බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993-94
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1993–94 | |||||
![]() |
![]() | ||||
දින වකවානුව | 1993 දෙසැම්බර් 1 – 1993 දෙසැම්බර් 18 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | රිචී රිචඩ්සන් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (68) | කාල් හූපර් (62) | |||
වැඩිම කඩුළු | වින්ස්ටන් බෙන්ජමින් (5) | මුත්තයියා මුරලිදරන් (4) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | බ්‍රයන් ලාරා (183) | අරවින්ද ද සිල්වා (87) | |||
වැඩිම කඩුළු | කර්ට්නි වොල්ෂ් (5) | රුවන් කල්පගේ (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() |
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 1993 දෙසැම්බර් 1 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. සංචාරය එක්දින තරග තුනකින් හා එක් ටෙස්ට් තරගය කින් සමන්විත විය. දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරගය මෙය වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ සභාපති XI අතර තෙදින තරගයක් ද දෙසැම්බර් 3 සිට 5 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරය කඩාකප්පල් විය. ටෙස්ට් තරගය පැය 12 කට වඩා අඩු කාලයක් පමණක් පැවැත්වුනි. ගාල්ලේ පැවති අනෙක් පළමු පන්තියේ තරගය ඊටත් වඩා සංක්ෂිප්ත විය. වර්ෂාව හේතුවෙන් පළමු එක්දින තරගය අවසන් වීමට නොහැකි වූ අතර තෙවැන්න ඕවර 23 ක තරගයක් බවට පත්විය.
මෙම සංචාරය ප්‍රථමයෙන් ටෙස්ට් තරග තුනකින් සමන්විත වනු ඇතැයි පුරෝකථනය කරන ලදී. හීරෝ කුසලානය සඳහා ඉන්දියාවේ සීමිත පන්දුවාර තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකම සහභාගී වූ බැවින් තරගමාලාව නැවත සකස් කර කෙටි කරන ලදී.[1]
සංචිත
[සංස්කරණය]ටෙස්ට් | එදිජා | ||
---|---|---|---|
![]() |
![]() |
![]() |
![]() |
|
|
|
|
පළමු පන්තියේ තරගය
[සංස්කරණය]සංචාර තරගය - ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI v බටහිර ඉන්දියානුවන්
[සංස්කරණය]1993 දෙසම්බර් 03
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය පිල පන්දුවට පහර දීමට තීරණය කළේය
- අවසන් දිනයේදී ක්‍රීඩා නොකෙරුනි.
-
රොජර් හාපර් මෙම තරගයේ ලකුණු 54 ලබා ගත් විට පළමු පන්තියේ තරඟ වලදී ලකුණු 6500 සම්පූර්ණ කිරීමට සමත් විය
ටෙස්ට් තරගය
[සංස්කරණය]1993 දෙසැම්බර් 08-13
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පිතිකරණය තෝරා ගත්තේය.
- බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය.
- තරගය දින 1 කින් දික්විය. (පලමු දිනයේ තරගය පවත්වන්නට නොහැකි වූ හෙයින් විවේක දිනය යොදා ගන්නා ලදී.)
-
දුලිප් සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
මෙම සංචාරය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පූර්ණ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව සනිටුහන් කළ අතර එයට කණ්ඩායම් දෙක අතර පැවති පළමු ටෙස්ට් තරගය ද ඇතුළත් ය. අවාසනාවකට, තරගය පැය 11½ ක කාලයක් සඳහා පමණක් වෙන්වූ අතර භයානක කාලගුණය නිසා තරගය කඩාකප්පල් විය. පළමු දිනයේ කිසිදු පන්දුවක් නොයැවූ අතර සිව්වන සහ පස්වන දිනවලද පන්දු යැවූයේ නැත.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් ඕවර 100 තුල ලකුණු 190 ක් රැස් කළේ ඉනිමේ එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා කරමිනි. තණතීරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙසට හැරෙමින් තිබූ අතර වසර පහකට පසු ප්‍රථම වතාවට ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කළේය. රණතුංගගේ කඩුල්ලේ දී ශ්‍රී ලංකාව කඩුලු 6 කට ලකුණු 130 ක් රැස් කළේය. කල්පගේ සහ කඩුලු රකින්නා වන දසනායක අතර හත්වැනි කඩුල්ල අතර යම් ආරක්ෂාවක් පෙන්නුම් කළද ඇම්බ්‍රෝස් පහසුවෙන් එය කඩා දැමීය
බටහිර ඉන්දීය ඉනිම එතරම් සාර්ථක නොවීය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කඩුලු දහයම බෙදා ගත් අතර මුරලිදරන් කඩුළු 4 ලබා ගත්තාය. රිචඩ්සන් සහ හූපර් අතර පස්වන කඩුලු සබඳතාවය බටහිර ඉන්දීය කොදෙව් පිලට තරමක අස්වැසිල්ලක් විය. එම හවුල්කාරිත්වය අහිමි වීමත් සමඟ අවසන් කඩුලු 6, ලකුණු 36 ක්ක තුලදී බිද වැටුණි. ඕවර 22 කට පසුව ශ්‍රී ලංකාවේ දෙවන ඉනිම නැවතුනි.[2]
එක්දින තරඟාවලිය
[සංස්කරණය]එක්දින තරග 3 ක් ක්‍රීඩා කර ඇති අතර, ටෙස්ට් තරගය අවසන් වීමට පෙර එකක් හා පසුව දෙකක් වශයෙනි.
1 වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
- වර්ෂාව සහ අයහපත් ආලෝකය හේතුවෙන් තරගය අතහැර දමා ඇත.
- වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ්යේදී ඉනිමක් ඕවර 39 දක්වා කෙටි විය.
- සනත් ජයසූරිය ආබාධයක් නිසා 13/0 දී ඉවත්ට විය
තරගයට ප්‍රථම ඇද හැලුණු වර්ෂාව නිසා තරගය එක් පැත්තකට ඕවර 39 ක් දක්වා අඩු වූ අතර අඳුරු වලාකුළු සහ දරුණු ගිගුරුම් සහිත වැසි හේතුවෙන් තරගය තවදුරටත් පැවැත්විය නොහැකි විය. කණ්ඩායම් දෙකම මන්දගාමී තණතීරුව මත ලකුණු රැස් කිරීම අසීරු විය. කෙසේ වෙතත් ලාරාගේ ඩ්‍රයිව්ස් සහ ක්ලිප් ඉතා තෙත අධික පිට්ටනියක් තිබියදීත් 4 සීමාව දක්වා ඇදී ගියේය. ඔහු පන්දු 118 කදී හතරේ පහර 8 ක් එල්ල කළේය. ශ්‍රී ලංකාවට ඇම්බ්‍රෝස් සහ වොල්ෂ්ගේ පළමු ඕවර දහය තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 16 ක් පමණි.[3]
2 වන එදිජා
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
ශ්‍රී ලංකාව පන්දු 5 ක් ඉතිරිව තිබියදී දෙවන තරගය ජයග්‍රහණ අත්කර ගත්තේය. පන්දුවට පහර දීම ආරම්භ කළ හේන්ස් සහ ලාරා පන්දුවාර 26 කදී ලකුණු 128 ක් රැස් කළ නමුත් පසුව දඟ පන්දු යවන්නන් විසින් එය බිඳ දැමීය. ශ්‍රී ලංකාව අවසන් ඕවර නවයට පිවිසියේ ලකුණු 50 ක් අවශ්‍යවය. නායක රණතුංග, අවසන් ඕවරයේදී ලකුණු 12 ක් ලබා ගනිමින් ඇම්බ්‍රෝස් වෙත පහර දෙමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ආවේය.[4]
3 වන එදිජා
[සංස්කරණය]එ
|
||
අධික වර්ෂාව නිසා අවසන් තරගය ඕවර 23 ක් දක්වා අඩු විය. ද සිල්වා බුද්ධිමත්ව පන්දුවට පහර දුන්නද, ශ්‍රී ලංකා පිතිකරණය අඩපණ කරමින් වොල්ෂ් පළමු කඩුලු 3 ලබා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ව දඟ පන්දු යවන්නන් විසින් පීඩනයට ලක් කළ අතර අවශ්‍ය ලකුණු අනුපාතය ඕවර පහකදී 35 දක්වා ඉහළ ගියේය. කෙසේවෙතත්, ආතර්ටන්ගේ දැවැන්ත හයේ පහර මගින් පීඩනය ලිහිල් කළ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කළේය.[5]
යොමුව
[සංස්කරණය]- ^ "The West Indians in Sri Lanka, 1993–94". Cricinfo. සම්ප්‍රවේශය 14 December 2011.
- ^ "SRI LANKA v WEST INDIES 1993–94". Cricinfo. සම්ප්‍රවේශය 14 December 2011.
- ^ "First One-Day International Sri Lanka v West Indies 1993–94". Cricinfo. සම්ප්‍රවේශය 14 December 2011.
- ^ "Second One-Day International Sri Lanka v West Indies 1993–94". Cricinfo. සම්ප්‍රවේශය 14 December 2011.
- ^ "Third One-Day International Sri Lanka v West Indies 1993–94". Cricinfo. සම්ප්‍රවේශය 14 December 2011.
බාහිර සබැඳි
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් 1993-94, ක්‍රිකට් ආකිව් සංරක්ෂණය කළ පිටපත 2012-10-25 at the Wayback Machine
- ශ්‍රී ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් 1993-94, ක්රිසින්ෆෝ