ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2018

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2018
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 06 ජූනි 2018 – 27 ජූනි 2018
නායකයන් දිනේෂ් චන්දිමාල් ජේසන් හෝල්ඩර්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (285) ශේන් ඩොව්රිච් (288)
වැඩිම කඩුළු ෂැනොන් ගැබ්‍රිල් (20) ලහිරු කුමාර (17)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් ශේන් ඩොව්රිච්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කළේ ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2] මෙම තරගමාලාව සෝබර්ස්-තිසේරා කුසලානය ලෙස නම් කරන ලදි. මෙම සංචාරයට 2008 අප්‍රේල් මාසයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව්හිදී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු ටෙස්ට් තරඟය ඇතුළත් වූ අතර කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය පැවැත් විය.[3] කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය බවටද පත් විය.[4][5] ටෙස්ට් තරඟ වලට පෙර තුන්දින පුහුණු තරගයක්ද තිබුනි.[6] ටෙස්ට් තරගමාලාව 1-1 ලෙස සම විය.[7]

2018 මැයි 19 වන දින, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් (CWI) නිවේදනය කළේ ඔවුන් එක් ටෙස්ට් තරඟයක් ඉවත් කර, එයට එක්දින තරඟ කිහිපයක් පැවැත්විය හැකි බවයි.[8] කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරඟයට පෙර දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළේ එය තරඟ තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් වන බවයි.[9] දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරණි පන්දුව වෙනුවට නව පන්දුවකින් තෙවැනි දින තරගය ආරම්භ කිරීමට විනිසුරුවන් ගත් තීරණයට විරෝධය පළ කළේය.[10][11] දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී පිටිය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, පන්දුව වෙනස් කිරීම පිළිබඳ එකඟ නොවීම පෙන්නුම් කිරීම හේතුවෙන් පැය දෙකක කාලයක් ප්‍රමාද වීමට හේතු විය.[12] “පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ” වරදට අයිසීසීය චන්දිමාල්ට චෝදනා කළේය.[13] චන්දිමාල් චෝදනාවට නිවරදකරු බවට ප්‍රකාශ කලේය. තුන්වන තරඟයට පෙර, ICC විසින් ඔහුට එක් ටෙස්ට් තරඟයක් තහනම් කරන ලද අතර,[14] එම තීරණයට එරෙහිව චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කළේය.[15] ICCය චන්දිමාල්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කළ අතර, එක් තරඟයක තහනම තහවුරු විය.[16] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් චන්දිමාල්ගේ නොපැමිණීම හේතුවෙන් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගයේ නායකයා ලෙස සුරංග ලක්මාල් නම් කර තිබේ.[17] ඔහු ටෙස්ට් තරඟයකදී ශ්‍රී ලංකාවේ නායකත්වය දරන දහසය වන ක්‍රීඩකයා බවට පත්විය.[18]

සංචිත[සංස්කරණය]

 බටහිර ඉන්දීය කොදෙව්[19]  ශ්‍රී ලංකාව[20]
  • ජේසන් හෝල්ඩර් (නා)
  • දේවේන්ද්‍ර බිෂූ
  • ක්‍රේග් බ්‍රැත්වේට්
  • රොස්ටන් චේස්
  • මිගෙල් කමින්ස්
  • ෂේන් ඩව්රිච් (කරැ)
  • ෂැනන් ගේබ්රියෙල්
  • ජහ්මාර් හැමිල්ටන් (කරැ)
  • ශිම්රොන් හෙට්මියර්
  • ෂායි හෝප්
  • කීමෝ පෝල්
  • කිරාන් පවෙල්
  • කෙමාර් රෝච්
  • ඩෙවෝන් ස්මිත්
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • අකිල ධනංජය
  • ධනංජය ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • අසිත ප්‍රනාන්දු
  • ලහිරු ගමගේ
  • ධනුෂ්ක ගුණතිලක
  • රංගන හේරත්
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්රුවන් පෙරේරා
  • කුසල් පෙරේරා
  • කසුන් රාජිත
  • දසුන් ශානක
  • රොෂේන් සිල්වා
  • මහේල උඩවත්ත
  • ජෙෆ්රි වැන්ඩර්සේ

සංචාරයට පෙර ධනංජය ද සිල්වා මුලින් ඔහුගේ පියාගේ අභාවයත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් විය.[21] කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරඟයට පෙර ඔහු නැවත සංචිතයට පැමිණියේය.[22] දෙවන ටෙස්ට් තරඟයට පෙර ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු ගමගේට ඉතිරි තරඟමාලාව සඳහා වූ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානක කණ්ඩායමට ඇතුළත් කර තිබේ.[23] බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කිමෝ පෝල් ආදේශ කිරීමත් සමඟ ෂිම්රොන් හෙට්මියර් අසනීප හේතුවෙන් අවසන් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් විය.[24] තුන්වන සහ අවසාන ටෙස්ට් තරඟයට පෙර හැසිරීම් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජෙෆ්රි වැන්ඩර්සේව සංචිතයෙන් ඉවත්කර නැවත මව්‍රට බලා පිටත් කොට හැරීය.[25]

පලමු ටෙස්ට් තරගය[සංස්කරණය]

2018 ජුනි 06-10
ලකුණුපත
414/8d (ඕවර 154)
ශේන් ඩොව්රිච් 125* (325)
ලහිරු කුමාර 4/95 (ඕවර 31)
223/7 d (ඕවර 72)
කිරන් පවෙල් 88 (127)
ලහිරු කුමාර 3/40 (ඕවර 9)
226 (ඕවර 83.2)
කුසල් මෙන්ඩිස් 102 (210)
රස්ටොන් චේස් 4/15 (ඕවර 8.2)
බටහිර ඉන්දීය කොදෙව්ට ලකුණු 226 ක ජයක්
කුවීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ශේන් ඩොව්රිච්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බර්ග්
  • කාසියේ වාසිය ලැබූ බටහිර ඉන්දීය කොදෙව් පිළ පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර තරගයට ක්‍රීඩා කළ හැකි වූයේ ඕවර 9.3 ක් පමණි.
  • ටෙස්ට් #2306

දෙවන ටෙස්ට් තරගය[සංස්කරණය]

2018 ජුනි 14-18
ලකුණුපත
300 (ඕවර 100.3)
ඩෙවන් ස්මිත් 61 (176)
ලහිරු කුමාර 4/86 (ඕවර 26.3)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ දෙවැනි දිනයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 42.3ක් පමණි.
  • ටෙස්ට් #2308
  • ශ්‍රී ලංකාව කසුන් රාජිත සහ ශ්‍රී ලංකාව මහේල උඩවත්ත දෙදෙනාම තම මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.
  • බටහිර ඉන්දීය කොදෙව් කේමර් රොච් ඔහුගේ 150 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.[26]
  • බටහිර ඉන්දීය කොදෙව් ෂැනන් ගේබ්‍රියෙල් ටෙස්ට් තරඟ වලදී තරගයක ඔහුගේ පළමු කඩුලු 10 වාර්තාව සහ ඔහුගේ 100 වන කඩුල්ල යන දෙකම ලබා ගත්තා.[27][28]

තෙවන ටෙස්ට් තරගය[සංස්කරණය]

204 (ඕවර 69.3)
ජේසන් හෝල්ඩර් 74 (123)
ලහිරු කුමාර 4/58 (ඕවර 23.3)
93 (ඕවර 31.2)
කෙමර් රොච් 23* (37)
කසුන් රාජිත 3/20 (ඕවර 8)
144/6 (ඕවර 40.2)
කුසල් පෙරේරා 28* (43)
ජේසන් හෝල්ඩර් 5/41 (ඕවර 14.2)
ශ්‍රී ලංකාවට කඩුළු 04 ක ජයක්
කිංස්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ජේසන් හෝල්ඩර්
විනිසුරුවන්: එංගලන්තය ඉයන් ගුල්ඩ් සහ එංගලන්තය රිචඩ් කෙට්ල්බරෝ
  • තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනය සහ 2 වැනි දිනයන්හි පිළිවෙළින් පන්දුවාර 46.3ක් සහ 59ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි විය.
  • ටෙස්ට් #2309
  • මෙය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය විය.[29]
  • ශ්‍රී ලංකාව සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පිලට පළමු වරට ටෙස්ට් නායකත්වය දුන්නේය.[18]

සටහන්[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 24 August 2017.
  2. "Bangladesh's tour of West Indies likely to be pushed to July". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 August 2017.
  3. "Sri Lanka set to play Test at Kensington Oval for first time in June 2018". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 December 2017.
  4. "Kensington Oval to host first day-night Test in the Caribbean". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 February 2018.
  5. "Kensington Oval to host first day/night Test in the Caribbean". International Cricket Council. සම්ප්‍රවේශය 6 February 2018.
  6. "Windies to host Sri Lanka in three-Test series next year". International Cricket Council. සම්ප්‍රවේශය 5 December 2017.
  7. "Kusal, Dilruwan steer Sri Lanka in nervous chase to level series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 June 2018.
  8. "ODIs likely to replace one West Indies-Sri Lanka Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 May 2018.
  9. "In-form Sri Lanka begin hunt for rare series win in West Indies". International Cricket Council. සම්ප්‍රවේශය 5 June 2018.
  10. "Controversy over change of ball delays start of play in St. Lucia". Cricbuzz (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 17 June 2018.
  11. "West Indies v Sri Lanka: Tourists delay play on day three of second Test amid ball-tampering row". BBC Sport (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2018-06-16. සම්ප්‍රවේශය 17 June 2018.
  12. "Sri Lanka refuse to take field in Test 'ball-tampering' row - Times of India". The Times of India. සම්ප්‍රවේශය 17 June 2018.
  13. "Chandimal charged with changing the condition of the ball". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 June 2018.
  14. "Chandimal pleads not guilty, hearing to take place at the end of the Test". International Cricket Council. සම්ප්‍රවේශය 17 June 2018.
  15. "Chandimal suspended for one Test; could miss four more". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 June 2018.
  16. "Dinesh Chandimal out of third Test after dismissal of appeal against ball-tampering sanctions". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2018.
  17. "Suranga Lakmal to Captain Sri Lanka in the 3rd test match". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 23 June 2018.
  18. 18.0 18.1 "Sri Lanka appoint Lakmal as Test captain". Cricket Australia. සම්ප්‍රවේශය 23 June 2018.
  19. "Devon Smith returns to West Indies Test squad after three years". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 May 2018.
  20. "Udawatte, Rajitha, Vandersay picked for West Indies Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 May 2018.
  21. "Dhananjaya de Silva withdraws from West Indies tour after father killed by gunman". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 May 2018.
  22. "Dhananjaya to return for West Indies tour following father's funeral". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 June 2018.
  23. "Angelo Mathews, Lahiru Gamage out of Sri Lanka's West Indies tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 June 2018.
  24. "Keemo Paul replaces Shimron Hetmyer for final Test against Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 June 2018.
  25. "Sri Lanka's Vandersay sent home from the West Indies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2018.
  26. "Gabriel five-for gives Windies upper hand despite Chandimal ton". International Cricket Council. සම්ප්‍රවේශය 15 June 2018.
  27. "Sri Lankan captain Chandimal pleads not guilty to ball tampering". The Sydney Morning Herald. සම්ප්‍රවේශය 18 June 2018.
  28. "Stats: Shannon Gabriel shines with a record-breaking effort against Sri Lanka". Cric Tracker. සම්ප්‍රවේශය 19 June 2018.
  29. "Windies bat in first day/night Test in C'bean". Jamaican Observer. 26 June 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 Jun 2018.