ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2021

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය 2021
බංගලාදේශය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2021 මැයි 23 – 2021 මැයි 28
නායකයන් තමීම් ඉක්බාල් කුසල් පෙරේරා
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
බංගලාදේශය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මුෂ්ෆිකර් රහීම් (237) කුසල් පෙරේරා (164)
වැඩිම කඩුළු මෙහිඩි හසන් (7) දුෂ්මන්ත චමීර (9)
තරගමාලාවේ ක්‍රීඩකයා බංගලාදේශය මුෂ්ෆිකර් රහීම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 මැයි මාසයේදී බංග්ලාදේශයේ සංචාරය කළේ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2] සියලුම තරග ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.[3] එදිජා තරඟමාලාව 2020-2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් විය.[4][5] මුලදී, සංචාරය 2020 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.[6] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 මැයි 16 වැනිදා බංග්ලාදේශයට පැමිණියේ,[7] ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකින් පසුවයි.[8]

සංචාරයට පෙර, කුසල් පෙරේරා ශ්‍රී ලංකාවේ නව එක්දින නායකයා ලෙස පත් කරන ලද්දේ,[9] දිමුත් කරුණාරත්න වෙනුවටය.[10]

බංග්ලාදේශය පළමු එක්දින තරගය ලකුණු 33කින් ජය ගත්තා.[11] වර්ෂාවෙන් බලපෑමට ලක්වූ දෙවැනි එක්දින තරගය ලකුණු 103කින් ජය ගනිමින් තරගමාලාව අපරාජිතව පෙරමුණ ගැනීමට ඔවුහු සමත් වූහ.[12] එය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ලැබූ පළමු ද්විපාර්ශ්වික තරගමාලා ජයග්‍රහණය විය.[13] ශ්‍රී ලංකාව තෙවැනි තරගය ලකුණු 97කින් ජයගත් අතර බංග්ලාදේශය තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය.[14]

මුෂ්ෆිකර් රහීම් (බංගලාදේශය) - තරගමාලාවේ වීරයා

සංචිත[සංස්කරණය]

එදිජා
 බංග්ලාදේශය[15]  ශ්‍රී ලංකාව[16]
  • තමීම් ඉක්බාල් (නා)
  • ටස්කින් අහමඩ්
  • ෂකීබ් අල් හසන්
  • ලිටන් දාස්
  • මහේදි හසන්
  • මෙහීදි හසන්
  • අෆීෆ් හොසේන්
  • මොසාඩෙක් හොසේන්
  • ෂෝරිෆුල් ඉස්ලාම්
  • මහමුදුල්ලාහ්
  • මොහොමඩ් මිතුන්
  • මොහොමඩ් නයිම්
  • මුෂ්ෆිකර් රහීම් (කරැ)
  • මුස්තාෆිසුර් රහ්මාන්
  • මොහොමඩ් සයිෆුදීන්
  • සෞම්‍ය සර්කාර්

2021 මැයි 1 වන දින බංග්ලාදේශය තරඟමාලාවට පෙර පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කරන ලදී.[17] මූලික සංචිතයට නම් කළ රුබෙල් හොසේන් සහ හසන් මහමුද්,[18] ආබාධ හේතුවෙන් එක්දින තරඟවලින් ඉවත් විය.[19] මොහොමඩ් නයිම්, තයිජුල් ඉස්ලාම්, ෂොහිදුල් ඉස්ලාම් සහ අමිනුල් ඉස්ලාම් බංග්ලාදේශය වෙනුවෙන් පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත.[20] මොහොමඩ් නයිම් තෙවැනි එක්දින තරගය සඳහා ඔවුන්ගේ සංචිතයට නම් කර ඇත.[21]

පුහුණු තරග[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2021 මැයි 20
9:30
ලකුණු පුවරුව
BCB ග්‍රීන් 
284/3 (ඕවර 45 )
 BCB රෙඩ්
288/5 (ඕවර 41 )
  • කාසියේ වාසිය දිනාගත් BCB ග්‍රීන් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන තරගය[සංස්කරණය]

2021 මැයි 21
9:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා බී කණ්ඩායමට ලකුණු 2ක ජයක් හිමිවිය
බංග්ලාදේශ ක්‍රිරා ශික්ඛා ප්‍රොටිස්තාන් අංක 3 පිට්ටනිය, සවර්
තරගයේ වීරයා:
විනිසුරුවන්: බංගලාදේශය ෂෆියුද්දීන් අහමඩ් සහ බංගලාදේශය අලි අර්මාන්
  • කාසියේ වාසිය බැලුවේ නැත.

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

බංග්ලාදේශය 
257/6 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
224 (ඕවර 48.1)
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව කුසල් පෙරේරා පළමු වරට ශ්‍රී ලංකා එක්දින තරඟයකට නායකත්වය දැරීය.[22]
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: බංග්ලාදේශය 10, ශ්‍රී ලංකාව 0.

2 වන තරගය[සංස්කරණය]

බංග්ලාදේශය 
246 (ඕවර 48.1)
 ශ්‍රී ලංකාව
141/9 (ඕවර 40)
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඕවර 40 කදී ලකුණු 245 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
  • බංගලාදේශය ෂෝරිෆුල් ඉස්ලාම් ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.
  • බංගලාදේශය මොහොමඩ් සයිෆුදීන් වෙනුවට බංගලාදේශය ටස්කින් අහමඩ් බංග්ලාදේශය සඳහා කම්පන ආදේශකයක් ලෙස යොදාගන්නා ලදී.[23]
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: බංග්ලාදේශය 10, ශ්‍රී ලංකාව 0.

3 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
286/6 (ඕවර 50)
 බංග්ලාදේශය
189 (ඕවර 42.3)
ශ්‍රී ලංකාවට ලකුණු 97ක ජයක් හිමිවිය
ෂෙර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩකා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව දුෂ්මන්ත චමීර
විනිසුරුවන්: බංගලාදේශය තන්වීර් අහමඩ් සහ බංගලාදේශය ෂර්ෆුද්දූලා

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka to tour Bangladesh in May for three ODIs". CricBuzz. සම්ප්‍රවේශය 3 February 2021.
  2. "Bangladesh and Sri Lanka eye chance to climb Super League standings". International Cricket Council. සම්ප්‍රවේශය 6 May 2021.
  3. "Bangladesh-Sri Lanka ODI series to be held in Dhaka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 May 2021.
  4. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  5. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  6. "Full schedule of Bangladesh cricket team in 2020 including Test series against Australia with Shakib Al Hasan banned". The National. සම්ප්‍රවේශය 1 January 2020.
  7. "Sri Lanka reach Bangladesh, enter three-day quarantine". BD Crictime. සම්ප්‍රවේශය 16 May 2021.
  8. "Sri Lanka tour of Bangladesh 2021 ODI Series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 5 May 2021.
  9. "Kusal Perera named new Sri Lanka ODI captain; Karunaratne, Mathews, Chandimal dropped". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 May 2021.
  10. "Kusal Perera named captain for Bangladesh ODIs". CricBuzz. සම්ප්‍රවේශය 12 May 2021.
  11. "Mushfiqur, Miraz give Bangladesh 1-0 lead despite Hasaranga heroics". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 May 2021.
  12. "Bangladesh claim first series win over Sri Lanka". BD Crictime. සම්ප්‍රවේශය 25 May 2021.
  13. "Mushfiqur, bowlers help Bangladesh record maiden series win over Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 May 2021.
  14. "Kusal Perera, Dushmantha Chameera help Sri Lanka prevent whitewash". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 May 2021.
  15. "Bangladesh drop Najmul Hossain Shanto for first two ODIs against Sri Lanka, Shakib Al Hasan returns". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 May 2021.
  16. "Sri Lanka ODI squad for Bangladesh tour, KJP appointed as Captain". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 May 2021.
  17. "Shakib, Mustafizur picked in Bangladesh's preliminary ODI squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 May 2021.
  18. "Rubel, Mahmud ruled out of Sri Lanka ODIs". CricBuzz. සම්ප්‍රවේශය 16 May 2021.
  19. "Injured Rubel, Hasan to miss Sri Lanka series". BD Crictime. සම්ප්‍රවේශය 16 May 2021.
  20. "Shakib Al Hasan returns as Bangladesh announce squad for Sri Lanka ODIs". International Cricket Council. සම්ප්‍රවේශය 20 May 2021.
  21. "Naim Sheikh added to Bangladesh's squad for last ODI". BD Crictime. සම්ප්‍රවේශය 26 May 2021.
  22. "New-look Sri Lanka face struggling Bangladesh in search for Super League points". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 May 2021.
  23. "Taskin Ahmed steps in as concussion sub for Mohammad Saifuddin". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 May 2021.
  24. "Sri Lanka open account in CWC Super League". International Cricket Council. සම්ප්‍රවේශය 28 May 2021.
  25. "Chameera rips Bangladesh to deny clean sweep". BD Crictime. සම්ප්‍රවේශය 28 May 2021.

බාහිර සබැදි[සංස්කරණය]