1979 ක්‍රිකට් ලෝක කුසලානය (පෘඩෙන්ෂල් කුසලානය) යනු දෙවන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියයි. මෙහි ශූරතාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ජයග්රණය කරන ලදී. තරඟාවලිය 1979 ජුනි 9 සිට 23 දක්වා එංගලන්තයේදී පවත්වන ලදී. 1975 තරඟාවලියේදී පැවති තරඟ රටාව මෙහිදී ද නොවෙනස්ව පැවතුනි. රටවල් 8ක සහභාගිත්වය මේ සඳහා ලැබුණි. එකකට කණ්ඩායම් 4ක් වන සේ කාණ්ඩ 2ක් යටතේ මූලික තරඟ පැවැත්වුණි. එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පුර්ව තරඟ වලට සුදුසුකම් ලබා ගත අතර අර්ධ අවසන් පුර්ව තරඟ වල ජයග්රාහකයන් අවසන් මහා තරඟය ක්‍රීඩා කළහ.
1979 ලෝක කුසලානය සහභාගී වූ රටවල්
පූර්ණ සාමාජික රටවල් 1979 අයි.සී.සී කුසලානය මගින් සුදුසුකම් ලැබූ රටවල් සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ රටවල්
ටෙස්ට් වරම් හිමි කණ්ඩායම් 6 ට අමතරව ටෙස්ට් වරම් නොලැබූ ශ්‍රී ලංකාව හා කැනඩාවද සහභාගී විය. ඒ 1979 අයි.සී.සී කුසලානය ශූරතාවය හා අනුශූරතාවය දිනා ගනිමින්.[1]
පිළිමළුන් පිටුදැකීමේ අදියර[සංස්කරණය]
බටහිර ඉන්දීය කොදෙව්ට ලකුණු 43 ක ජයක්ඕවල්, ලන්ඩන්, එංගලන්තය
|
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට එංගලන්ත කණ්ඩායමේ තීරණය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුළු ලකුණු 99 කට කඩුලු 4 ක් බිඳ වැටුනු අතර, ග්‍රීන්ඩ්ජ්, හේන්ස්, කලිචරන් සහ නායක ක්ලයිව් ලොයිඩ් යන අය දැවීගිය ක්‍රීඩකයින් විය. කෙසේ වෙතත්, විවියන් රිචර්ඩ්ස් (ලකුණු 138 ක් පන්දු 157 කින්, හතරේ පහර 11, හයේ පහර 3) සහ කොලිස් කිං (පන්දු 66 කින් ලකුණු 86 යි, හතරේ පහර 10 යි, හයේ පහර 3 යි) ඉනිම ශක්තිමත් කළා. බටහිර ඉන්දීය කොදෙව් පිල 238/5 දී කොලිස් කිං ගේ දැවීයාමත් සමග ලකුණු 139 ක සබඳතාව අවසන් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.
ඉංග්‍රිසි පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්හ. එහෙත් ආරම්භක පිතිකරුවන් වන මයික් බ්රේලි (පන්දු 130 කින් ලකුණු 64 ක්, හතරේ පහර 7 යි) සහ ජෙෆ් බෝයොකොට් (පන්දු 105 කදී ලකුණු 57 යි හතරේ පහර 3 යි) පසුව මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කලහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී ගිය පසු, ලකුණු වේගය ඉහළ ගොස් තිබිණි. ග්‍රැහැම් ගූච් ලකුණු 32 ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, ගූච්ගේ දැවීයාම ලෝක කුසලාන ඉතිහාසයේ අතිශයින්ම විනාශකාරී බිඳවැටීම විය. එංගලන්තය අවසානයේ ඕවර 51 කදී සියළු දෙනා දැවී ලකුණු 194 ක් ලබා සිටියහ. විවියන් රිචර්ඩ්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
බටහිර ඉන්දීය කොදෙව්ට ලකුණු 92 ක ජයක්ලෝඩ්ස්, ලන්ඩන්, එංගලන්තය
|