ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2017

විකිපීඩියා වෙතින්
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2017
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 2017 ජූලි 21 – 2017 සැප්තැම්බර් 6
නායකයන් දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්)[n 1]
උපුල් තරංග (එදිජා සහ වි20)[n 2]
විරාත් කෝලි
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු දිමුත් කරුණාරත්න (285) ශිකර් ධවාන් (358)
වැඩිම කඩුළු නුවන් ප්‍රදීප් (6) රවිචන්ද්‍රන් අශ්වින් (17)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව ශිකර් ධවාන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇන්ජලෝ මැතිව්ස් (192) විරාත් කෝලි (330)
වැඩිම කඩුළු අකිල ධනංජය (9) ජස්ප්‍රිට් බුම්රා (15)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව ජස්ප්‍රිට් බුම්රා
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු දිල්ශාන් මුණවීර (53) විරාත් කෝලි (82)
වැඩිම කඩුළු ඉසුරු උදාන (1)
ලසිත් මාලිංග (1)
සීක්කුගේ ප්‍රසන්න (1)
යුසෙන්ඩ්‍රා චාහල් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව විරාත් කෝලි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2017 ජූලි සිට සැප්තැම්බර් තෙක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත විය. එයට ටෙස්ට් තරග 3 ක් එදිජා තරග 5ක් හා වි20 තරගයක් ඇතුලත් විය.[1][2][3] ටෙස්ට් තරගාවලියට පෙර පුහුණු දෙදින තරගයක්ද කොළඹ දී පැවැත්වුනි.[4][5][6]

දිනේෂ් චන්දිමාල් නව ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස නම් කරනු ලැබීය.[7] නමුත් පලමු ටෙස්ට් තරගයට පෙර චන්දිමාල් හට උණ රෝගයක් වැලදීම නිසා එම තරගය මග හැරිනි.[8] රංගන හේරත් පලමු තරගය සදහා නායකයා ලෙස පසුව නම් කරනු ලැබීය.[9] චන්දිමාල් දෙවන ටෙස්ට් තරගයේ සිට නැවත නායකත්වයට පත්විය.[10] ඉන්දියාව ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගත් අතර එය තම මව්බිමෙන් පිටත ඉන්දියාව ලබා ගත් ප්‍රථම පූර්ණ තරගාවලි ජය වේ.[11] ඊට අමතරව තම මව්බිමෙන් පිටත මීට පෙර ඉන්දියාව විසින් ටෙස්ට් තරගාවලියක තරග 3 ක් ජයගත්තේ 1967-68 තරගවාරයේ නවසීලන්තයට එරෙහිව 3-1 ක් ලෙසිනි.[12]

පල්ලෙකැලේ දී පැවති දෙවන එදිජා තරගය ශ්‍රී ලංකාව සහභාගී වූ 800 වන එදිජා තරගයයි.[13] ඉන්දියාව මුල් තරග 3 ජය ලබා තරගාවලිය තරග 2 ක් ඉතිරිව තිබියදී ජයගනු ලැබීය. එය ඉන්දියාව විසින් පිටපිටම එදිජා තරග 8 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ජය ලැබීමකි.[14] මෙම පරාජයත් කලින් නවසීලන්ත හා බගලිදේශ තරගාවලි පරාජයන් නිසාත් ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඉල්ලා අස්විය.[15] ඉන්දියාව එදිජා තරගාවලිය 5-0 ක් ලෙස පරාජයට පත් වූ අතර ශ්‍රී ලංකාව තම මව්බිමේදී පූර්ණ තරගාවලි පරාජයකට ලක්වූ ප්‍රථම අවස්ථාවද එය විය.[16] පැවති එකම වි20 තරගයද ඉන්දියාව කඩුළු 7 කින් ජය ලැබීය.[17] මෙම තරග සංචාරයේ සියළු තරග ශ්‍රී ලංකාව පරාජයට පත් විය.[18]

නම් කරන ලද සංචිතය[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20
 ශ්‍රී ලංකාව[19][10]  ඉන්දියාව[20]  ශ්‍රී ලංකාව[21]  ඉන්දියාව[22]  ශ්‍රී ලංකාව[23]  ඉන්දියාව[22]
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • රංගන හේරත්
  • උපුල් තරංග
  • දිමුත් කරුණාරත්න
  • කුසල් මෙන්ඩිස්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • අසේල ගුණරත්න
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ධනංජය ද සිල්වා
  • ධනුෂ්ක ගුණතිලක
  • දිල්රුවන් පෙරේරා
  • සුරංග ලක්මාල්
  • ලහිරු කුමාර
  • විශ්ව ප්‍රනාන්දු
  • මලින්ද පුෂ්පකුමාර
  • නුවන් ප්‍රදීප්
  • ලක්ෂාන් සදකැන්
  • ලහිරි තිරිමාන්න
  • දුෂ්මන්ත චමීර
  • ලහිරු ගමගේ
  • විරාත් කෝලි (නා)
  • රවිචන්ද්‍රන් අශ්වින්
  • ශිකර් ධවාන්
  • රවීන්ද්‍ර ජඩේජා
  • බුවනේෂ්වර් කුමාර්
  • අබිනව් මුකුන්ඩ්
  • හර්දික් පාන්ඩයා
  • අක්සාර් පටෙල්
  • චේටේෂ්වර් පුජාරා
  • අජිනෙක්‍යා රහනේ
  • කේ.එල්. රාහුල්
  • විර්දිමන් සහා (කරැ)
  • මොහොමඩ් ශාමි
  • ඉෂාන්ත් ෂර්මා
  • රෝහිත් ෂර්මා
  • මුරලි විජේ
  • කුල්දීප් යාදෙව්
  • උමේෂ් යාදෙව්
  • උපුල් තරංග (නා)
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල්
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • විශ්ව ප්‍රනාන්දු
  • ධනුෂ්ක ගුණතිලක
  • වනිදු හසරංග
  • චාමර කපුගෙදර
  • ලසිත් මාලිංග
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්ෂාන් මුනවීර
  • තිසර පෙරේරා
  • මලින්ද පුෂ්පකුමාර
  • ලක්ෂාන් සදකැන්
  • මිලින්ද සිරිවර්ධන
  • ලහිරි තිරිමාන්න
  • විරාත් කෝලි (නා)
  • රෝහිත් ෂර්මා
  • ජස්ප්‍රිට් බුම්රා
  • යුසෙන්ද්‍ර චහල්
  • ශිකර් ධවාන්
  • එම්.එස්. දෝනි (කරැ)
  • කේදර් ජාදව්
  • බුවනේෂ්වර් කුමාර්
  • මහීෂ් පාන්ඩියා
  • හර්දික් පාන්ඩයා
  • අක්සාර් පටෙල්
  • අජිනෙක්‍යා රහනේ
  • කේ.එල්. රාහුල්
  • ෂාදුල් තාකූර්
  • කුල්දීප් යාදෙව්
  • උපුල් තරංග (නා)
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • වනිදු හසරංග
  • සුරංග ලක්මාල්
  • ලසිත් මාලිංග
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිල්ෂාන් මුනවීර
  • තිසර පෙරේරා
  • සීක්කුගේ ප්‍රසන්න
  • විකුම් සංජය
  • දසුන් ශානක
  • මිලින්ද සිරිවර්ධන
  • ඉසුරු උදාන
  • ජෙෆ්රි වැන්ඩසේ
  • විරාත් කෝලි (නා)
  • රෝහිත් ෂර්මා
  • ජස්ප්‍රිට් බුම්රා
  • යුසෙන්ද්‍ර චහල්
  • ශිකර් ධවාන්
  • එම්.එස්. දෝනි (කරැ)
  • කේදර් ජාදව්
  • බුවනේෂ්වර් කුමාර්
  • මහීෂ් පාන්ඩියා
  • හර්දික් පාන්ඩයා
  • අක්සාර් පටෙල්
  • අජිනෙක්‍යා රහනේ
  • කේ.එල්. රාහුල්
  • ෂාදුල් තාකූර්
  • කුල්දීප් යාදෙව්

මුරලි විජේ කණ්ඩායමට නම් කිරීමෙන් අනතුරුව ඇතිවූ ආබාධයක් නිසා ඉවත් වූ අතර ඒ වෙනුවට ශිකර් ධවාන නම් විය.[24] අසේල ගුණරත්න පලමු ටෙස්ට් තරගයේ පලමු දිනයේ ඇගිල්ලේ ඇතිවූ ආබාධයක් නිසා ඉතිරි තරග සියල්ල අහිමි විය.[25] ලහිරු තිරිමාන්න හා ලක්ෂාන් සදකන් දෙවන තරගයේ සිට සචිතයට එක් විය.[10] රවීන්ද්‍ර ජඩේජා හට තුන්වන ටෙස්ට් තරගය තහනම් කල අතර ඊට හේතු වූයේ දෙවන ටෙස්ට් තරගයේ බයානක ලෙස පන්දු යැවීමේ චෝදනාවට වරදකරු වූ නිසාය.[26] අක්සාර් පටෙල් එම පුරප්පාඩුවට නම් විය.[27] පල්ලෙකැලේ දී පැවති තෙවන ටෙස්ට් තරගයේදී රංගන හේරත් විවේක ගන්වනු ලැබූ අතර එම තරගයට දුෂ්මන්ත චමීර හා ලහිරු ගමගේ ඇතුලති වී ධ්නුෂ්ක ගුණතිලක ඉවත් කෙරිණි.[28][29]

එදිජා තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්න 3 වන එදිජා තරගයට නම්විය.[30]ඒ ධනුෂ්ක ගුණතිලකගේ හා උපුල් තරංගගේ පුරප්පාඩු සදහායි.[30] තරංග හට 3 හා 4 වන එදිජා තර අහිමි වූයේ 2 වන තරගයේදී නියමිත කාලය තුල පන්දු නොයැවීම නිසායි. චාමර කපුගෙදර 3 වන තරගය මෙහෙයවීය.[30] ලසිත් මාලිංග විසින් 4 වන තරගය මෙහෙය වීය.[31] 3 වන තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ දකුණු මහපට ඇගිල්ලේ සිදුවූ ආබාධයක් නිසා ඉතිරි තරග මගහැරිනි.[32] දිල්ෂාන් මුනවීර 4 වන තරගයේ සිට කණ්ඩායමට එකතු විය.

පුහුණු තරග[සංස්කරණය]

2017 ජූලි 21–22
ලකුණුපත
  • ශ්‍රී ලංකා සභාපති පිළ කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහරදීම තෝරා ගත්තා.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2017 ජූලි 26–30[n 3]
ලකුණුපත
600 (ඕවර 133.1)
ශිකර් ධවාන් 190 (168)
නුවන් ප්‍රදීප් 6/132 (ඕවර 31)
240/3 d (ඕවර 53)
විරාත් කෝලි 103* (136)
ධනුෂ්ක ගුණතිලක 1/16 (ඕවර 5)

2 වන තරගය[සංස්කරණය]

2017 අගෝස්තු 3–7[n 3]
ලකුණුපත
622/9 d (ඕවර 158)
චෙටෙෂ්වර් පුජාරා 133 (232)
රංගන හේරත් 4/154 (ඕවර 41)
ඉන්දියාවට ඉනිමක හා ලකුණු 53 ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව රවීන්ද්‍ර ජඩේජා
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සෙන්ෆෝඩ් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ඉන්දියාව කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහරදීම තෝරා ගත්තා.
  • ශ්‍රී ලංකාව මලින්ද පුෂ්පකුමාර ගේ ටෙස්ට් මංගලාවතරණය.
  • ඉන්දියාව චෙටෙෂ්වර් පුජාරා ගේ 50 වන ටෙස්ට් තරගය.[36]
  • ඉන්දියාව රවීන්ද්‍ර ජඩේජා කඩුළු 150 ලබාගත් වේගවත්ම වමත් පන්දු යවන්නා බවට පත් විය. (තරග 32)[37]
  • මෙය ඉන්දියාව විසින් ශ්‍රී ලංකා පිළ ඉනිමකින් ශ්‍රී ලංකාව තුල පරාජ කල ප්‍රථම අවස්ථාවයි.[38]

3 වන තරගය[සංස්කරණය]

2017 අගෝස්තු 12–16[n 3]
ලකුණුපත
487 (ඕවර 122.3)
ශිකර් ධවාන් 119 (123)
ලක්ෂාන් සදකැන් 5/132 (ඕවර 35.3)
ඉන්දියාවට ඉනිමක හා ලකුණු 171 ක ජයක්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ
තරගයේ වීරයා: ඉන්දියාව හර්දික් පාන්ඩියා
විනිසුරුවන්: එංගලන්තය රිචඩ් ඉලින්වෝත් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ඉන්දියාව කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහරදීම තෝරා ගත්තා.
  • ඉන්දියාව හර්දික් පාන්ඩියා ටෙස්ට් තරගයක එක් පන්දුවාරයක් තුල වැඩිම ලකුණු වාර්ථා කල ඉන්දියානුවා බවට පත් විය. (26)[39]
  • ශ්‍රී ලංකාව ලක්ෂාන් සදකැන් ඉනිමක කඩුළු 5 ක් වාර්ථා කල ප්‍රථම අවස්ථාව.[40]

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

20 අගෝස්තු 2017
14:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත

2 වන තරගය[සංස්කරණය]

24 අගෝස්තු 2017
14:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
  • ඉන්දියාව කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීම තෝරා ගත්තා.
  • ඉන්දිය ඉනිම අතරතුර වර්ෂාව පතිත වීම නිසා ඉලක්කය පන්දුවාර 47 කදී ලකුණු 231 ලෙස සංශෝධනය විය.
  • මෙය ශ්‍රී ලංකාවේ 800 වන එදිජා තරගයයි.[13]
  • අකිල ධනංජය (ශ්‍රී ලංකාව) එදිජා තරගයක කඩුළු 5 ක් ලබාගත් ප්‍රථම අවස්ථාව.[42]
  • එම්.එස්.දෝනි සහ බුවනේෂ්වර් කුමාර් අතර 8 වන විකට්ටුවට ලකුණු 100 ක සම්බන්දතාව ඉන්දියාව වෙනුවෙන් එම විකට්ටුවට ඉහලම සබදතාවයි.[42]

3 වන තරගය[සංස්කරණය]

27 අගෝස්තු 2017
14:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඉන්දියාවට කඩුළු 6 ක ජයක්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ
තරගයේ වීරයා: ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)
විනිසුරුවන්: Ruchira Palliyaguruge (SL) and Joel Wilson (WI)
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහරදීම තෝරා ගත්තා.
  • චාමර කපුගෙදර ශ්‍රී ලංකාවේ 20 වන් එදිජා නායකයා බවට මෙම තරගයේදී පත් විය.[43]
  • ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව) ගේ එදිජා තරගයක ප්‍රථම කඩුළු 5 ලබා ගැනීමයි.[14]

4 වන තරගය[සංස්කරණය]

31 අගෝස්තු 2017
14:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඉන්දියාවට ලකුණු 168 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ

5 වන තරගය[සංස්කරණය]

3 සැප්තැම්බර් 2017
14:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඉන්දියාවට කඩුළු 6 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහරදීම තෝරා ගත්තා.
  • එම්.එස්.දෝනි (ඉන්දියාව) එදිජා තරගවල ස්ටම්ප් 100ක් සිදුකල ලොව පලමු ක්‍රීඩකයා විය.[48]
  • බුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව) එදිජා තරගයක කඩුළු 5ක් දවා ගත් පලමු අවස්ථාව.[16]
  • විරාත් කෝලි (ඉන්දියාව) ගේ 30 වන එදිජා ශතකය.[16]

වි20 තරගමාලාව[සංස්කරණය]

එකම වි20 තරගය[සංස්කරණය]

6 සැප්තැම්බර් 2017
19:00
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඉන්දියාවට කඩුළු 7 ක ජයක්
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ

ක්‍රීඩක දක්ෂතා[සංස්කරණය]

ටෙස්ට් පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
ඉන්දියාව ශිකර් ධවාන් 3 4` 0 358 190
ඉන්දියාව චෙටේශ්වර් පුජාරා 3 4 0 309 153
ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න 3 6 0 285 141
ඉන්දියාව අජක්‍යා රහනේ 3 4 1 229 132
ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල 3 6 0 227 67
ටෙස්ට් පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො. තරගයක හො.
ඉන්දියාව රවිචන්ද්‍රන් අශ්වින් 3 6 145.4 27 440 17 5/69 7/201
ඉන්දියාව රවීන්ද්‍ර ජඩේජා 2 4 108.2 18 374 13 5/152 7/236
ඉන්දියාව මොහොමඩ් සාමි 3 6 60.5 13 177 10 3/32 5/49
ඉන්දියාව උමේෂ් යාදෙව් 3 6 57.1 9 215 6 2/21 2/44
ශ්‍රී ලංකාව නුවන් ප්‍රදීප් 2 3 60.4 6 258 6 6/132 6/195
එදිජා පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
ඉන්දියාව විරාත් කෝලි 5 5 2 330 131
ඉන්දියාව රෝහිත් ෂර්මා 5 5 1 302 124*
ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් 5 5 1 192 70
ඉන්දියාව ශිකර් ධවාන් 4 4 1 190 132*
ශ්‍රී ලංකාව ලහිරු තිරිමාන්න 3 3 0 165 80
එදිජා පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො.
ඉන්දියාව ජස්ප්‍රිට් බුම්රා 5 5 43.2 4 169 15 5/27
ශ්‍රී ලංකාව අකිල ධනංජය 4 4 40.0 0 209 9 6/54
ඉන්දියාව අක්සාර් පටෙල් 4 4 40.0 1 154 6 3/34
ඉන්දියාව බුවනේෂ්වර් කුමාර් 4 4 34.4 2 169 5 5/42
ඉන්දියාව යුස්වේන්ද්‍ර චහාල් 4 4 40.0 1 188 5 2/43
වි20 පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
ඉන්දියාව විරාත් කෝලි 1 1 0 82 82
ශ්‍රී ලංකාව දිල්ශාන් මුනවීර 1 1 0 53 53
ඉන්දියාව මනීෂ් පාන්ඩේ 1 1 1 51 51*
ශ්‍රී ලංකාව අශාන් ප්‍රියන්ජන් 1 1 1 40 40*
ඉන්දියාව කේ.එල්.රාහුල් 1 1 0 24 24
වි20 පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො.
ඉන්දියාව යුස්වේන්ද්‍ර චහාල් 1 1 4.0 0 43 3 3/43
ඉන්දියාව කුල්දීප් යාදෙව් 1 1 4.0 0 20 2 2/20
ශ්‍රී ලංකාව සීකුගේ ප්‍රසන්න 1 1 3.0 0 25 1 1/25
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග 1 1 4.0 0 31 1 1/31
ඉන්දියාව බුවනේෂ්වර් කුමාර් 1 1 4.0 0 36 1 1/36

සටහන්[සංස්කරණය]

  1. Dinesh Chandimal was appointed captain of the Sri Lankan Test side prior to the start of the series. However, he missed the first Test due to pneumonia, with Rangana Herath captaining the side for the match.
  2. Upul Tharanga was suspended for the 3rd and 4th ODIs, due to bowling a slow over-rate in the 2nd ODI. Chamara Kapugedera captained the side for the 3rd ODI, but was ruled out of the series with a back injury, with Lasith Malinga being given the captaincy for the 4th ODI.
  3. 3.0 3.1 3.2 While five days of play were scheduled for each Test, the first and second Test reached a result within four days, while the third Test ended in three days.

සබැදි[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  2. "India to play 3 Tests, 5 ODIs and 1 T20I in Sri Lanka". Cricbuzz. සම්ප්‍රවේශය 7 July 2017.
  3. "India's next away Test in Galle on July 26". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 July 2017.
  4. "Pandya earns Test call-up, Rahul back". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 July 2017.
  5. "India team for the Test series against Sri Lanka". Wisden India. සම්ප්‍රවේශය 9 July 2017.
  6. "India tour of Sri Lanka, 2017". Cricket Buzz. සම්ප්‍රවේශය 10 July 2017.
  7. "Chandimal to lead SL in Tests, Tharanga in shorter formats". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 July 2017.
  8. "Chandimal ruled out of Galle Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 July 2017.
  9. "Herath to skipper SL against India". Cricket Australia. සම්ප්‍රවේශය 21 July 2017.
  10. 10.0 10.1 10.2 "Lahiru Thirimanne returns for SSC Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2017.
  11. "A rare clean sweep away from home". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
  12. "Ashwin, Shami lead three-day rout as India complete whitewash". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
  13. 13.0 13.1 "Onus on youngsters to lift Sri Lanka out of the pits". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 August 2017.
  14. 14.0 14.1 "India's eighth consecutive bilateral ODI series win against SL". ESPN Cricinfo. 27 August 2017. සම්ප්‍රවේශය 27 August 2017.
  15. "Sri Lanka selectors resign after defeats to India". ESPN Cricinfo. 29 August 2017. සම්ප්‍රවේශය 29 August 2017.
  16. 16.0 16.1 16.2 "Bhuvneshwar, Kohli lead India to 5-0 sweep". ESPN Cricinfo. 3 September 2017. සම්ප්‍රවේශය 3 September 2017.
  17. "Kohli, Pandey lead the way as India complete 9-0 sweep". ESPN Cricinfo. 6 September 2017. සම්ප්‍රවේශය 6 September 2017.
  18. "Kohli, Pandey lead the way as India complete 9-0 sweep". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 October 2017.
  19. "Sri Lanka announces squad for first Test against India". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 23 July 2017.
  20. "Pandya in squad for SL Tests, Rahul back". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 July 2017.
  21. "Thisara, Siriwardana return to ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 August 2017.
  22. 22.0 22.1 "Yuvraj dropped; Ashwin, Jadeja rested for Sri Lanka ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2017.
  23. "Vandersay, Shanaka in revised Sri Lanka T20 squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 September 2017.
  24. "Dhawan to replace injured Vijay for Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 July 2017.
  25. "Gunaratne out of India series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 July 2017.
  26. "Jadeja suspended for Pallekele Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2017.
  27. "Axar Patel called in as Jadeja replacement". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 August 2017.
  28. "Herath to be rested for Pallekele Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2017.
  29. "SL pick Chameera, Gamage for third India Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 August 2017.
  30. 30.0 30.1 30.2 "SL bring back Chandimal, Thirimanne as cover". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 August 2017.
  31. "Kapugedera ruled out of series; Malinga to lead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 August 2017.
  32. "Chandimal fractures thumb, ruled out of India series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 August 2017.
  33. "R Ashwin plays in his 50th Test". The Indian Express. සම්ප්‍රවේශය 29 July 2017.
  34. "Pradeep takes five, but India surpass 500". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 July 2017.
  35. "India's biggest away win, SL's biggest defeat". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 July 2017.
  36. "Rahul set for return as India aim to close out series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 August 2017.
  37. "Jadeja beats Johnson, Ashwin betters Hadlee". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 August 2017.
  38. "India's first innings win in Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 August 2017.
  39. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 3TPandya නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  40. "Pandya's maiden ton headlines 15-wicket day". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2017.
  41. "Lasith Malinga set for 200th ODI for Sri Lanka, 2 short of 300 wickets". Hindustan Times. සම්ප්‍රවේශය 20 August 2017.
  42. 42.0 42.1 "Dhoni, Bhuvneshwar trump Dananjaya's 6 for 54". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 August 2017.
  43. "Sri Lanka, new leader in tow, look to keep series alive". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 August 2017.
  44. "India could test bench strength in fourth ODI". International Cricket Council. සම්ප්‍රවේශය 31 August 2017.
  45. "Kohli and Rohit's flourishing partnership". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 August 2017.
  46. "Lasith Malinga completes 300 ODI wickets after dismissing Virat Kohli". Hindustan Times. සම්ප්‍රවේශය 31 August 2017.
  47. "Kohli, Rohit smash hundreds in crushing victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 August 2017.
  48. "India v Sri Lanka: MS Dhoni becomes first wicketkeeper to 100 ODI stumpings". Times of India. සම්ප්‍රවේශය 3 September 2017.
  49. "Virat Kohli-led India aim to outclass Sri Lanka in lone T20, end tour on a high". Hindustan Times. සම්ප්‍රවේශය 6 September 2017.

බාහිර සබැදි[සංස්කරණය]