මුත්තයියා මුරලිදරන්

විකිපීඩියා වෙතින්
මුත්තයියා මුරලිදරන් 2004දී

මුත්තයියාගේ ක්‍රීඩා විලාශය පිළිබඳව වාචිකව විවේචන එල්ල කල දෙදෙනා වූයේ පෙරදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් වූ ඕස්ට්‍රේලියාවේ ඩීන් ජෝන්ස් සහ පෙරදී ඉන්දීය නායක බිෂං බේඩි වෙති.

කලින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මයිකල් හෝල්ඩිංග්ස් ද මුරලිදරන් විවේචනය කළේය. එහෙත් පසුව පවත්වන ලද පරීක්ෂණ වලින් හෙළි වූ කරුණු වලින් අනතුරුව ඔහු තම විවේචන ඉල්ලා අස් කර ගත්තේය. හෝල්ඩින් සහ බේඩි දෙදෙනාම මුරලිගේ පන්දු යැවීමේ ඉරියව් ‘හෙල්ල විසි කිරීමේ’ (Javelin Throw) ක්‍රමයට සමාන බව කීහ. ICC යේ අධ්‍යයන වාර්තාවෙන් පසු කමිටු සාමාජිකයෙකු වශයෙන් හෝල්ඩින් මෙසේ කීවේය. “විද්‍යාත්මක සාක්ෂි සියල්ල වෙනස් කරනවා. පියවි ඇසට සාමාන්‍ය ලෙස පන්දු යවන්නෙක් ලෙස පෙනෙන්නෙක් පවා අංශක 11 හෝ ඇතැම් විට 12 ක් පමණ අත නවන බව තාක්ෂණයට පෙනී යනවා. මෙම ක්‍රීඩකයින් නීති රීති උල්ලංඝණය කරති. ක්‍රීඩාව මෙම යථාර්ථය. සමග කටයුතු කළ යුතුයි”.

2002 මැයි මාසයේ ඇඩම් ගිල්ක්‍රිස්ට් කාල්ටන් පාපන්දු ක්ලබ් හි දිවා භෝජන සංග්‍රයකදි මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් ක්‍රිකට් නීති සමග නොගැලපෙන බව කීවේය. ගිල්ක්‍රිස්ට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන Age පුවත්පත “ඔව් මම හිතනවා ඔහු දමා ගසනවා කියා.... මම එසේ කියන්නේ ඔහු ක්‍රීඩාවේ නීති කියවන්නේ නම් කිසි සැකයක් නෑ මගේ හිතේ ඔහු සහ තවත් බොහෝ ක්‍රීඩකයින් ක්‍රීකට් ඉතිහාසයේ පුරා දමා ගසනවා කර තිබේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන් කර ඇත. 1996 සහ 1999 වර්ෂ දෙකේදිම ICC ය විසින් මුරලිදරන්ගේ ඉරියව් නිවැරදි බව ප්‍රකාශ කර තිබියදි ඒ බව නොසලකා ඉහත සඳහන් ප්‍රකාශයන් කරන ලද්දේ ‘දුස්රා’ පන්දුව පිළිබඳ විවාදාත්මක සිද්ධි වලට පෙරදීය. මෙවැනි ප්‍රකාශයක් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති උල්ලංඝණය කරන ලදැයි එම මණ්ඩලය ග්‍රිල්ක්‍රිස්ට් ට තර්ජනය කර ඔහු එවැනි අනර්ථකාරි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවෙකු කළේය.

2006 වසරේ නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි මුරලිදරන් ගේ තවත් විවේචකයෙකු වූ නවසීලන්ත පිලේ හිටපු නායකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ මාටින් ක්‍රෝ මුරලිදරන්ගේ දුස්රා පන්දුව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවට ඉල්ලා සිටි අතර ක්‍රීඩා තරඟ වාරයකදි ඔහුගේ ඉරියව් ඉතා නරක අතට හැරුනු බව පෙනි ගියේ යයිද කීවේය. එම වසරේ මුලදි ලෝර්ඩ්ස් හි දි කව්ඩ්රි දේශනය පවත්වමින් මුත්තයියා මුරලිදරන් දමා ගසන්නෙක් බව කීවේය. ක්‍රෝ ගේ මෙම ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් ICC යේ සාමාන්‍යාධිකාරී වූ ඩේවිඩ් රිචඩ්සන්, මහාචාර්ය බෲස් එලියට් ආචාර්ය පෝල් හැරිසන් සහ මාක් පෝර්ටුස්විත් යනාදින්ගේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළේය. “නරක අන්දමින් පන්දු යවන්නන් ලෙස නොදැක්වෙන ඇතැම් ක්‍රීඩකයින් පන්දු යැවීමේදි වැරදි ලෙස පෙනී යන ඉරියව් ප්‍රදර්ශනය කරන බවත්, ස්ථිර වශයෙන් නැමුනු වැල මිට සහිතව පන්දු යවන බවත්, නීතියේ දැඩි අර්ථකතනයන් යටතේ ඔවුන් නීති කඩන්නන් ලෙස පෙනෙන්නේය. එහෙත් එසේ බැලුවොත් නිවැරදිව පන්දු යවන එකද ක්‍රීඩකයෙකු ඉතිරි වන්නේ නැත”. ඉහත ප්‍රකාශය ඩේවිඩ් රිචඩ්සන් විසින් ඉදිරිපත් කළේය.

ළමා කාලය - ජීවන තොරතුරු[සංස්කරණය]

මුත්තයියා මුරලිදරන් ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙකි. ඔහුගේ පිය පාර්ශවයේ මුත්තා වූ පෙරියසාමි සින්නසාමි 1920 දී දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ මධ්‍ය කඳුකරයේ තේ වතු වල වැඩ කිරීම පිණිසයි. ඔහු පසුව ඔහුගේ දූවරුන් සමග ඉන්දියාවේ තිරුචිරපල්ලි හි පදිංචි වීම සඳහා එහි ගිය නමුත් මුරලිදරන්ගේ පියාද ඇතුලත් ඔහුගේ පුත්තු ශ්‍රී ලංකාවේ නතර වූහ.

මුරලිදරන් මහනුවර අසල, කුන්ඩසාලේ නත්තරංපොත දී ලක්ෂ්මි සහ සින්නසාමි මුත්තයියා මව් පියනට දාව උපත ලත් අතර, දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ඔහු විය. මුත්තයියාගේ පියා වූ සින්නසාමි මුත්තයියා සාර්ථක විස්කෝතු නිෂ්පාදන ව්‍යපාරයක් පවත්වාගෙන යන්නේය.

ඔහුගේ වයස අවුරුදු 9 ක් වන විට ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට (සෙන්ට් ඇන්තනී කෝලේච් ) යවනු ලැබුවේය. මෙම පාසල පෞද්ගලික එකක් වූ අතර බෙනඩික් පූජකවරු විසින් පාලනය කරන ලද්දේය. ඔහු තම ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මද වේග පන්දු යවන්නෙකු වශයෙනි. එහෙත් පසුව ඔහුගේ පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දු ගේ උපදෙස් මත වයස දාහතරේදි පිට දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීම ඇරඹුවේය. එම දින වල ඔහු තුන්ඉරියව්වේම ක්‍රීඩා කරන්නෙකු ලෙස ක්‍රීඩා කළ අතර මැද පෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දුන්නේය. සෙන්ට් ඇන්තනි විදුහලේ ඔහුගේ අවසාන වාර දෙකේදි විකට්ටු සියයක් ලබා ගත් අතර 1990/1 වසරේ ‘බාටා පාසැල් ක්‍රිකට් ශූරයා’ සම්මානය ලබා ගත්තේය.

පාසැලෙන් නික්මුණු පසු ඔහු ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට සහ ඇත්ලටික් ක්‍රීඩා සමාජයට බැඳුනේය. 1991 වසරේ ශ්‍රී ලංකා A කණ්ඩායමට තෝරා ගනු ලැබ එංගලන්ත චාරිකාවකට සහභාගි වූයේය. ඔහු තරඟ පහකට ක්‍රීඩා කළ නමුත් එක විකට්ටුවක් හෝ ලබා ගැනීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ඇලන් බෝර්ඩර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පුහුණු තරඟයට යෙදවු අතර ඉන් පසු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ඔහුගේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගි විය. ඒ දෙවැනි ටෙස්ට් තරඟය සඳහාය.

ඔහුගේ මුත්තායියා අවුරුදු 104 ක් ආයු වළඳා 2004 වර්ෂයේ ඉන්දියාවේදී මිය ගියේය. ඔහුගේ අවසාන කටයුතු වලට සහභාගි වූ මුරලිදරන් පෙරළා ලංකාවට පැමිණියේය. ඔහුගේ සීයා වූ පෙරියසාමි සින්නසාමි තම මුනුබුරා වැඩිම ටෙස්ට් විකට් සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා යන ලෝක වාර්තාව ලබනු දැකීමේ ආශාවෙන් පසු විය. එම වරම ඔහුට හිමි වූ නමුදු මුනුබුරා විවාහ වනු දැකීමට මුත්තා ජීවත් නොවීය. මුරලිදරන්ගේ කළමණාකාර වූ කුෂිල් ගුණසේකර “මුරලිගේ පවුල හොඳින් සැකසුනු එකමුතු කමෙන් යුක්ත පවුලකි” යයි කීවේය. ඔවුහු පරම්පරාගත වටිනාකම් සහ සාරධර්ම වලට ගරු කළහ. මිය ගිය මුත්තා මුරලි සමග මනා සබඳතාවයක් පැවැත්වීය.

මුරලිදරන් 2005 මාර්තු 21 වෙනි දින ඉන්දියානු ජාතික මදිමලර් රාමමුර්ති සමග විවාහ වූයේය. ඇය මලර් ආරෝග්‍යශාලාවේ වෛද්‍ය S.රාමමුර්තිගේ දියණියයි. ඔහුගේ බිරිඳ වෛද්‍ය නිත්‍යා රාම මුර්ති වූවාය. ඔවුන්ගේ පළමු දරුවා නරේන් උපත ලද්දේ 2006 ජනවාරි මාසයේදිය.

"https://si.wikipedia.org/w/index.php?title=මුත්තයියා_මුරලිදරන්&oldid=515290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි