ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2021-22

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2022
ඕස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2022 පෙබරවාරි 11 – 2022 පෙබරවාරි 20
නායකයන් ආරොන් ෆින්ච් දසුන් ශානක
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින්
ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජොෂ් ඉන්ග්ලිස් (155) පැතුම් නිශ්ශංක (184)
වැඩිම කඩුළු ජොෂ් හේසල්වුඩ් (8)

කේන් රිචඩ්සන් (8)

දුෂ්මන්ත චමීර (7)
තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ස්වෙල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කළේ ජාත්‍යන්තර විස්සයි20 (වි20ජා) තරග පහකට ක්‍රීඩා කිරීමටය.[1][2] 2021 මැයි මාසයේදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය සංචාරය තහවුරු කරන ලදී.[3][4] 2022 ජනවාරි මාසයේදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා විසින් සංචාර කාලසටහන යාවත්කාලීන කරන ලදී.[5] රට පුරා සංචාරය අවම කිරීම මගින් කොවිඩ්-19 අවදානම අවම කිරීම සිදු කරන ලදී.[6]

ඕස්ට්‍රේලියාව පළමු තරගය ලකුණු 20කින් ජය ගත්තේය.[7] ඒ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 19කට සීමා කිරීම හේතුවෙන් ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමය මගිනි.[8] 2022 ජනවාරියේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වි20ජා තරග ක්‍රීඩා කිරීමේ කොන්දේසි වලට වෙනස්කම් සිදු කරන ලදී, මන්දගාමී ඕවර අනුපාතයක් සඳහා තරඟය තුළ දඬුවමක් ද ඇතුළත් විය.[9] පන්දු රකින කණ්ඩායම නියමිත කාලය තුළ තම අවසන් ඕවරය යැවීමට පටන් නොගන්නේ නම්, ඔවුන්ට අභ්‍යන්තර කවයෙන් පිටත පන්දු රකින්නන් පස් දෙනෙකුට නොව හතර දෙනෙකුට පමණක් ඉඩ දෙනු ලැබේ.[10] තරගාවලියේ දෙවැනි වි20ජා තරගයේදී නියමිත වේලාවට ඕවරය නොදැමීම හේතුවෙන් නව දඩුවම් ලැබූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය.[11] තරගය ලකුණු සම තත්වයෙන් අවසන් විය.[12] සුපිරි ඕවරයෙන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමට සමත් විය.[13] තෙවැනි වි20ජා තරගය කඩුලු 6කින් ජයගැනීමත් සමග ඔස්ට්‍රේලියාව තරග 2ක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය.[14] සිවුවැනි තරගයද කඩුලු 6කින් ජයගත් ඔස්ට්‍රේලියාව තරගමාලාව 4-0ක් ලෙස පෙරමුණ ගත්තේය.[15] ශ්‍රී ලංකාව අවසන් වි20ජා තරගය කඩුලු 5කින් ජයගත් අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 4-1ක් ලෙස ජය ගත්තේය.[16]

තරගමාලාවේ ක්‍රීඩකයා - ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියාව)

සංචිත[සංස්කරණය]

වි20ජා
 ඕස්ට්‍රේලියාව[17]  ශ්‍රී ලංකාව[18]
  • ආරොන් ෆින්ච් (නා)
  • ඇෂ්ටන් ඒගාර්
  • පැට් කමින්ස්
  • ජොෂ් හේසල්වුඩ්
  • ට්‍රැවිස් හෙඩ්
  • මොයිසස් හෙන්රික්ස්
  • ජොෂ් ඉන්ග්ලිස්
  • බෙන් මැක්ඩර්මොට්
  • ග්ලෙන් මැක්ස්වෙල්
  • ජේ රිචඩ්සන්
  • කේන් රිචඩ්සන්
  • ඩැනියෙල් සෑම්ස්
  • ස්ටීවන් ස්මිත්
  • මිචෙල් ස්ටාක්
  • මාකස් ස්ටොයිනිස්
  • මැතිව් වේඩ්
  • ඇඩම් සම්පා
  • දසුන් ශානක (නා)
  • චරිත් අසලංක (උප)
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල්
  • අවිශ්ක ප්‍රනාන්දු
  • බිනුර ප්‍රනාන්දු
  • ශිරාන් ප්‍රනාන්දු
  • ධනුෂ්ක ගුණතිලක
  • වනිඳු හසරංග
  • ප්‍රවීන් ජයවික්‍රම
  • චාමික කරුණාරත්න
  • ලහිරු කුමාර
  • ජනිත් ලියනගේ
  • කමිල් මිෂාර
  • කුසල් මෙන්ඩිස්
  • රමේෂ් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • මහේෂ් තීක්ෂණ
  • නුවන් තුෂාර
  • ජෙෆ්රි වැන්ඩර්සේ

සංචාරයට පෙර ඕස්ට්‍රේලියාව ට්‍රැවිස් හෙඩ් වෙනුවට ඩැනියෙල් සෑම්ස් ඔවුන්ගේ වි20ජා සංචිතයට එක් කළේය.[19] හෙඩ් මෙල්බර්න් හි පැවති අවසන් වි20ජා තරඟාවලිය සඳහා කණ්ඩායමට එක්වීමට පෙර, 2021-22 ෂීෆීල්ඩ් ෂීල්ඩ් තරගවාරයේ ක්‍රීඩා කළේය.[20] 2022 පෙබරවාරි 8 වන දින, ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පෙන්නුම් කළ අතර, ඔහුව තරඟාවලියේ පළමු තරඟ දෙකෙන් ඉවත් කළේය.[21] දෙවැනි වි20ජා තරගයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් කම්පනයකට ලක්වීමෙන් තරගමාලාවේ සෙසු තරගවලින් ඉවත් විය.[22] තුන්වන වි20ජා තරඟයට පෙර, ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගකොවිඩ්-19 සඳහා ධනාත්මක බව පෙන්නුම් කළ අතර, ඔහු තරඟමාලාවෙන් ඉවත් කරන ලදී.[23]

වි20ජා තරඟාවලිය[සංස්කරණය]

1 වන වි20ජා තරගය[සංස්කරණය]

2022 පෙබරවාරි 11
19:10
(රාත්‍රී)
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
8/122 (ඕවර් 19)
ඕස්ට්‍රේලියාවට ලකුණු 20ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය)
සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඇඩම් සැම්පා
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ෂෝන් ක්‍රේග් සහ ඕස්ට්‍රේලියාව සෑම් නොගාජ්ස්කි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඕවර 19 කදී ලකුණු 143 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
  • ඕස්ට්‍රේලියාව ජොෂ් ඉන්ග්ලිස් ඔහුගේ පළමු වි20ජා ආරම්භය සිදු කළේය.

2 වන වි20ජා තරගය[සංස්කරණය]

2022 පෙබරවාරි 13
19:10
(රාත්‍රී)
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
8/164 (ඕවර 20)
තරගය සම විය
(සුපිරි ඕවරයෙන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කලේය.)

සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ජොෂ් හේසල්වුඩ්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩොනොවන් කෝච් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව නුවන් තුෂාර ඔහුගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළේය.

3 වන වි20ජා තරගය[සංස්කරණය]

2022 පෙබරවාරි 15
19:10
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
6/121 (ඕවර 20)
ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්
මනුක ඕවල්, කැන්බරා
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව කේන් රිචඩ්සන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ෂෝන් ක්‍රේග් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

4 වන වි20ජා තරගය[සංස්කරණය]

2022 පෙබරවාරි 18
19:10
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
8/139 (ඕවර 20)
ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ස්වෙල්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව සෑම් නොගජ්ස්කි සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

5 වන වි20ජා තරගය[සංස්කරණය]

 ශ්‍රී ලංකාව
5/155 (ඕවර 19.5)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩොනොවන් කෝච් සහ ඕස්ට්‍රේලියාව සෑම් නොගජ්ස්කි
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව ජනිත් ලියනගේ සහ ශ්‍රී ලංකාව කමිල් මිෂාර දෙදෙනාම ඔවුන්ගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළහ.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  2. "Fixture confirmed for dual Ashes series, Afghan Test". Cricket Australia. සම්ප්‍රවේශය 19 May 2021.
  3. "Australia's Test drought poses possible Ashes problems". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 May 2021.
  4. "The SLC announces Sri Lanka's Cricketing Calendar for the year 2022". The Papare. සම්ප්‍රවේශය 5 January 2022.
  5. "Schedule confirmed for Sri Lanka's tour of Australia". The Papare. සම්ප්‍රවේශය 20 January 2022.
  6. "SCG, MCG, Manuka Oval to host Sri Lanka T20Is". CricBuzz. සම්ප්‍රවේශය 20 January 2022.
  7. "Josh Hazlewood and Adam Zampa dismantle Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
  8. "Hazlewood, Zampa star as Aussies defend low total". Cricket Australia. සම්ප්‍රවේශය 13 February 2022.
  9. "Changes to T20I Playing Conditions come into effect". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2022.
  10. "Four, not five fielders allowed outside inner circle for slow over rate in T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
  11. "Sri Lanka become first men's team to incur new over-rate penalty". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
  12. "Australia win Super Over after Hazlewood heroics, take 2-0 lead against SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
  13. "Nissanka shines but Australia triumph in Super Over". The Papare. සම්ප්‍රවේශය 13 February 2022.
  14. "Revamped Australia clinch unassailable series lead". Cricket Australia. සම්ප්‍රවේශය 15 February 2022.
  15. "Maxwell, Inglis ice run chase after Sri Lankan collapse". Cricket Australia. සම්ප්‍රවේශය 18 February 2022.
  16. "Sri Lanka avoid clean sweep after cool MCG chase". Cricket Australia. සම්ප්‍රවේශය 20 February 2022.
  17. "McDermott in, Warner out of Australia's T20 squad". Cricket Australia. සම්ප්‍රවේශය 25 January 2022.
  18. "Sri Lanka T20I squad for Australia tour 2022". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 January 2022.
  19. "Head-ache? Leftie shortage looms for Sri Lanka T20s". Cricket Australia. සම්ප්‍රවේශය 7 February 2022.
  20. "Travis Head to miss start of Sri Lanka T20I series to play Sheffield Shield". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 February 2022.
  21. "Sri Lanka's Kusal Mendis tests positive for Covid-19, to miss start of Australia T20I series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 February 2022.
  22. "Steven Smith suffers concussion, to miss the rest of the SL T20I series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
  23. "Wanindu Hasaranga tests positive for Covid-19 ahead of third T20I against Australia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 February 2022.

බාහිර සබැඳි[සංස්කරණය]