතීන්ට ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම සහ ලෝක කුසලාන අතර ICC සඳහා මුදල් රැස් කිරීමේ ද්විත්ව අරමුණක් ඇති අතර එමඟින් එම නව ක්‍රිකට් රටවලට වැඩි මුදලක් පොම්ප කිරීමට හැකි විය. කුඩා ලෝක කුසලානයක් ලෙස ලේබල් කරන ලද පළමු තරඟාවලිය 1998 ඔක්තෝම්බර් මාසයේදී ඩකා හි පැවැත්වූ අතර එය පවුම් මිලියන 10 කට වඩා වැඩි මුදලක් රැස් කරන ලදී. දෙවැන්න නයිරෝබිහි දී, පැවැත්වූ අතර වාණිජමය වශයෙන් සාර්ථක විය. 2002 ඉසව්ව පැවැත්වෙන අවස්ථාව වන විට, මාස පහකට පසු ලෝක කුසලානයට ඉතා ආසන්න වූ බැවින් නොසන්සුන්තාවයක් පැවතුනි. මීට අමතරව ක්‍රිකට් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රීඩා කිරීමේ අදහස අතහැර දමා ආදායම් උත්පාදනය සදහා යොමු වී තිබුනි. මෙම ආකෘතිය පුළුල් කිරීමට ඉඩ සලසන බැවින් ප්‍රධාන රටවලින් එකක සිටීම අවශ්‍ය විය. 2004 දී තරගාවලිය එංගලන්තයට ගිය අතර කණ්ඩායම් ක්‍රීඩා වල ආකෘතිය බොහෝ අර්ථ විරහිත ක්‍රීඩා වලට තුඩු දුන් බව පැහැදිලි විය. 2006 ඉන්දියාවේ තරඟාවලිය පවත්වන අවස්ථාව වන විට, මෙම සිදුවීම සමහර පාර්ශවයන්ගෙන් විවේචනයට ලක්ව ඇති අතර, වරෙක ඉන්දියාව 2008 දී සහභාගී වීම ප්‍රතික්ෂේප කළ හැකි බවට ඉඟි පවා තිබුණි.

කාලසටහන සහ ස්ථානය[සංස්කරණය]

මෙම තරඟාවලිය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුනේ 2008 සැප්තැම්බර් 11 සහ 28 අතර පකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි නුවරදීය.[3][4] සහභාගී වන රටවල් කිහිපයක් විසින් ප්‍රකාශ කරන ලද ආරක්ෂක බිය හේතුවෙන් ICC තරඟාවලිය කල් දැමීය; ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල ක්‍රීඩකයින් රට තුළ සංචාරය කිරීම පිළිබඳව කනස්සල්ල පළ කළද, තරඟාවලිය පාකිස්තානයේ පැවැත්වෙන බව 2008 ජූලි 24 දින, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය.[5] 2008 අගෝස්තු 22 වෙනිදා, දකුණු අප්‍රිකාව ආරක්ෂක හේතූන් මත චැම්පියන්ස් කුසලානයට සහභාගී නොවන බව නිවේදනය කළේය.[6] දින දෙකකට පසුව, 2008 අගෝස්තු 24 දින, තරඟාවලිය වෙනත් ස්ථානයක (එංගලන්තය, ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාව) පවත්වනු ඇතැයි අනුමාන කිරීමෙන් පසුව, ICC තරඟාවලිය 2009 ඔක්තෝබර් දක්වා කල් තබන බව නිවේදනය කළේය.[7]

2009 පෙබරවාරි මස පැවති රැස්වීමේදී ICC මණ්ඩලය ආරක්ෂක හේතු මත තරඟාවලිය පාකිස්තානයෙන් ඉවත් කිරීමට තීරණය කළේය. ඒ වන විට ශ්‍රී ලංකාව වඩාත් කැමති විකල්ප සත්කාරකයා විය.[8] 2009 මාර්තු මාසයේදී ICC ප්‍රධාන විධායක කමිටුව ICC මණ්ඩලයට නිර්දේශ කළේ තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමටය. ඒ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ශ්‍රී ලංකාවේ කාලගුණය ප්‍රතිඵලයක් ලෙස බොහෝ ක්‍රීඩා සෝදා හැරීමට හේතු විය හැකි බැවිනි.[9] ICC මණ්ඩලය විසින් නිර්දේශය අනුමත කරන ලද අතර, මෙම සිදුවීම 2009 සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 5 අතර දකුණු අප්‍රිකාවේ සිදු විය.[10]

ස්ථාන[සංස්කරණය]

ජොහැන්නස්බර්ග් ප්‍රදේශයේ වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය සහ සෙන්චූරියන් උද්‍යානය තරඟාවලිය සඳහා ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.[2]

නීති රීති[සංස්කරණය]

2009 ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලියට තරඟ කරන ලද්දේ හොඳම කණ්ඩායම් අට (පෙර 10) විසින් ශ්‍රේණිගත කර කාණ්ඩ දෙකකට බෙදාය. මෙම තරඟාවලියට ආශ්‍රිත සාමාජික රටවල් කිසිවක් සහභාගී නොවීය. සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් සෑම කණ්ඩායමක් සමග වරක් ක්‍රීඩා කළේය. තරඟය පුරාවටම අදාළ වන පහත විස්තර කර ඇති ක්‍රමයට අනුව එක් එක් තරඟය සඳහා ලකුණු වෙන් කරන ලදී. කාණ්ඩ අදියරෙන් පසුව, සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී A කාණ්ඩයේ ජයග්‍රාහකයා B කාණ්ඩයේ අනුශූරයා සමගද, B කාණ්ඩයේ ජයග්‍රාහකයා A කාණ්ඩයේ අනුශූරයා සමග ක්‍රීඩා කළේය. අවසන් පූර්ව වටයේ ජයග්‍රාහකයන් අවසන් මහා තරගයට ඉදිරිපත් විය.

ප්‍රසාද ලකුණු පද්ධතිය[සංස්කරණය]

ප්‍රතිපල ප්‍රසාද
ජය 2
සම/විනො 1
පරාජ 0

කණ්ඩායම් අදියර[සංස්කරණය]

A කාණ්ඩය[සංස්කරණය]

ස්ථා කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1  ඕස්ට්‍රේලියාව 3 2 0 0 1 5 0.510
2  පකිස්තානය 3 2 1 0 0 4 0.999
3  ඉන්දියාව 3 1 1 0 1 3 0.290
4  බටහිර ඉන්දීය කොදෙව් 3 0 3 0 0 0 -1.537
මූලාශ්රය: ESPNcricinfo

2009 සැප්තැම්බර් 26
09:30
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියාවට ලකුණු 50ක ජයක්
නිව් වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මිචෙල් ජොන්සන්
විනිසුරුවන්: පකිස්ථානය අසාද් රවුෆ් සහ නවසීලන්තය ටෝනි හිල්

2009 සැප්තැම්බර් 26
14:30
ලකුණු පුවරුව
පකිස්තානය 
302/9 (ඕවර 50)
 ඉන්දියාව
248 (ඕවර 44.5)
පාකිස්තානයට ලකුණු 54ක ජයක්
සුපර් ස්පෝර්ට්ස් පාර්ක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: පකිස්ථානය ෂොයිබ් මලික්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්

2009 සැප්තැම්බර් 28
14:30
ලකුණු පුවරුව
ප්‍රතිඵලයක් නැත
සුපර් ස්පෝර්ට්ස් පාර්ක්, සෙන්චූරියන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ එංගලන්තය ඉයන් ගුල්ඩ්
  • වර්ෂාව නිසා තරගය අතහැර දමා ඇත.

2009 සැප්තැම්බර් 30
09:30
ලකුණු පුවරුව
පකිස්තානය 
205/6 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්
සුපර් ස්පෝර්ට්ස් පාර්ක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මයිකල් හසී
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ නවසීලන්තය ටෝනි හිල්

2009 සැප්තැම්බර් 30
14:30
ලකුණු පුවරුව
 ඉන්දියාව
130/3 (ඕවර 32.1)

බී කාණ්ඩය[සංස්කරණය]

ස්ථා කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1  නවසීලන්තය 3 2 1 0 0 4 0.782
2  එංගලන්තය 3 2 1 0 0 4 -0.487
3  ශ්‍රී ලංකාව 3 1 2 0 0 2 -0.085
4  දකුණු අප්‍රිකාව 3 1 2 0 0 2 -0.177
මූලාශ්රය: ESPNcricinfo
2009 සැප්තැම්බර් 22
14:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
319/8 (ඕවර 50)
  • වර්ෂාව හේතුවෙන් දකුණු අප්‍රිකානු ඉනිම ඕවර 37.4කට සීමා විය.

2009 සැප්තැම්බර් 24
09:30
ලකුණු පුවරුව
නවසීලන්තය 
214 (ඕවර 47.5)
දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්
සුපර් ස්පෝර්ට්ස් පාර්ක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව වේන් පාර්නෙල්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ පකිස්ථානය අසාද් රවුෆ්


2009 සැප්තැම්බර් 27
09:30
ලකුණු පුවරුව
නවසීලන්තය 
315/7 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
277 (ඕවර 46.4)


පිළිමළුන් පිටුදැකීමේ අදියර[සංස්කරණය]

අවසන් පූර්ව තරග[සංස්කරණය]

2009 ඔක්තෝබර් 2
14:30
ලකුණු පුවරුව
එංගලන්තය 
257 (ඕවර 47.4)
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්
සුපර් ස්පෝර්ට්ස් පාර්ක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ නවසීලන්තය බිලී බෝඩන්

අවසාන තරගය[සංස්කරණය]

2009 ඔක්තෝබර් 5
14:30
ලකුණු පුවරුව
නවසීලන්තය 
200/9 (ඕවර 50)
ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්
සුපර් ස්පෝර්ට්ස් පාර්ක්, සෙන්චූරියන්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ එංගලන්තය ඉයන් ගුල්ඩ්

සංඛ්‍යාලේඛන[සංස්කරණය]

පිතිකරණය[සංස්කරණය]

ක්‍රීඩකයා තරග ලකුණු සාමාන්‍ය වැඩිම
ඕස්ට්‍රේලියාව රිකී පොන්ටින් 5 288 72.00 111 *
ඕස්ට්‍රේලියාව ෂේන් වොට්සන් 5 266 88.33 136 *
දකුණු අප්‍රිකාව ග්‍රේම් ස්මිත් 5 206 68.66 141
එංගලන්තය පෝල් කොලින්වුඩ් 4 202 50.50 0 82
පකිස්ථානය මොහොමඩ් යූසුෆ් 4 200 50.00 0 87

පන්දු යැවීම[සංස්කරණය]

ක්‍රීඩකයා තරග කඩුලු ඉකොන් හොදම
දකුණු අප්‍රිකාව වේන් පාර්නල් 3 11 7.00 5/57
එංගලන්තය ස්ටුවර්ට් බ්‍රෝඩ් 3 10 5.50 4/39
නවසීලන්තය කයිල් මිල්ස් 5 9 4.27 3/27
ඉන්දියාව අශිෂ් නේරා 3 8 4.76 4/55
පකිස්ථානය සයීඩ් අජ්මාල් 4 6 3.79 2/16

යොමු කිරීම්[සංස්කරණය]

  1. "ICC Champions Trophy Complete Schedule". CricketWorld4u. 19 September 2009. 2 October 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 March 2009.
  2. 2.0 2.1 "S Africa to host Champions Trophy". BBC. 16 March 2009. 7 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 March 2009.
  3. 3.0 3.1 "South Africa confirmed as Champions Trophy hosts". Cricinfo. සම්ප්‍රවේශය 2 April 2009.
  4. "ICC Champions Trophy 2008 schedule". 5 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 March 2016.
  5. ICC Decides Pakistan Will Host Champions Trophy සංරක්ෂණය කළ පිටපත 22 ඔක්තෝබර් 2008 at the Wayback Machine, Cricket World, retrieved 24 July 2008
  6. South Africa boycott cricket's Champions Trophy in Pakistan, Yahoo News, retrieved 22 August 2008
  7. ICC Agrees To Postpone Champions Trophy සංරක්ෂණය කළ පිටපත 30 සැප්තැම්බර් 2008 at the Wayback Machine, Cricket World, retrieved 24 August 2008
  8. "Pakistan not to host 2009 Champions Trophy". Cricinfo. 1 February 2009. 9 March 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 March 2009.
  9. "South Africa set to host Champions Trophy". Cricinfo. 11 March 2009. 12 March 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 March 2009.
  10. "ICC board endorses South Africa to host Champions Trophy". Cricinfo. 16 March 2009. 26 March 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 March 2009.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග