එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020-21

විකිපීඩියා වෙතින්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021
ශ්‍රී ලංකාව
එංගලන්තය
දින වකවානුව 2021 ජනවාරි 8 – 2021 ජනවාරි 26
නායකයන් දිනේෂ් චන්දිමාල් ජෝ රූට්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇන්ජලෝ මැතිව්ස් (213) ජෝ රූට් (426)
වැඩිම කඩුළු ලසිත් ඇඹුල්දෙණිය (15) ඩොම් බෙස් (12)
තරගමාලාවේ ක්‍රීඩකයා එංගලන්තය ජෝ රූට්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමටයි.[1][2] ටෙස්ට් තරඟාවලිය සමාරම්භක 2019-2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[3][4] මුලින්, සංචාරය 2020 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාලාව කල් දමන ලදී.[5] 2020 දෙසැම්බර් මාසයේදී, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) සංචාරය සඳහා දිනයන් තහවුරු කළේය.[6] ඒ ගාල්ලේ පැවැති ටෙස්ට් තරග දෙකම සදහාය.[7]

පළමු ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයගත් එංගලන්තය තරගමාලාව 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.[8] දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 6කින් ජයගත් එංගලන්තය තරගමාලාව 2-0ක් ලෙස ජය ගත්තේය.[9] මෙම ජයග්‍රහණය එංගලන්තය පිටරටකදී පිට පිට ලැබූ පස්වැනි ජයග්‍රහණයයි.[10] ඒ 1914 දී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසු ඔවුන්ගේ හොඳම දුර ගමන විය.[11]

පසුබිම[සංස්කරණය]

මුලින් එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 මාර්තු මාසයේදීය.[12][13] කෙසේ වෙතත්, 2020 මාර්තු 13 වන දින, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය කල් දමන ලදී.[14] නිවේදනය කරන විට, එංගලන්තය ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI කණ්ඩායමට එරෙහිව සිව්දින තරගයක් අතරමග සිටි අතර එය හදිසියේම අවසන් විය.[15] 2020 මැයි 1 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ මෙම සංචාරය 2021 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බවයි, නමුත් එම අවස්ථාවේ දී එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් තහවුරු කර නොතිබුණි.[16]

2020 ජූලි මාසයේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වසංගතය හේතුවෙන් කල් දමා තිබූ අනෙකුත් ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලි පහ සමඟ තරඟ නැවත කාලසටහන් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බව තහවුරු කළේය.[17] 2020 ඔක්තෝම්බර් මාසයේදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවසුවේ, නැවත කාලසටහන්ගත කළ සංචාරය ඉදිරියට යන බවට තමා සැබවින්ම සිතන බවයි.[18] 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් ක්‍රිකට් මණ්ඩල දෙකෙහිම එකඟතාවයට යටත්ව සංචාරය සඳහා දින ප්‍රකාශයට පත් කරන ලදී.[19] 2020 දෙසැම්බරයේදී එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තහවුරු කළේ, ජනවාරි මාසයේදී සැලසුම් කළ පරිදි සංචාරය ඉදිරියට යන බවයි.[20]

2020 දෙසැම්බරයේදී, නව කොවිඩ් වෛරසයක් සොයා ගන්නා ලද අතර, එම සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවධානය යොමු විය.[21] නව ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සංචාරක තහනමක් පනවා තිබියදීත්, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දී තිබේ.[22] 2021 ජනවාරි 3 වන දින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය.[23]

ජෝ රූට් (එංගලන්තය)

සංචිත[සංස්කරණය]

ටෙස්ට්
 ශ්‍රී ලංකාව[24]  එංගලන්තය[25]
  • ජෝ රූට් (නා)
  • මොයින් අලි
  • ජේම්ස් ඇන්ඩර්සන්
  • ජොනී බෙයාර්ස්ටෝ
  • ඩොම් බෙස්
  • ස්ටුවර්ට් බ්‍රෝඩ්
  • ජොස් බට්ලර් (කරැ)
  • සැක් ක්‍රෝලි
  • සෑම් කරන්
  • බෙන් ෆෝක්ස්
  • ඩෑන් ලෝරන්ස්
  • ජැක් ලීච්
  • ඩොම් සිබ්ලි
  • ඔලි ස්ටෝන්
  • ක්‍රිස් වෝක්ස්
  • මාර්ක් ලී

එංගලන්තය මෙම සංචාරය සඳහා සංචිත ක්‍රීඩකයන් ලෙස ජේම්ස් බ්‍රේසි, මේසන් ක්‍රේන්, සකීබ් මහමුද්, ක්‍රේග් ඕවර්ටන්, මැට් පාකින්සන්, ඔලී රොබින්සන් සහ අමර් විර්ඩි ද නම් කළේය.[26] හම්බන්තොටට පැමිණීමත් සමඟ එංගලන්තයේ මොයින් අලි කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර,[27] ඔහු දින දහයක් හුදකලාව තබා ඇත.[28] ක්‍රිස් වෝක්ස්, අලි සමඟ සමීප සබඳතාවක් ඇති අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, එබැවින් ඔහුද දින හතක් ස්වයං හුදකලා වීමට කටයුතු කෙරිනි.[29]

සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කළේය. දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත තරගාවලියෙන් ඉවත් වූහ.[30] දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයට සහභාගි නොවූ අවිශ්ක ප්‍රනාන්දු, අශාන් ප්‍රියංජන්, රමේෂ් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් මුලින් සංචිතයට නම් නොකෙරුවත් පසුව ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කසුන් රාජිත, වනිඳු හසරංග සහ ළහිරු කුමාර වෙනුවට නම් කෙරිනි.[31][32] පසුව අවිශ්ක ප්‍රනාන්දු සහ අශාන් ප්‍රියංජන් සංචිතයෙන් ඉවත් විය.[33] දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමි විය.[34]

දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා සංචිතයෙන් දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් නිදහස් කර තිබේ.[35] කරුණාරත්න නොමැති වීමෙන් නැවතත් නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කෙරුණා.[36]

පුහුණු තරගය[සංස්කරණය]

ටෙස්ට් තරගමාලාවට පෙර එංගලන්තය හම්බන්තොටදී දෙදින සංචිත අභ්‍යන්තර පෙරහුරු තරගයකට සහභාගි විය.[37] ඔලී පෝප් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග සඳහා ටෙස්ට් සංචිත සංචිතයට නම් කර නොතිබුණද, මෙම තරගයට සහභාගි වූයේ එංගලන්තයේ ඉන්දීය සංචාරයට සූදානමක් වශයෙනි.[38] ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනය පැවැත්වීමට නොහැකි විය.[39]

2021 ජනවාරි 8-9
ලකුණු පුවරුව
184/2d (ඕවර 50)
ජෝ රූට් 74* (117)
මේසන් ක්‍රේන් 1/37 (ඕවර 5)
120/6 (ඕවර 38)
ඔලී පෝප් 58* (91)
ඔලී රොබින්සන් 2/15 (ඕවර 4)
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • වර්ෂාව හේතුවෙන් 2 වැනි දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2021 ජනවාරි 14-18
ලකුණු පුවරුව
135 (ඕවර 46.1)
දිනේෂ් චන්දිමාල් 28 (71)
ඩොම් බෙස් 5/30 (ඕවර 10.1)
421 (ඕවර 117.1)
ජෝ රූට් 228 (321)
ඩිල්රුවන් පෙරේරා 4/109 (ඕවර 36.1)
359 (ඕවර 136.5)
ළහිරු තිරිමාන්න 111 (251)
ජැක් ලීච් 5/122 (ඕවර 41.5)
එංගලන්තයට කඩුලු 7ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: එංගලන්තය ජෝ රූට්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් දෙවන දිනයේ තේ පානයෙන් පසුව ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • එංගලන්තය ඩෑන් ලෝරන්ස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
  • ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල් ඔහුගේ ටෙස්ට් ලකුණු 4,000 ලබා ගත්තේය.[40]
  • ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ ටෙස්ට් ලකුණු 6,000 ලබා ගත්තේය.[41]
  • එංගලන්තය ජෝ රූට් ඔහුගේ ටෙස්ට් ලකුණු 8,000 ලබා ගත්තේය.[42] ඔහු ලබාගත් ලකුණු 228 එංගලන්ත පිතිකරුවෙකු ශ්‍රී ලංකාවේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය.[43]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: එංගලන්තය 60, ශ්‍රී ලංකාව 0.

