2018 නිදහස් කුසලානය

විකිපීඩියා වෙතින්
2018 හීරෝ නිදහස් කුසලානය

නිල ලාංඡනය
දිනය 6–18 මාර්තු 2018
ස්ථානය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ප්‍රතිඵලය  ඉන්දියාව තරගාවලිය ජයග්‍රහණය කළේය
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව වොෂින්ටන් සුන්දර්
කණ්ඩායම්
 බංග්ලාදේශය  ඉන්දියාව  ශ්‍රී ලංකාව
නායකයන්
ෂකිබ් අල් හසන්[n 1] රෝහිත් ෂර්මා දිනේෂ් චන්දිමාල්[n 2]
වැඩිම ලකුණු
මුෂ්ෆිකර් රහීම් (199) ෂිකර් ධවාන් (198) කුසල් පෙරේරා (204)
වැඩිම කඩුළු
රුබල් හුසේන් (7)
මුස්තෆිසුර් රහමන් (7)
වොෂින්ටන් සුන්දර් (8)
යුස්වේන්ද්‍ර චාහල් (8)
නුවන් ප්‍රදීප් (4)
අකිල දනංජය (4)
1998 (පෙර)

2018 නිදහස් කුසලානය යනු ශ්‍රී ලංකාවෙහි පැවති ක්‍රිකට් තරගාවලියක් වන අතර 2018 මාර්තු මාසයෙහිදී පැවතිනි.[1] එය වනාහී බංගලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරග මාලාවකි.[2] මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම නිමිත්තෙනි.[3] මෙම තරගාවලියට විස්සයි20 තරග 7 ක් ඇතුලත් වේ.[4] තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවතිනි.[5] ප්‍රථම වරට D ස්පෝර්ට්ස් නාලිකාව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ සජීවී ක්‍රිකට් තරග විකාශනය කිරීමට මාධ්‍ය අයිතිය ලබා ගත්තේය.[6][7]

තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූයේ ශ්‍රී ලංකා රජය විසින් දින 10 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පනවනු ලැබීමෙන් පසු තදබල ආරක්ෂාව යටතේය. හදිසි නීතිය පැනවීමට හේතුවූයේ අම්පාර සහ මහනුවර යන ප්‍රදේශවල ඇතිවූ මුස්ලිම් සහ සිංහල බෞද්ධන් අතර ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයයි.[8][9][10]

ඉන්දියාව පස්වන තරගයේදී බංගලාදේශය ලකුණු 17 කින් පරාජය කිරීමත් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[11] අවසන් මහා තරගයේදී බංගලාදේශය කඩුලු 08 කින් පරාජය කරමින් ඉන්දියාව නිදහස් කුසලානය දිනාගත්තේය. ශ්‍රී ලංකාව තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත්තේය.[12][13]

ලකුණු සටහන[සංස්කරණය]

කණ්ඩායම
සම ජප ප්‍රසාද ලලවේ
 ඉන්දියාව 4 3 1 0 0 6 +0.377
 බංග්ලාදේශය 4 2 2 0 0 4 –0.293
 ශ්‍රී ලංකාව 4 1 3 0 0 2 –0.085

පැවැත්වෙන තරග[සංස්කරණය]

1වන වි20ජා[සංස්කරණය]

ඉන්දියාව 
174/5 (ඕවර 20)
 ශ්‍රී ලංකාව
175/5 (ඕවර 18.3)
ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුසල් පෙරේරා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රන්මෝර් මාටිනෙස් සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව විජේ ශන්කර් වි20ජා මංගලාවතරණය ලැබීය.
  • මෙය ශ්‍රී ලංකාව මවුබිමේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් පළමු වි20ජා ජයග්‍රහණයයි.[14]

2වන වි20ජා[සංස්කරණය]

බංග්ලාදේශය 
139/8 (ඕවර 20)
 ඉන්දියාව
140/4 (ඕවර 18.4)
ඉන්දියාවට කඩුලු 06 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව විජේ ශන්කර්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල් සහ ශ්‍රී ලංකාව රැන්මෝර් මාර්ටිනස්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.

3වන වි20ජා[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
214/6 (ඕවර 20)
 බංග්ලාදේශය
215/5 (ඕවර 19.4)
බංගලාදේශයට කඩුලු 05 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: බංගලාදේශය මුෂ්ෆිකර් රහීම්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රන්මෝර් මාටිනෙස් සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි

4වන වි20ජා[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
152/9 (ඕවර 19)
 ඉන්දියාව
153/4 (ඕවර 17.3)
ඉන්දියාවට කඩුලු 06 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව ශාර්දුල් තාකුර්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල් සහ ශ්‍රී ලංකාව රැන්මෝර් මාර්ටිනස්
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 19 කට සීමා කළේය.
  • ඉන්දියාව කේ. එල්. රාහුල් හිට් විකට් ආකාරයට දැවීගිය පළමු ඉන්දියානු ක්‍රීඩකයා බවට පත්විය.[19]

5වන වි20ජා[සංස්කරණය]

ඉන්දියාව 
176/3 (ඕවර 20)
 බංග්ලාදේශය
159/6 (ඕවර 20)
ඉන්දියාවට ලකුණු 17 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව රෝහිත් ෂර්මා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රන්මෝර් මාටිනෙස් සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.

6වන වි20ජා[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
159/7 (ඕවර 20)
 බංග්ලාදේශය
160/8 (ඕවර 19.5)
බංගලාදේශයට කඩුලු 02 ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: බංගලාදේශය මහමුඩුල්ලා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • කාසියේ වාසිය දිනූ බංගලාදේශය පන්දු රැකීමට තීරණය කළේය.
  • බංගලාදේශය මුෂ්ෆිකර් රහීම් වි20ජා ලකුණු 1,000 සීමාව පසුකිරීමත් සමග ඔහු එම සන්ධිස්ථානය පසුකළ තුන්වන බංගලාදේශ ක්‍රීඩකයා බව‍ට පත්විය.[20]
  • ශ්‍රී ලංකාව කුසල් පෙරේරා වි20ජා ලකුණු 1,000 සීමාව පසුකළ පස්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බව‍ට පත්විය.[21][22][23]

අවසන් මහා තරගය[සංස්කරණය]

බංග්ලාදේශය 
166/8 (ඕවර 20)
 ඉන්දියාව
168/6 (ඕවර 20)
  • කාසියේ වාසිය දිනු ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව රෝහිත් ෂර්මා වි20 ලකුණු 7,000 සීමාව පසුකළේය.[24]

සටහන්[සංස්කරණය]

  1. ෂකිබ් අල් හසන් වෙනුවට මහමුඩුල්ලා පළමු තරග තුනේදී බංගලාදේශ නායකත්වයට පත්විය.
  2. දිනේෂ් චන්දිමාල් වෙනුවට තිසර පෙරේරා ශ්‍රී ලංකා නායකත්වයට පත්විය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "ඉන්ඩියා, බංග්ලාදේශ්, ශ්‍රී ලංකා ටු ප්ලේ ට්‍රයි-සීරීස් ඉන් 2018". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 15 මාර්තු 2017.
  2. "India, Sri Lanka, Bangladesh triangular series in 2018". Times of India. සම්ප්‍රවේශය 15 March 2017.
  3. "Nidahas Trophy to be played next March". The Papare. සම්ප්‍රවේශය 15 March 2017.
  4. "Nidahas trophy 2018 announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 16 March 2017.
  5. "Nidahas Trophy 2018 fixtures announced". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 17 November 2017.
  6. "Nidahas Trophy 2018: Indian matches get a new broadcaster". CricTracker. සම්ප්‍රවේශය 3 March 2018.
  7. "Nidahas Trophy 2018: All you need to know – Schedule, Broadcast and Live Streaming". CricTracker. සම්ප්‍රවේශය 5 March 2018.
  8. "Nidahas Trophy to remain unaffected despite emergency in SL". Cricbuzz (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 7 March 2018.
  9. "2018 Nidahas Trophy set to commence despite state of emergency in Sri Lanka". TimesNow. සම්ප්‍රවේශය 7 March 2018. {{cite news}}: Cite has empty unknown parameter: |dead-url= (help)
  10. "Nidahas Trophy on track in Colombo despite Sri Lanka emergency - Times of India". The Times of India. සම්ප්‍රවේශය 7 March 2018.
  11. "Rohit and Sundar carry India into final". ESPN Cricinfo. 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.
  12. "Cool Mahmudullah rises above last-over fracas". ESPN Cricinfo. 14 March 2018. සම්ප්‍රවේශය 16 March 2018.
  13. "India clinch title with Karthik's stunning last-ball six". ESPN Cricinfo. 18 March 2018. සම්ප්‍රවේශය 18 March 2018.
  14. "Nidahas Trophy 2018, Sri Lanka vs India, 1st T20I – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 6 March 2018.
  15. "Mushfiqur leads from front in Bangladesh's record win". Reuters. සම්ප්‍රවේශය 11 March 2018.
  16. "Sixes galore, and a prolific pair of Kusals". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2018.
  17. "Mushfiqur special seals record win". Cricbuzz. සම්ප්‍රවේශය 11 March 2018.
  18. "Mushfiqur special powers Bangladesh to record run-chase". Cricbuzz. සම්ප්‍රවේශය 11 March 2018.
  19. "Nidahas Trophy 2018, Sri Lanka vs India, 4th T20I – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 13 March 2018.
  20. "Bangladesh stun Sri Lanka in fracas-filled nailbiter to set up India final". BDNews24. සම්ප්‍රවේශය 17 March 2017.
  21. "Kusal Perera and Thisara fightback for Sri Lanka in must win crucial virtual semifinal". cricketcountry. සම්ප්‍රවේශය 17 March 2018.
  22. "Kusal Perera's record breaking fifty ended in vain as Bangladesh thump Sri Lanka to secure final spot". NDTV. සම්ප්‍රවේශය 17 March 2018.
  23. "Pereras alleviate Sri Lankan pressure after top-order collapse". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2018.
  24. "Nidahas Trophy 2018, Final, Bangladesh vs India – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 19 March 2018.
"https://si.wikipedia.org/w/index.php?title=2018_නිදහස්_කුසලානය&oldid=491538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි