පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022 | |||||
ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ||||
දින වකවානුව | 2022 ජූලි 11 – 2022 ජූලි 28 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න | බාබර් අසාම් | |||
ටෙස්ට් තරගමාලාව |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2022 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.[1] ටෙස්ට් තරඟමාලාව 2021-2023 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසකි.[2][3] 2022 අප්‍රේල් මාසයේදී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) මෙම තරගමාලාව පැවැත්වෙන බව තහවුරු කළේය.[4][5] මුලින්, මෙම සංචාරයට එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනක් ද ඇතුළත් වීමට නියමිතව තිබුණි.[6] නමුත් මේවා 2022 මැයි මාසයේදී අවලංගු කරන ලදී,[7] ඒ මෙම කණ්ඩායම් ද්විත්වය අතර තරග 2020-2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසේ නොවූ නිසා.[8] සංචාරය සඳහා කාලසටහන් 2022 ජුනි මාසයේදී තහවුරු කරන ලදී.[9] පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2015 ජුනි සහ ජූලි මාසවලදීය.[10] 2022 ජූලි 17 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ගෙන ගියේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙනි.[11]
පාකිස්තානය පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් විය. ඒ තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 342ක ඉලක්කය සම්පූර්ණ කිරීමත් සමගය.[12] එය ටෙස්ට් ක්‍රිකට් පිටියේ පාකිස්තානයේ දෙවැනි ඉහළම සාර්ථක ලකුණු හඹායාම වූ අතර, ගාල්ලේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමක් සඳහා වූ ඉහළම සාර්ථක ලකුණු හඹායාමද විය.[13]
සංචිත
[සංස්කරණය]ටෙස්ට් | |
---|---|
ශ්‍රී ලංකාව[14] | පකිස්තානය[15] |
|
පාකිස්ථාන සංචිතය ජුනි 22 පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්දුන් අතර,[15] ශ්‍රී ලංකා සංචිතය ජූලි මස 14 දින නිවේදනය කරන ලදී.[16] ඔස්ට්‍රේලියාවට එරෙහිව මෑතකදී නිමාවට පත් වුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට නම් කරන ලද ලසිත් ඇඹුලදෙනිය සහ තරගාවලිය අතරතුරදී කොවිඩ් ආසාධනය වුණු ප්‍රවීන් ජයවික්‍රම මෙම කණ්ඩායම සඳහා ඇතුළත් ව නොමැත. ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුනාරත්නද නම් කරන ද 18 අතර නොමැත.[16] කොවිඩි ආසාධනය වීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දු යළි කණ්ඩායමට පැමිණ සිටියි. කෙසේ වෙතත් ඔවුන්ගේ ආදේශක විසින් කණ්ඩායමට එක් කරන ලද ලක්ෂාන් සඳකැන් සහ, ලක්ෂිත මානසිංහව කණ්ඩායමට කැදවා නොමැත.[16] පා දඟ පන්දු යවන යසීර් ෂා ජාතික කණ්ඩායමට නැවත පැමිණීම සනිටුහන් කලා.[17]
පුහුණු තරගය
[සංස්කරණය]2022 ජූලි 11-13
ලකුණු පුවරුව |
එ
|
||
301/9 (ඕවර 100)
බාබර් අසාම් 88 (113) ලක්ෂිත මානසිංහ 4/85 (ඕවර 24) |
375/8d (ඕවර 99)
සධීර සමරවික්‍රම 91 (99) මොහොමඩ් නවාස් 2/24 (ඕවර 10) | |
178/2 (ඕවර 50)
අබ්දුල්ලා ෂෆීක් 63 (111) ලක්ෂිත මානසිංහ 1/50 (ඕවර 13) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2022 ජූලි 16-20
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පාකිස්ථාන දෙවන ඉනිමේ ඕවර 124.4 දී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව තරගය නතර කෙරිණි.
- අගා සල්මාන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියළුම ආකෘති වල පාකිස්තානය වෙනුවෙන් ලකුණු 10,000 රැස් කළ වේගවත්ම පිතිකරුවා බවට පත් වූ අතර, ඔහුගේ 228 වැනි ඉනිමේදී එසේ කළේය.[18]
- මොහොමඩ් නවාස් ඔහුගේ පළමු ටෙස්ට් තරගයක කඩුලු 5 දවා ගැනීම.[19]
- බාබර් අසාම් ඔහුගේ ටෙස්ට් ලකුණු 3,000 රැස් කළේය.[20]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: පකිස්ථානය 12, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2022 ජූලි 24-28
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- දුනිත් වෙල්ලාලගේ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
- ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.[21]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- ^ "Takeaways: Are Pakistan dark horses for the 2023 World Test Championship?". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 June 2021.
- ^ "The SLC announces Sri Lanka's Cricketing Calendar for the year 2022". The Papare. සම්ප්‍රවේශය 5 January 2022.
- ^ "England, New Zealand set to tour Pakistan in November-December". CricBuzz. සම්ප්‍රවේශය 15 April 2022.
- ^ "Pakistan announce busy 12 months for national sides". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 15 April 2022.
- ^ "Pakistan to Play Two Tests, Three ODIs in Sri Lanka". Sports NDTV. සම්ප්‍රවේශය 4 April 2022.
- ^ "Pakistan to play only two tests in Sri Lanka as ODIs scrapped from tour". The Papare. සම්ප්‍රවේශය 10 May 2022.
- ^ "ODIs scrapped from Pakistan's tour of Sri Lanka in July 2022". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 May 2022.
- ^ "Pakistan to tour Sri Lanka for two Tests in July". CricBuzz. සම්ප්‍රවේශය 22 June 2022.
- ^ "Sri Lanka confirm itinerary for World Test Championship series against Pakistan". International Cricket Council. සම්ප්‍රවේශය 22 June 2022.
- ^ "2nd Test venue shift: Pakistan Tour of Sri Lanka 2022". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 17 July 2022.
- ^ "Shafique's epic 160* leads Pakistan to fourth-innings glory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 July 2022.
- ^ "Shafique's marathon knock, Pakistan's record chase, and Jayasuriya's dream start". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 July 2022.
- ^ "Sri Lanka name squad for Pakistan Test series". CricBuzz. සම්ප්‍රවේශය 14 July 2022.
- ^ a b "Yasir Shah returns for Sri Lanka Tests". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 22 June 2022.
- ^ a b c "Sri Lanka Cricket Board Press Released". Sri Lankan Cricket. සම්ප්‍රවේශය 15 July 2022.
- ^ "Pakisthan Cricket Board Press Released". Pakisthan Cricket Board. සම්ප්‍රවේශය 15 July 2022.
- ^ "Babar Azam completes 10000 international runs, surpasses Virat Kohli to achieve big milestone". My Khel. සම්ප්‍රවේශය 17 July 2022.
- ^ "Fifties from Oshada Fernando, Kusal Mendis and Dinesh Chandimal put Sri Lanka in command". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 July 2022.
- ^ "SL vs PAK: Babar Azam completes his 3000 career runs". BOL News. සම්ප්‍රවේශය 19 July 2022.
- ^ "Unprecedented highs and haunting lows - Mathews' complicated journey to 100 Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 July 2022.