2 වන තරගය[සංස්කරණය]

2021 ජනවාරි 22-26
ලකුණු පුවරුව
344 (ඕවර 116.1)
ජෝ රූට් 186 (309)
ලසිත් ඇඹුල්දෙණිය 7/137 (ඕවර 42)
126 (ඕවර 35.5)
ලසිත් ඇඹුල්දෙණිය 40 (42)
ඩොම් බෙස් 4/49 (ඕවර 16)
164/4 (ඕවර 43.3)
ඩොම් සිබ්ලි 56* (144)
ලසිත් ඇඹුල්දෙණිය 3/73 (ඕවර 20)
එංගලන්තයට කඩුලු 6ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: එංගලන්තය ජෝ රූට්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම තරගය දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, දින හතරකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.
  • ශ්‍රී ලංකාව රමේෂ් මෙන්ඩිස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
  • එංගලන්තය ජේම්ස් ඇන්ඩර්සන් ඔහුගේ 30 වැනි ටෙස්ට් කඩුලු 5 දවාගැනීම් ලබා ගත්තේය.[44]
  • පළමු ඉනිමේදී වේග පන්දු යැවීමෙන් කඩුලු 10ක් ද, දෙවැනි ඉනිමේදී දඟ පන්දු යැවීමෙන් කඩුලු 10ක් ද දවාගත් පළමු ටෙස්ට් කණ්ඩායම බවට එංගලන්තය පත් විය.[45]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: එංගලන්තය 60, ශ්‍රී ලංකාව 0.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "England in Sri Lanka: Mickey Arthur 'positive' Joe Root's side will travel". BBC Sport. සම්ප්‍රවේශය 13 October 2020.
  2. "England expect South Africa tour go-ahead after quarantine agreement is reached". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 October 2020.
  3. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  4. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  5. "England tour of Sri Lanka cancelled amid COVID-19 spread". ESPN Cricinfo. 13 March 2020. සම්ප්‍රවේශය 13 March 2020.
  6. "England Men's Test tour of Sri Lanka confirmed". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 9 December 2020.
  7. "Sri Lanka v England: Two-Test tour rearranged for January". BBC Sport. සම්ප්‍රවේශය 9 December 2020.
  8. "Sri Lanka v England: Tourists win first Test by seven wickets". BBC Sport. සම්ප්‍රවේශය 18 January 2021.
  9. "England in Sri Lanka: Tourists complete six-wicket win and take series 2-0". BBC Sport. සම්ප්‍රවේශය 25 January 2021.
  10. "England secure 2-0 Test series win in Sri Lanka after second Galle success". The Cricketer. සම්ප්‍රවේශය 25 January 2021.
  11. "Sri Lanka v England second Test: Dom Sibley guides visitors to 2-0 series win". Sporting Life. සම්ප්‍රවේශය 25 January 2021.
  12. "England to tour Sri Lanka for two Tests in March". International Cricket Council. සම්ප්‍රවේශය 25 October 2019.
  13. "England to tour Sri Lanka in 2020". The Papare. 25 October 2019. සම්ප්‍රවේශය 25 October 2019.
  14. "ECB Statement: Test series in Sri Lanka postponed". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 13 March 2020.
  15. "England tour of Sri Lanka cancelled amid COVID-19 spread". ESPN Cricinfo. 13 March 2020. සම්ප්‍රවේශය 13 March 2020.
  16. "England tour rearranged for January, claims SLC chief executive". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 May 2020.
  17. "World Test Championship progressing as planned, says ICC". International Cricket Council. සම්ප්‍රවේශය 29 July 2020.
  18. "England tour to Sri Lanka - Mickey Arthur 'really positive' fixtures will go ahead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 October 2020.
  19. "Dates for England tour of Sri Lanka emerge but trip yet to be confirmed". The Cricketer. සම්ප්‍රවේශය 14 November 2020.
  20. "England confirm dates for rescheduled Sri Lanka Test tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 December 2020.
  21. "Sri Lanka worried about new Covid-19 strain, but England tour likely to be on schedule". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 December 2020.
  22. "England allowed to fly to Sri Lanka for Test series despite travel ban". BBC Sport. සම්ප්‍රවේශය 23 December 2020.
  23. "England returns to Sri Lanka to resume virus-hit Tests". Times of India. සම්ප්‍රවේශය 3 January 2021.
  24. "Mathews, Chandimal boost for struggling Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 January 2021.
  25. "Ben Stokes, Jofra Archer rested for England Test tour of Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 December 2020.
  26. "National Selectors name squad for England men's Test tour of Sri Lanka". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 11 December 2020.
  27. "England in Sri Lanka: Moeen Ali tests positive for Covid-19". BBC Sport. සම්ප්‍රවේශය 4 January 2021.
  28. "Official Statement: Moeen Ali tests positive for COVID-19". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 4 January 2021.
  29. "Moeen Ali tests positive for Covid-19 in major blow to England's Sri Lanka tour". The Guardian. 4 January 2021. සම්ප්‍රවේශය 4 January 2021.
  30. "Dhananjaya de Silva, Rajitha ruled out of England Test series". Daily FT. සම්ප්‍රවේශය 9 January 2021.
  31. "Avishka, Ramesh get call for England Test series". The Sunday Times (Sri Lanka). සම්ප්‍රවේශය 9 January 2021.
  32. Nawaz, Althaf. "SLC to call up six new players for England Series". Daily News. සම්ප්‍රවේශය 9 January 2021.
  33. "Five nominated players included in 22-member squad for Test series". Daily FT. සම්ප්‍රවේශය 9 January 2021.
  34. "Sri Lanka captain Dimuth Karunaratne ruled out of first Test against England with broken thumb". The cricketer. සම්ප්‍රවේශය 14 January 2021.
  35. "Kusal Mendis dropped by Sri Lanka, Dimuth Karunaratne ruled out with injury". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 January 2021.
  36. "Karunaratne, Kusal Mendis among five players released from SL bio-bubble". CricBuzz. සම්ප්‍රවේශය 19 January 2021.
  37. "Team Buttler to face Team Root as England step up Sri Lanka preparations with warm-up match". The Standard. සම්ප්‍රවේශය 8 January 2021.
  38. "England in Sri Lanka: Joe Root & Dan Lawrence find form in warm-up". BBC Sport. සම්ප්‍රවේශය 8 January 2021.
  39. "England in Sri Lanka: Warm-up match abandoned because of heavy rain". BBC Sport. සම්ප්‍රවේශය 9 January 2021.
  40. "Chandimal, Mathews rebuild after early wobble". CricBuzz. සම්ප්‍රවේශය 14 January 2020.
  41. "Angelo Mathews passes 6000 runs in Test Cricket". News Radio. 16 January 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 January 2021.
  42. "Joe Root joins elite club, reaches 8000 Test runs in England vs Sri Lanka Galle Test". Daily News & Analysis. සම්ප්‍රවේශය 16 January 2021.
  43. "Sri Lanka v England: Joe Root makes 168 not out as tourists build big lead". BBC Sport. සම්ප්‍රවේශය 17 January 2021.
  44. "England's James Anderson picks up 30th five-wicket haul against Sri Lanka". Gulf News. සම්ප්‍රවේශය 23 January 2021.
  45. "England win series, gain key World Test Championship points". International Cricket Council. සම්ප්‍රවේශය 25 January 2021.