ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1997-98

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1997
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 1997 නොවැම්බර් 13 – 1997 දෙසැම්බර් 28
නායකයන් සචින් තෙන්ඩුල්කාර් අර්ජුන රණතුංග
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු සෞරව් ගංගුලි (392) මාවන් අතපත්තු (268)
වැඩිම කඩුළු ජවගල් ශ්‍රීනාත් (9) රවීන්ද්‍ර පුෂ්පකුමාර (8)
කුමාර් ධර්මසේන (8)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව සෞරව් ගංගුලි
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු සචින් තෙන්ඩුල්කාර් (88) රොෂාන් මහානාම (119)
වැඩිම කඩුළු ඩෙබාසිස් මොහාන්ති (6) මුත්තයියා මුරලිදරන් (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව රොෂාන් මහානාම

1997-98 ක්‍රිකට් තරග සමයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ අතර ටෙස්ට් තරග තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් (එක්දින) ක්‍රීඩා කළේය.[1] තරගමාලාවන් දෙකම සම විය. එනම් ටෙස්ට් තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එක්දින තරගමාලාව එක් තරගය බැගින් ජයග්‍රහණය කරමින් තරගමාලාව 1-1 ලෙස සම විය.[2] දෙසැම්බර් 25 වන දින පැවති දෙවනි එක්දින තරගය ඕවර 3 ක් යැවීමෙන් පසු අත්හිටුවා ඇති අතර නායකයින් දෙදෙනා සහ තරඟ තීරකවරයා අතර පැවති සාකච්ඡාවෙන් පසු තණතීරුවේ නොගැලපීම ක්‍රීඩකයින්ට ඉතා අනතුරුදායක බව තීරණය විය.[3][4] මේ හේතුව නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් නැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.[5]

තුන්වන එක්දින තරඟය විනිසුරුවන්ගේ මතභේදයට තුඩු දුන් අතර රැස්ව සිටි පිරිසගේ බාධා කිරීම් හේතුවෙන් තුළ ඉන්දියානු ඉනිමේ දීඅජේ ජඩේජා ලබා දුන් උඩපන්දුවක් පිළිබද සිදුකල ඉල්ලීමකදී විනිසුරුවරයා මුලින් ඇඟිල්ල දිගු කර පිතිකරුවා ඉවත් කිරීමට කටයුතු කළ නමුත් පසුව ඔහුගේ අදහස වෙනස් කර ඔහුගේ තොප්පිය සකස් කර ගැනීම සඳහා ඇඟිල්ල දිගු කළේය. පසුව ඔහු එම අභියාචනය ප්‍රතික්ෂේප කළ අතර ජඩේජා දිගටම පන්දුවට පහර දුන්නේය. ක්‍රික්ඉන්ෆෝ වෙත ලියමින් එල්මෝ රුද්‍රිගුපුල්ලේ වාර්තා කළේ "එය විනිසුරු සහෝදරත්වයේ හා විනිසුරුවරයාගේ අර්ථය සරදමක් විය" බවයි.[6] පසුව, ශ්‍රී ලංකාව පිළිතුරු වශයෙන්, කඩුලු 4 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටියදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 29 ක් අවශ්‍ය වූ විට, තරගය නැවැත්වූයේ නරඹන්නන් බෝතල් පිටියට විසි කළ බැවිනි. මිනිත්තු දහයක ප්‍රමාදයකින් පසු තරගය නැවත ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය.[7]

සෞරව් ගංගුලි ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.[8] එහිදී ඔහු ලකුණු 392 ක් රැස් කරමින් දෙපැත්තේම වැඩිම ලකුණු ලාභියා විය.[9] එක්දින තරගාවලියේ වඩාත්ම දක්ෂ පිතිකරුවා වූයේ එක්දින තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම ය.[8]

පුහුණු තරග හා ප්‍රදර්ශන තරග[සංස්කරණය]

අන්ෂුමන් ගයික්වාඩ් ප්‍රතිලාභ තරගය[සංස්කරණය]

1997 නොවැම්බර් 13
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා XI
187 (ඕවර 39.4)
ඉන්දියා XI
191/6 (ඕවර 35.1)
ඉන්දීය XI කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
IPCL ක්‍රීඩාංගනය, වඩෝදර (බරෝඩා)
තරගයේ වීරයා: ඉන්දියාව සචින් තෙන්ඩුල්කාර්
විනිසුරුවන්: ඉන්දියාව මනීන්දර් සිං සහ ඉන්දියාව සංජේ හසාරේ
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දිය XI කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

තුන් දින පුහුණු තරගය[සංස්කරණය]

1997 නොවැම්බර් 14-16
ලකුණු පුවරුව
ඉන්දීය මණ්ඩලයේ සභාපති XI
ශ්‍රී ලංකාව
294 (ඕවර 102)
වීවීඑස් ලක්ෂ්මන් 112
කේ. ජේ. සිල්වා 5/55 (ඕවර 25)
198 (ඕවර 79.2)
හෂාන් තිලකරත්න 77
සංග්වි 4/60 (ඕවර 15.2)
10/1 (ඕවර 1.4)
ඩබ්ලිව්. ජැෆර් 9
හෂාන් තිලකරත්න 1/6 (ඕවර 0.4)
විසදුමක් නොමැත
බරබාති ක්‍රීඩාංගණය, කටක්

විනිසුරුවන්: ඉන්දියාව ජස්බීර් සිං සහ ඉන්දියාව ඒ. වී. ජයප්‍රකාශ්
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය මණ්ඩලයේ සභාපති XI පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඕවර 25 ප්‍රදර්ශන තරගය[සංස්කරණය]

1997 දෙසැම්බර් 25
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
180/8 (ඕවර 25)
 ඉන්දියාව
178/7 (ඕවර 25)
සනත් ජයසූරිය 53 (42)
එස්.වී. බහුතුලේ 4/14 (ඕවර 4)
එච්. එච්. කනිට්කාර් 50 (40)
උපුල් චන්දන 2/33 (ඕවර 5)

මුත්තයියා මුරලිදරන් 2/36 (ඕවර 5)

කුමාර ධර්මසේන 2/32 (ඕවර 4)
ශ්‍රී ලංකාවට ලකුණු 2ක ජයක්.
නේරු ක්‍රීඩාංගණය, ඉන්දෝර්
තරගයේ වීරයා: පිරිනැමුවේ නැත
විනිසුරුවන්: ඉන්දියාව සබ්‍රෝටෝ පෝරල් සහ ඉන්දියාව දේවේන්ද්‍ර ෂර්මා
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • 2 වන එදිජා තරගය අතහැරීම නිසා මෙම ප්‍රදර්ශණ තරගය ක්‍රියාත්මක විය.

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1997 නොවැම්බර් 19-23
ලකුණු පුවරුව
369 (ඕවර 125.2)
මාවන් අතපත්තු 108 (244)
අබේ කුරුවිල්ල 4/88 (ඕවර 27)

2 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1997 නොවැම්බර් 26-30
ලකුණු පුවරුව
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් 4 සහ 5 දිනවල කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි විය.

3 වන ටෙස්ට් තරගය[සංස්කරණය]

1997 දෙසැම්බර් 3-7
ලකුණු පුවරුව
361 (ඕවර 143.2)
මාවන් අතපත්තු 98 (273)
රාජේෂ් චෞහාන් 4/48 (ඕවර 34)
181/9 දි (ඕවර 42.4)
රාහුල් ඩ්‍රාවිඩ් 85 (121)
කුමාර් ධර්මසේන 5/57 (ඕවර 12.4)
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග වලදී ලකුණු 4,000 ක් ලබා ගත් ළාබාලතම ඉන්දීය පිතිකරුවා බවට පත්විය.[11]

එක්දින ජාත්‍යන්තර තරගමාලාව[සංස්කරණය]

පළමු එක්දින තරගය[සංස්කරණය]

1997 දෙසැම්බර් 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
172/9 (ඕවර 45)
 ඉන්දියාව
173/3 (ඕවර 37.5)
ඉන්දියාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
නේරු ක්‍රීඩාංගණය, ගුවහාටි
තරගයේ වීරයා: ඉන්දියාව රොබින් සිං
විනිසුරුවන්: ඉන්දියාව කේඑස් ගිරිදරන් සහ ඉන්දියාව කුට්ටිකෝඩ් මුරලි
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • මීදුම හේතුවෙන් තරගය ආරම්භ කිරීම මිනිත්තු 45 කින් ප්‍රමාද වූ අතර තරගය එක් පැත්තකට ඕවර 45 දක්වා අඩු කෙරිණි.
  • ඉන්දියාව සයිරාජ් බහුතුලේ ඔහුගේ මංගල එක්දින තරඟය ආරම්භ කළේය.

දෙවන එක්දින තරගය[සංස්කරණය]

1997 දෙසැම්බර් 25
ලකුණු පුවරුව
ප්‍ර්ථිපලයක් නොමැත
නේරු ක්‍රීඩාංගණය, ඉන්දෝර්
තරගයේ වීරයා: පිරිනැමුවේ නැත
විනිසුරුවන්: ඉන්දියාව සබ්‍රෝටෝ පෝරල් සහ ඉන්දියාව දේවේන්ද්‍ර ෂර්මා
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරග තීරකවරයා වූ අහමඩ් ඊබ්‍රහිම්ගේ තීරණය මත තණතීරුවේ අනාරක්ෂිත බව හේතුවෙන් ඕවර තුනකට පසු තරගය අත්හැර දමා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් වල එවැනි පළමු අවස්ථාව එය විය.[12]
  • ඉන්දියාව රිෂිකේෂ් කනිට්කාර් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.

තෙවන එක්දින තරගය[සංස්කරණය]

1997 දෙසැම්බර් 28
ලකුණු පුවරුව
ඉන්දියාව 
228/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
229/5 (ඕවර 48.2)
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය
නේරු ක්‍රීඩාංගනය, මාගාවෝ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වා
විනිසුරුවන්: ඉන්දියාව ක්‍රිෂ්ණා හරිහරන් සහ ඉන්දියාව රාමන් ශර්මා
  • කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.

යොමුව[සංස්කරණය]

  1. "Sri Lanka in India, Nov-Dec 1997 – Schedule". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
  2. "Sri Lanka in India Nov-Dec 1997, Results Summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
  3. "2nd ODI: India v Sri Lanka at Indore, Dec 25, 1997". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
  4. Williamson, Martin (24 December 2005). "India's Christmas cracker". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 December 2012.
  5. "A Christmas gnome". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
  6. Rodrigopulle, Elmo (30 December 1997). "When umpiring was made a mockery of". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
  7. Cozier, Craig (1999). "The Sri Lankans in India, 1997–98". In Engel, Matthew (ed.). Wisden Cricketer's Almanack 1999 (136 ed.). Guildford, Surrey: John Wisden & Co. Ltd. p. 1110. ISBN 0-947766-50-2.
  8. 8.0 8.1 "Sri Lanka in India 1997/98". CricketArchive. සම්ප්‍රවේශය 19 December 2012.
  9. "Test Series 1997/98 Averages: India v Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
  10. 10.0 10.1 "First Test Match, India v Sri Lanka". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 August 2017.
  11. "Sachin joins the 4000 club". Rediff.com. 4 December 1997. සම්ප්‍රවේශය 20 January 2021.
  12. "Second One-Day International, Grounds for appeal". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග