ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 1997-98

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය 1998
දකුණු අප්‍රිකාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 1998 මාර්තු 7 – 1998 මාර්තු 30
නායකයන් හැන්සි ක්‍රොන්ජේ අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩැරිල් කුලිනන් (284) අරවින්ද ද සිල්වා] (156)
වැඩිම කඩුළු ඇලන් ඩොනල්ඩ් (14) මුත්තයියා මුරලිදරන් (16)
තරගමාලාවේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව ඩැරල් කලිනන්

1997 මාර්තු 19 සිට 30 දක්වා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1997-98 තරග වාරය තුළ දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය. මෙම තරගාවලියට පෙර 1994-95 කාලසීමාවේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති අතර මැන්ඩෙලා කුසලාන එක්දින තරඟ පමණක් ක්‍රීඩා කළේය. ඒ නිසා මෙය දකුණු අප්‍රිකාවේදී කණ්ඩායම් දෙක අතර පැවති පළමු ටෙස්ට් තරගමාලාව විය.[1]

ශ්‍රී ලංකාව නායකත්වය දුන්නේ අර්ජුන රණතුංග වන අතර දකුණු අප්‍රිකාව මෙහෙයවනු ලැබුවේ හැන්සි ක්‍රොන්ජේ විසිනි. සංචාරය ආරම්භ වූයේ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකිනි. දකුණු අප්‍රිකාව තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරග දෙකම ජයග්‍රහණය කළේය. තරගමාලාව අවසානයේ දකුණු අප්‍රිකාවේ ඩැරිල් කුලිනන් සාමාන්‍ය 71.00 ක් සමග[2] ලකුණු 284 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මුත්තයියා මුරලිදරන් සහ ඇලන් ඩොනල්ඩ් පිළිවෙලින් කඩුලු 16 ක් සහ 14 ක් දවා ගනිමින්[3] වැඩිම කඩුලු ලාභීන් ලෙස තරගමාලාව අවසන් කළහ. කුලිනන් "තරගමාලාවේ වීරයා " ලෙස නම් කරන ලදී.[4]

ටෙස්ට් තරඟාවලියෙන් පසුව තුන්කොන් එක්දින තරඟාවලිය පැවැත්වු අතර එයට තුන්වන කණ්ඩායම ලෙස පකිස්ථානයද ඇතුළත් විය.[5]

සංචිත[සංස්කරණය]

ටෙස්ට්
 දකුණු අප්‍රිකාව[6]  ශ්‍රී ලංකාව [7]
  • හැන්සි ක්‍රොන්ජේ (නා)
  • ගැරී කර්ස්ටන්
  • ඇඩම් බැචර් (2 වන ටෙස්ට් තරඟය සඳහා ජෙර්හාර්ඩස් ලිබන්බර්ග් වෙනුවට)
  • ජැක් කාලිස්
  • හිල්ටන් ආකර්මන්
  • ඩැරල් කලිනන්
  • පෝල් ඇඩම්ස්
  • ෂෝන් පොලොක්
  • මාර්ක් බවුචර් (කරැ)
  • ලාන්ස් ක්ලූසර්
  • මඛාය න්ටිනි
  • ඇලන් ඩොනල්ඩ්

පුහුණු තරඟ[සංස්කරණය]

තුන්දින: ගෝතෙන්ග් ශ්‍රී ලංකාව[සංස්කරණය]

1998 මාර්තු 7-9
ලකුණු පුවරුව
296/7 d (ඕවර 74.2)
නීල් මැකෙන්සි 135 (201)
උපුල් චන්දන 4/80 (ඕවර 23.2)
243/8 d (ඕවර 71.2)
හෂාන් තිලකරත්න 66* (158)
රිචඩ් ස්නෙල් 3/42 (ඕවර 16.2)
  • කාසියේ වාසිය දිනාගත් ගෝතෙන්ග් පිල පන්දුවට පහරදීම තෝරාගත්තේය.

ඕවර 50: වයඹ ශ්‍රී ලංකාව[සංස්කරණය]

1998 මාර්තු 11
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
295/8 (ඕවර 50)
දකුණු අප්‍රිකාව වයඹ
202 (ඕවර 47.2)
ශ්‍රී ලංකාව ලකුණු 93 කින් ජයග්‍රහණය කළේය
ගර්ට් වෑන් රෙන්ස්බර්ග් ක්‍රීඩාංගණය, ෆොක්විල්
තරගයේ වීරයා:
විනිසුරුවන්: එච් බෙකර් සහ බැරී ලැම්බසන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.

තුන්දින: බොලන්තය ශ්‍රී ලංකාව[සංස්කරණය]

1998 මාර්තු 14-16
ලකුණු පුවරුව
  • තරගයේ කාසියේ වාසිය දිනා ගත් බොලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

ටෙස්ට් තරඟ[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 මාර්තු 19-23
ලකුණු පුවරුව
306 (ඕවර 95.3)
මාවන් අතපත්තු 71 (200)
ඇලන් ඩොනල්ඩ් 3/64 (ඕවර 20)
දකුණු අප්‍රිකාවට ලකුණු 70 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් පිටිය, කේප්ටවුන්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ෂෝන් පොලොක්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩූන් සහ දකුණු අප්‍රිකාව ඩේව් ඕර්චඩ්
  • කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව මකායා නිට්නි ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් තරග දිවිය ආරම්භ කළේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1998 මාර්තු 27-30
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාවට කඩුලු 6 ක ජයක්
සෙන්චූරියන් උද්‍යානය, සෙන්චූරියන්, ගෝටෙන්ග්
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ඇලන් ඩොනල්ඩ්
විනිසුරුවන්: පකිස්ථානය ජාවෙඩ් අක්තාර් සහ දකුණු අප්‍රිකාව රූඩි කොර්ට්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
  • දකුණු අප්‍රිකාව ගෙර්හාර්ඩස් ලිබන්බර්ග් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "South Africa v Sri Lanka / Records / Test Matches / Series Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  2. "Records / Sri Lanka in South Africa Test Series, 1997/98 / Most runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  3. "Records / Sri Lanka in South Africa Test Series, 1997/98 / Most wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  4. "Sri Lanka in South Africa 1997/98". සම්ප්‍රවේශය 21 February 2021.
  5. "Standard Bank International One-Day Series, 1997-98". Wisden. Reprinted by ESPNcricinfo. 1999. සම්ප්‍රවේශය 21 February 2021.
  6. "South African Test Squads". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
  7. Rajabdeen, Hatem (23 February 1998). "Sri Lanka in South Africa, Mar-Apr 1998: Sri Lankan Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 21 February 2021.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග