අරවින්ද ද සිල්වා

විකිපීඩියා වෙතින්
අරවින්ද ද සිල්වා
Aravinda de Silva
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම පින්නදූවගේ අරවින්ද ද සිල්වා
උපත 17 ඔක්තෝබර් 1965 (1965-10-17) (වයස 58)
කොළඹ, ශ්‍රී ලංකාව
අපනාමය මෑඩ් මැක්ස්
පන්දුවට පහර දීමේ ශෛලිය දකුණත-හුරු
පක්දු යැවීමේ ශෛලිය දකුණතින් පිටතට දඟකැවෙන
භූමිකාව පිතිකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාව
ටෙස්ට් මංගලාවතරණය (වරම 93) 23 අගෝස්තු 1984 සඳහා එංගලන්තයට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය 23 ජූලි 2002 සඳහා බංග්ලාදේශයට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap 308) 31 මාර්තු 1984 v නවසීලන්තය
අවසාන එදිජා තරගය 18 මාර්තු 2003 v ඕස්ට්‍රේලියාව
Domestic team information
වසර කණ්ඩායම
1989–2002 නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
1995 කෙන්ට්
1996/1997 ඕක්ලන්ඩ්
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය ටෙස්ට් තරග එදිජා FC LA
තරග 93 308 220 392
රැස්කල ලකුණු ගණන 6361 9284 15000 12095
පිතිකරණයේ සාමාන්‍යය 42.97 34.90 48.38 36.32
100s/50s 20/22 11/64 43/71 17/77
වැඩිම ලකුණු ගණන 267 145 267 158*
පන්දු යැවීම් 2595 5148 9005 7377
කඩුලු 29 106 129 156
පන්දු වැවීමේ සාමාන්‍යය 41.65 39.40 29.17 36.30
ඉනිමකදී කඩුලු 5 0 0 8 0
තරගයකදී කඩුලු 10 0 n/a 1 n/a
හොඳම පන්දු යැවීම 3/30 4/30 7/24 4/28
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 43/– 95/– 108/– 116/–
මූලාශ්‍රය: Cricinfo, 25 අගෝස්තු 2007

පින්නදුවගේ අරවින්ද ද සිල්වා 1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී උපත ලැබීය. ශ්‍රී ලංකා මාතාවට ගෞරවය ගෙන දුන් අති මහත් දක්ෂතා රැසක් හිමි කරගත් අනගිභවනීය ක්‍රීඩකයකු ලෙස ඔහුව හැඳින්විය හැකිය.

ක්‍රිකට් වෘත්තීය ජීවිතය[සංස්කරණය]

අරවින්ද ද සිල්වාගේ ටෙස්ට් , ක්‍රිකට් දිවිය ආරම්භවන්නේ 1984 එංගලන්තයේ “ලෝඩ්ස්” ක්‍රීඩා පිටියෙනි. ක්‍රිකට් දිවියේ මුල් අවධියේ දී ඔහුව හඳුනාගනු ලැබුවේ පන්දුවට දැවැන්තව පහර දෙන නමුත් අස්තිර පිතිකරුවකු ලෙසිණි. ඒ නිසාම ඔහුට “Mad Max” යන අනවර්ථ නාමය ලැබුණි. ඔහු ඔහුගේ සුපුරුදු දැඩි ප්‍රහාර ගැන පැවසුවේ එය ඔහුගේ සුපුරුදු ආර බවත් එවැනි ප්‍රහාරයක දී ඔහුට තම පහර ගැන විශ්වාසය ගොඩනැගෙන බවත්ය. එම නිසා ඔහුට එම සුපුරුදු ආර වෙනස් කර ගැනීමට අවශ්‍ය නැති බවත්ය. යමෙකුට පන්දු එවන්නා සිය පාලනයට නතු කරගත හැකිනම් ඔහු එය කළ යුතු බව ඔහුගේ අදහසයි. කුඩා කළ සිටම එය ඔහුගේ ප්‍රතිපත්තිය වූ බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

නමුත් 1995 එංගලන්තයේ කෙන්ට්හි ක්‍රීඩා කළ සාර්ථක පළමු පෙළේ තරඟාවලියකින් පසු ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ පරිවර්තනයක් සිදුවිය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්‍රාහී බල කණුවක් වූයේ සිය විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්‍රේලියා‍වට එරෙහිව හොඳම ක්‍රීඩකයා වීමෙනි. එපමණක් නොව ටෙස්ට් තරඟ දෙකකදීම ඒ සෑම ඉනිමකම ඔහු ශතක වාර්තා ඔහුගේ උසස් ජයග්‍රහණයක් වන අතර ඒ අවධියේ දී ඔහුට අභියෝගයක් වූයේ ඉන්දියානු කණ්ඩායමේ සුනිල් ගවස්කාර් හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ රිකී පොන්ටින්ය. ඔහුගේ ශතක ඉක්මවූ ලකුණු රැස් කිරීම වූයේ 138 හා 105 වශයෙනි. එය නොදැවී ලබාගත් ලකුණු වීම විශේෂත්වයකි. ඒ 1997 පකිස්ථානයට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දීය. මෙය ඔහු තැබූ අනගි වාර්තාවක් විය. දෙවන ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු 168 නිසා එම වසර අවසාන ලකුණු 1220 ක් ඉහළ නැගුණු අතර වේගය 76.25 ක් විය.

ඔහුගේ ඉහළම ලකුණු රැස් කිරීම වූයේ 1991 නවසීලන්තයට එරෙහිව “Basin Reserve” හි දී ලකුණු 267 කි. එසේ 2002 ඔහුගේ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ශතක දෙකක් ලබා ගත්තේය. මෙවැනි අනගිභවනීය නමක් ක්‍රිකට් ඉතිහාසයේ රඳවා 2003 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ අනූපමේය සත්කාරයට ශ්‍රී ලාංකිකයෝ වන අපි ණය ගැති‍ වෙමු.

"https://si.wikipedia.org/w/index.php?title=අරවින්ද_ද_සිල්වා&oldid=489444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි