ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2022

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2022
බංගලිදේශය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2022 මැයි 15 – 2022 මැයි 27
නායකයන් දිමුත් කරුණාරත්න මොමිනුල් හක්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මුෂ්ෆිකර් රහීම් (303) ඇන්ජලෝ මැතිව්ස් (344)
වැඩිම කඩුළු ෂකීබ් අල් හසන් (9) අසිත ප්‍රනාන්දු (13)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 මැයි මාසයේදී බංග්ලාදේශයේ සංචාරයක නිරත විය.[1][2]ටෙස්ට් තරඟ දෙකකට ක්‍රීඩා කිරීමටය.[3][4] මෙම ටෙස්ට් තරගමාලාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[5][6] සංචාරය සඳහා තහවුරු කිරීම් 2022 මාර්තු මාසයේදී තහවුරු විය.[7][8] 2020 ජුනි මාසයේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් මධ්‍යස්ථ තරඟ නිලධාරීන් භාවිතා කිරීමේ නීති ලිහිල් කළේය.[9] 2022 අප්‍රේල් මාසයේදී, ICC විසින් මධ්‍යස්ථ විනිසුරුවන් ටෙස්ට් තරඟ ක්‍රිකට් වෙත නැවත පැමිණෙන බව තහවුරු කරන ලදී.[10] එංගලන්තයේ රිචඩ් කෙට්ල්බරෝ සහ බටහිර ඉන්දීය කොදෙව්හි ජොයෙල් විල්සන් පිළිවෙලින් පළමු සහ දෙවන ටෙස්ට් තරඟ සඳහා ඉදිරිපත් විය.[11]

ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල හත්වැනි කඩුල්ලට නොදැවී ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගීමත් සමඟ පළමු ටෙස්ට් තරගය පස්වැනි දිනට ප්‍රමාද වී ජය පරාජයෙන් තොරව අවසන් විය.[12] පළමු ඉනිමේදී ලකුණු 199ක් රැස්කළ කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.[13] දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ බංග්ලාදේශය තරගයේ පළමු පැයේදීම ලකුණු 5/24 කට සීමා විය.[14] ඉන් අනතුරුව මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ලකුණු 272ක සබඳතාවයක් ගොඩනැගූ අතර එය ටෙස්ට් තරගයක කණ්ඩායමක පළමු කඩුලු 5 ලකුණු 25කට අඩුවෙන් දැවී යාමෙන් පසු හයවැනි හෝ ඊට පහළ කඩුල්ල සඳහා වූ ඉහළම සබඳතාව විය.[15] බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා ලකුණු 365කට දැවී ගිය අතර මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 175ක් ලබා සිටියේය.[16] පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 506ක් රැස් කළ අතර, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 145ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.[17] බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිමේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 169ක් පමණි. ශ්‍රී ලංකාව කඩුලු 10ක ජයක් අත්කර ගනිමින් තරග දෙකකින් සමන්විත තරගමාලාව 1-0ක් ලෙස ජයගැනීමට සමත්විය.[18]

සංචාරය අවසන් වීමෙන් පසු මොමිනුල් හක් බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්විය.[19]

තරගමාලාවේ ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)

සංචිත[සංස්කරණය]

ටෙස්ට්
 බංග්ලාදේශය  ශ්‍රී ලංකාව

මෙම තරගාවලියට පෙර ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මෙහීඩි හසන් පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් විය.[20] ඔහු වෙනුවට නයීම් හසන් නම් කර ඇත.[21] 2022 අප්‍රේල් 29 වන දින, පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයට මොසැඩෙක් හොසේන් ද එක් කරන ලදී.[22] ෂකීබ් අල් හසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයෙන් මුලින් ඉවත් කරන ලදී.[23] කෙසේ වෙතත්, පසුව ඔහු සෘණාත්මක පරීක්ෂණයක් ලබා දුන් අතර, ඔහුට තරඟයට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දුන්නේය.[24] බංග්ලාදේශයේ ෂොරිෆුල් ඉස්ලාම් සහ නයීම් හසන් පිළිවෙලින් අත කැඩීමකට සහ ඇඟිල්ලක් කැඩී යාම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරිණි.[25][26]

පුහුණු තරගය[සංස්කරණය]

2022 මැයි 10-11
ලකුණු පුවරුව
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තරගයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ ඕවර 18.2ක් පමණි.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2022 මැයි 15-19
ලකුණු පුවරුව
397 (ඕවර 153 )
ඇන්ජලෝ මැතිව්ස් 199 (397)
නයීම් හසන් 6/105 (ඕවර 30)
465 (ඕවර 170.1)
තමීම් ඉක්බාල් 133 (218)
කසුන් රාජිත 4/60 (ඕවර 24.1)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සොහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගනය, චිතගොං
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස්
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ[සටහන් 1] සහ බංගලාදේශය ෂර්ෆුද්දුල
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව සඳහා කම්පන ආදේශකයක් ලෙස ශ්‍රී ලංකාව විශ්ව ප්‍රනාන්දු වෙනුවට ශ්‍රී ලංකාව කසුන් රාජිත ඇතුළත් විය.[28]
  • බංගලාදේශය තමීම් ඉක්බාල් ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.[29]
  • බංගලාදේශය මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000ක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්විය.[30]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: බංග්ලාදේශය 4, ශ්‍රී ලංකාව 4.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2022 මැයි 23-27
ලකුණු පුවරුව
365 (ඕවර 116.2)
මුෂ්ෆිකර් රහීම් 175* (355)
කසුන් රාජිත 5/64 (ඕවර 28.2)
506 (ඕවර 165.1)
ඇන්ජලෝ මැතිව්ස් 145* (342)
ශකීබ් අල් හසන් 5/96 (ඕවර 40.1)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
ෂෙර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අසිත ප්‍රනාන්දු
විනිසුරුවන්: බංගලාදේශය ෂර්ෆුද්දුල සහ බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තරගයේ 3 වැනි දිනයේ ඕවර 39ක් අහිමි විය.
  • ශ්‍රී ලංකාව කසුන් රාජිත ටෙස්ට් තරගයක ඔහුගේ පළමු කඩුලු 5 දවා ගැනීම.[31]
  • බංගලාදේශය ලිටන් දාස් ඔහුගේ ටෙස්ට් ලකුණු 2,000 ලබා ගත්තේය.[32]
  • ශ්‍රී ලංකාව අසිත ප්‍රනාන්දු ටෙස්ට් තරගයක ඔහුගේ පළමු කඩුලු 5 දවා ගැනීම.[33]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බංග්ලාදේශය 0.

සටහන්[සංස්කරණය]

  1. බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන් තරගයේ සිව්වන දිනයේදී එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ වෙනුවට ආදේශ කරන ලදී, අධික උණුසුම හේතුවෙන් කෙට්ල්බරෝට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.[27]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Bangladesh's compact schedule as India, Pakistan arrive in 2021-22". The Independent. සම්ප්‍රවේශය 26 May 2021.
  2. "BCB prepares a compact two-year schedule 2021-2022". CricFrenzy. සම්ප්‍රවේශය 26 May 2021.
  3. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  4. "The SLC announces Sri Lanka's Cricketing Calendar for the year 2022". The Papare. සම්ප්‍රවේශය 5 January 2022.
  5. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  6. "Tigers' upcoming WTC schedule". The Daily Star. සම්ප්‍රවේශය 12 November 2021.
  7. "Bangladesh to host Sri Lanka for two Tests in May". CricBuzz. සම්ප්‍රවේශය 31 March 2022.
  8. "Sri Lanka to tour Bangladesh for Tests". BD Crictime. සම්ප්‍රවේශය 31 March 2022.
  9. "Interim regulation changes approved". International Cricket Council. සම්ප්‍රවේශය 9 June 2020.
  10. "Neutral umpires to return in Test cricket as countries ease travel restrictions". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 May 2022.
  11. "Neutral match officials return for Bangladesh-Sri Lanka Tests". Daily Mirror. සම්ප්‍රවේශය 14 May 2022.
  12. "Niroshan Dickwella, Dinesh Chandimal dig deep to help Sri Lanka draw opening Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 May 2022.
  13. "Sri Lanka hold nerve as first Test ends in a draw". Dhaka Tribune. සම්ප්‍රවේශය 19 May 2022.
  14. "Rajitha and Fernando win first 50 minutes, Litton and Mushfiqur rule rest of the day". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 May 2022.
  15. "All the records Mushfiqur and Litton broke during their 272-run stand". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 May 2022.
  16. "Sri Lanka 143/2 at stumps, Bangladesh 365". Dhaka Tribune. සම්ප්‍රවේශය 27 May 2022.
  17. "Sri Lanka 506 all out against Bangladesh in second Test". Daily Sun. සම්ප්‍රවේශය 27 May 2022.
  18. "Asitha, Mathews, Chandimal star in Sri Lanka's series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 May 2022.
  19. "Mominul Haque steps down as Bangladesh Test captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 May 2022.
  20. "Mehidy ruled out of opening Test against Sri Lanka due to finger injury". CricBuzz. සම්ප්‍රවේශය 25 April 2022.
  21. "Bangladesh spinner ruled out of first Test against Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 26 April 2022.
  22. Azam, Atif. "Mosaddek included in Bangladesh squad for first Test against SL". CricBuzz. සම්ප්‍රවේශය 29 April 2022.
  23. "Shakib Al Hasan out of first Sri Lanka Test after testing positive for Covid". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 May 2022.
  24. "Shakib Al Hasan tests negative for Covid-19, in contention to play first Test versus Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 May 2022.
  25. "Shoriful ruled out of Test series, likely to miss first West Indies Test as well". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 May 2022.
  26. "Nayeem ruled out of second Test against SL, doubtful for WI series". CricBuzz. සම්ප්‍රවේශය 20 May 2022.
  27. "BAN vs SL: Heat causes havoc as umpire Richard Kettleborough forced to leave field during 1st Test". Hindustan Times. සම්ප්‍රවේශය 18 May 2022.
  28. "Kasun Rajitha to replace Vishwa Fernando as concussion sub". The Papare. සම්ප්‍රවේශය 17 May 2022.
  29. "Tamim century as Bangladesh 163/1". Dhaka Tribune. සම්ප්‍රවේශය 17 May 2022.
  30. "Mushfiqur Rahim becomes first Bangladesh batter to reach 5000 Test runs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 May 2022.
  31. "Mushfiqur 175* takes Bangladesh to 365". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 May 2022.
  32. "Liton crosses 2000-run mark". Rising BD. සම්ප්‍රවේශය 27 May 2022.
  33. "High quality pace bowling guides Sri Lanka to series victory". The Papare. සම්ප්‍රවේශය 27 May 2022.

බාහිර සබැඳි[සංස්කරණය]