පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2009

විකිපීඩියා වෙතින්
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2009
ශ්‍රී ලංකාව
පාකිස්ථානය
නායකයන් කුමාර් සංගක්කාර යුනිස් ඛාන් (ටෙස්ට් සහ එදිජා)

ශාහිඩ් අෆ්රිඩි (වි20ජා)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (331) ෂොයිබ් මලික් (262)
වැඩිම කඩුළු නුවන් කුලසේකර (17) සයීඩ් අජ්මාල් (14)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව නුවන් කුලසේකර
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (218) යුනිස් ඛාන් (244)
වැඩිම කඩුළු තිලාන් තුෂාර (9) මොහොමඩ් අමීර් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව තිලාන් තුෂාර
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (38) ශාහිඩ් අෆ්රිඩි (50)
වැඩිම කඩුළු තිලාන් තුෂාර (2) නවෙඩ්-උල්-හසන් (3)

සයීඩ් අජ්මාල් (3)

තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය ශාහිඩ් අෆ්රිඩි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2009 ජුනි සිට අගෝස්තු දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. සංචාරක කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග තුනකට, එක්දින ජාත්‍යන්තර තරග පහකට සහ එක් විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේය.

පාකිස්තානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් XI අතර පැවැති පළමු පෙළ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. පාකිස්තානය සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති ලැයිස්තු A තරගය ශ්‍රී ලංකා ඒ ජය ගත්තේය. සංචාරය 2009 ජුනි 29 සිට 2009 අගෝස්තු 12 දක්වා පැවතුනි.

සංචාරයට පෙර[සංස්කරණය]

ICC ලෝක වි20 කුසලාන අවසන් මහා තරඟයේදී පකිස්ථානය ශ්‍රී ලංකාව පරාජයට පත් කර සති දෙකකට පසුව මෙම තරගමාලාවට පැමිණියේය. පාකිස්ථානු පුහුණුකරු ඉන්තිකාබ් අලාම් ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත් වූ නමුත් ඔහුගේ කණ්ඩායම වි20 ක්‍රිකට් වලින් ටෙස්ට් ක්‍රිකට් වෙත මාරුවීම ගැන සැලකිලිමත් විය.

“ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායමකට එරෙහිව තරගමාලාව ජයග්‍රහණය කිරීමේ ප්‍රධානතම දෙය වනුයේ උණුසුම් හා තෙතමනය සහිත කාලගුණය තුළ ඉල්ලුමට සරිලන ටෙස්ට් තරඟ ක්‍රිකට් වලට හැඩගැසීමට අපට ඇති හැකියාවයි. අපට ආපසු හැරී බලන්නට හැකියාවක් නැත. ටෙස්ට් තරගමාලාවේ පළමු පන්දුව යවන විට විස්සයි20 කිරුළ දිනාගැනීම සුළු දෙයක් වනු ඇත. ඒක වෙනස් පන්දු ක්‍රීඩාවක්." ~ ඉන්තිකාබ් අලාම් (පාකිස්ථානු පුහුණුකරු) ~

පකිස්තානය ශ්‍රී ලංකාවේදී කිසි දිනක තරගාවලියක් පරාජය වී නැත, පසුගිය තරගමාලා වලින් තුනක් ජයගෙන, දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත.[1] මොහොමඩ් යූසුෆ් සහ අබ්දුල් රසාක් නැවත පැමිණීමෙන් පාකිස්තානය ශක්තිමත් වී ඇත.

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පසුගිය වසර පහ තුළ පැවැති ටෙස්ට් තරග 19 න් පාකිස්තානය තරග 13 ක් ජයගෙන, තරග 2 ක් පරාජය වී 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ICC වි20 ලෝක කුසලානයේ පරාජය හා ලාහෝර් ප්‍රහාරයේ ප්‍රතිවිපාක පසෙක ලා නායකයෙකු ලෙස පළමු ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර මෙසේ පැවසීය.

“ලාහෝර් එක අපේ හිතේ නැහැ, කණ්ඩායම මානසිකව ඒකෙන් ගොඩ එන්න ඇත්තටම ලොකු වැඩක් කරලා තියෙනවා, විස්සයි20 අවසන් මහා තරගය පරාජය වීම හිතට වේදනාවක් වුණා, නමුත් අපිට විශිෂ්ට තරගාවලියක් තිබුණා. කණ්ඩායම එංගලන්තයේදී ක්‍රීඩා කළ ආකාරය ගැන මම ආඩම්බර වන අතර ටෙස්ට් තරඟවලදීත් අපි ඒ වගේ දස්කම් දක්වනු ඇතැයි මට විශ්වාසයි. ~ කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා නායක) ~

ටෙස්ට් සංචිතය[සංස්කරණය]

ටෙස්ට් කණ්ඩායම්
 පකිස්තානය[2]  ශ්‍රී ලංකා[3]
  • යුනිස් ඛාන් (නා)
  • සල්මන් බට්
  • කුරාම් මන්සූර්
  • මොහොමඩ් යූසුෆ්
  • මිස්බා උල් හක්
  • ෂොයිබ් මලික්
  • කම්රාන් අක්මාල් (කරැ)
  • උමර් ගුල්
  • සයීඩ් අජ්මාල්
  • මොහොමඩ් ආමර්
  • ඩෙන්මාර්ක් කනේරියා
  • අබ්දුල් රසාක්
  • අබ්දුර් රවුෆ්
  • ෆවාඩ් අලාම්
  • ෆයිසාල් ඉක්බාල්
  • කුමාර සංගක්කාර (නා) (කරැ)
  • තිලකරත්න ඩිල්ෂාන් (කරැ)
  • මහේල ජයවර්ධන
  • චාමර කපුගෙදර
  • නුවන් කුලසේකර
  • සුරංග ලක්මාල්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • අජන්ත මෙන්ඩිස්
  • මුත්තයියා මුරලිදරන්
  • තරංග පරණවිතාන
  • දම්මික ප්‍රසාද්
  • තිලාන් සමරවීර
  • කෞෂාල් සිල්වා (කරැ)
  • තිලාන් තුෂාර
  • මලින්ද වර්ණපුර
  • චමින්ද වාස්

මුත්තයියා මුරලිදරන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් වූයේ පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුර දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු වෙනුවට රංගන හේරත් කණ්ඩායමට කැඳවා ඇත. [4]

පුහුණු තරගය[සංස්කරණය]

පළමු පන්තිය: ශ්‍රී ලංකා ක්‍රිකට් XI එදිරිව පකිස්ථානය[සංස්කරණය]

ජුනි 29 - ජූලි 1
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් XI ශ්‍රී ලංකාව
345/5 dec (ඕවර 89.4)
ළහිරු තිරිමාන්න 116 (171)
අබ්දුර් රවුෆ් 2/62 (ඕවර 15.4)
137/2 dec (ඕවර 37.4)
තරංග පරණවිතාන 48 (102)
ඩනිෂ් කනේරියා 1/37 (ඕවර 9.4)
54/4 (ඕවර 18)
සල්මන් බට් 22 (28)
චාමර කපුගෙදර 2/6 (ඕවර 5)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
නොන්ඩිස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල් සහ ශ්‍රී ලංකාව රෝහිත කොට්ටහච්චි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් XI ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • කණ්ඩායමකට ක්‍රීඩකයන් 13 (පිතිකරණය 11, පන්දු රැකීම 11)

ලැයිස්තු A:ශ්‍රී ලංකා ඒ එදිරිව පකිස්ථානය[සංස්කරණය]

2009 ජූලි 27
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ඒ ශ්‍රී ලංකාව
348/6 (ඕවර 50)
 පකිස්තානය
333 (ඕවර 50)
ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 15ක ජයක්
වෙලගෙදර ක්‍රීඩාංගනය, කුරුණෑගල
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ඩිල්ෂාන් ද සිල්වා සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරු
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

ටෙස්ට් තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී, කොළඹ පයිකියසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී සහ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ටෙස්ට් තරඟ තුනකින් සමන්විත විය.

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

117 (ඕවර 44.3)
සල්මන් බට් 28 (53)
රංගන හේරත් 4/15 (ඕවර 11.3)
ශ්‍රී ලංකාවට ලකුණු 50ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රංගන හේරත්
විනිසුරුවන්: එංගලන්තය ඉයන් ගුල්ඩ් සහ ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය මොහොමඩ් අමීර් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

320 (ඕවර 96.4)
ෆවාඩ් අලාම් 168 (259)
රංගන හේරත් 5/99 (ඕවර 35)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමිවිය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: පකිස්ථානය ෆවාඩ් අලාම් සහ ශ්‍රී ලංකාව නුවන් කුලසේකර
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය
  • පකිස්ථානය ෆවාඩ් අලාම් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

299 (ඕවර 89.4)
කුරාම් මන්සූර් 93 (263)
තිලාන් තුෂාර 5/83 (ඕවර 20.4)
233 (ඕවර 68.3)
මහේල ජයවර්ධන 79 (199)
ඩනිෂ් කනේරියා 5/62 (ඕවර 20.3)
425/9 dec (ඕවර 123)
ෂොයිබ් මලික් 134 (372)
රංගන හේරත් 5/157 (ඕවර 46)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: එංගලන්තය ඉයන් ගුල්ඩ් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටෝෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
  • ශ්‍රී ලංකාව චමින්ද වාස් ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේය

එදිජා තරගමාලාව[සංස්කරණය]

ජුලි 30 සහ අගෝස්තු 9 අතර එක්දින තරග පහක් පැවැත්විණි. ඒවා දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

1 වන එදිජා තරගය[සංස්කරණය]

2009 ජූලි 30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
232/9 (ඕවර 50)
 පකිස්තානය
196 (ඕවර 44.4)
ශ්‍රී ලංකාවට ලකුණු 36ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය
  • පකිස්ථානය මොහොමඩ් අමීර් ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

2009 අගෝස්තු 1
ලකුණු පුවරුව
පකිස්තානය 
168 (ඕවර 47)
 ශ්‍රී ලංකාව
169/4 (ඕවර 43.4)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චාමර කපුගෙදර
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • පකිස්ථානය උමාර් අක්මාල් ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

2009 අගෝස්තු 3
ලකුණු පුවරුව
පකිස්තානය 
288/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
289/4 (ඕවර 46.3)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

4 වන එදිජා තරගය[සංස්කරණය]

2009 අගෝස්තු 7
ලකුණු පුවරුව
පකිස්තානය 
321/5 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
175 (ඕවර 36.1)
පකිස්ථානයට ලකුණු 146ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: පකිස්ථානය උමාර් අක්මාල්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

5 වන එදිජා තරගය[සංස්කරණය]

2009 අගෝස්තු 9
ලකුණු පුවරුව
පකිස්තානය 
279/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
147 (ඕවර 34.2)
පකිස්ථානයට ලකුණු 132ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: පකිස්ථානය නවෙඩ්-උල්-හසන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

එකම වි20ජා තරගය[සංස්කරණය]

ජුලි 27 වි20ජා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

2009 අගෝස්තු 12
ලකුණු පුවරුව
පකිස්තානය 
172/5 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
120 (ඕවර 18.1)
පාකිස්තානයට ලකුණු 52ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: පකිස්ථානය ශාහිඩ් අෆ්රිඩි
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.

ආරක්ෂක[සංස්කරණය]

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා රජය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර, පැමිණෙන කණ්ඩායම සඳහා දැඩි ආරක්‍ෂාවක් සලසා ඇත. විශේෂයෙන් හෝටල්වල සිට තරඟ පැවැත්වෙන ස්ථාන දක්වා ඇති මාර්ගවල ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරමින් දැඩි පියවර ගෙන ඇත.[5]

ගිනිකෙළි, සංගීත කණ්ඩායම්, වීදුරු බෝතල්, ටින් කෑන්, තියුණු වස්තූන්, ලේසර් පොයින්ටර් සහ දර්පණ ක්‍රීඩාංගණ තුළ තහනම් කර ඇත. ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ ජාතික ධජ හැර වෙනත් බැනර්, පෝස්ටර් සහ වෙනස් කොට සලකන සටන් පාඨ වලට භූමිය තුළ ඉඩ කඩ සලසා දී නොතිබුනි.[6]

තරගමාලාව ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී මාසයකට පසුවය.[6]

තරග පාවාදීම[සංස්කරණය]

සැකකටයුතු ඉන්දීය බුකීකරුවන් සිටින බවට පකිස්ථාන කණ්ඩායම් කළමනාකාරීත්වය කොළඹ හෝටල් කළමනාකාරීත්වයට පැමිණිලි කළාය. ප්‍රධාන ධාරාවේ උර්දු දිනපතා පුවත්පතක් වන එක්ස්ප්‍රස්, ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹදී පැවැති දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරගයේදී ඇතැම් නාඳුනන ඉන්දීය බුකීකරුවන් පකිස්තාන ක්‍රීඩකයන් කීපදෙනකුට සම්බන්ධ වූ බව වාර්තාවක කියා සිටියේය. පාකිස්ථානු කණ්ඩායමේ කළමනාකරු යාවර් සයීඩ් පැවසුවේ මෙම සිදුවීම් සිදු වූ නමුත් ක්‍රීඩකයින් සහ බුකීකරුවන් අතර තවදුරටත් සම්බන්ධතා ඇති වීමට ඇති ඉඩකඩ මකා දැමීමට කණ්ඩායම් කළමනාකාරීත්වය සුදුසු පියවර ගත් බවයි.

මාධ්‍ය ආවරණය[සංස්කරණය]

රූපවාහිනී[සංස්කරණය]

  • Ten Sports (සජීවී) – ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ මැද පෙරදිග
  • Prime Sports (සජීවී) – මැද පෙරදිග
  • Zee Cinema (සජීවී) – එක්සත් රාජධානිය
  • Zee Muzic (විශේෂ අවස්ථා) – එක්සත් රාජධානිය
  • SuperSport (සජීවී) – දකුණු අප්‍රිකාව, කෙන්යාව, සිම්බාබ්වේ සහ සෙසු අප්‍රිකා රටවල්
  • Direct TV (සජීවී) – එක්සත් ජනපදය

යොමුව[සංස්කරණය]

  1. "Pakistan, Sri Lanka set for emotional Test return". 6 July 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-02.
  2. Cricinfo staff (22 June 2009). "Yousuf returns to Test fold". cricinfo.com. Cricinfo. සම්ප්‍රවේශය 2009-07-29.
  3. Thawfeeq, Sa'adi (29 June 2009). "Mathews earns Test call-up". cricinfo.com. Cricinfo. සම්ප්‍රවේශය 2009-07-29.
  4. "Muralitharan out of first Test with knee injury". Dawn. 3 July 2009. 29 August 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-03.
  5. "Top-level security for Pakistan in Sri Lanka". Dawn. Pakistan. 29 June 2009. 2 July 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-01.
  6. 6.0 6.1 "Lankan authorities tighten security for Pakistan series". Dawn. Pakistan. 1 July 2009. 4 July 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-01. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Lankan authorities tighten security for Pakistan series" defined multiple times with different content
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග