ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2005-06

විකිපීඩියා වෙතින්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2005-06
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2005 ඔක්තෝබර් 22 – 2005 දෙසැම්බර් 22
නායකයන් රාහුල් ඩ්‍රාවිඩ් මාවන් අතපත්තු
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඉර්ෆාන් පතාන් (202) මහේල ජයවර්ධන (255)
වැඩිම කඩුළු අනිල් කුම්බ්ලේ (20) මුත්තයියා මුරලිදරන් (16)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව අනිල් කුම්බ්ලේ
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 7 කින් යුතු තරග මාලාව 6–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු එම්. එස්. දෝනි (346) කුමාර් සංගක්කාර (296)
වැඩිම කඩුළු අජිත් අගාර්කාර් (12) මුත්තයියා මුරලිදරන් (6)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව එම්. එස්. දෝනි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2005 ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ක්‍රිකට් තරග සඳහා ඉන්දියාවේ සංචාරය කළේය. ඉන්දියා-ශ්‍රී ලංකා එක්දින තරඟ (ඔක්තෝබර් 25 සහ නොවැම්බර් 12 අතර පැවති) සහ දෙසැම්බර් මාසයේ පැවති ටෙස්ට් තරඟ අතර එක්දින ජාත්‍යන්තර තරගමාලාවක් සඳහා ඉන්දියාව දකුණු අප්‍රිකාවට සත්කාරකත්වය සැපයූ බැවින්, සංචාරය කොටස් දෙකකට බෙදා ඇත. එක්දින තරගමාලාවට පෙර ඉන්දියාව ICC එදිජා ශ්‍රේණිගත කිරීම්ව ලැයිස්තුවේ හත්වන ස්ථානයේ පසුවූ අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත් වී තිබුනි. ඉන්දීය කණ්ඩායම නිල වශයෙන් නායකයින් වෙනස් කර තිබුනේ රාහුල් ඩ්‍රාවිඩ්, සෞරව් ගංගුලිගෙන් පසු නායකත්වයට පත්වීමත් සමඟය. කෙසේ වෙතත්, ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්වලට පටහැනිව, තරඟ 7 කින් යුත් තරගමාලාවේ පළමු එක්දින තරඟ 4 ජයග්‍රහණය කරමින් තරගමාලාව ආරක්ෂා කර ගත් අතර, නායක ඩ්‍රාවිඩ් විවේකීව සිටියදී හයවන එක්දින තරඟය සඳහා ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග්ට නායකත්වය දීමට ඉඩ හැරියද, තරගමාලාව 6-1 ජයග්‍රහණයකින් අවසන් විය. ටෙස්ට් තරග 100ක් සහ එක්දින තරග 345ක් ඇති ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සනත් ජයසූරිය, එක්දින තරග 6කදී ලකුණු 86ක් රැස්කිරීමෙන් අනතුරුව ටෙස්ට් තරගමාලාව සඳහා ඉවත් කළ අතර[1], රාහුල් ඩ්‍රාවිඩ් අයිසීසී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 18ක් ඉදිරියට පැමිණයේ ලකුණු 312ක් ලබා ගනිමිනි. ඒ දෙවතාවක් පමණක් දැවී යමිනි.[2] ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක එම්.එස්. දෝනි ද මෙම තරගාවලියේ දෙවැනි ඉහළම සාමාන්‍ය පිතිකරුවා ලෙසින් සිය සලකුණ තැබූ අතර, ඔහු ජායිපූර්හි පැවැති 3 වැනි එක්දින තරගවලදී නොදැවී ලකුණු 183ක් රැස් කළේය, එය ඒ වන විට එක්දින තරගයක පිතිකරුවෙකුගේ හයවැනි ඉහළම ඉනිම විය.

වර්ෂාව හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දින තුනහමාරක් අපතේ යාමත් සමඟ මෙවර ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ඉන්දියාව ජය ගන්නා ලදී. දෙවැනි ටෙස්ට් තරගයේදී අනිල් කුම්බ්ලේ ලකුණු 72කට කඩුලු 6ක් සහ අර්ධ ශතක 4ක් ( ඉර්ෆාන් පතාන්, යුවරාජ් සිං, රාහුල් ඩ්‍රාවිඩ් සහ එම්.එස්. දෝනිගෙන්) ලබාගත් පසු ඉන්දියාව පළමු ඉනිමේ ලකුණු 60ක් ඉදිරියෙන් සිටියේය. අනතුරුව තරගයේ දී කුම්බ්ලේ කඩුලු දහයක් සම්පූර්ණ කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 247කට දැවී ගිය අතර ලකුණු 188කින් පරාජයට පත්විය. දෙවැනි තරගයේ ජයග්‍රහණයේ පරතරය වඩාත් ඒත්තු ගැන්වූ අතර, කුම්බ්ලේ කඩුලු 7ක් ද හර්බජන් සිං දස දෙනෙක් ද ලබා ගත් අතර ශ්‍රී ලංකාව ලකුණු 206කට සහ 249කට දැවී ගියේ ලකුණු 259ක පරාජයක් කරා යමින් සිටියදීය.

සංචිත[සංස්කරණය]

එදිජා ටෙස්ට්
 ශ්‍රී ලංකාව [3]  ඉන්දියාව [4] [5]  ශ්‍රී ලංකාව  ඉන්දියාව [6]
  • රාහුල් ඩ්‍රාවිඩ් (නා)
  • එම්එස් දෝනි (කරැ)
  • අජිත් අගාර්කාර්
  • ගෞතම් ගාම්භීර්
  • හර්බජන් සිං
  • මුරලි කාර්තික්
  • ඉර්ෆාන් පතාන්
  • සුරේෂ් රයිනා
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • ආර්පී සිං
  • එස්.ශ්‍රීසාන්ත්
  • සචින් තෙන්ඩුල්කාර්
  • වෙනුගෝපාල් රාඕ
  • ජේපී යාදව්
  • යුවරාජ් සිං
  • රාහුල් ඩ්‍රාවිඩ් (නා)
  • එම්එස් දෝනි (කරැ)
  • අජිත් අගාර්කාර්
  • ගෞතම් ගාම්භීර්
  • හර්බජන් සිං
  • මුරලි කාර්තික්
  • ඉර්ෆාන් පතාන්
  • සුරේෂ් රයිනා
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • ආර්පී සිං
  • එස්.ශ්‍රීසාන්ත්
  • සචින් තෙන්ඩුල්කාර්
  • වෙනුගෝපාල් රාඕ
  • ජේපී යාදෙව්
  • යුවරාජ් සිං
  • වසීම් ජැෆර්

හයවැනි සහ හත්වැනි එක්දින තරග සඳහා වෙනුගෝපාල් රාඕ සහ ජේපී යාදව් වෙනුවට මොහොමඩ් කයිෆ් ආදේශ කරන ලද අතර වී.ආර්.වී සිං ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වූ අතර යාදව් නැවත කැඳවන ලදී. තුන්වන ටෙස්ට් තරඟය සඳහා ගංගුලි වෙනුවට වසීම් ජැෆර් පත් කරන ලදී. චාමර කපුගෙදර මුලින් ටෙස්ට් සංචිතයට තෝරාගෙන ඇත, නමුත් පාර්ශ්වීය අස්ථි බන්ධනයකට ලක් වූ අතර ඔහු වෙනුවට මුබාරක් පත් කරන ලදී.

පුහුණු තරඟ[සංස්කරණය]

ඕවර 50: මුම්බායි ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI එදිරිව ශ්‍රී ලංකා කණ්ඩායම[සංස්කරණය]

ඔක්තෝබර් 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
267/9 (ඕවර 50)
මුම්බායි ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI
268/7 (ඕවර 49.5)
මුම්බායි ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI පිලට කඩුලු 3ක ජයක් හිමිවිය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඉන්දියාව සමීර් බන්දේකාර් සහ ඉන්දියාව සුරේෂ් ශාස්ත්‍රි
  • මුම්බායි ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

පළමු පන්තිය: ඉන්දීය මණ්ඩලයේ සභාපතිගේ XI එදිරිව ශ්‍රී ලාංකිකයන්[සංස්කරණය]

නොවැම්බර් 26-28
ලකුණු පුවරුව
ඉන්දීය මණ්ඩලයේ සභාපති XI
317/4dec (ඕවර 75 )
රොබින් උතප්පා 76 (96)
මාලිංග බණ්ඩාර 2/61 (ඕවර 20)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝර්

විනිසුරුවන්: ඉන්දියාව තේජ් හඳු සහ ඉන්දියාව ෂවීර් තාරපෝර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු රැකීමට තීරණය කළහ.
  • පළමු දිනයේ කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි වූ අතර 2 වන දින 13:30 වන තෙක් ක්‍රීඩාව ආරම්භ නොවීය.

එක්දින තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

ඔක්තෝබර් 25
09:00
ලකුණු පුවරුව
ඉන්දියාව 
350/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
198 (ඕවර 35.4)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව එස්. ශ්‍රීසාන්ත් ඔහුගේ මංගල එක්දින තරගය කළේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
122 (ඕවර් 35.4)
 ඉන්දියාව
123/2 (ඕවර 20.2)
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

ඔක්තෝබර් 31
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
298/4 (ඕවර 50)
 ඉන්දියාව
303/4 (ඕවර 46.1)
ඉන්දියාව කඩුලු 6කින් ජය ගත්තේය
සවායි මන්සිං ක්‍රීඩාංගනය, ජයිපූර්
තරගයේ වීරයා: ඉන්දියාව එම්. එස්. දෝනි
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ඉන්දියාව ක්‍රිෂ්ණා හරිහරන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව එම්. එස්. දෝනි එක්දින පිටියේ කඩුලු රකින්නෙකු විසින් රැස් කළ වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව බවට පත් විය.

4 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 3
09:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
261 (ඕවර 49.5)
 ඉන්දියාව
262/6 (ඕවර 45.4)
ඉන්දියාවට කඩුලු 4ක ජයක්
නේරු ක්‍රීඩාංගණය, පූනේ
තරගයේ වීරයා: ඉන්දියාව අජිත් අගාර්කාර්
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ඉන්දියාව අරණි ජයප්‍රකාශ්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

5 වන එදිජා තරගය[සංස්කරණය]

ඉන්දියාව 
285/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
286/5 (ඕවර 47.4)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, මොටෙරා, අහමදාබාද්
තරගයේ වීරයා: තිලකරත්න ඩිල්ෂාන්
විනිසුරුවන්: එංගලන්තය මාර්ක් බෙන්සන් සහ ඉන්දියාව ක්‍රිෂ්ණා හරිහරන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

6 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 9
09:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
196 (ඕවර 42.5)
 ඉන්දියාව
197/3 (ඕවර 34.5)
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

7 වන එදිජා තරගය[සංස්කරණය]

නොවැම්බර් 12
09:00
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
244/9 (ඕවර 50)
 ඉන්දියාව
245/5 (ඕවර 39.3)
ඉන්දියාවට කඩුලු 5ක ජයක්
IPCL ක්‍රීඩා සංකීර්ණ පිටිය, වඩෝදර
තරගයේ වීරයා: ඉන්දියාව ඉර්ෆාන් පතාන්
විනිසුරුවන්: එංගලන්තය මාර්ක් බෙන්සන් සහ ඉන්දියාව ක්‍රිෂ්ණා හරිහරන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

දෙසැම්බර් 2-6
ලකුණු පුවරුව
168/4 (ඕවර 43 )
මහේල ජයවර්ධන 71 (80)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගනය, චෙපෝක්, චෙන්නායි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: එංගලන්තය මාර්ක් බෙන්සන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා 1, 2 සහ 3 දිනවල ක්‍රීඩා කිරීම ප්‍රමාද විය.
  • ඉන්දියාව එම්. එස්. දෝනි ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

දෙසැම්බර් 10-14
ලකුණු පුවරුව
375/6dec (ඕවර 105)
ඉර්ෆාන් පතාන් 93 (143)
චමින්ද වාස් 2/65 (ඕවර 21)
ඉන්දියාවට ලකුණු 188ක ජයක්
ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණය, දිල්ලි
තරගයේ වීරයා: ඉන්දියාව අනිල් කුම්බ්ලේ
විනිසුරුවන්: පකිස්ථානය නදීම් ගෞරි සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

දෙසැම්බර් 18-22
ලකුණු පුවරුව
316/9dec (ඕවර 71)
යුවරාජ් සිං 75 (83)
මාලිංග බණ්ඩාර 3/84 (ඕවර 19)
ඉන්දියාවට ලකුණු 259ක ජයක්
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, මොටෙරා, අහමදාබාද්
තරගයේ වීරයා: ඉන්දියාව හර්බජන් සිං
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ පකිස්ථානය නදීම් ගෞරි
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව උපුල් තරංග ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. Jayasuriya vows to return from Cricinfo, published 28 November 2005
  2. Sri Lanka in India, 2005-06 One-Day Series Averages from Cricinfo
  3. "Sri Lanka v India/Sri Lanka Squad".
  4. "Sri Lanka v India/India One-Day Squad".
  5. "Team India for Sri Lanka tour: Virender Sehwag, Zaheer Khan stage comeback; Ravindra Jadeja axed". The Times of India. 5 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 July 2012.
  6. "Sri Lanka v India/India Twenty20 Squad".
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග