ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 1989-90

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 1989-90
ඔස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 1989 නොවැම්බර් 17 – 1990 පෙබරවාරි 18
නායකයන් ඇලන් බෝඩර් අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාර්ක් ටේලර් (304) අරවින්ද ද සිල්වා (314)
වැඩිම කඩුළු රවි රත්නායක (8) මර්ව් හියුස් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1989-90 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කළේය. එක් තරගයක් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව තරගාවලිය 1-0 ලෙස ජය ගත්තේය.[1]

ටෙස්ට් තරගමාලාව ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින තරග තුනකට සහභාගී විය. ඒ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමග කැන්බරා හීදී, වික්ටෝරියා ප්‍රාන්තය සමග සලේ හීදී හා දකුණු ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හීදීය. ඉන් වික්ටෝරියා සමග තරගය හැර අන් තරග දෙකම විසදුමකින් තොරව අවසන් විය. වික්ටෝරියා සමග තරගයෙන් වික්ටෝරියා පිලට ඉනිමක හා ලකුණු 3 ක ජයක් හිමි විය.[2][3][4]

ටෙස්ට් තරග 2න් පසුව වික්ටෝරියා කණ්ඩායම සහ වික්ටෝරියා ප්‍රාන්ත XI සමග එක්දින තරග 2ක් පිළිවෙලින් මෙල්බර්න් හා හස්ටින් වල පැවති අතර එම තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කින් හා කඩුලු 3කින් පරාජ විය.[5][6]

ජනවාරී 6, 7, 8 දිනවල තස්මේනියානු කණ්ඩායම හා පැවති තුන්දින තරගය විසදුමක් නොමැතිව අවසන් විය.[7] ජනවාරී 11 හා 12 කොමන්වෙල්ත් බැංකු ක්‍රිකට් ඇකඩමිය හා පැවති දෙදින තරගයද විසදුමක් නොමැතිව අවසන් විය.[8] දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත XI හා ජනවාරි 14 පැවති තරගයෙන් ලකුණු 35 ක ජයක් ශ්‍රී ලංකා පිළට හිමි විය.[9] ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත XI කණ්ඩායම හා පැවති තුන්දින තරගය විසදුමක් නොමැතිව අවසන් විය.[10]

නිව් සවුත් වේල්ස් කණ්ඩායම හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත XI සමග පැවති එක් දින තරග 2 න් මුල් තරගය ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකා පිළ ජය ගත්තේය.[11][12] කුවීන්ස්ලන්තය සමග පැවති දෙදින තරගය විසදුමක් නොමැතිව අවසන් වූ නමුත් එක්දින තරගය ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය.[13][14] කුවීන්ස්ලන්තය ප්‍රාන්ත XI සමග පැවති එක්දින තරගය ශ්‍රී ලංකා පිල කඩුළු 7 කින් ජයගත්තේය.[15]

බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පෙබරවාරි 2 හා 4 ද බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත XI කණ්ඩායම සමග පෙබරවාරි 6 එක්දින තරග 3ක් පැවත්විය. මින් පලමු හා තුන්වන තරග පිළිවෙලින් කඩුළු 4 කින් හා ලකුණු 63 කින් ජයගත් අතර දෙවන තරගය බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 65 කින් ජයගත්තේය.[16][17][18]

මෙම තරග අතරතුර ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියද පවත්වන ලදී.[19]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

පලවන තරගය[සංස්කරණය]

1989 දෙසැම්බර් 8-12
(දින 5 තරගය)
ලකුණුපත
367 (ඕවර 95.3)
ටොම් මූඩි 106 (179)
ග්‍රේම් ලැබ්රෝයි 5/133 (ඕවර 31.1)
375/6 (ඕවර 123)
මාර්ක් ටේලර් 164 (334)
අසංක ගුරුසිංහ 2/31 (ඕවර 10)

දෙවන තරගය[සංස්කරණය]

1989 දෙසැම්බර් 16-20
(දින 5 තරගය)
ලකුණුපත
224 (ඕවර 72.4)
පීටර් සිලීප් 47* (125)
RJ Ratnayake 6/66 (19.4 overs)
216 (ඕවර 83.4)
රොෂාන් මහනාම 85 (229)
PR Sleep 3/26 (10 overs)
513/5d (ඕවර 125)
ස්ටීව් වෝ 134* (177)
PA de Silva 2/65 (18 overs)
348 (ඕවර 141.4)
රවී රත්නායක 75 (187)
MG Hughes 5/88 (31.4 overs)
ඕස්ට්‍රේලියාව ලකුණු 173 කින් ජයග්‍රහණය කළේය
Bellerive Oval, Hobart
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: LJ King and SG Randell
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

බාහිර සබැදි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • Playfair Cricket Annual (annual)
  • Wisden Cricketers Almanack (annual)

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka in Australia Nov 1989/Jan 1990 - Results Summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  2. "Sri Lanka in Australia, 1989/90, New South Wales v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  3. "Sri Lanka in Australia, 1989/90, Victoria v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  4. "Sri Lanka in Australia, 1989/90, South Australia v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  5. "Sri Lanka in Australia, 1989/90, Victoria Country v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  6. "Sri Lanka in Australia, 1989/90, Victoria Country v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  7. "Sri Lanka in Australia, 1989/90, Tasmania v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  8. "Sri Lanka in Australia, 1989/90, Commonwealth Bank Cricket Academy v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  9. "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v South Australian Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
  10. "Sri Lanka in Australia, 1989/90, Australian Country XI v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  11. "Sri Lanka in Australia, 1989/90, New South Wales v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  12. "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v New South Wales Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  13. "Sri Lanka in Australia, 1989/90, Queensland v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය C. {{cite web}}: Check date values in: |access-date= (help)
  14. "Sri Lanka in Australia, 1989/90, Queensland v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  15. "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v Queensland Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  16. "Sri Lanka in Australia, 1989/90, Western Australia v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  17. "Sri Lanka in Australia, 1989/90, Western Australia v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  18. "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v Western Australia Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
  19. "World Series Cup in Australia (Aus Pak SL): Dec 1989/Feb 1990". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග