Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 1997-98

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 1998
 
  දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව
දිනයs 1998 මාර්තු 7 – 1998 මාර්තු 30
නායකයන් හැන්සි ක්‍රොන්ජේ අර්ජුන රණතුංග
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය දකුණු අප්‍රිකාව won the 2-match series 2–0
වැඩිම ලකුණු ඩැරිල් කුලිනන් (284) අරවින්ද ද සිල්වා] (156)
වැඩිම කඩුළු ඇලන් ඩොනල්ඩ් (14) මුත්තයියා මුරලිදරන් (16)
තරග මාලාවෙහි ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ඩැරල් කලිනන්

1997 මාර්තු 19 සිට 30 දක්වා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1997-98 තරග වාරය තුළ දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය. මෙම තරගාවලියට පෙර 1994-95 කාලසීමාවේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති අතර මැන්ඩෙලා කුසලාන එක්දින තරඟ පමණක් ක්‍රීඩා කළේය. ඒ නිසා මෙය දකුණු අප්‍රිකාවේදී කණ්ඩායම් දෙක අතර පැවති පළමු ටෙස්ට් තරගමාලාව විය.[1]

ශ්‍රී ලංකාව නායකත්වය දුන්නේ අර්ජුන රණතුංග වන අතර දකුණු අප්‍රිකාව මෙහෙයවනු ලැබුවේ හැන්සි ක්‍රොන්ජේ විසිනි. සංචාරය ආරම්භ වූයේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකිනි. දකුණු අප්‍රිකාව තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරග දෙකම ජයග්‍රහණය කළේය. තරගමාලාව අවසානයේ දකුණු අප්‍රිකාවේ ඩැරිල් කුලිනන් සාමාන්‍ය 71.00 ක් සමග[2] ලකුණු 284 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මුත්තයියා මුරලිදරන් සහ ඇලන් ඩොනල්ඩ් පිළිවෙලින් කඩුලු 16 ක් සහ 14 ක් දවා ගනිමින්[3] වැඩිම කඩුලු ලාභීන් ලෙස තරගමාලාව අවසන් කළහ. කුලිනන් "තරගමාලාවේ වීරයා " ලෙස නම් කරන ලදී.[4]

ටෙස්ට් තරඟාවලියෙන් පසුව තුන්කොන් එක්දින තරඟාවලිය පැවැත්වු අතර එයට තුන්වන කණ්ඩායම ලෙස පකිස්ථානයද ඇතුළත් විය.[5]

සංචිත

[සංස්කරණය]
ටෙස්ට්
 දකුණු අප්‍රිකාව[6]  ශ්‍රී ලංකාව [7]
  • හැන්සි ක්‍රොන්ජේ (නා)
  • ගැරී කර්ස්ටන්
  • ඇඩම් බැචර් (2 වන ටෙස්ට් තරඟය සඳහා ජෙර්හාර්ඩස් ලිබන්බර්ග් වෙනුවට)
  • ජැක් කාලිස්
  • හිල්ටන් ආකර්මන්
  • ඩැරල් කලිනන්
  • පෝල් ඇඩම්ස්
  • ෂෝන් පොලොක්
  • මාර්ක් බවුචර් (කරැ)
  • ලාන්ස් ක්ලූසර්
  • මඛාය න්ටිනි
  • ඇලන් ඩොනල්ඩ්

පුහුණු තරඟ

[සංස්කරණය]

තුන්දින: ගෝතෙන්ග් ශ්‍රී ලංකාව

[සංස්කරණය]
1998 මාර්තු 7-9
ලකුණු පුවරුව
296/7 d (ඕවර 74.2)
නීල් මැකෙන්සි 135 (201)
උපුල් චන්දන 4/80 (ඕවර 23.2)
243/8 d (ඕවර 71.2)
හෂාන් තිලකරත්න 66* (158)
රිචඩ් ස්නෙල් 3/42 (ඕවර 16.2)
  • කාසියේ වාසිය දිනාගත් ගෝතෙන්ග් පිල පන්දුවට පහරදීම තෝරාගත්තේය.

ඕවර 50: වයඹ ශ්‍රී ලංකාව

[සංස්කරණය]
1998 මාර්තු 11
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
295/8 (ඕවර 50)
දකුණු අප්‍රිකාව වයඹ
202 (ඕවර 47.2)
ශ්‍රී ලංකාව ලකුණු 93 කින් ජයග්‍රහණය කළේය
ගර්ට් වෑන් රෙන්ස්බර්ග් ක්‍රීඩාංගණය, ෆොක්විල්
තරගයේ වීරයා:
විනිසුරුවන්: එච් බෙකර් සහ බැරී ලැම්බසන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.

තුන්දින: බොලන්තය ශ්‍රී ලංකාව

[සංස්කරණය]
1998 මාර්තු 14-16
ලකුණු පුවරුව
  • තරගයේ කාසියේ වාසිය දිනා ගත් බොලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

ටෙස්ට් තරඟ

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1998 මාර්තු 19-23
ලකුණු පුවරුව
306 (ඕවර 95.3)
මාවන් අතපත්තු 71 (200)
ඇලන් ඩොනල්ඩ් 3/64 (ඕවර 20)
දකුණු අප්‍රිකාවට ලකුණු 70 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් පිටිය, කේප්ටවුන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩූන් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕර්චඩ්
  • කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව මකායා නිට්නි ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් තරග දිවිය ආරම්භ කළේය.

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
1998 මාර්තු 27-30
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාවට කඩුලු 6 ක ජයක්
සෙන්චූරියන් උද්‍යානය, සෙන්චූරියන්, ගෝටෙන්ග්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ඇලන් ඩොනල්ඩ්
විනිසුරුවන්: පකිස්ථානය ජාවෙඩ් අක්තාර් සහ දකුණු අප්‍රිකාව රූඩි කොර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
  • දකුණු අප්‍රිකාව ගෙර්හාර්ඩස් ලිබන්බර්ග් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "South Africa v Sri Lanka / Records / Test Matches / Series Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  2. ^ "Records / Sri Lanka in South Africa Test Series, 1997/98 / Most runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  3. ^ "Records / Sri Lanka in South Africa Test Series, 1997/98 / Most wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  4. ^ "Sri Lanka in South Africa 1997/98". සම්ප්‍රවේශය 21 February 2021.
  5. ^ "Standard Bank International One-Day Series, 1997-98". Wisden. Reprinted by ESPNcricinfo. 1999. සම්ප්‍රවේශය 21 February 2021.
  6. ^ "South African Test Squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  7. ^ Rajabdeen, Hatem (23 February 1998). "Sri Lanka in South Africa, Mar-Apr 1998: Sri Lankan Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග