ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රලියාව
දින වකවානුව 2022 ජුනි 7 – 2022 ජූලි 12
නායකයන් දිමුත් කරුණාරත්න (ටෙස්ට්)

දසුන් ශානක (එදිජා හා වි20ජා)

පැට් කමින්ස් (ටෙස්ට්)

ආරොන් ෆින්ච් (එදිජා හා වි20ජා)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු දිනේෂ් චන්දිමාල් (219) ස්ටීව් ස්මිත් (151)
වැඩිම කඩුළු ප්‍රභාත් ජයසූරිය (12) නේතන් ලියොන් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (249) ග්ලෙන් මැක්ස්වෙල් (160)
වැඩිම කඩුළු දුනිත් වෙල්ලාලගේ (9) පැට් කමින්ස් (8)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඕස්ට්‍රලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු චරිත් අසලංක (103) ඩේවිඩ් වෝනර් (130)
වැඩිම කඩුළු වනිඳු හසරංග (5) ජොෂ් හේසල්වුඩ් (6)
තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව ආරොන් ෆින්ච්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2022 ජුනි සහ ජූලි මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ටෙස්ට් තරග දෙකක් (වෝන්-මුරලි කුසලානය, ඉංග්‍රීසි : Warne-Murali Cup) එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් (අනුග්‍රාහක හේතුමත ෆෙයාර් ප්ලේ නිව්ස් කුසලානය, ඉංග්‍රීසි : Fair Play News Cup) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට (අනුග්‍රාහක හේතුමත ඩරාස් කුසලානය, ඉංග්‍රීසි : Daraz Cup) ක්‍රීඩා කිරීමටයි.[1][2] ටෙස්ට් තරඟමාලාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසකි.[3][4] ක්‍රිකට් පාලක මණ්ඩල දෙකම 2022 මාර්තු මාසයේදී මෙම සංචාරය තහවුරු කළේය.[5]

ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 134ක සබඳතාවයක් ගොඩනැංවීමත් සමඟින් ඔස්ට්‍රේලියාව පළමු වි20ජා තරගය කඩුලු දහයකින් ජය ගත්තේය.[6] දෙවැනි වි20ජා තරගය කඩුලු තුනකින් ජයගත් ඔස්ට්‍රේලියාව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය.[7] ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ නොදැවී ලබාගත් අර්ධ ශතකයකින් පසුව ශ්‍රී ලංකාව තෙවැනි වි20ජා තරගය කඩුලු 4කින් ජය ගත් අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 2-1ක් ලෙස ජයගත්තේය.[8]

එදිජා තරගමාලාවේ ආරම්භක තරගයේ දී ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 51 කදී නොදැවී ලකුණු 80 ක්[9] රැස්කරමින් කඩුලු 2 කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.[10] ඕස්ටේ‍්‍රලියාවේ පිතිකරණ බිඳවැටීමෙන් පසු ශ්‍රී ලංකාව දෙවැනි එක්දින තරගය ලකුණු 26කින් ජය ගනිමින් තරගමාලාව සම කිරීමට සමත් විය.[11] පැතුම් නිශ්ශංක සිය පළමු ශතකය වාර්තා කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාව ලකුණු 291/6 ක් ලබා ගත්තද තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[12] එය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම සාර්ථක ලකුණු හඹායාම වූ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් ඉහළම සාර්ථක ලකුණු හඹා යාමයි.[13] සිවුවැනි තරගය ලකුණු 4කින් ජයගත් ශ්‍රී ලංකාව 1992 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව තම මව්බිමේදී පැවැති පළමු එක්දින තරගාවලිය ජයගැනීමට සමත්විය.[14] ඔස්ට්‍රේලියාව පස්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගත් අතර ශ්‍රී ලංකාව තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේය.[15]

පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව එක් සැසියක් ඇතුළත දැවී ගියේය.[16] ඕවර 22.5කදී ලකුණු 113කට දැවී ගියේය.[17] ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් පමණක් අවශ්‍යව තිබියදී ඩේවිඩ් වෝනර් පන්දු 4කින් ජයග්‍රාහී ලකුණු රැස්කළ අතර තෙවැනි දිනයේ දිවා ආහාර විවේකයට පෙර ඕස්ට්‍රේලියාව කඩුලු 10කින් ටෙස්ට් ජයග්‍රහණය කළේය.[18] දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 39කින් ජයගත් ශ්‍රී ලංකාව තරගමාලාව 1-1ක් ලෙස සමකර ගත්තේය.[19] ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඉනිමක ජයක් ලැබූ පළමු අවස්ථාව එය විය.[20] දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගයකදී සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ නොදැවී ලකුණු 206ක් රැස්කරමිනි.[21] ප්‍රභාත් ජයසූරිය මංගල තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ හොඳම පන්දු යැවීමේ ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ ලකුණු 177කට කඩුලු 12ක් ලබා ගනිමිනි.[22]

ආරොන් ෆින්ච් - වි20ජා තරගමාලාවේ වීරයා

සංචිත[සංස්කරණය]

ටෙස්ට් එක්දින (එදිජා) වි20ජා
 ශ්‍රී ලංකාව[23]  ඕස්ට්‍රේලියාව[24]  ශ්‍රී ලංකාව[25]  ඕස්ට්‍රේලියාව[26]  ශ්‍රී ලංකාව[27]  ඕස්ට්‍රේලියාව[28]
  • පැට් කමින්ස් (නා)
  • ස්ටීව් ස්මිත් (උප)
  • ඇෂ්ටන් ඒගාර්
  • ස්කොට් බෝලන්ඩ්
  • ඇලෙක්ස් කේරි
  • කැමරන් ග්රීන්
  • ජොෂ් හේසල්වුඩ්
  • ට්‍රැවිස් හෙඩ්
  • ජොෂ් ඉන්ග්ලිස්
  • උස්මාන් කවාජා
  • මාර්නස් ලැබුස්චේන්
  • නේතන් ලියොන්
  • මිචෙල් මාෂ්
  • මිචෙල් ස්ටාක්
  • මිචෙල් ස්වෙප්සන්
  • ඩේවිඩ් වෝනර්
  • ආරොන් ෆින්ච් (නා)
  • ඇෂ්ටන් ඒගාර්
  • ඇලෙක්ස් කේරි
  • පැට් කමින්ස්
  • කැමරන් ග්රීන්
  • ජොෂ් හේසල්වුඩ්
  • ට්‍රැවිස් හෙඩ්
  • ජොෂ් ඉන්ග්ලිස්
  • මැතිව් කුනමන්
  • මාර්නස් ලැබුස්චේන්
  • මිචෙල් මාෂ්
  • ග්ලෙන් මැක්ස්වෙල්
  • ජේ රිචඩ්සන්
  • කේන් රිචඩ්සන්
  • ස්ටීව් ස්මිත්
  • මිචෙල් ස්ටාක්
  • මාකස් ස්ටොයිනිස්
  • මිචෙල් ස්වෙප්සන්
  • ඩේවිඩ් වෝනර්
  • දසුන් ශානක (නා)
  • චරිත් අසලංක
  • දුෂ්මන්ත චමීර
  • නුවනිදු ප්‍රනාන්දු
  • ධනුෂ්ක ගුණතිලක
  • වනිඳු හසරංග
  • ප්‍රවීන් ජයවික්‍රම
  • චාමික කරුණාරත්න
  • ලහිරු මධුශංක
  • කුසල් මෙන්ඩිස්
  • රමේෂ් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • මතීෂ පතිරණ
  • භානුක රාජපක්ෂ
  • කසුන් රාජිත
  • ලක්ෂාන් සඳකැන්
  • මහේෂ් තීක්ෂණ
  • නුවන් තුෂාර
  • ආරොන් ෆින්ච් (නා)
  • ෂෝන් ඇබට්
  • ඇෂ්ටන් ඒගාර්
  • ජොෂ් හේසල්වුඩ්
  • ජොෂ් ඉන්ග්ලිස්
  • මිචෙල් මාෂ්
  • ග්ලෙන් මැක්ස්වෙල්
  • ජේ රිචඩ්සන්
  • කේන් රිචඩ්සන්
  • ස්ටීව් ස්මිත්
  • මිචෙල් ස්ටාක්
  • මාකස් ස්ටොයිනිස්
  • මිචෙල් ස්වෙප්සන්
  • ඩේවිඩ් වෝනර්
  • මැතිව් වේඩ්

වි20ජා තරගමාලාව සඳහා ශ්‍රී ලංකාව සංචිත ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ සහ නිරෝෂන් දික්වැල්ල ද නම් කර ඇත.[29] කසුන් රාජිත සහ මතීෂ පතිරණ අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔවුන් වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් නම් කර තිබේ.[30] වනිඳු හසරංග ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් දෙවන තරඟය සඳහා ඉවත් කරනු ලැබුවේ ඉකිලි ආබාධයකට ලක්වීම හේතුවෙනි.[31] ශ්‍රී ලංකාව ඔවුන්ගේ ටෙස්ට් සංචිතයේ ආදේශක ක්‍රීඩකයන් ලෙස දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසාංජන නම් කර ඇත.[32] ප්‍රවීන් ජයවික්‍රම කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරන ලදී.[33] දෙවන ටෙස්ට් තරගයට පෙර දින, ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේකොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු තරගයෙන් ඉවත් කරන ලදී.[34] දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභාත් ජයසූරිය, ලක්ෂිත මානසිංහ, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ ඇතුළත් විය.[35][36]

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂෝන් ඇබට් ඔවුන්ගේ වි20ජා සංචිතයෙන් ඉවත් කරනු ලැබුවේ ඇඟිල්ලක ඇතිවූ අබාධයක් හේතුවෙනි.[37] පළමු වි20ජා තරගයේදී මිචෙල් ස්ටාක් අතේ ආබාධයකට ලක් වූ අතර, එය ඔහුට සුදු පන්දු තරගවලින් ඉවත් විය.[38] ජේ රිචඩ්සන් ඕස්ට්‍රේලියානු එදිජා සංචිතයට මිචෙල් ස්ටාක් සඳහා ආවරණයක් ලෙස එක් කරන ලදී.[39] මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු එක්දින තරඟවලින් ඉවත් කරනු ලැබු අතර කේන් රිචඩ්සන් ඔවුන්ගේ එක්දින සංචිතයට ආවරණයක් ලෙස එක් කර ඇත.[40] පළමු එක්දින තරගයේදී මාකස් ස්ටොයිනිස් ආබාධයකට ලක් වූ අතර, ඔහුට තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් විය.[41] එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට මැතිව් කුනමන් සහ ට්‍රැවිස් හෙඩ් එක්විය.[42] කෙසේ වෙතත්, ට්‍රැවිස් හෙඩ් පස්වන සහ අවසාන එක්දින තරගයෙන් ඉවත් කරන ලද්දේ මස්පිඬු ආබාධයක් හේතුවෙනි.[43] හෙඩ්ගේ ආබාධයේ ප්‍රතිඵලයක් ලෙස ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට එක් කරන ලදී.[44] දෙවන ටෙස්ට් තරඟය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඇෂ්ටන් ඒගාර් ඉවත් කරන ලද අතර ඔහු වෙනුවට ජෝන් හොලන්ඩ් නම් කරන ලදී.[45]

ක්‍රීඩාංගණ[සංස්කරණය]

ශ්‍රී ලංකාව
කොළඹ මහනුවර ගාල්ල
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ගාල්ල ක්‍රීඩාංගණය
ධාරිතාවය : 35,000 ධාරිතාවය : 35,000 ධාරිතාවය : 35,000

වි20ජා තරඟමාලාව[සංස්කරණය]

1 වන වි20ජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
128 (ඕවර 19.3)
ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් ජයග්‍රහණය කළේය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ජොෂ් හේසල්වුඩ්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2 වන වි20ජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
124/9 (ඕවර 20)
ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව මැතිව් වේඩ්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ ශ්‍රී ලංකාව ප්‍රගීත් රඹුක්වැල්ල
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

3 වන වි20ජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
177/6 (ඕවර 19.5)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දසුන් ශානක
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ ශ්‍රී ලංකාව රවීන්ද්‍ර විමලසිරි
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
300/7 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ඕවර 44 කදී ලකුණු 282 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
  • ශ්‍රී ලංකාව දුනිත් වෙල්ලාලගේ ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
220/9 (ඕවර 47.4)
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ඕවර 43 කදී ලකුණු 216 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
  • ඕස්ට්‍රේලියාව මැතිව් කුනමන් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

3 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
292/4 (ඕවර 48.3)
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව පැතුම් නිශ්ශංක
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව පැතුම් නිශ්ශංක එක්දින තරඟවලදී ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[46]

4 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
258 (ඕවර 49 )
ශ්‍රී ලංකාවට ලකුණු 4ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චරිත් අසලංක
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ ශ්‍රී ලංකාව ප්‍රගීත් රඹුක්වැල්ල
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව චරිත් අසලංක එක්දින තරඟවලදී ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[47]

5 වන එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
160 (ඕවර 43.1)
 ඕස්ට්‍රේලියාව
164/6 (ඕවර් 39.3)
ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චාමික කරුණාරත්න
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2022 ජූනි 29 - ජූලි 3
ලකුණු පුවරුව
10/0 (ඕවර 0.4)
ඩේවිඩ් වෝනර් 10* (4)
ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් ජයග්‍රහණය කළේය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල

විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ ඉන්දියාව නිතින් මෙනන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් 2 වන දින දිවා ආහාරයට පෙර කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි විය.
  • ශ්‍රී ලංකාව ජෙෆ්රි වැන්ඩර්සේ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  • ඕස්ට්‍රේලියාව නේතන් ලයන් ආසියාවේදී, ආසියාවෙන් පිට සංචාරක කණ්ඩායමක පන්දු යවන්නෙක් තරගයක කඩුළු පහක් බැගින් දවාගත් වාර්තාව (9) ඕස්ට්‍රේලියාව ෂේන් වෝන් සමඟ සම කළේය.[48]
  • කොවිඩ්-19 තත්වය මත ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ශ්‍රී ලංකාව ඕෂද ප්‍රනාන්දු ශ්‍රී ලංකාව සඳහා ආදේශක ක්‍රීඩකයා ලෙස පත් කරන ලදී.[49]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ඕස්ට්‍රේලියාව 12, ශ්‍රී ලංකාව 0.

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

2022 ජූලි 8-12
ලකුණු පුවරුව
431/6 (ඕවර් 149)
දිනේෂ් චන්දිමාල් 206* (326)
මිචෙල් ස්ටාක් 4/89 (ඕවර 29 )
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 39ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල

විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ එංගලන්තය මයිකල් ගොෆ්

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Details confirmed for Australia's tour of Sri Lanka". Cricket Australia. සම්ප්‍රවේශය 25 March 2022.
  2. "Schedule for Australia Tour of Sri Lanka announced". The Papare. සම්ප්‍රවේශය 25 March 2022.
  3. "Australia tour of Sri Lanka 2022". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 25 March 2022.
  4. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  5. "Australia to tour Sri Lanka for all-format series after six-year gap". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 March 2022.
  6. "Hazlewood, Warner and Finch spearhead crushing opening win for Australia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 June 2022.
  7. "Australia seal the series despite Hasaranga's heroics". The Papare. සම්ප්‍රවේශය 8 June 2022.
  8. "Shanaka's 25-ball 54* scripts stunning victory for Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 June 2022.
  9. "Maxwell denies Sri Lanka despite Hasaranga heroics". The Papare. සම්ප්‍රවේශය 14 June 2022.
  10. "Glenn Maxwell brilliance takes Australia to narrow victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
  11. "Karunaratne stars as Sri Lanka level series". The Papare. සම්ප්‍රවේශය 16 June 2022.
  12. "Nissanka hits maiden ton as hosts cruise to big win". Cricket Australia. සම්ප්‍රවේශය 19 June 2022.
  13. "Records tumble at R.Premadasa as Sri Lanka pull off a massive chase". The Papare. සම්ප්‍රවේශය 19 June 2022.
  14. "Kuhnemann's late heroics not enough after Warner's 99". Cricket Australia. සම්ප්‍රවේශය 21 June 2022.
  15. "Carey, bowlers earn Australia consolation victory". Cricket Australia. සම්ප්‍රවේශය 24 June 2022.
  16. "How it happened: Sri Lanka - 113 all out in 22.5 overs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 July 2022.
  17. "Bizarre batting by Sri Lanka as Australia go 1-0 up". The Papare. සම්ප්‍රවේශය 1 July 2022.
  18. "Travis Head and Nathan Lyon rip through Sri Lanka to secure huge win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 July 2022.
  19. "Chandimal, Jayasuriya guide hosts to a famous victory". International Cricket Council. සම්ප්‍රවේශය 11 July 2022.
  20. "Stats - Dream debut for Prabath Jayasuriya and a record knock by Dinesh Chandimal". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2022.
  21. "Jayasuriya's 12-wicket haul, Chandimal's 206* give Sri Lanka series-levelling win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2022.
  22. "Series drawn as Australia collapse under spin trial". Cricket Australia. සම්ප්‍රවේශය 11 July 2022.
  23. "Jeffrey Vandersay named in Sri Lanka Test squad for Australia series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 June 2022.
  24. "Harris misses Test squad, white-ball at full strength". Cricket Australia. සම්ප්‍රවේශය 29 April 2022.
  25. "Rajapaksa recalled to ODI squad for Australia series". CricBuzz. සම්ප්‍රවේශය 10 June 2022.
  26. "Pat Cummins rested for Sri Lanka T20Is; big guns return for white-ball leg". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 April 2022.
  27. "Sri Lanka T20I squad for the Australia series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 1 June 2022.
  28. "Australia name squads for Sri Lanka tour". International Cricket Council. සම්ප්‍රවේශය 29 April 2022.
  29. "Sri Lanka call up Matheesha Pathirana, Nuwanidu Fernando for T20I series against Australia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 June 2022.
  30. "Rajitha and Pathirana ruled out from 3rd T20I due to injuries". The Papare. සම්ප්‍රවේශය 12 June 2022.
  31. "Sri Lanka suffer Hasaranga blow as they look to fight back". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 June 2022.
  32. "Sri Lanka Test squad for Australia series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 25 June 2022.
  33. "Praveen Jayawickrama ruled out of second Test with Australia due to Covid". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 July 2022.
  34. "Dhananjaya, Asitha and Vandersay join Sri Lanka's Covid-19 list". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 July 2022.
  35. "Maheesh Theekshana and Dunith Wellalage called into Sri Lanka Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2022.
  36. "Prabath Jayasuriya added to Test squad". The Papare. සම්ප්‍රවේශය 6 July 2022.
  37. "Injured Abbott out, changes made to Aussie touring party". Cricket Australia. සම්ප්‍රවේශය 7 June 2022.
  38. "Starc to miss start of ODIs, Richardson added to squad". Cricket Australia. සම්ප්‍රවේශය 9 June 2022.
  39. "Starc to miss third T20I against Sri Lanka with finger injury, in doubt for ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 June 2022.
  40. "Mitchell Marsh ruled out of final Sri Lanka T20I, unlikely for ODI series too". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 June 2022.
  41. "Stoinis ruled out of SL ODIs; Head, Kuhnemann called up". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 June 2022.
  42. "Stoinis' tour over as Kuhnemann joins ODI squad". Cricket Australia. සම්ප්‍රවේශය 15 June 2022.
  43. "Travis Head ruled out of final ODI with hamstring issue as Australia's injury list continues to grow". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2022.
  44. "Maxwell in line for shock Test return". Cricket Australia. සම්ප්‍රවේශය 23 June 2022.
  45. "Ashton Agar ruled out of second Test, Jon Holland added to squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 July 2022.
  46. "Pathum Nissanka's brilliant maiden ODI hundred secures big chase". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 June 2022.
  47. "Sri Lanka win nail-biter to clinch series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 June 2022.
  48. "Australian spinner Nathan equals Shane Warne's record with his five-wicket haul against Sri Lanka in 1st Test". Times Now. 30 June 2022. 30 June 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 June 2022.
  49. "Angelo Mathews out of Galle Test due to Covid-19". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 July 2022.
  50. "Jayasuriya takes six as Sri Lanka fight back, Smith remains unbeaten". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 July 2022.
  51. "Pathum Nissanka out of second test with Covid". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2022.
  52. "Chandimal's maiden double century puts Sri Lanka in driving seat". The Papare. සම්ප්‍රවේශය 11 July 2022.

බාහිර සබැඳි[සංස්කරණය]