Jump to content

අසංක ගුරුසිංහ

විකිපීඩියා වෙතින්
අසංක ගුරුසිංහ
උපත16 සැප්තැම්බර් 1966
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සටහන්
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික

දේශබන්ධු අසංක ගුරුසිංහ (ඉංග්‍රීසි: Asanka Gurusinha) (උපත 1966 සැප්තැම්බර් 16 , කොළඹ දි) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් පන්දුවට පහර​දෙන අසංක ගුරුසිංහ වමත් පිතිකරුවන් අතර ඉතා ඉහළින් වැජඹුන ක්‍රීඩකයෙකි. 1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනවිමට දායක විය. අසංක වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකද වෙයි.

තරඟයටෙස්ට් තරඟඑක් දින තරඟ
තරඟ41147
ලකුණු24523902
සාමාන්‍යය38.9228.27
ශතක72
අර්ධ ශතක822
කඩුළු2026
වැඩිම ලකුණු143117*

ජීවන සටහන්

[සංස්කරණය]

දේශබන්ධු අසංක ගුරුසිංහ නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1982 සිට 1985 දක්වා අසංක කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1985 දී නාලන්දා නායකයාවිය. අසංක වසර 1985 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.

අසංක ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අසංක_ගුරුසිංහ&oldid=597577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි