ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 1987-88
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 1987-88 | |||
|---|---|---|---|
|
|
| ||
| ඔස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 1987 දෙසැම්බර් 26 – 1988 පෙබරවාරි 15 | ||
| නායකයන් | ඇලන් බෝඩර් | රන්ජන් මඩුගල්ලේ | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඔස්ට්‍රේලියාව won the 1-match series 1–0 | ||
| වැඩිම ලකුණු | ඩීන් ජෝන්ස් (102) | අර්ජුන රණතුංග (100) | |
| වැඩිම කඩුළු |
රවි රත්නායක (4) | ටෝනි ඩොඩෙමයිඩ් (7) | |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1987-88 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 1 කට ක්‍රීඩා කළේය. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවකදී එකිනෙකා සමඟ ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි.
තරග සංචාරයේ මුල්ම තරගය බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති එක්දින තරගයක් වූ අතර එය 1987 දෙසැම්බර් 26 දින පර්ත් හීදී පැවැත්විය. මේ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 61 ක ජයක් හිමිවිය. අරවින්ද ද සිල්වා ශතකයක් හා කඩුළු 3 ක් බිද හෙලා ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත රැගෙන ආවේය.
ඉන්පසු බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක තරගාවලිය පැවති අතර මෙම කණ්ඩායම් 2 ට අමතරව නවසීලන්තයද ඊට සහභාගී විය. එහි ශූරතාවය නවසීලන්තය පරාජ කර ඕස්ට්‍රේලියාව ජය ගන්නා ලදී.
1988 ජනවාරි 23 - 25 දක්වා තස්මේනියා ප්‍රාන්ත කණ්ඩායම සමග තුන්දින තරගයක් පවත්වන ලදී. තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. ජනවාරි 31 දින දකුණු ඕස්ට්‍රේලියා පිළ සමග එක්දින තරගයක් පැවැත්වුනි. එහි ජය කඩුළු 6 කින් දකුණු ඕස්ට්‍රේලියා පිළට හිමි විය. පෙබරවාරි 6-9 දක්වා වික්ටෝරියා ප්‍රාන්ත පිල සමග සිව් දින තරගයක් පැවති අතර එයද ජය පැරදුමෙන් තොරව අවසන් විය. එහිදී ශ්‍රී ලංකා පිල පලමු ඉනිමට සියල්ලන් දැවී 157ක් ලබා ගත් අතර වික්ටෝරියා පිලට ලබා ගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 146 ක් පමණි. ශ්‍රී ලංකාව දෙවනි ඉනිම සදහා කඩුළු 6 කට ලකුණු 362 ක් ලබා ඉනිම අත්හිටුවා වික්ටෝරියා පිලට ලකුණු 374 ක ඉලක්කයක් ලබා දුන්නේය. නමුත් තරගය අවසන් විට වික්ටෝරියා පිල රැස් කලේ කඩුළු 5 ක් දැවී ලකුණු 297ක් පමණි.
එකම ටෙස්ට් තරගය
[සංස්කරණය]එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- තරගය දින පහකට සැලසුම් කර තිබුණද එය හතරකින් අවසන් විය.
චම්පක රාමනායක ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.