බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

විකිපීඩියා වෙතින්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 2020 පෙබරවාරි 17 – 2020 මාර්තු 6
නායකයන් දිමුත් කරුණාරත්න (එදිජා)

ලසිත් මාලිංග (වි20ජා)

කිරන් පොලාර්ඩ්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අවිශ්ක ප්‍රනාන්දු (206) ෂායි හෝප් (238)
වැඩිම කඩුළු ඇන්ජලෝ මැතිව්ස් (5) අල්සාරි ජෝශප් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වනිඳු හසරංග
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුසල් පෙරේරා (81) බ්‍රැන්ඩන් කිං (76)

ලෙන්ඩ්ල් සිමන්ස් (76)

වැඩිම කඩුළු දසුන් ශානක (1)

වනිඳු හසරංග (1)
ලහිරු කුමාර (1)
ඉසුරු උදාන (1)
ඇන්ජලෝ මැතිව්ස් (1)
ලක්ෂාන් සඳකැන් (1)
ලසිත් මාලිංග (1)

ඔෂාන් තෝමස් (6)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් ඇන්ඩ්‍රේ රසල්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2020 පෙබරවාරි සහ මාර්තු මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ජාත්‍යන්තර එක්දින (එදිජා) තරග 3කට සහ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2][3] සංචාරයේ සම්පූර්ණ කාලසටහන 2020 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තහවුරු කරන ලදී.[4][5] බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2015 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදීය.[6]

2020 පෙබරවාරි 19 වන දින, ශ්‍රී ලංකාව ඔවුන්ගේ එක්දින සංචිතය නම් කරන ලද අතර, දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නායකයා ලෙස නැවත පැමිණියේය.[7] ලහිරු තිරිමාන්න පකිස්ථානයට එරෙහිව ඔවුන්ගේ පෙර එක්දින තරඟමාලාවේදී කණ්ඩායමට නායකත්වය දුන් නමුත් දුර්වල තරඟමාලා පරාජය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් විය.[8] ශ්‍රී ලංකාව පළමු එක්දින තරග දෙක ජයගත් අතර, ඔවුන් තරගමාලාවේ ඉදිරියෙන් සිටීමට හැකි විය.[9] අවසන් එක්දින තරගය ලකුණු 6කින් ජයගත් ශ්‍රී ලංකාව තරගමාලාව 3-0ක් ලෙස ජය ගත්තේය.[10]

පළමු වි20ජා තරගයේදී කිරන් පොලාඩ් විස්සයි20 තරග 500කට ක්‍රීඩා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.[11][12] බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වි20ජා තරඟාවලිය 2-0ක් ලෙස ජයගත්තාය.[13]

සංචිත[සංස්කරණය]

එදිජා වි20ජා
 ශ්‍රී ලංකාව[14]  බටහිර ඉන්දීය කොදෙව්[15]  ශ්‍රී ලංකාව[16]  බටහිර ඉන්දීය කොදෙව්[17]
  • දිමුත් කරුණාරත්න (නා)
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • අවිශ්ක ප්‍රනාන්දු
  • වනිඳු හසරංග
  • ෂෙහාන් ජයසූරිය
  • ලහිරු කුමාර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා (කරැ)
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • ලක්ෂාන් සඳකැන්
  • දසුන් ශානක
  • ධනංජය ද සිල්වා
  • ඉසුරු උදාන
  • කීරන් පොලාඩ් (නා)
  • ෆේබියන් ඇලන්
  • සුනිල් ඇම්බ්‍රිස්
  • ඩැරන් බ්‍රාවෝ
  • රොස්ටන් චේස්
  • ෂෙල්ඩන් කොට්‍රෙල්
  • ජේසන් හෝල්ඩර්
  • ෂායි හෝප් (කරැ)
  • අල්සාරි ජෝසප්
  • බ්‍රැන්ඩන් කිං
  • කීමෝ පෝල්
  • නිකලස් පූරන්
  • රොව්මන් පවෙල්
  • රොමාරියෝ ෂෙපර්ඩ්
  • හේඩන් වෝල්ෂ් ජූනියර්
  • ලසිත් මාලිංග (නා)
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • අසිත ප්‍රනාන්දු
  • අවිශ්ක ප්‍රනාන්දු
  • වනිඳු හසරංග
  • ෂෙහාන් ජයසූරිය
  • ලහිරු කුමාර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා (කරැ)
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • ලක්ෂාන් සඳකැන්
  • දසුන් ශානක
  • ධනංජය ද සිල්වා
  • ඉසුරු උදාන
  • කීරන් පොලාඩ් (නා)
  • ෆේබියන් ඇලන්
  • ඩ්වේන් බ්‍රාවෝ
  • ෂෙල්ඩන් කොට්‍රෙල්
  • ෂිම්රොන් හෙට්මියර්
  • ෂායි හෝප් (කරැ)
  • බ්‍රැන්ඩන් කිං
  • නිකලස් පූරන්
  • රොව්මන් පවෙල්
  • ඇන්ඩ්‍රේ රසල්
  • ලෙන්ඩල් සිමන්ස්
  • ඔෂාන් තෝමස්
  • හේඩන් වෝල්ෂ් ජූනියර්
  • කෙස්රික් විලියම්ස්

එක්දින තරගාවලිය අතරතුර නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වා යන දෙදෙනාම ආබාධයකට ලක් වූ අතර ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා වි20ජා සංචිතයෙන් ඉවත් කෙරිණි.[18] ප්‍රදීප් වෙනුවට අසිත ප්‍රනාන්දු ආදේශ කළ නමුත් ද සිල්වා වෙනුවට ආදේශකයක් නම් කර නොතිබුණි.[19]

පුහුණු තරග[සංස්කරණය]

1 වන පුහුණු තරගය[සංස්කරණය]

2020 පෙබරවාරි 17
10:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI පිල කඩුලු 2කින් ජය ගත්තේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව හේමන්ත බොතේජු සහ ශ්‍රී ලංකාව රෝහිත කොට්ටහච්චි
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන පුහුණු තරගය[සංස්කරණය]

2020 පෙබරවාරි 20
10:00
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 6ක ජයක් හිමිවිය
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ පිටිය, කටුනායක
තරගයේ වීරයා:
විනිසුරුවන්: දීපාල් ගුණවර්ධන සහ රවීන්ද්‍ර කොට්ටහච්චි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2020 පෙබරවාරි 22
09:45
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
290/9 (ඕවර 49.1)
ශ්‍රී ලංකාවට කඩුලූ 1ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව වනිඳු හසරංග
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ සහ ඕස්ට්‍රේලියාව පෝල් විල්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

2 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
345/8 (ඕවර 50)
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව කුසල් පෙරේරා ඔහුගේ 100 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළේය.[20]
  • ලකුණු අනුව මෙය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගවලදී ශ්‍රී ලංකාව ලැබූ විශාලතම ජයග්‍රහණය විය.[21]

3 වන තරගය[සංස්කරණය]

  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2020 මාර්තු 4
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
171 (ඕවර 19.1)
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 25ක ජයක් හිමිවිය
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ඔෂාන් තෝමස්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ සහ ශ්‍රී ලංකාව ප්‍රගීත් රඹුක්වැල්ල
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බටහිර ඉන්දීය කොදෙව් කිරන් පොලාර්ඩ් ඔහුගේ 500 වැනි විස්සයි20 තරගයට ක්‍රීඩා කළේය,[22] සහ මෙම ආකෘතියේ ඔහුගේ 10,000 වැනි ලකුණ ලබා ගත්තේය.[23]
  • බටහිර ඉන්දීය කොදෙව් ඔෂාන් තෝමස් ඔහුගේ පළමු විස්සයි20 කඩුලු 5 දවා ගැනීම.[24]

2 වන තරගය[සංස්කරණය]

2020 මාර්තු 6
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
155/6 (ඕවර 20)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 7ක ජයක් හිමිවිය
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ඇන්ඩ්‍රේ රසල්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල් සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  2. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  3. "Injured Sri Lanka pacer Isuru Udana virtually ruled out of third T20 vs India". India Today. සම්ප්‍රවේශය 12 January 2020.
  4. "West Indies Tour of Sri Lanka 2020 – Tour Itinerary". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 21 January 2020.
  5. "WI to tour SL in February for three ODIs, two T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 January 2020.
  6. "Windies to tour Sri Lanka in February". The Papare. සම්ප්‍රවේශය 21 January 2020.
  7. "Sri Lanka ODI squad for West Indies series". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 19 February 2020.
  8. "Dimuth Karunaratne back as captain, Niroshan Dickwella recalled for West Indies ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 February 2020.
  9. "Mendis, Fernando and bowlers give Sri Lanka series win". The Papare. සම්ප්‍රවේශය 26 February 2020.
  10. "Mathews steps up for injury-hit Sri Lanka to secure series whitewash". International Cricket Council. සම්ප්‍රවේශය 1 March 2020.
  11. "Kieron Pollard becomes first player to play 500 T20s". ANI News. සම්ප්‍රවේශය 4 March 2020.
  12. "Sri Lanka vs West Indies: Kieron Pollard achieves historic first in Pallekele T20I". Hindustan Times. සම්ප්‍රවේශය 4 March 2020.
  13. "Russell Powers West Indies to Series Sweep of Sri Lanka". Cricket West Indies. සම්ප්‍රවේශය 6 March 2020.
  14. "Thisara Perera is back – Sri Lanka squad for West Indies ODI series named". The Papare. සම්ප්‍රවේශය 19 February 2020.
  15. "Shimron Hetmyer, Evin Lewis fail fitness tests, miss out on Sri Lanka ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 February 2020.
  16. "Thisara Perera, Nuwan Pradeep back in Sri Lanka T20I squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 February 2020.
  17. "Andre Russell, Oshane Thomas back in West Indies T20I squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 February 2020.
  18. "Nuwan Pradeep, Dhananjaya de Silva out of West Indies T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 March 2020.
  19. "Pradeep, de Silva out for Windies T20Is, Asitha Fernando in". International Cricket Council. සම්ප්‍රවේශය 2 March 2020.
  20. "Fernando and Mendis power Sri Lanka to 345-8 against West Indies". France24. සම්ප්‍රවේශය 26 February 2020.
  21. "Record-breaking Sri Lankan batting delivers series win with 161-run victory". International Cricket Council. සම්ප්‍රවේශය 26 February 2020.
  22. "Sri Lanka look to end torrid run and mar Kieron Pollard's 500th T20 party". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 March 2020.
  23. "Thomas five-for powers Windies to 25-run victory". International Cricket Council. සම්ප්‍රවේශය 4 March 2020.
  24. "Amazing Oshane puts West Indies Up Top in first T20I vs Sri Lanka". Cricket West Indies. සම්ප්‍රවේශය 4 March 2020.

බාහිර සබැදි[සංස්කරණය]