Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 1995–96

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 1995–96
 
  බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකාව
දිනයs 1996 අප්‍රේල් 12 – 1996 අප්‍රේල් 13
නායකයන් කර්ට්නි වොල්ෂ් අර්ජුන රණතුංග
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 1-match series 1–0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1996 අප්‍රේල් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කළ අතර එකම එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේය. ඒ 1996 අප්‍රේල් 13 දින ට්‍රිනිඩෑඩ්හි පෝර්ට් ඔෆ් ස්පේන් හි ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ය. ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කර වසර 100 සැමරීම නිමිත්තෙන් මෙම තරගය පැවැත්විණි.[1]

ශ්‍රී ලංකාව ලකුණු 35 කින් ජයග්‍රහණය කළ අතර එහි නායකත්වය අර්ජුන රණතුංගට හිමි විය . කෝට්නි වොල්ෂ් විසින් බටහිර ඉන්දීය කොදෙව් පිළ මෙහෙය වීය.[2]

පුහුණු තරගය

[සංස්කරණය]
ශ්‍රී ලංකාව 
309/5 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් XI
168 (ඕවර 40)
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් XI පන්දු රැකීමට තීරණය කළේය.

එක්දින තරග සාරාංශය

[සංස්කරණය]
ශ්‍රී ලංකාව 
251 (ඕවර 48.3)
ශ්‍රී ලංකාව ලකුණු 35 කින් ජයග්‍රහණය කළේය
ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ක්ලයිඩ් කම්බර්බැච් සහ බටහිර ඉන්දීය කොදෙව් එඩී නිකොල්ස්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

යොමුව

[සංස්කරණය]
  1. ^ Cozier, Tony (1997). "The Sri Lankans in the West Indies, 1995-96". In Engel, Matthew (ed.). Wisden Cricketers' Almanack 1997. John Wisden & Co Ltd. pp. 1153–1154. ISBN 0-947766-38-3.
  2. ^ "Sri Lanka in West Indies 1995/96". CricketArchive. සම්ප්‍රවේශය 27 March 2020.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග