කොළඹ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කොළඹ
පුරවරය (මහ නගරය)
දක්ෂිණාවර්ථ දිශාවට: BOC කුළුණ, කොළඹ අහස්දසුන, කොළඹ අහස්දසුන (ගංගාරාම විහාරය), කොළඹ අහස්දසුන (ගාලු මුවදොර පිටිය), පැරණි පාර්ලිමේන්තුව, කොළඹ අහස්දසුන (ගංගාරාම විහාරය), BOC කුළුණ සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වය, නිදහස් චතුරස්‍රය, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වය
දක්ෂිණාවර්ථ දිශාවට: BOC කුළුණ, කොළඹ අහස්දසුන, කොළඹ අහස්දසුන (ගංගාරාම විහාරය), කොළඹ අහස්දසුන (ගාලු මුවදොර පිටිය), පැරණි පාර්ලිමේන්තුව, කොළඹ අහස්දසුන (ගංගාරාම විහාරය), BOC කුළුණ සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වය, නිදහස් චතුරස්‍රය, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වය
රට ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර පළාත
මහනගර සභාව කොළඹ
සරිය
 • පුරවරය (මහ නගරය) 37.31 කිමී2 (14.4 වර්ග සැත)
ජනගහණය (2011[1])
 • පුරවරය (මහ නගරය) 752,993
 • ඝනත්වය 17,344/කිමී2 (44,920/වර්ග සැත)
 • නාගරික 5.6 Million (2,001 Estimate)
වේලා කලාපය SLST (UTC+05:30)
Postal code 0xxxx
ප්‍රදේශ කේතය(න්) 011
වෙබ් අඩවිය cmc.lk

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.

නිරුක්තිය[මූලාශ්‍රය සංස්කරණය]

ලන්දේසි යුගයේ කොළඹ නිළ ලාංඡනය. මෙහි ඇත්තේ ගෙඩි රහිත අඹ ගසකි.

කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක.

පෘතුග්‍රීසීන් විසින් 1505 වසරේදී "කොළඹ", යන නාමය මුලින්ම ඉදිරිපත් කල බවටද මතයක් වේ. සාම්ප්‍රදායික සිංහල වදනක් වූ, කැළණි ගඟේ තොටුපල" යන්න අරුත් දක්වන කොලොන් තොට යන වදනින්, කොළඹ යන වචනය බිඳී ආ බව විශ්වාස කෙරේ.[2]

13 වන සියවසට අයත් පැරණි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ, සිදත් සඟරාවෙහි කතුවරයා විසින්, මුල්කාලීන සිංහලයන්ට අයත් සුවිශේෂී වදන්හී ගණයන් සම්බන්ධව රචනා කොට තිබෙන අතර, එහි නාරඹ සහ කොළඹ යන වදන් ස්වදේශීය මූලාශ්‍රයකට අයත් යැයි දක්වා තිබෙයි. මින් කොළඹ යන වදන අගනගරය සඳහා යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.[3][4]

සංචාරක ආකර්ෂණ[මූලාශ්‍රය සංස්කරණය]

  • ගාලු මුවදොර පිටිය - කොළඹ නගරයේ හදවත බඳු ප්‍රදේශය සේ සැළකෙන මූදු වෙරළ සමග බැදුනු බිම් තීරයක් වූ ගාලු මුවදොර පිටිය සහ එම ආශ්‍රිත කලාපය, නගරයට පැමිණන සංචාරකයින් හා නගරවැසියන්ගේ ප්‍රධාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයක් වෙයි.
  • ගාලු මුවදොර හෝටලය - ගාලු මුවදොර පිටියෙහි දකුණු කෙළවර ආසන්නයේ පිහිටි ගාලු මුවදොර හෝටලය කොළඹ සුවිශේෂී නගර සළකුණක් ලෙස සැළකේ.
  • ගංගාරාම විහාරය - ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව, ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද දක්නට ලැබෙන කොළඹ පිහිටි ගංගාරාම විහාරය නගරයේ වූ වැදගත් බෞද්ධ පුදබිමක් වේ.
  • කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.
  • විහාරමහාදේවී උද්‍යානය - කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානය වන විහාරමහාදේවී උද්‍යානය (පැරණි නාමය, වික්ටෝරියා පාක්) නගරයේ වූ තවත් එක් ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයකි.
  • ආකේඩ් නිදහස් චතුරස්‍රය - ආකේඩ් නිදහස් චතුරස්‍රය, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි.
  • පිටකොටුව පාවෙන වෙළඳපොල - කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කෙරූ ආකර්ශනීය ස්ථානයකි.
  • කොළඹ කොටුව ලන්දේසි රෝහල - කොළඹ කොටු‍වේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල (ලන්දේසි රෝහල), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපය අතුරින් එකකි. වර්ථමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ.

ජන විවිධත්වය[මූලාශ්‍රය සංස්කරණය]

ගංගාරාම විහාරයේ සීමා මාලකය

කොළඹ යනු බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වේ. නගරයේ ජනගහනය විවිධ වූ ජන වර්ගයන්ගෙන් සමන්විත වන අතර, ප්‍රධානතම ජන කොට්ඨාශයසිංහල වේ. මුස්ලිම්, සහ දමිල ජාතීන්ද නගරයෙහි ප්‍රමුඛව වාසය කරයි. මීට අමතරව කුඩා ජන කණ්ඩායම් ලෙස චීන, පෘතුග්‍රීසි, ඕලන්ද, මැලේ, සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද, යුරෝපියානු ප්‍රවාසිකයෝද නගරයේ වාසය කරති.

ශ්‍රී ලංකාවේ ජනාකීර්ණතම නගරය කොළඹ වන අතර, එහි ජනගහනය 642,163 පමණ වේ.[5] 1866 වර්ෂය වන විට නගරයේ ජනගහනය 80,000 පමණ විය.[6] 2001 සංගණනයට අනූව නාගරික කොළඹ ජන විවිධත්වය මෙසේය.

අංකය ජන වර්ගය ජන ප්‍රමාණය ප්‍රතිශතය
1 සිංහල 265,657 41.36
2 දෙමළ 185,672 28.91
3 ශ්‍රී ලාංකික මුස්ලිම් 153,299 23.87
4 ඉන්දියානු දෙමළ 13,968 2.17
5 ශ්‍රී ලංකා මැලේ 11,149 1.73
6 බර්ගර් 5,273 0.82
7 ශ්‍රී ලාංකික චෙට්ටි 740 0.11
8 භාරත 471 0.07
9 අනෙකුත් 5,934 0.96
10 එකතුව 642,163 100

නගර සීමාවන්[මූලාශ්‍රය සංස්කරණය]

තැපැල් සේවාවන් අදහස් කරමින් කොළඹ අංකික ප්‍රදේශ 15 කට බෙදා තිබෙයි.

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයන් දැක්වෙන සිතියම.
තැපැල් අංකය කලාපය
කොළඹ 1 කොළඹ කොටු‍ව
කොළඹ 2 කොම්පඤ්ඤ වීදිය, යූනියන් පෙදෙස
කොළඹ 3 කොල්ලුපිටිය
කොළඹ 4 බම්බලපිටිය
කොළඹ 5 තිඹිරිගස්යාය, කිරිල්ලපන
කොළඹ 6 වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට
කොළඹ 7 කුරුඳු වත්ත
කොළඹ 8 බොරැල්ල
කොළඹ 9 දෙමටගොඩ
කොළඹ 10 මරදාන, පංචිකාවත්ත
කොළඹ 11 පිට කොටුව
කොළඹ 12 අලුත්කඩේ
කොළඹ 13 කොටහේන, බ්ලූමැන්ඩල්
කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්
කොළඹ 15 මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය
කොළඹ නගරයේ හදවත ලෙස සැලකෙන කොළඹ කොටුවේ පිහිටි ප්‍රධානතම ගොඩනැගිලි කිහිපයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ලංකා බැංකු ගොඩනැගිල්ල, ගලධාරී හෝටලය, ජනාධිපති ලේකම් කාර්යාලය

යටිතල පහසුකම්[මූලාශ්‍රය සංස්කරණය]

ගමනාගමනය[මූලාශ්‍රය සංස්කරණය]

බස්[මූලාශ්‍රය සංස්කරණය]

දුම්රිය[මූලාශ්‍රය සංස්කරණය]

මහා මාර්ග[මූලාශ්‍රය සංස්කරණය]

රටෙහි යුධ තත්වය නිමාවෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය තුල අධිවේගී මාර්ග නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනූව පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය, කොට්ටාව සිට දිවයිනේ දකුණුදිග ප්‍රධාන නගරයක් වූ මාතර, ගොඩගම තෙක් ඉදිකෙරුණි. මීට අමතරව කොළඹ සිට කටුනායක දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයද, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයද පසුකාලීනව ඉදිකෙරුණි.[7][8]

පාරු සේවා[මූලාශ්‍රය සංස්කරණය]

ගුවන් සේවා[මූලාශ්‍රය සංස්කරණය]

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ නගරයට අයත් සේ සැළකෙන ගුවන් තොටුපළවල් වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික ගුවන් සේවාවන් වෙනුවෙන් පහසුකම් සපයන අතර, රත්මලාන ගුවන් තොටුපළ මූලික වශයෙන් දේශීය ගුවන් සේවාවන් සඳහා පහසුකම් සපයයි.

කාලගුණය[මූලාශ්‍රය සංස්කරණය]

ශ්‍රී ලංකාවේ කොළඹ සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රි මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වර්ෂය
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) 35.2
(95.4)
35.6
(96.1)
36.0
(96.8)
35.2
(95.4)
32.8
(91)
33.5
(92.3)
32.2
(90)
32.2
(90)
32.2
(90)
33.6
(92.5)
34.0
(93.2)
34.2
(93.6)
36.0
(96.8)
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) 30.9
(87.6)
31.2
(88.2)
31.7
(89.1)
31.8
(89.2)
31.1
(88)
30.4
(86.7)
30.0
(86)
30.0
(86)
30.2
(86.4)
30.0
(86)
30.1
(86.2)
30.3
(86.5)
30.64
(87.16)
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) 26.6
(79.9)
26.9
(80.4)
27.7
(81.9)
28.2
(82.8)
28.3
(82.9)
27.9
(82.2)
27.6
(81.7)
27.6
(81.7)
27.5
(81.5)
27.0
(80.6)
26.7
(80.1)
26.6
(79.9)
27.38
(81.3)
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) 22.3
(72.1)
22.6
(72.7)
23.7
(74.7)
24.6
(76.3)
25.5
(77.9)
25.5
(77.9)
25.2
(77.4)
25.1
(77.2)
24.8
(76.6)
24.0
(75.2)
23.2
(73.8)
22.8
(73)
24.11
(75.4)
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) 16.4
(61.5)
18.9
(66)
17.7
(63.9)
21.2
(70.2)
20.7
(69.3)
21.4
(70.5)
21.4
(70.5)
21.6
(70.9)
21.2
(70.2)
21.0
(69.8)
18.6
(65.5)
18.1
(64.6)
16.4
(61.5)
වර්ෂාපතනය mm (inches) 58.2
(2.291)
72.7
(2.862)
128.0
(5.039)
245.6
(9.669)
392.4
(15.449)
184.9
(7.28)
121.9
(4.799)
119.5
(4.705)
245.4
(9.661)
365.4
(14.386)
414.4
(16.315)
175.3
(6.902)
2,523.7
(99.358)
Avg. වැසි දින 5 5 9 14 16 16 12 11 15 17 15 10 145
 % ආර්ද්‍රතාවය 69 69 71 75 78 79 78 77 78 78 76 73 75
මාසික මධ්‍යයන සූර්යපැය ගණන 248.0 248.6 275.9 234.0 201.5 195.0 201.5 201.5 189.0 201.5 210.0 217.0 2,623.5
Source #1: ලෝක කාලගුණ විද්‍යා සංවිධානය,[9] Hong Kong Observatory[10]
Source #2: NOAA[11]

සහෝදර නගර[මූලාශ්‍රය සංස්කරණය]

රට නගරය ප්‍රාන්තය/ ප්‍රදේශය සිට
චීනය චීනය National Emblem of the People's Republic of China.svg ෂැංහයි Flag of the People's Republic of China.svg ෂැංහයි නාගරිකය 2003
රුසියාව රුසියාව Coat of Arms of Saint Petersburg (2003).svg සෙන්ට් පීටර්ස්බර්ග් Flag of Russia.svg වයඹ ෆෙඩරල් දිස්ත්‍රික්කය 1997
එක්සත් රාජධානිය එක්සත් රාජධානිය Leeds Bridge arms MF.jpg ලීඩ්ස් Flag of England.svg බටහිර යෝක්ෂයර් 2008
මොංගෝලියාව මොංගෝලියාව Ulanbataar.svg උලන් බටර් 2012
මාලදිවයින මාලදිවයින Coat of arms of Maldives.svg මාලේ Flag of Maldives.svg කාෆු දිවයින 2013

ආශ්‍රිත[මූලාශ්‍රය සංස්කරණය]

  1. Census July 2011 (via. Citypopulation.de. Retrieved on 2011-10-17.
  2. "කළම්බු – දෙන් ඇන්ඩ් නව්". පද්මා එදිරිසිංහ. ද සන්ඩේ ඔබ්සවර්. 14 පෙබරවාරි 2004.  Check date values in: |date= (help)
  3. Indrapala 2007
  4. Gair 1998
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; cen01 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. පෝර්ට් ඔෆ් කලම්බු. World Port Source. Retrieved on 2011-10-17.
  7. අ ස්පීඩි ඇන්ඩ් සේෆ් ජර්නි ටු ගෝල්. ඩේලි නිව්ස්.එල්කේ. 2011-08-16. සම්ප්‍රවේශය 2013-01-01. 
  8. ගාමිණී ගුණරත්න, ශ්‍රී ලංකා නිව්ස් පේපර් බයි ලංකාපේජ්.කොම් (LLC)- ලේටස්ට් හොට් නිව්ස් ෆ්‍රොම් ශ්‍රී ලංකා (2011-11-07). නියර්ලි හාෆ් ඔෆ් ද වර්ක් කම්ප්‍ලීටඩ් ඔන් අවුටර් සර්කියුලර් හයිවේ අරවුන්ඩ් ශ්‍රී ලංකන් කැපිටල්. කලම්බුපේජ්.කොම්. සම්ප්‍රවේශය 2013-01-01.  zero width joiner character in |title= at position 31 (help); zero width joiner character in |author= at position 19 (help)
  9. World Weather Information Service - Colombo. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය. සම්ප්‍රවේශය November 6, 2012.  zero width joiner character in |publisher= at position 16 (help)
  10. Climatological Information for Colombo, Sri Lanka. Hong Kong Observatory. සම්ප්‍රවේශය November 6, 2012. 
  11. COLOMBO Climate Normals 1961-1990. National Oceanic and Atmospheric Administration. සම්ප්‍රවේශය November 6, 2012. 

අඩවියෙන් බැහැර පිටු[මූලාශ්‍රය සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ&oldid=405948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි