සනත් ජයසූරිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සනත් ජයසූරිය
Sanath jayasuriya portrait.jpg
2008 වසරේදී සනත් ජයසූරිය ශ්‍රීලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ අවස්ථාවක්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම සනත් ටෙරාන් ජයසූරිය
අපනාමය Master Blaster[1]
Matara Mauler[2]
උස 5 අඩි[convert: unknown unit]
පන්දුවට පහර දීමේ ශෛලිය Left-hand
පක්දු යැවීමේ ශෛලිය Slow left arm orthodox
භූමිකාව Batsman and Left arm spinner
නෑදෑයන් wife - Sumudhu Karunanayake (වි. 1998; සැකිල්ල:Abbr 1999)
Sandra De Silva (වි. 2000)
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම ශ්‍රීලංකාව
ටෙස්ට් මංගලාවතරණය (වරම 49) 22–26 Feb 1991 සඳහා New Zealandට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය 1–5 December 2007 සඳහා Englandට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap 58) 26 December 1989 v Australia
අවසාන එදිජා තරගය 28 June 2011 v England
එදිජා කමිස අංකය. 07
වි20ජා මංගලාවතරණය(cap 4) 15 June 2006 v England
අවසාන වි20ජා 25 June 2011 v England
Domestic team information
වසර කණ්ඩායම
1994 – present Bloomfield
2005 Somerset
2007 Marylebone Cricket Club
2007 Lancashire
2008 Warwickshire
2008–2010 Mumbai Indians
2010 Worcestershire
2011 Ruhuna Rhinos
2012 Khulna Royal Bengals
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය Test ODI FC List A
තරග 110 445 264 557
රැස්කල ලකුණු ගණන 6973 13430 14782 16128
පිතිකරණයේ සාමාන්‍යය 40.07 32.36 45.56 31.19
100s/50s 14/31 28/68 29/70 31/82
වැඩිම ලකුණු ගණන 340 189 340 189
පන්දු යැවීම් 8,188 14874 15,221 17,730
කඩුලු 98 323 205 413
පන්දු වැවීමේ සාමාන්‍යය 34.34 36.75 33.12 34.85
ඉනිමකදී කඩුලු 5 2 4 2 5
තරගයකදී කඩුලු 10 0 n/a 0 n/a
හොඳම පන්දු යැවීම 5/34 6/29 5/34 6/29
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 78/0 123/0 162/0 153/0
මූලාශ්‍රය: Cricinfo player profile, 27 December 2011

සනත් ටෙරාන් ජයසූරිය (උපත 1969 ජූනි 30, මාතර) ශ්‍රී ලංකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුය වන අතර වර්තමානය වන විට ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කරමින් සිටී.ඔහුගෙ පන්දුවට පහර දීමේ විලාශය සහ තරඟ දිනවීමේ සුවිශේෂී හැකියාව නිසා ලොව මෙතෙක් බිහිවූ හොඳම එක්දින ක්‍රීඩකයන් අතරට ඔහුද එක්ව සිටී.2013 ජනවාරි 28 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වශයෙන් පත් කල අතර මොහුගේ නිල කාලය තුල ශ්‍රීලංකා කණ්ඩායම ප්‍රථම වරට 2014 ක්‍රිකට් 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.


පෞද්ගලික ජීවිතය[සංස්කරණය කරන්න]

ශ්‍රි ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට 1989 දී සම්බන්ධ වූ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වු ක්‍රීඩකයෙකි. එක්දින තරඟවලදී ලකුණු 12000 ඉක්මවුද කඩුලූ 300 දවාගන්නා ලද්දා වුද ලොව සිටින එකම ක්‍රීඩකයා මොහුය. ජයසුරිය අධ්‍යාපනය ලද්දේ මාතර සර්වේෂස් විද්‍යාලයෙනි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන ලද්දේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදීය. ඒ එවකට සිටි විදුහල්පති ජී.එල්. ගල්ප්පත්ති සහ පුහුණුකරුවූ ලයනල් වනසිංහගේ පුර්ණ උපකාරය ඇතිවය. සනත් ජයසුරිය ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සමාජ සේවකයෙකු ලෙසද කටයුතු කරන අතර ශ්‍රි ලංකාවේ ඒඞ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර උදෙසා එක්සත් ජාතීන්ගේ සංවීධාකය මඟින් විශේෂිත ගෞරව තනතුරකින් ද පිදුම් ලැබිය.

අන්තර්ජාතික වාර්තා[සංස්කරණය කරන්න]

  1. එක් දින තරඟ වලදි වැඩියෙන්ම ලකුණු ලැබූ සිව්වැන්නා ලෙස සම තත්වය - විව් රිචිඩ්සන් සමග ලකුණු 189
  2. එක් දින තරඟ වල වඩාත්ම වේගවත් අර්ධ ශතකය වර්තමානයේ දරයි. පන්දු 17 කදි.
  3. ජාත්‍යන්තර එක් දින තරඟ වලදි ඉනිමකදි වැඩිම හයේ පහරවල් එල්ල කළ තැනැත්තා ලෙස සහීඩ් අෆ්රිඩි සමග සම වාර්තාව දරයි. ඒ පාකිස්ථානයට එරෙහිව සිංගප්පූරුවේදි (ඉනිමකදි ලකුණු 134 යි පන්දු 65 කදි)
  4. එක් දින තරඟ වලදි වැඩිම ලකුණු ගත් දෙවැන්නා ලෙස ලකුණු 12207 (දෙවැනි වන්නේ සචින් තෙන්ඩුල්කාර්ගේ 16361)
  5. එක් දින තරඟ ඉතිහාසයේ තරඟවලදි 150 කට වඩා හතර වතාවක් ලකුණු ලබා ගත් එකම පුද්ගලයා.
  6. එක් දින තරඟ ඉතිහාසයේ පිට පිට දෙවතාවක් 150 කට වඩා ගත් එකම පුද්ගලයා ලෙස.
  7. ජාත්‍යන්තර එක් දින තරඟයකදි වේගවත්ම ලකුණු 150 ගත් පුද්ගලයා ලෙස (පන්දු 95 කදි - එංගලන්තයට එරෙහිව 2006 දී)
  8. දැනට වැඩිම ශතක රැස් කළ තෙවැනි පුද්ගලයා ලෙස තැබූ වාර්තාව ශතක 25
  9. වේගවත්ම ශතකය ලබා ගැනීමේ වාර්තාවට හිමිකම් කිවේය. ඒ පන්දු 47 කදි (මෙම වාර්තාව ශ්‍රි ලංකාවට එරෙහිව තරඟයකදි සහීඩ් අෆ්රිඩි බිඳ දැමුවේය. ඒ පන්දු වාර 37 කදිය)
  10. එක් දින තරඟයකදි වැඩිම 6 ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස වාර්තාව දරයි. දැනට 6 ලකුණු ලබා ගත් වාර සංඛ්‍යාව 249 කි.
  11. එක් දින තරඟ වලදි එක් ඕවරයකට ලකුණු 30 කට වඩා ලබා ගත් ක්‍රීඩකයා ලෙස මෙම අවස්ථාව ඔහු දෙවරකදි ලබා ගෙන ඇත.ඒ පාකිස්ථානයට එරෙහිව සහ නවසීලන්තයට එරෙහිවයි. පසුව දකුණු අප්‍රිකාවේ හර්ෆල් ගිබ්සන් විසින් ඕවරයකදි හයේ පහර 6 ක් එල්ල කොට මෙම වාර්තාව බිඳ දැමීය. ඒ නෙදර්ලන්තයට එරෙහිව (Daan van bung) හීදි.
  12. එක් දින තරඟ වලදි වැඩිම වාර ගණනක් තරඟයේ වීරයා වූ දෙවැනියා ලෙස. වාර 45 යි. (පළමු වැන්නා තෙන්ඩුල්කාර් 57)
  13. ජාත්‍යන්තර එක් දින තරඟ 400 කට තරඟ කළ පළමු පුද්ගලයා ලෙස.
  14. ටෙස්ට් තරඟයකදි එක් ඕවරයකදි හතරේ පහරවල් 6ක් එල්ල කළ තෙවැනි පිතිකරු ලෙස මෙය ඔහුගේ අන්තිම ටෙස්ට් ඉනිමේදි - එංගලන්තයට එරෙහිව.

ජාත්‍යන්තර තොරතුරු[සංස්කරණය කරන්න]

1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟා වලිය පැවති කාලයේ සනත් ජයසුරිය ඔහුගේ උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල පන්දුවට පහර දීමේ විප්ලවයක් ඇති කළේය. මෙහිදි භාවිතා කළ උපක්‍රමය නම් පළමු පන්දු යවන්නන්ට පිටියේ සෑම අන්තයකටම දිගට හරහට පහර එල්ල කරමින් ඔවුන් දුර්මුඛ කිරිමය. මෙය අලුත් ක්‍රමයක් වුවද ඒ කාලයේ දී තරඟ දිනවිය හැකි උපායක් විය. ඉතා ඉක්මණින්ම මෙම ක්‍රමය ලෝක ක්‍රිකට් තරඟ වලදි පළමු පන්දුවට පහර දීමේ නියත ක්‍රමයක් බවට පත් විය. ග්ලෙන් මැක්ග්‍රාත් ජයසූරිය ගැන සඳහන් කරමින් කීවේ. "එය සෑම විටම කෙනෙකුට ගෞරවයක් වෙනවා මෙසේ කීමට හැකි වීම සම්බන්ධයෙන්. ඔවුන් ක්‍රීඩාවේ ගමන් මග වෙනස් කලා. ඔහුගේ දැවැන්ත ඉනිමයන් 1996 ලෝක කුසලාන තරඟ වලියේ පළමුවෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළ යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳ සැමගේ අදහස් වෙනස් කළා" යනුවෙනි.

ජයසූරිය ඔහුගේ සූවිශේෂ පහර කවර් පොයින්ට් සමග කට් සහ පුල් පහර ගැන ප්‍රසිද්ධය. ජයසූරිය 1995-96 ඕස්ට්‍රේලියානු සංචාරයේදි එක් දින තරඟ සඳහා පහර දෙන්නන්ගේ අනු පිළිවෙලේ මුල් පෙළ පහර දෙන්නෙකු ලෙස ඉදිරියට පැමිණ රොමේෂ් කලුවිතාරණ සමග මුල් ඕවර වලදි නිදහසේ ලකුණු රැස් කිරීමේ ක්‍රමය ප්‍රයෝජනයට ගත්තේය. 1996 ලෝක කුසලානය තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා දීමට ඔහුගේ දායකත්වය ඉතා තීරණාත්මක විය. සෑම ඉරියව්වකින්ම ලැබුණු දායකත්වය හේතුවෙන් තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමටද  ඔහු සමත් වූයේය.

පන්දුවට පහර දීම ගැන ඔහුගේ දර්ශනය ඔහුගේ ආක්‍රමණකාරී ආරම්භයෙන් කැටි කොට දක්වයි. ඔහු ගතවූ අවුරුදු ගණන පුරාම පන්දු යවන්නන්ගේ සංයෝගයන්ට මුහුන දී ඔවුන් අභිබවා සිටියේය. ගිල්ක්‍රිස්ට් සහ අෆ්රිඩි වැනි වෙනත් පිතිකරුවන් ගේද සමාන කම් දක්නට ලැබෙන නමුදු ලෝකයේ සිටින භයානකම පිතිකරුවා ලෙස හැඳින්වෙන්නේ ජයසූරියයි. ඔහු ජාත්‍යන්තර එක් දින තරඟ වලදී වැඩිම ශතක ලබා ගත් තැනැත්තන් අතර දෙවැන්නා මෙන්ම 150 කට වැඩියෙන් ලබා ගත් තැනැත්තාද වෙයි. ඔහුගේ අති විශිෂ්ඨ සහභාගිත්වය නිසා ශ්‍රී ලංකාව සහභාගී වූ තරඟ වලින් 80% ක්ම වාගේ ජයග්‍රහණය කර ඇත. ඒ හැම තරඟයකදීම ඔහු ලකුණු 50 කට වඩා රැස් කර ඇත. මෙසේ වීමට හේතු වූයේ ඔහුගේ ප්‍රවේගකාරී ලකුණු රැස් කිරීම සහ විරුද්ධ පන්දු යවන්නන්ට එල්ල කළ මානසික පීඩනයයි.

1997 වර්ෂයේ විස්ඩන් වර්ග කිරීම අනුව ඔහු එම වර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර 1999 සිට 2003 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසද ක්‍රියා කළේය. ඔහු ඉතා ප්‍රයෝජනවත්, සෑම අංශයකින්ම දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම ටෙස්ට් හා එක් දින තරඟ වල පන්දුවට පහර දීමේ හොඳ සාමාන්‍යයක් පවත්වාගෙන ගිය ක්‍රීඩකයෙකු විය. එමෙන්ම එක් දින තරඟ වලදී පන්දුවට පහර දීමේදී විශිෂ්ඨ ලකුණු ලබා ගැනීමේ අනුපාතයක්ද පවත්වා ගෙන ගියේය.

වමත් දඟ පන්දු යවන්නෙකු වූ හෙතෙම පන්දු යැවීමේ සාමාන්‍යය සැළකිය යුතු සහ වාසිදායක මට්ටමක පවත්වා ගෙන ගියේය. මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් වෙත පැවරී ඇති වගකීම් වලින් ඔවුන් යම් තරමකට මුදවා ගත්තේය. 2007 අගෝස්තු වලදී ඔහු තමන්ගේ අන්තර්ජාතික 400 වැනි විකට්ටුව ලබා ගත්තේය.

ජයසූරිය ඉතා දක්ෂ පන්දු රකින්නෙකි. 2005 වර්ෂයේ අග භාගයේ ක්‍රික්ඉන්ෆො (Cricinfo) ආයතනය මගින් සකස් කරන ලද වාර්තාවක, ඔහු ගැන සඳහන් වන්නේ 1999 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව, දුවද්දී දැවීමකට හසු කර ගත් ක්‍රීඩකයන් සම්බන්ධ එක් දින තරඟ වාර්තාවේ හත්වෙනි ස්ථානයද, සාර්ථකත්වය අතින් එකොළොස් වෙනි සාර්ථක අනුපාත තත්වය ඔහු විසින්ලබා ගෙන ඇති බවයි. (11th highest success rate).

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුනු සංඛ්‍යාවේ හිමිකරු වූයේද සනත් ජයසූරියයි. ඒ ඉන්දියාව සමග 1997 දී පවත්වන ලද තරඟයකදී ලකුණු 340 ක් ලබා ගැනීමෙනි. මෙම උත්සාහයේදී ඔහුගේ සහාය පිතිකරු වූයේ රොෂාන් මහානාමයි. දෙදෙනාගේ ලකුනු සම්බන්ධතාවය 576 ක් වූ අතර එය ඒ වන විට ටෙස්ට් තරඟයකදී දෙවන විකට්ටුව සඳහා වාර්තා කර තිබූ ‍හොඳම සම්බන්ධතාවය විය. මෙම වාර්තා දෙකම පසුව බිඳ හෙළන ලද්දේ ශ්‍රී ලංකාවේම ක්‍රීඩක මහේල ජයවර්ධන විසිනි. ඒ 2006 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කරන ලද තරඟයේදීය. එහිදි මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර එක් වී ලකුණු 624 ක් වාර්තා කළ අතර මහේල ජයවර්ධනගේ ලකුණු සංඛ්‍යාව 374 ක් විය.

ඔහු ජාත්‍යන්තර එක් දින තරඟයකදි වැඩිම ලකුණු ලබා ගත් දෙවැන්නා ලෙස විව් රිචඩ් සමග සම වාර්තාවට හිමිකම් කියයි. 2007 පෙබරවාරී වන විට වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 4 වැන්නා ලෙසත් ඉහළම නම දෙනාගෙන් හත් වැනියා ලෙසත් වූ වාර්තාව දරා සිටියේය.

දැනට වේගවත්ම අර්ධ ශතකය වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුය. පන්දු 17 කදි ඔහු එම අර්ධ ශතකය ලබා ගත්තේය. පාකිස්ථානයේ සහීඩ් අෆ්රිඩි වේගවත්ම ශතකය ලබා ගැනීමේ වාර්තාවට හිමිකම ලබන තෙක් පන්දු වාර 48 කදි වේගවත්ම ශතකය ලබා ගැනීමේ වාර්තාව ඔහු සතුව තිබුනේය. ඔහු එක් දින ජාත්‍යන්තර තරඟ වලදි වැඩිම හයේ පහරවල් එල්ල කළ පුද්ගලයා ලෙස වාර්තාවට හිමිකම් කියන අතර එම වාර ගණන 241 කි. එමෙන්ම ODI තරඟ වලදි ලකුණු 10000 ඉක්මවූ අයගෙන් 4 වැනි ක්‍රීඩකයායි. 2005 සැප්තැම්බර් 20 දින බංග්ලාදේශය සමග පැවැත්වූ දෙවැනි ටෙස්ට් තරඟයේදී ටෙස්ට් තරඟ 100 කට සහභාගී වූ පළමු ලාංකික ක්‍රීඩකයා වීමේ අවස්ථාව ලබා ගත්තේය. ඒ අනුව එම අවස්ථාව ලබා ගත් 33 වෙනි ක්‍රීඩකයාද ඔහු විය. එක් ඕවරයකදි වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාවද සතුව තිබුනේ ඔහුටය. ඒ ඕවරයකදි 30 ක් වශයෙනි. ඔහු මෙම තත්වය අවස්ථා දෙකකදී ලබා ඇත. පසුව දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් එම වාර්තාවට හිමිකම් කීවේය. ඒ ඕවරයකට ලකුණූ 36 ක් ලබා ගැනීමෙනි.

2006 අප්‍රේල් මාසයේදි පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ අදහස ගැන ඔහු ප්‍රකාශ කළේය. එහෙත් 2006 මැයි මාසයේ එංගලන්තය සමග පැවැත්වූ තරඟ වලට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමෙන් ඔහු එම අදහස ඉවත් කර ගෙන තිබුනි. ඔහුට පළමු ටෙස්ට් තරඟ දෙකට සහභාගී වීමේ අවස්ථාව ගිලි හී ගිය අතර ට්‍රෙන්ට් බ්‍රිජ් හීදී තුන් වැනි තරඟයට සහභාගී වූයේය. ඔහුගේ ටෙස්ට් තරඟ වැදීම එතරම් සාර්ථක නොවුනු නමුදු නැට්වෙස්ට් තරඟාවලියේදී ශතක දෙකක් රැස් කළේය. මෙයට අවසාන තරඟයේදී පන්දු 99 කට ලකුණු 152 ක් රැස් කිරීමද ඇතුලත් විය. මෙම ඉනිම් වලදි ඔහු සහ උපුල් තරංග (109) පළමු විකට්ටුව සඳහා ලකුණු 286 ක් ලබා ගත් අතර එය එක් දින තරඟ වල නව වාර්තාවක් විය. මෙම තරඟාවලියේදී ජයසූරිය විසින් ප්‍රදර්ශනය කරන ලද පිති හරඹය නිසා ඔහුට තරඟාවලියේ වීරයා විරුදාවලිය හිමි වූ අතර ශ්‍රී ලංකාවට 5 - 0 ලෙස ජය අත් විය.

නැට් වෙස්ට් කුසලාන තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකාව එක් දින තරඟ දෙකක් සඳහා ඕලන්දයට ගියේය. පළමු තරඟයේදී ජයසූරිය පන්දු 104 කට මුහුන දී ලකුණු 157 ක් රැස් කළේය. මෙහිදි ශ්‍රී ලංකාව සීමිත ඕවර ක්‍රිකට් තරඟයකදි ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව වූ (443/9) ක් ලබා ගත්තේ ඒ වන විට 2006 මාර්තුවේදී ඕස්ට්‍රේලියාව ට එරෙහිව දකුණු අප්‍රීකාව ලබා ගත් 439/9 ලකුණු සංඛ්‍යාව අභිබවා යමිනි. ශ්‍රී ලංකාව ලකුණු 195 කින් තරඟය දිනුවේය. ODI තරඟයකදි 150 කට වඩා පෞද්ගලික ලකුණු ලබා ගත් 4 වැනි අවස්ථාව මෙය වූ අතර මේ වන විට එම තත්වයේ පසු වන එකම ක්‍රීඩකයා ජයසූරියයි. මෙය පිට පිට දෙවැනි වතාවටත් 150 ට වඩා ලකුණු ලබා ගත් අවස්ථාවක් වූ අතර එය තවත් එක් දින තරඟ වලදී පළමු ස්ථානය විය.

බටහිර ඉන්දීය කොදෙව් හීදී පවත්වන ලද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදි ඔහු ශතක 2 ක්ද අර්ධ ශතක10 ක්ද වාර්තා කළේය.

2007 අයි සි සි (ICC)විස්සයි 20 තරඟ වලියේ ජයසූරිය ඔහුගේ සාම්ප්‍රදායික කොකබුරා පිත්ත වෙනුවට රිබොක් අනුග්‍රාහකත්වය සැපයු සාමාන්‍ය රීබොක් පිත්තක් පාවිච්චි කළේය. ඔහු මෙම තරඟාවලියේදි කණ්ඩායමේ අනිත් තරඟකරුවන් වූ නවසීලන්තය සහ කෙන්යාවට එරෙහිව අර්ධ ශතක දෙකක් ලබා ගත්තේය. ඔහු විස්සයි 20 ජාත්‍යන්තර තරඟයකදි ඕවර 4 කදි ලකුණු 64 ක් රැස් කළේය.

විස්සයි 20 ලොක කුසලාන තරඟාවලියෙන් පසු ජයසූරිය එංගලන්තයට එරෙහි එක් දින (3-2) පරාජිත තරඟ මාලාවටද, ඕස්ට්‍රේලියා‍ෙව්දී පවත්වන ලද පරාජිත ටෙස්ට් තරඟ මාලාවටද (2-0) සහභාගි විය. එංගලන්තයට එරෙහිව මහනුවරදි පැවති පළමු ටෙස්ට් තරඟයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමෙන් පසු තුන් වැනි දිනයේ තමන් මෙම තරඟය අවසානයේ ටෙස්ට් තරඟ වලින් විශ්‍රාම ගන්නා බවත් එහෙත් ජාත්‍යන්තර එක් දින තරඟ සඳහා දිගටම ක්‍රීඩා කරන බවත් ජයසූරිය ප්‍රකාශ කළේය. ඔහුගේ අන්තිම ටෙස්ට් තරඟයේදී ලකුණු 78 ක් ලබා ගත් අතර එක් ඕවරයකදි හයේ පහර හතරක් එල්ල කළේය. ඒ ජේම්ස් ඇන්ඩසන්ගේ ඕවරයකදීය.

2007 දෙසැම්බරයේදි ජයසූරිය 2008 විස්සයි20 (Twenty 20)තරඟ සඳහා වොර්වික්ෂයර් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කල බව ස්ථිරව ප්‍රකාශ කළේය.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සනත්_ජයසූරිය&oldid=336939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි