මහනුවර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඛණ්ඩාංක: 7°17′49.06″N 80°38′18.43″E / 7.2969611°N 80.6384528°E / 7.2969611; 80.6384528

මහනුවර
සෙංකඩගල
නුවර වැව දසුනක්
නුවර වැව දසුනක්
Nickname(s): නුවර
Motto: Loyal and Free
රට  ශ්‍රී ලංකාව
පළාත මධ්‍යම පළාත
දිස්ත්‍රික්කය මහනුවර දිස්ත්‍රික්කය
සෙංකඩගලපුර ~1480
මහනුවර මහනගර සභාව 1865
පාලනය
 • නගරාධිපති Mahendra Ratwatte [1]
ජනගහනය (2001)
 • සම්පූර්ණ 110,049
 • ජනඝනත්වය 57/කිමී2 (150/වර්ග සැත)
  [2]
වේලා කලාපය Sri Lanka Standard Time Zone[3] (UTC+5:30)
 • Summer (DST) Summer time (UTC+6)
වෙබ් අඩවිය www.kandycity.org
මහනුවර දුම්රිය ස්ථානය

මහනුවර (ශබ්ද වර දෙමළ බසින් கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

වදන්[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

සෙංකඩගල වදන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.

මහනුවර වදන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී.

ඉතිහාසය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මහනුවර රාජධානිය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.

සංස්කෘතිය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ලෝක උරුම නගරය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

පූජනීය මහනුවර නගරය*
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

මහනුවර ශ්‍රී දලඳා මාලිගාව
රට  ශ්‍රී ලංකාව
වර්ගය සංස්කෘතික
වර්ගීකරණය iv, vi
යොමුව 450
කලාපය Asia-Pacific
ලේඛනගත ඉතිහාසය
ලේඛනගත වූ වර්ශය 1988  (10th Session)
* ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි.
යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට.

පුරාණේ භාවිතා කළ නාමය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර

මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

සංචාරක ආකර්ෂණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

19 වන සියවසෙහිදී මහනුවර ජනාධිපති මන්දිරිය දිස් වූ අයුරු
19 වන සියවසෙහිදී මහනුවර රැජිණ හෝටලය දිස්වූ අයුරු

කාලගුණය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මෙ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය.

ස්වාභාවික උරුමය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  1. උඩ වත්ත කැලය
  2. දුනු මඞලාව
  3. හන්තාන කදු වැටිය

ආර්ථිකය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.

මේවාද බලන්න[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  1. http://www.askbiography.com/bio/Kandy.html
  2. Sri Lanka: Districts & Major Cities - Statistics & Maps on City on City Population
  3. http://www.timeanddate.com/worldclock/city.html?n=389http://www.timeanddate.com/worldclock/city.html?n=389
  4. http://www.diyatha.com/web/ithihasaya/kandy1.htm

බාහිර සබැඳුම්[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර&oldid=376241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි