ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2019

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2019
ඕස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2019 ඔක්තෝබර් 24 – 2019 නොවැම්බර් 1
නායකයන් ආරොන් ෆින්ච් ලසිත් මාලිංග
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩේවිඩ් වෝනර් (217)[1] කුසල් පෙරේරා (100)[1]
වැඩිම කඩුළු පැට් කමින්ස් (6)[2] ලසිත් මාලිංග (2)[2]
තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල ඔස්ට්‍රේලියාවේ සංචාරය කළේ ජාත්‍යන්තර විස්සයි20 (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමටයි.[3][4] 2019 මැයි මාසයේදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය ඇඩිලේඩ්, බ්‍රිස්බේන් සහ මෙල්බර්න් හි තරඟ පැවැත්වීම සිදුකරන බව තහවුරු කළේය.[5][6] ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ආරොන් ෆින්ච් කටයුතු කළ අතර පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.

ඇඩිලේඩ්හිදී පැවැති ආරම්භක තරගයේදී ඩේවිඩ් වෝනර්ගේ ශතකය සමග ලකුණු 134ක ජයක් අත්කර දෙමින් ඕස්ටේ‍්‍රලියාව වි20ජා තරගයක සිය විශාලතම ජය වාර්තා කළේය. ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 233ක් ලබා ගත් අතර ඔවුන්ගේ පන්දුවාර විස්සේදී ශ්‍රී ලංකාව 9/99 කට සීමා කිරීමට ඔවුන් සමත් විය. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පැවති දෙවනි තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කළේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගමාලාව ජය ගත්තේය.[7] ඔස්ට්‍රේලියාව අවසන් තරගය කඩුලු 7කින් ජය ගනිමින් තරගමාලාව 3-0ක් ලෙස ජය ගත්තේය.[8] ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 217ක් ලබා ගනිමින් තරගමාලාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර පැට් කමින්ස් දවා ගැනීම් හයක් සමඟින් වැඩිම කඩුලු ලාභියා විය.

සංචිත[සංස්කරණය]

ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)
වි20ජා
 ඕස්ට්‍රේලියාව[9]  ශ්‍රී ලංකාව[10]

තරගාවලියට පෙර ඇන්ඩෲ ටයි වැලමිටේ ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවත් විය.[11] ඔහු වෙනුවට ෂෝන් ඇබට් නම් කර ඇත.[12] දෙවන තරගයෙන් පසු ග්ලෙන් මැක්ස්වෙල් මානසික සෞඛ්‍ය ගැටලුවක් සමඟ කටයුතු කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගත් අතර ඩී'ආර්සි ෂෝර්ට් ඔහු වෙනුවට නම් කරන ලදී.[13]

පුහුණු තරගය[සංස්කරණය]

2019 ඔක්තෝබර් 24
19:10
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
131/8 (ඕවර 20)
ඕස්ට්‍රේලියාව අගමැතිගේ XI
132/9 (ඕවර 19.5)
අගමැතිගේ XI පිලට කඩුලු 1ක ජයක්
මනුක ඕවල්, කැන්බරා
තරගයේ වීරයා: හැරී නීල්සන් (අගමැතිගේ XI)
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ජෙෆ් ජෝෂුවා සහ ඕස්ට්‍රේලියාව ට්‍රෝයි පෙන්මන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2019 ඔක්තෝබර් 27
14:00
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
99/9 (ඕවර 20)
ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ජෙරාඩ් අබූඩ් සහ ඕස්ට්‍රේලියාව පෝල් විල්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව කසුන් රාජිතගේ පන්දු යැවීමේ සංඛ්‍යා (4-0-75-0) වි20ජා තරගවල දුර්වලම පන්දු යැවීම වේ.[14]
  • ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර් වි20ජා තරගවල ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.[15]
  • ලකුණු අනුව, මෙය ඔස්ට්‍රේලියාවේ විශාලතම ජයග්‍රහණය විය,[16] සහ වි20ජා තරගවලදී ශ්‍රී ලංකාව ලැබූ විශාලතම පරාජය.[17]

2 වන තරගය[සංස්කරණය]

2019 ඔක්තෝබර් 30
18:10
(රාත්‍රී)
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්
ද ගබ්බා, බ්‍රිස්බේන්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ජෙරාඩ් අබූඩ් සහ ඕස්ට්‍රේලියාව පෝල් විල්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන තරගය[සංස්කරණය]

2019 නොවැම්බර් 1
19:10
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
142/6 (ඕවර 20)
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ෂෝන් ක්‍රේග් සහ ඕස්ට්‍රේලියාව පෝල් විල්සන්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වි20ජා තරගවල ලකුණු 2,000 රැස් කළ පළමු පිතිකරුවා විය.[18]

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 "Most runs in the 2019–20 Australia v Sri Lanka T20I series". ESPNcricinfo. 1 November 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 November 2019.
  2. 2.0 2.1 "Most wickets in the 2019–20 Australia v Sri Lanka T20I series". ESPNcricinfo. 1 November 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 November 2019.
  3. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  4. "CA-BCCI dispute shunts New Zealand's tour to late March". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 May 2019.
  5. "CA announce 2019-20 summer schedule". Cricket Australia. සම්ප්‍රවේශය 7 May 2019.
  6. "Cricket Australia's 2019-20 cricket schedule unveiled". Fox Sports. සම්ප්‍රවේශය 7 May 2019.
  7. "All-round Australia dismantle Sri Lanka to seal series win". International Cricket Council. සම්ප්‍රවේශය 30 October 2019.
  8. "Warner guides Australia to T20I clean sweep". Cricket Australia. සම්ප්‍රවේශය 1 November 2019.
  9. "Stoinis dropped from T20I squad; McDermott, Stanlake recalled". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 October 2019.
  10. "Bhanuka Rajapaksa, Oshada Fernando retained in Sri Lanka T20I squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 October 2019.
  11. "Abbott called up to join Australia's T20 squad". Cricket Australia. සම්ප්‍රවේශය 26 October 2019.
  12. "Sean Abbott replaces Andrew Tye for Sri Lanka T20I series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 October 2019.
  13. Cherny, Daniel (31 October 2019). "Glenn Maxwell to take break from cricket with mental health issue". The Age. සම්ප්‍රවේශය 31 October 2019.
  14. "Sri Lanka Bowler Kasun Rajitha Achieves Unwanted Record; Concedes 75 Runs In 4 Overs". Cricket Addictor. සම්ප්‍රවේශය 27 October 2019.
  15. "David Warner hits maiden T20 century on final ball of innings". ABC News. සම්ප්‍රවේශය 27 October 2019.
  16. "Warner's birthday present secures record win". Cricket Australia. සම්ප්‍රවේශය 27 October 2019.
  17. "David Warner 100*, Australia 233, Sri Lanka 99". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 October 2019.
  18. "Australia vs Sri Lanka: Record-breaking David Warner leads Australia to clean sweep over Sri Lanka". Sporting News. සම්ප්‍රවේශය 1 November 2019.

බාහිර සබැදි[සංස්කරණය]

ESPN Cricinfo හි තරගමාලා පිටුව