ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2017-18

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2017-18
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2017 නොවැම්බර් 16 – 2017 දෙසැම්බර් 24
නායකයන් විරාත් කෝලි
(ටෙස්ට්)
රෝහිත් ෂර්මා
(එදිජා සහ වි20)
දිනේෂ් චන්දිමාල්
(ටෙස්ට්)
තිසර පෙරේරා
(එදිජා සහ වි20)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු විරාත් කෝලි (610) දිනේෂ් චන්දිමාල් (366)
වැඩිම කඩුළු රවිචන්ද්‍රන් අශ්වින් (12) සුරංග ලක්මාල් (08)
දිල්රුවන් පෙරේරා (08)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව විරාත් කෝලි
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රෝහිත් ෂර්මා (217) ඇන්ජලෝ මැතිව්ස් (153)
වැඩිම කඩුළු යුස්වෙන්දර් චහාල් (6) තිසර පෙරේරා (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව ශිඛර් ධවාන්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රෝහිත් ශර්මා (162) කුසල් පෙරේරා (100)
වැඩිම කඩුළු යුස්වේන්ද්‍ර චාහල් (8) දුෂ්මන්ත චමීර (3)

තිසර පෙරේරා (3)
නුවන් ප්‍රදීප් (3)

තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව ජයදේව් උනද්කට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට, එනම් 2017 නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුලදී, ඉන්දියාවෙහි සංචාරයක නිරත වෙමින් සිටියි.[1][2]මුල් න්‍යායපත්‍රය පරිදී, සංචාරය සඳහා ටෙස්ට් තරග තුනක්ද, එක් දින ජාත්‍යන්තර (එදිජා) පහක්ද සහ 2018 පෙබරවාරි මාසයෙහිදී ඇරඹෙන විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරගයක්ද අඩංගු විය.[3]

2017 මාර්තු මාසයෙහිදී , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින්, ශ්‍රි ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන සීමිත ඕවර තුන්කොන් තරගාවලියක් වන නිදහස් කුසලානය 2017–18 සඳහා දින ප්‍රකාශයට පත්කෙරිණි. මෙය පැවැත්වීමට නියමිතව තිබුණේ 2018 වසරෙහි මැයි මාසයෙහිය.[4] ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පැවසුවේ මෙම ඉන්දීය සංචාර තරගාවලියෙහි පැවැත්වීමට නියමිතව තිබූ සමහරක් සීමිත-ඕවර තරග, ඒ අනුව නිදහස් කුසලාන තරගාවලියෙහි ක්‍රීඩා කෙරෙන බවය.[4] ඒ අනුව තරග සංචාරය සඳහා සංශෝධිත න්‍යාය පත්‍රයෙහි ටෙස්ට් තරග තුනක්, එදිජා තුනක් සහ වි20ජා තුනක් අඩංගු විය.

එක්දින සහ විස්සයි20 තරගාවලියේදී විරාත් කෝලි වෙනුවට රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත්විය.[5] එමෙන්ම උපුල් තරංග වෙනුවට තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි20 නායකත්වයට පත්විය.[6][7]

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගත් අතර, තරග 2 ක් ජය පරාජයෙන් තොරව නිමා විය.[8]

ඉන්දියාව එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්තේය.[9]

වි20ජා තරගමාලාවේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස චන්දික හතුරුසිංහ පත්විය.[10]

පුහුණු තරග[සංස්කරණය]

දෙදින: ඉන්දීය ක්‍රිකට් සභාපති ශ්‍රී ලංකාව[සංස්කරණය]

2017 නොවැම්බර් 11-12
ලකුණු පුවරුව
  • කාසියේ වාසිය ලැබූ ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2017 නොවැම්බර් 16-20
ලකුණු පුවරුව
352/8 d (ඕවර 88.4)
විරාත් කෝලි 104* (119)
දසුන් ශානක 3/76 (ඕවර 22)
  • කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා පළමු දිනයේ ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 11.5 ක් පමණි.
  • වර්ෂාව නිසා දෙවන දිනයේ ක්‍රීඩා කිරීමට හැකිවුයේ පන්දුවාර 21 ක් පමණි.
  • තෙවන දිනය, හතරවන දිනය සහ පස්වන දිනය නියමිත කාලය පැවැත්වීමට නොහැකි වූයේ ආලෝකය මදි වූ නිසාය.
  • ඉන්දියාව විරාත් කෝලි සිය 50 වන ජාත්‍යන්තර ශතකය ලබා ගත්තේය. එය ඉන්දීය ටෙස්ට් නායකයෙකු ලබා ගත් වැඩිම ජාත්‍යන්තර ශතක ප්‍රමාණයයි.
  • එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ වෙනුවට තරගයේ 3 වන දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන් නිල විනිසුරු ලෙස පත් කරන ලදී.

2 වන තරගය[සංස්කරණය]

2017 නොවැම්බර් 24–28
ලකුණු පුවරුව
610/6 d (ඕවර 176.1)
විරාත් කෝලි 213 (267)
දිල්රුවන් පෙරේරා 3/202 (ඕවර 45)
ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 239 ක ජයක්.
විදර්භා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, නාග්පූර්
තරගයේ වීරයා: ඉන්දියාව විරාත් කෝලි
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන් සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ලකුණු 3,000 සීමාව පසු කළේය
  • ඉන්දියාව මුරලි විජේ සිය 10වන ටෙස්ට් ශතකය ලබා ගත්තේය.[11]
  • ඉන්දියාව චෙටෙශ්වර් පුජාරා ටෙස්ට් ලකුණු 1,000 සීමාව පසු කළේය.[12]
  • ඉන්දියාව විරාත් කෝලි 2017 වසරේ ජාත්‍යන්තර ශතක 10 ක් ලබා ගත්තේය. එය ඉන්දියානු ටෙස්ට් නායකයෙක් වසරක් තුළ රැස් කළ වැඩිම ජාත්‍යන්තර ශතක ප්‍රමාණයයි.[13][14]
  • මෙම තරගයේදී ඉන්දියාව විරාත් කෝලි ද්විත්ව ශතකයක් ලබා ගත්තේය. එය ටෙස්ට් නායකයෙකු ලබා ගත් වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයයි.[15]
  • ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 1,000 සීමාව පසු කළේය.[16]
  • මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ සිය වන ජාත්‍යන්තර ක්‍රිකට් පරාජයයි.[17]
  • ඉන්දියාව රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් කඩුලු 300 සීමාව පසු කළේය.[18]

3 වන තරගය[සංස්කරණය]

2017 දෙසැම්බර් 2–6
ලකුණු පුවරුව
536/7 d (ඕවර 127.5)
විරාත් කෝලි 243 (287)
ලක්ෂාන් සඳකැන් 4/167 (ඕවර 33.5)
246/5 d (ඕවර 52.2)
ශිඛර් ධවාන් 67 (91)
ධනංජය ද සිල්වා 1/31 (ඕවර 05)
ජය පරාජයෙන් තොරව නිමා විය
ෆෙරෝස් ශා කොට්ලා ක්‍රීඩාංගනය, දිල්ලි
තරගයේ වීරයා: ඉන්දියාව විරාත් කෝලි
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන් සහ එංගලන්තය නයිජල් ලොන්ග්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව රොෂේන් සිල්වා ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • ඉන්දියාව විරාත් කෝලි සිය 20 වන ටෙස්ට් ශතකය වාර්තා කළේය, එමෙන්ම මෙම වසරේදී පමණක් ලකුණු 5,000 සීමාව පසු කළේය. එමෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශතක 10 ක් ලබාගත්තේය, එය පිතිකරුවෙකු වසරක් තුළ එක් කණ්ඩායමකට එරෙහිව ලබාගත් වැඩිම ශතක ප්‍රමාණයයි.[19][20][21]
  • ඉන්දියාව විරාත් කෝලි ජාත්‍යන්තර ලකුණු 16,000 සීමාව පසු කළේය. එය පිතිකරුවෙකු ලකුණු 16,000 ක් වේගයෙන්ම ලබාගත් අවස්ථාවයි.[22]
  • ඉන්දියාව විරාත් කෝලි සහ ඉන්දියාව මුරලි විජේ වාර්තා කරන ලද සම්බන්ධතාවය ඉන්දියානු පිතිකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් හොඳම සම්බන්ධතාවයයි (283).[21]
  • ශ්‍රී ලංකාව දිල්රුවන් පෙරේරා ටෙස්ට් කඩුලු 100 සීමාව පසු කළේය, එය ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු අඩුම තරග ගණනකදී කඩුලු 100 සීමාව පසු කළ අවස්ථාවයි (25).[21]
  • ඉන්දියාව විරාත් කෝලි සිය 6 වන ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේය, එය ටෙස්ට් නායකයෙකු ලබාගත් වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයයි (6).[23]
  • ශ්‍රී ලංකාව ධනංජය ද සිල්වා නොදැවී ලබාගත් 119 සිව්වැනි ඉනිම සඳහා ඉන්දියාවේදී විදේශීය ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.[8]

දිල්ලියේ වායු දූෂණය[සංස්කරණය]

තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අතරතුර, දිල්ලි හි පැවති දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීම නවතා පරිසර දූෂණය නිසා මුඛ ආවරණ පැළඳීමට සිදු විය.[24] ක්‍රිකට් ක්‍රීඩක ලහිරු ගමගේට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බව වාර්තා විය.[25] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් වාර්තා කළේ, ක්‍රීඩාංගණයේ පවතින දැඩි දූෂණය හේතුවෙන් ධනංජය ද සිල්වා[26] සහ සුරංග ලක්මාල් නිතරම වමනය කළ බවයි.[27] පස්වරු 12:32 සිට 12:49 දක්වා කාලය තුළ ක්‍රීඩාව නතර වූ අතර, එය ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි පිටියේ විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කිරීමට පිටතට පැමිණීමට හේතු විය.[28] BCCI සභාපති සී.කේ.කන්නා ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා කළ අතර ඉන්දීය ප්‍රේක්ෂකයින් කණ්ඩායම "melodramatic" ලෙස හැඳින්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම කලබලයට පත් වූ බවට චෝදනා කළේය.[29] 4 වන දින, ඉන්දියාවේ මොහොමඩ් ෂාමි ද පිටියේ වමනය කරන අයුරු දැකගත හැකි විය.[30]

තරඟයෙන් පසුව, සහභාගී වූ රටවල් දෙකම දූෂණය ඉහළ මට්ටමක පවතින බැවින් දිල්ලි හිදී ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමේ තේරීම විවේචනය කරන ලදී.[31] ශ්‍රී ලංකා කළමණාකරු අසංක ගුරුසිංහ පැවසුවේ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් කණ්ඩායම් දෙකම තම ඇඳුම් පැළඳුම් කාමරවල ඔක්සිජන් සිලින්ඩර භාවිතා කරන බවත්,[32] ඉදිරි තරග වලදී වාතයේ ගුණාත්මක මීටර භාවිතා කිරීමට යෝජනා කළ බවත්ය. ඉන්දීය වෛද්‍ය සංගමයේ සභාපති කේ.කේ. අගර්වාල් පැවසුවේ මෙවැනි තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමෙන් පෙනහළු හා හෘද රෝග ඇති විය හැකි බවත්, තරගයක් සඳහා වන තක්සේරු නිර්ණායකවලට වායුගෝලීය දූෂණය සාධකයක් ලෙස ඇතුළත් කිරීමට නිර්දේශ කළ බවත්ය.[33]

එක්දින තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

ඉන්දියාව 
112 (ඕවර 38.2)
 ශ්‍රී ලංකාව
114/3 (ඕවර 20.4)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව ශ්‍රේයස් අයියර් එක්දින මංගලාවතරණය ලැබීය.
  • ඉන්දියාව රෝහිත් ෂර්මා සහ ශ්‍රී ලංකාව තිසර පෙරේරා යන දෙදෙනාම එක්දින නායකත්වයට පත්විය.[34]
  • ඉන්දියාව ලබාගත් 112 ඉන්දියානු කණ්ඩායම සිය රටේදී එක්දින තරගයක ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණයයි.

2 වන තරගය[සංස්කරණය]

ඉන්දියාව 
392/4 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
251/8 (ඕවර 50)
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්
පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, මොහාලි
තරගයේ වීරයා: ඉන්දියාව රෝහිත් ෂර්මා
විනිසුරුවන්: ඉන්දියාව නන්දන් සහ ඕස්ට්‍රේලියාව පෝල් රීෆල්

3 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
215 (ඕවර 44.5)
 ඉන්දියාව
219/2 (ඕවර 32.1)
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව ශිඛර් ධවාන් එක්දින ලකුණු 4,000 සීමාව පසු කළේය.[36]

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

ඉන්දියාව 
180/3 (ඕවර 20)
ඉන්දියාවට ලකුණු 93 ක ජයක්
බරාබාති ක්‍රීඩාංගණය, කටක්
තරගයේ වීරයා: ඉන්දියාව යුස්වෙන්දර් චහාල්
විනිසුරුවන්: ඉන්දියාව නන්දන් සහ ඉන්දියාව නිතින් මෙනන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • විශ්ව ප්‍රනාන්දු විස්සයි20 මංගලාවතරණය ලැබීය.
  • මෙය ශ්‍රී ලංකාව සහභාගී වන 100වන වි20ජා තරගයයි.[37]
  • ඉන්දියාව රෝහිත් ෂර්මා ඉන්දීය වි20ජා නායකත්වයට පත්විය.[38]
  • ඉන්දියාව රෝහිත් ෂර්මා වි20ජා ලකුණු 1,500 සීමාව පසු කළේය.[39]
  • මෙය වි20ජා ඉතිහාසයේ ඉන්දියාව ලැබූ විශිෂ්ටම ජය සහ ශ්‍රී ලංකාව ලැබූ දරුණුම පරාජයයි.[40]

2 වන තරගය[සංස්කරණය]

ඉන්දියාව 
260/5 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
172 (ඕවර 17.2)
ඉන්දියාවට ලකුණු 88 ක ජයක්
හොල්කර් ක්‍රීඩාංගණය, ඉන්ඩෝර්
තරගයේ වීරයා: ඉන්දියාව රෝහිත් ෂර්මා
විනිසුරුවන්: ඉන්දියාව නන්දන් සහ ඉන්දියාව අනිල් චෞද්රි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙය මෙම ක්‍රීඩාංගනයේ පැවති පළමු වි20ජා තරගයයි.[41]
  • මෙය ඉන්දියාව වි20ජා තරගයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.[42]
  • ඉන්දියාව රෝහිත් ෂර්මා වි20ජා ශතක දෙකක් ලබාගත් පළමු ඉන්දීය ක්‍රීඩකයාය.[43]
  • ඉන්දියාව කේ.එල්. රාහුල් සහ ඉන්දියාව රෝහිත් ෂර්මා ලබාගන්නා ලද්දේ ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු වි20ජා තරගයක ලබාගත් හොඳම සම්බන්ධතාවයයි (165).[44]

3 වන තරගය[සංස්කරණය]

2017 දෙසැම්බර් 24
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඉන්දියාව 
135/7 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
139/5 (ඕවර 19.2)
අසේල ගුණරත්න 36 (37)
දුෂ්මන්ත චමීර 2/22 (ඕවර 4)
මනීෂ් පාන්ඩේ 32 (29)
ජයදේව් උනාඩ්කට් 2/15 (ඕවර 4)
ඉන්දියාවට කඩුළු 5 ක ජයක්
වන්කෙඩේ ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: ඉන්දියාව ජයදේව් උනාඩ්කට්
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනන් සහ ඉන්දියාව අනිල් චෞද්රි
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කලා.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකාස් රිටයර්න් විසිට් කුඩ් ඉම්පැක්ට් ඉන්ඩියාස් ටුවර් ටු සවුත් ඇෆ්රිකා". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 29 ජූලි 2017.
  2. "සවුත් ඇෆ්රිකා වර්සස් ඉන්ඩියා: බොක්සිං ඩේ අවුට්, නිව් ඉයර් ලයික්ලි ටු බිගින් ලේට්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2017.
  3. "ෆියුචර් ටුවර්ස් ප්‍රෝග්‍රෑම්" (PDF). ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 16 ජනවාරි 2016.
  4. 4.0 4.1 "ඉන්ඩියා, බංග්ලාදේශ්, ශ්‍රී ලංකා ටු ප්ලේ ට්‍රයි-සීරීස් ඉන් 2018". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 15 මාර්තු 2017.
  5. "In Stats: India Eye World Number 1 Rank in ODI Series vs Sri Lanka". The Quint. සම්ප්‍රවේශය 10 December 2017.
  6. "India vs Sri Lanka: Thisara Perera to lead Sri Lanka in ODI, T20 series". Indian Express. 29 November 2017. සම්ප්‍රවේශය 29 November 2017.
  7. "Thisara Perera appointed Sri Lanka ODI & T20I Captain for the forthcoming series against India". Cricket Sri Lanka. 29 November 2017. සම්ප්‍රවේශය 29 November 2017.
  8. 8.0 8.1 "Dhananjaya, Roshen deny India 2–0". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 December 2017.
  9. "India scamper to eighth successive ODI series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 December 2017.
  10. "හතුරුසිංහ බ්‍රෂස් අසයිඩ් ශ්‍රී ලංකා ස්පෙකියුකේෂන්, අයිස් වර්ල්ඩ් කප් 2019 ප්‍රෙපරේෂන්". ක්‍රික්බස්. 01 දෙසැම්බර් 2017. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2017. {{cite web}}: Check date values in: |date= (help)
  11. "Vijay, Pujara punish Sri Lanka with centuries". International Cricket Council. සම්ප්‍රවේශය 25 November 2017.
  12. "Cheteshwar Pujara's dream run in 2017 continues: A look at his staggering numbers". Indian Express. සම්ප්‍රවේශය 26 November 2017.
  13. "Virat Kohli goes past Ricky Ponting with 10th ton as captain in calendar year". Times Now. සම්ප්‍රවේශය 26 November 2017.
  14. "Virat Kohli Breaks Sunil Gavaskar's Record of Most Test Tons as Indian Captain". Cricket Next. සම්ප්‍රවේශය 26 November 2017.
  15. "Virat Kohli registers 5th double century in 2nd Test vs Sri Lanka". Cricket County. සම්ප්‍රවේශය 26 November 2017.
  16. "Thirimanne the bunny, and Ashwin-Jadeja v Kumble-Harbhajan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 November 2017.
  17. "Test cricket team results summary". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 November 2017.
  18. "Ashwin quickest to 300 wickets, India record joint-biggest win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 November 2017.
  19. "3rd Test: Virat Kohli goes past 5000-run mark in Tests". Times of India. සම්ප්‍රවේශය 2 December 2017.
  20. "Virat Kohli scores 20th Test century, racks up staggering numbers in 2017". Indian Express. සම්ප්‍රවේශය 2 December 2017.
  21. 21.0 21.1 21.2 "Kohli breezes past 5000 runs with his 20th Test ton". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 December 2017.
  22. "Virat Kohli becomes fastest to reach the landmark of 16000 runs in international cricket". TimesNow. සම්ප්‍රවේශය 2 December 2017.
  23. "Virat Kohli slams sixth double-century; joins Sachin Tendulkar, Virender Sehwag in milestone club". The Indian Express. සම්ප්‍රවේශය 3 December 2017.
  24. "Delhi pollution interrupts India-Sri Lanka Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 December 2017.
  25. "Pollution stops play at Delhi test match as bowlers struggle to breathe". The Guardian. සම්ප්‍රවේශය 4 December 2017.
  26. "India cricket test players battle on through thick New Delhi Smog". CNN. සම්ප්‍රවේශය 5 December 2017.
  27. "'We had players coming off and vomiting' - Pothas". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 December 2017.
  28. "India vs Sri Lanka 3rd test angry Ravi Shastri marched on to the field twitter trolled him". NDTV sports. සම්ප්‍රවේශය 4 December 2017.
  29. "Cricketers vomiting after fielding in smoggy delhi Sri Lanka coach". The Times of India. සම්ප්‍රවේශය 4 December 2017.[permanent dead link]
  30. "SL's struggles with Delhi air may be genuine - Dhawan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 December 2017.
  31. "Delhi pollution interrupts India-Sri Lanka Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 December 2017.
  32. "Delhi Test draws criticism from SL manager, Indian Medical Association". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 December 2017.
  33. "Delhi Test draws criticism from SL manager, Indian Medical Association". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 December 2017.
  34. "In Stats: India Eye World Number 1 Rank in ODI Series vs Sri Lanka". The Quint. සම්ප්‍රවේශය 10 December 2017.
  35. "3 double hundreds Rohit Sharma slams 3rd double ton in ODIs, 2nd vs Sri Lanka Mohali". Deccan Chronicle. සම්ප්‍රවේශය 13 December 2017.
  36. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ODI-ref නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  37. "100th T20I of Sri Lanka: Statistical journey of Island Nation in shortest format". Sports Wallah. සම්ප්‍රවේශය 20 December 2017.
  38. "India vs Sri Lanka, 1st T20I preview and likely XIs: Rohit Sharma looks to make captaincy debut memorable". Cricket Country. සම්ප්‍රවේශය 20 December 2017.
  39. http://www.news18.com/cricketnext/news/rohit-sharma-15-runs-away-from-joining-virat-kohli-in-club-1500-1609643.html
  40. "Sri Lanka's worst defeat in T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 December 2017.
  41. "In-form India keen to wrap up series". International Cricket Council. සම්ප්‍රවේශය 22 December 2017.
  42. "2nd T20I: Rohit Sharma and KL Rahul power India to record total". Times of India. සම්ප්‍රවේශය 22 December 2017.
  43. "Rohit hits the joint-fastest T20I century". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 December 2017.
  44. "Rohit's 35-ball ton leads India to series win". International Cricket Council. සම්ප්‍රවේශය 22 December 2017.