Jump to content

ටෙස්ට්

විකිපීඩියා වෙතින්
එංගලන්තය සහ ද.අප‍්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරගයක්

ක්‍රිකට් ක්‍රීඩාවෙහි දීර්ඝතම තරගය ටෙස්ට් ක්‍රීඩාවයි. ජාතීන් දෙකක් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය උරගා බැලීමේ අවස්ථාවක ටෙස්ට් තරග එය ජනප්‍රියතාවයේ ඉහළම තරග හා ඕවර 20 තරග සමහර ක්‍රීඩා ලෝලීන් අතර වඩා ප්‍රචලිතව ඇත. ‘ටෙස්ට්’ යන නම ලැබෙන්නට හේතුව කණ්ඩායම් දෙකක් අතර ශක්තිය හා දක්ෂතාවය මැන බලන මිම්මක් ලෙස මෙම ක්‍රීඩාව සලකන බැවිනි. මුලින්ම මෙය ඇරඹුණේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර 1861 – 1862 දී පැවති තරගයයි. නමුත් අද එය ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ප්‍රථම නිළ ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ප්‍රථම නිල ටෙස්ට් තරගය ලෙස සලකනුයේ 1877 දී ඕස්ට්‍රේලියාවේ ටර්න්බුල්හිදී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයයි. එහිදී ලකුණු 45 ක ජයක් ඕස්ට්‍රේලියා‍වට හිමිවිය. දෙවන තරගය එංගලන්තය විසින් දිනාගත් අතර ඒ විකට් හතරක ජයකි. ඒ අනුව 1 – 1 ලෙස ජය පරාජය සටහන් වූ තරගාවලියක් ලෙස අවසන් විය. මෙය ජාත්‍යන්තරව පැවති එකම ප්‍රථම තරගය නොවන අතර 1844 සැප්තැම්බර් 24 හා 25 දින කැනඩාව හා එක්සත් ජනපදය (ඇඑජ) අතර ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණි.

අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගතකිරීම
ස්ථානයකණ්ඩායමසහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණුශ්‍රේණිගතය
1  ඉන්දියාව445,313121
2  දකුණු අප්‍රිකාව394,484115
3  ඕස්ට්‍රේලියාව404,174104
4  නවසීලන්තය353,489100
5  එංගලන්තය494,82999
6  ශ්‍රී ලංකාව464,37495
7  පකිස්තානය342,98888
8  බටහිර ඉන්දීය කොදෙව්362,60672
9  බංග්ලාදේශය261,83371
10  සිම්බාබ්වේ14121
මුලාශ්‍රය: icc-cricket.com

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්

[සංස්කරණය]
ටෙස්ට් වරම් ලැබුණු පිළිවෙලකණ්ඩායමපළමු තරගයට සහභාගී වූ දිනය
1 ඕස්ට්‍රේලියාව15 මාර්තු 1877
2 එංගලන්තය15 මාර්තු 1877
3 දකුණු අප්‍රිකාව12 මාර්තු 1889
4 බටහිර ඉන්දීය කොදෙව්23 ජූනි 1928
5 නවසීලන්තය10 ජනවාරි 1930
6 ඉන්දියාව25 ජූනි 1932
7 පකිස්තානය16 ඔක්තෝබර් 1952
8 ශ්‍රී ලංකාව17 පෙබරවාරි 1982
9 සිම්බාබ්වේ18 ඔක්තෝබර් 1992
10 බංග්ලාදේශය10 නොවැම්බර් 2000
11 අයර්ලන්තය11 මැයි 2018
12 ඇෆ්ගනිස්ථානයTBD
"https://si.wikipedia.org/w/index.php?title=ටෙස්ට්&oldid=505326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි