1993 හීරෝ ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(හීරෝ කුසලානය 1993 වෙතින් යළි-යොමු කරන ලදි)
හීරෝ කුසලානය 1993
ඊඩන් ගාර්ඩන්ස්, තරඟාවලියේ පිළිමළුන් පිටුදැකිමේ වටයේ තරග පැවති ස්ථානය
කාලය1993 නොවැම්බර් 7 – 1993 නොවැම්බර් 27
පරිපාලක(යෝ)බෙංගාල ක්‍රිකට් සංගමය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින්, නොක්අවුට්
සත්කාරකත්වය ඉන්දියාව
ශූරයන් ඉන්දියාව
සහභාගීත්වය5
තරඟ13
තරඟාවලියේ වීරයාඉන්දියාව මොහොමඩ් අසාරුදීන්
වැඩිම ලකුණුඉන්දියාව මොහොමඩ් අසාරුදීන් (311)
වැඩිම කඩුලුබටහිර ඉන්දීය කොදෙව් වින්ස්ටන් බෙන්ජමින් (14)

අනුග්‍රාහක හේතූන් මත හීරෝ කුසලානය ලෙසද හැඳින්වෙන CAB ජුබිලි තරඟාවලිය 1993 දී ඉන්දියාවේදී බෙංගාලයේ ක්‍රිකට් සංගමයේ දියමන්ති ජුබිලි අනුස්මරණය සඳහා සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියකි.[1] ඉන්දියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රටවල් තරගාවලියට සහභාගී වූහ. පාකිස්ථානය සහභාගී වන බව ප්‍රකාශ කර තිබුනද පළමු තරගය ආරම්භ වීමට දින හතරකට පෙර නොවැම්බර් 3 වන දින පාකිස්තානය තරගාවලිය සදහා සහභාගී නොවන බව දැනුම් දෙන ලදී. [2] හීරෝ කුසලානය දිනා ගැනීම සඳහා ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළේය. හීරෝ හොන්ඩා විසින් අනුග්‍රහය දැක්වූ පළමු ක්‍රිකට් ඉසව්ව වූයේ හීරෝ කුසලානයයි. [3]

සංචිත[සංස්කරණය]

 ඉන්දියාව  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාව  බටහිර ඉන්දීය කොදෙව්  සිම්බාබ්වේ
  • මොහොමඩ් අසාරුදීන් (නා)
  • චින් තෙන්ඩුල්කාර් ( උප
  • නව්ජොත් සිං සිදූ
  • විනෝද් කම්බලි
  • වුර්කරි රාමන්
  • ප්‍රවින් අම්රේ
  • අජේ ෂර්මා
  • මනෝජ් ප්‍රභාකරන්
  • කපිල් දේව්
  • සාලිල් අන්කෝලා
  • අනිල් කුම්බ්ලේ
  • ජවාගල් ශ්‍රීනාත්
  • රාජේෂ් චෞහාන්
  • විජේ යාදව්
  • වෙන්කටපති රාජු
  • කෙප්ලර් වෙසල්ස් (නා)
  • හැන්සි ක්‍රොන්ජ් (උප)
  • ඇන්ඩෲ හඩ්සන්
  • ඩැරල් කලිනන්
  • ජොන්ටී රෝඩ්ස්
  • ඩේව් කැලගන්
  • බ්‍රයන් මැක්මිලන්
  • ඩේව් රිචඩ්සන්
  • ඩේව් රුන්ඩල්
  • ක්‍රේග් මැතිව්ස්
  • එරල් ස්ටීවර්ට්
  • ඇලන් ඩොනල්ඩ්
  • රිචඩ් ස්නෙල්
  • ෆැනී ඩිවිලියර්ස්
  • පැට් සිම්කොක්ස්
  • රිචී රිචඩ්සන් (නා)
  • ෆිල් සිමන්ස්
  • බ්‍රයන් ලාරා
  • කාල් හූපර්
  • කීත් ආතර්ටන්
  • ජිමී ඇඩම්ස්
  • රෝලන්ඩ් හෝල්ඩර්
  • ජූනියර් මරේ
  • කර්ට්ලි ඇම්බ්‍රෝස්
  • කෙනී බෙන්ජමින්
  • වින්ස්ටන් බෙන්ජමින්
  • ඇන්ඩර්සන් කමින්ස්
  • ඩෙස්මන්ඩ් හේන්ස්
  • ඇන්ඩි ෆ්ලවර් (නා)
  • ඇන්ඩි වොලර් (උප)
  • ඩේවිඩ් බ්‍රේන්
  • එඩ්ඩෝ බ්‍රැන්ඩස්
  • ඇලිස්ටෙයාර් කැම්බල්
  • මාර්ක් ඩෙකර්
  • ග්‍රාන්ට් ෆ්ලවර්
  • ඩේවිඩ් හෝටන්
  • ස්ටීවන් පීල්
  • ජෝන් රෙනී
  • අලි ෂා
  • හීත් ස්ට්‍රීක්
  • ගයි විටෝල්

දකුණු අප්‍රිකාව හීරෝ කුසලානය සහ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායමක් නිවේදනය කළේ කෙප්ලර් වෙසල්ස් සිය නායකයා ලෙස රඳවා ගනිමිනි. පන්දු යවන්නා වන බ්‍රෙට් ෂුල්ට්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් විවේක ගන්නා ලදි. [4] තරගාවලියට පෙර ඉන්දීය සංචිතය නොවැම්බර් 1 වන දින දිල්ලියේ ජාතික ක්‍රීඩාංගණයේ පැවති සූදානම් කිරීමේ කඳවුරකට සහභාගී විය. [5] 18 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය එදිනම ඩකා නුවරට පැමිණියේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ XI ට එරෙහිව සීමිත ඕවර තරග දෙකක් ක්‍රීඩා කිරීමටය. බංගලාදේශය එවකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහායක සාමාජිකයෙකි . [6]

කැපී පෙනෙන උත්සාහයන්[සංස්කරණය]

අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සචින් තෙන්ඩුල්කාර් අවසන් පන්දුවාරයේදී ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රහණය කිරීම (ඊඩන් උද්‍යානයේ විදුලි පහන් යටතේ පැවති පළමු තරගය), [7] අනිල් කුම්ලේ 6/12 බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉන්දියාව වෙනුවෙන් අවසාන තරගය ජය ගැනීමේ උත්සාහය සහ සීමිත ඕවර ක්‍රිකට් තරගයකදී ඉන්දියානුවකුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය, [8] සනත් ජයසූරිය පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීම ආරම්භ කිරීම [9] සහ ජොන්ටී රෝඩ්ස්ගේ ලෝක වාර්තාව (දකුණු අප්‍රිකාව වෙනුවෙන් උඩපන්දු 5 ක් බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව) [10]

ජයග්‍රාහී කණ්ඩායම[සංස්කරණය]

බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමින් ඉන්දියාව තරගාවලිය ජය ගත්තේය.

ගොනුව:Hero Cup Cricket 1994 Winning Team.png
Winning Team of 1993 Hero Cup – Cricket

මතභේද[සංස්කරණය]

තරඟ දෙකකට ප්‍රේක්ෂකයින්ගේ කරදර ඇති වූ අතර, පළමුව අහමදාබාද්හිදී, ප්‍රේක්ෂක සමූහයේ කරදර බාධා ඇති වූ අතර කල්කටාවේදී, බටහිර ඉන්දීය ක්‍රීඩක කීත් ආතර්ටන් මුහුණ අසල රතිඤ්ඤාවක් පුපුරා ගියේය.

හීරෝ කප් යනු චන්ද්‍රිකා නාලිකාවක් වන ස්ටාර් ටීවී ඔස්සේ සජීවීව විකාශය කළ පළමු තරඟාවලියයි. 1993 හීරෝ කුසලානය තෙක් රාජ්‍ය නාලිකාවක් වන දුරදර්ශනයට ඉන්දියාවේ ක්‍රිකට් තරග විකාශනය කිරීමේ ඒකාධිකාරයක් තිබුණි. 1885 ඉන්දියානු ටෙලිග්‍රාෆ් පනත උල්ලංඝනය කර බව දුරදර්ශනය කියා සිටියේය. විකාශන අයිතිය පොදු දේපළක් බවත් එය ඉන්දියාවෙන් උඩුගත කළ යුතු බවත්ය. (හොංකොං වෙතින් ස්ටාර් ටීවී උඩුගත කිරීම) 1995 දී ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරිපත් වූ අතර විකාශන අයිතිය පොදු දේපළක් ලෙස සැලකිය නොහැකි බව කියා සිටියේය.

තරග පැවැත්වීම[සංස්කරණය]

ස්ථාන[සංස්කරණය]

අවසන් පූර්ව හා අවසන් මහා තරඟ කල්කටාවේදී පැවැත්වීමත් සමඟ අනෙක් තරඟ දහය සඳහා විවිධ ස්ථාන 10 ක් භාවිතා කරන ලදී.  

ලකුණු වගුව[සංස්කරණය]

මූලික අදියර අවසානයේ ලකුණු වගුව:

කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
 බටහිර ඉන්දීය කොදෙව් 4 3 1 0 0 6 +1.055
 දකුණු අප්‍රිකාව 4 2 1 0 1 5 +0.543
 ඉන්දියාව 4 2 1 1 0 5 +0.082
 ශ්‍රී ලංකාව 4 1 3 0 0 2 −0.478
 සිම්බාබ්වේ 4 0 2 1 1 2 −1.260

මූලික අධියර[සංස්කරණය]

1993 නොවැම්බර් 7
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
203 (ඕවර 49.4)
 ඉන්දියාව
205/3 (ඕවර 44.4)
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
1993 නොවැම්බර් 9
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
222/8 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 46 ක ජයක්
වැන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න
විනිසුරුවන්: ඉන්දියාව ශ්‍යාම් බන්සාල් සහ ඉන්දියාව ආර්. ටී. රාමචන්ද්‍රන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
1993 නොවැම්බර් 10
ලකුණු පුවරුව
ප්‍රතිඵලයක් නැත
චින්නස්වාමි ක්‍රීඩාංගනය, බැංගලෝර්
තරගයේ වීරයා: පිරිනැමුවේ නැත
විනිසුරුවන්: ඉන්දියාව පිලූ රිපෝටර් සහ ඉන්දියාව එස්. කේ. ෂර්මා
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 37 කට සීමා වූ අතර ඉන් අනතුරුව පළමු ඉනිමේදී වර්ෂාව පතිත වන විට තරගය අත්හිටුවා ඇත.
1993 නොවැම්බර් 14
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාවට ලකුණු 41 ක ජයක්
බ්‍රබෝන් ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව ජොන්ටි රෝඩ්ස්
විනිසුරුවන්: ඉන්දියාව වී. කේ. රාමස්වාමි සහ ඉන්දියාව රාමන් ෂර්මා
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • රාත්‍රී කාලයේ වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 40 කට සීමා විය.
1993 නොවැම්බර් 15
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
263/6 (ඕවර 50)
 සිම්බාබ්වේ
208 (ඕවර 49)
ශ්‍රී ලංකාවට ලකුණු 55 ක ජයක්
මොයින්-උල්-හක් ක්‍රීඩාංගනය, පැට්නා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: ඉන්දියාව එස්. චෞද්‍රි සහ ඉන්දියාව කේ. පාර්තසාරති
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
1993 නොවැම්බර් 16
ලකුණු පුවරුව
 ඉන්දියාව
100 (ඕවර 28.3)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 69 ක ජයක් (සංශෝධිත ඉලක්කය)
සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහමදාබාද්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් වින්ස්ටන් බෙන්ජමින්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව කාල් ලිබෙන්බර්ග් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ඉන්දියාවට කඩුලු 6 ක් දැවී යාමෙන් පසු, නරඹන්නන්ගේ කරදර නිසා තරගය ඕවර 12 කින් අඩු විය.
1993 නොවැම්බර් 18
ලකුණු පුවරුව
ඉන්දියාව 
248/5 (ඕවර 50)
 සිම්බාබ්වේ
248 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
1993 නොවැම්බර් 19
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
136 (ඕවර 40.1)
දකුණු අප්‍රිකාවට ලකුණු 78 ක ජයක්
නේරු ක්‍රීඩාංගණය, ගුවහාටි
තරගයේ වීරයා: දකුණු අප්‍රිකාව රිචඩ් ස්නෙල්
විනිසුරුවන්: ඉන්දියාව එස්. චෞද්‍රි සහ ඉන්දියාව වී. කේ. රාමස්වාමි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
1993 නොවැම්බර් 21
ලකුණු පුවරුව
 සිම්බාබ්වේ
99 (ඕවර 36.3)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 134 ක ජයක්
ලාල් බහදූර් ශාස්ත්‍රී ක්‍රීඩාංගනය, හයිද්‍රාබාද්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ඩෙස්මන්ඩ් හේන්ස්
විනිසුරුවන්: ඉන්දියාව ශ්‍යාම් බන්සාල් සහ ඉන්දියාව රාමන් ෂර්මා
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
1993 නොවැම්බර් 22
ලකුණු පුවරුව
ඉන්දියාව 
221 (ඕවර 49.2)
 දකුණු අප්‍රිකාව
178/9 (පන්දුවාර 50)
  • කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.

අර්ධ අවසාන තරග[සංස්කරණය]

1993 නොවැම්බර් 24
ලකුණු පුවරුව
ඉන්දියාව 
195 (ඕවර 50)
ඉන්දියාවට ලකුණු 2 ක ජයක්
ඊඩ්න් උද්‍යානය, කල්කටා
තරගයේ වීරයා: ඉන්දියාව මොහොමඩ් අසරුදීන්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නර් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
1993 නොවැම්බර් 25
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
188/6 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 7 ක ජයක්
ඊඩ්න් උද්‍යානය, කල්කටා
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් බ්‍රයන් ලාරා
විනිසුරුවන්: ඉන්දියාව ශ්‍යාම් බන්සාල් සහ ඉන්දියාව එස්. චෞද්‍රි
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

අවසාන තරග[සංස්කරණය]

1993 නොවැම්බර් 27
ලකුණු පුවරුව
ඉන්දියාව 
225/7 (ඕවර 50)
ඉන්දියාවට ලකුණු 102 ක ජයක්
ඊඩ්න් උද්‍යානය, කල්කටා
තරගයේ වීරයා: ඉන්දියාව අනිල් කුම්බ්ලේ
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව කාල් ලිබෙන්බර්ග් සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

යොමුව[සංස්කරණය]

  1. "Hero Cup inaugurated". The Indian Express. 6 November 1993. p. 20. සම්ප්‍රවේශය 11 August 2017.
  2. "Pakistan pull out". The Indian Express. United News of India. 4 November 1993. p. 16. සම්ප්‍රවේශය 22 January 2018.
  3. "Hero Honda ready to cooperate". The Hindu. 19 January 2003. 25 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 March 2012.
  4. "SA team for CAB tourney". The Indian Express. AFP. 3 November 1993. p. 15. සම්ප්‍රවේශය 22 January 2018.
  5. "Kambli joins camp". The Indian Express. 3 November 1993. p. 15. සම්ප්‍රවේශය 22 January 2018.
  6. "Zimbabwe squad in Bangladesh". The Indian Express. Press Trust of India. 3 November 1993. p. 15. සම්ප්‍රවේශය 22 January 2018.
  7. "Eden Gardens awaits with bated breath for Sachin Tendulkar magic". The Asian Age. 13 November 2011. සම්ප්‍රවේශය 22 March 2012.
  8. "Kumble – one who loves to prove critics wrong". Sify.com. 15 January 2008. 21 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 March 2012.
  9. "The Jayasuriya One-Day saga". The Island Online. 20 September 2005. සම්ප්‍රවේශය 22 March 2012.
  10. "Cobras sweat it out in Chennai heat to find fielding accuracy and execution". Cape Times. 27 September 2011. සම්ප්‍රවේශය 22 March 2012.

බාහිර සබැදි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග