පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1996–97

විකිපීඩියා වෙතින්
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1996–97
ශ්‍රී ලංකාව
පාකිස්ථානය
දින වකවානුව 1997 අප්‍රේල් 16 – 1997 අප්‍රේල් 30
නායකයන් අර්ජුන රණතුංග රමීස් රාජා
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා] (432) සලීම් මලික් (237)
වැඩිම කඩුළු චමින්ද වාස් (7) සක්ලේන් මුෂ්තාක් (14)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම 1997 අප්‍රේල් 16 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරයට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරග දෙකක් ඇතුළත් විය. පාකිස්තානය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල XI ට එරෙහිව පළමු පන්තියේ පුහුණු තරගයක් ද ක්‍රීඩා කළේය. ටෙස්ට් තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුනේ තරඟ දෙකම විසදුමකින් තොරව අවසන් වීම නිසාවෙනි.

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව  පකිස්තානය[1]
  • වසීම් අක්‍රම් ( ඇ )
  • රමිස් රාජා (ඇ)
  • සලීම් එලහි
  • ඉන්සමාම් උල් හක්
  • ඉජාස් අහමඩ්
  • සලීම් මලික්
  • අසිෆ් මුජ්තාබා
  • මොයින් ඛාන් ( සති )
  • වකාර් යූනිස්
  • මොහොමඩ් සාහිඩ්
  • සක්ලයින් මුෂ්තාක්
  • ෂහිඩ් නසීර්
  • මුෂ්තාක් අහමඩ්

පාකිස්තානයේ වකාර් යූනිස් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල XI කණ්ඩායමට එරෙහි පුහුණු තරගයේ දෙවන දිනයේ ඇඟිල්ල කැඩීම හේතුවෙනි. [2] උරහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුගේ කණ්ඩායමේ නායක සහ ඔහුගේ වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් ද ආපසු නිවසට පැමිණියා.[3]

පුහුණු තරගය[සංස්කරණය]

දෙදින තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකා පුවරුව[සංස්කරණය]

1997 අප්‍රේල් 16-17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල XI ශ්‍රී ලංකාව
281/8 (පන්දුවාර 83)
සලීම් එලාහි 106 r/h
රසල් ආර්නෝල්ඩ් 3/7 (ඕවර 7)
විසදුමක් නොමැත
පොලිස් උද්‍යානය, බම්බලපිටිය

  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල XI කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.

කාසියේ වාසිය දිනා ගත් මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මණ්ඩල XI කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. නොන්ඩිස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු රසල් ආර්නෝල්ඩ් මිනිත්තු 381 කදී හතරේ පහර 20 ක් සමඟින් ලකුණු 140 ක් රැස් කරමින් ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේය. මොහොමඩ් සාහිඩ් විසින් දෙදෙනාම දවා ගැනීමට පෙර ඔහු දෙවැනි කඩුල්ල සඳහා සංජීව රණතුංග (52) සමඟ ලකුණු 104 ක සබඳතාවක් පැවැත්වීය. සිය පළමු ඉනිමේදී ලකුණු 301 ක් හඹාගිය පාකිස්තානයට පළමු දිනයේ තරගය නිමා වන විට තම නායක රමීස් රාජාවට කඩුල්ල අහිමි විය. අනතුරුව සලීම් එලාහි සහ සලීම් මලික් දෙවන දිනයේදී ශතක රැස් කළ අතර පිළිවෙලින් මිනිත්තු 272 කදී ලකුණු 106 ක් සහ මිනිත්තු 184 කදී ලකුණු 100 ක් රැස් කළහ. ආර්නෝල්ඩ් පිතිකරණයට අමතරව පන්දු යැවීමෙන් ලකුණු 7 ට කඩුලු 3 ක් දවා ගත්තේය. [2]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1997 අප්‍රේල් 19-23
ලකුණු පුවරුව
378 (ඕවර 159.5)
ඉජාස් අහමඩ් 113 (245)
මුත්තයියා මුරලිදරන් 6/98 (පන්දුවාර 53)
423/8 d (ඕවර 155.1)
අරවින්ද ද සිල්වා 168 (383)
සක්ලේන් මුෂ්ටක් 4/137 (පන්දුවාර 63)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව රසල් ආර්නෝල්ඩ් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1997 අප්‍රේල් 26-30
ලකුණු පුවරුව
292 (ඕවර 108.3)
මොයින් ඛාන් 98 (109)
සජීව ද සිල්වා 5/85 (ඕවර 24.2)
386/4 d (ඕවර 95.5)
සනත් ජයසූරිය 113 (212)
මුෂ්තාක් අහමඩ් 3/113 (ඕවර 33)
285/5 (ඕවර 95)
සලීම් මලික් 155 (240)
ජයන්ත සිල්වා 2/71 (ඕවර 28)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව සනත් ජයසූරිය සහ පකිස්ථානය මොයින් ඛාන් ලකුණු 1000 පසු කළ අතර පකිස්ථානය ඉජාස් අහමඩ් ටෙස්ට් ලකුණු 2000 පසු කළේය.[4]
  • ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාවේ දෙවන ඉනිමේදී සිය 10 වන ශතකය වාර්තා කළ අතර එකම ටෙස්ට් තරගයේදී නොදැවී ශතක දෙකක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්විය..[5]
  • ශ්‍රී ලංකාව සජීව ද සිල්වා ටෙස්ට් තරග වලදී ඔහුගේ පළමු කඩුලු 5 වාර්තා කළේය.[5]
  • පකිස්ථානය සලීම් එලාහි, මොයින් ඛාන්ගේ ආබාධයක් හේතුවෙන් දෙවන ඉනිමේදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු රකින ලදි.

යොමු[සංස්කරණය]

  1. "Pakistan in Sri Lanka, April 1997 - Pakistani squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 July 2018.
  2. 2.0 2.1 Thawfeeq, Sa'adi. "Reports". Daily News. ESPNcricinfo. සම්ප්‍රවේශය 26 July 2018. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "tourmatch" defined multiple times with different content
  3. "Hashan, Saqlain take honours". Daily Star. ESPNcricinfo. සම්ප්‍රවේශය 26 July 2018.
  4. "Pakistan in Sri Lanka 1996/97 (2nd Test)". CricketArchive. 16 January 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 July 2018.
  5. 5.0 5.1 "Second Test Match, Sri Lanka v Pakistan". Wisden. ESPNcricinfo. සම්ප්‍රවේශය 26 July 2018.

බාහිර සම්බන්ධක[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග