සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2017

විකිපීඩියා වෙතින්
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2017
ශ්‍රී ලංකාව
සිම්බාබ්වේ
දින වකවානුව 2017 ජුනි 30 – 2017 ජූලි 18
නායකයන් ඇන්ජලෝ මැතිව්ස් (එදිජා)
දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්)
ග්‍රෑම් ක්‍රෙමා
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අසේල ගුණරත්න (125) ක්‍රෙග් එර්වින් (165)
වැඩිම කඩුළු රංගන හේරත් (11) ග්‍රෑම් ක්‍රෙමා (9)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව රංගන හේරත්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින්
සිම්බාබ්වේ ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ධනුෂ්ක ගුණතිලක (323) හැමිල්ටන් මටකඩ්සා (258)
වැඩිම කඩුළු වනිදු හසරංග (8) ටෙන්ඩායි චටාරා (6)
තරගමාලාවේ ක්‍රීඩකයා සිම්බාබ්වේ හැමිල්ටන් මසකඩ්සා

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 2017 ජුනි හා ජූලි මාස තුල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත විය. ඒ ටෙස්ට් තරගයක් හා එදිජා තරග 5කට සහභාගී වීම සදහාය.[1][2][3] මුලදී තරගමාලාව ටෙස්ට් තරග 2 ක් හා එදිජා තරග 3ක් ලෙස සැකසී තිබූ නමුත් පසුව එය වෙනස් විය.[4][5][6] සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට 2002 වසරින් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කල අතර සියළු තරග දිවා තරග ලෙස පැවතිනි.[7]

සිම්බාබ්වේ එදිජා තරගමාලාව 3-2 ක් ලෙස ජයගත් අතර [8] එය ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ලද ප්‍රථම එදිජා තරගමාලා ජයග්‍රහණයයි.[9] එය 2009 පසු ඔවුන් ලද මුල්ම එදිජා තරගමාලා ජය වන අතරම,[10] ටෙස්ට් ජාතියකට එරෙහිව 2001 දී බංගලදේශයට එරෙහිව ජයගත් පසු ලැබූ ප්‍රථම ජයද වේ.[11] එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම තම රටින් පිට තරග 5 කින් යුත් තරගමාලාවක් ජයගත් ප්‍රථම අවස්ථාවද මෙය විය.[12] සිම්බාබ්වේ නායක ග්‍රෑම් ක්‍රෙමා පවසා සිටියේ මෙම ජයග්‍රහණය තම දිවියේ ඉහළින්ම සටහන් වනු ඇතියයි කියාය.[13] ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙය තම තරග දිවියේ දුර්වලම අඩියට වැටුනු අවස්ථාව බවයි.[14] එදිජා තරගාවලියෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් සියළු තරග අංශවල නායකත්වයෙන් ඉල්ලා අස්විය.[15] දිනේෂ් චන්දිමාල් නව ටෙස්ට් නායකයා ලෙස පසුව නම්විය.[16] පැවති එකම ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව කඩුළු 4 කින් ජයගනු ලැබීය.[17]

සංචිතය[සංස්කරණය]

ටෙස්ට් එදිජා
 ශ්‍රී ලංකාව[18]  සිම්බාබ්වේ[19][20]  ශ්‍රී ලංකාව[21][22]  සිම්බාබ්වේ[19][23]
  • දිනේෂ් චන්දිමාල් (නා, කරැ)
  • දුෂ්මන්ත චමීර
  • නිරෝෂන් දික්වැල්ල
  • විශ්ව ප්‍රනාන්දු
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • රංගන හේරත්
  • දිමුත් කරුණාරත්න
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • දිල්රුවන් පෙරේරා
  • ලක්ෂාන් සදකැන්
  • උපුල් තරංග
  • ග්‍රෑම් ක්‍රෙමා (නා)
  • රයන් බර්ල්
  • රීජස් චාකුබා
  • ටෙන්ඩායි චටාරා
  • ක්‍රෙග් අර්වින්
  • හැමිල්ටන් මසකඩ්සා
  • වෙලින්ටන් මසකඩ්සා
  • පීටර් මූර් (කරැ)
  • ක්‍රිස්ටොෆර් ම්පොෆු
  • නට්සායි මශැන්ග්වේ
  • කාල් මුම්බා
  • ටැරිසයි මුසැකන්ද
  • සිකන්දර් රාසා
  • ඩොනල්ඩ් ටිරිපනෝ
  • මැල්කම් වොලර්
  • නේතන් වොලර්
  • ශේන් විලියම්ස්
  • ඇන්ජලෝ මැතිව්ස් (නා)
  • අමිල අපොන්සු
  • දුෂ්මන්ත චමීර
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • අසිත ප්‍රනාන්දු
  • අසේල ගුණරත්න
  • ධනුෂ්ක ගුණතිලක
  • වනිදු හසරංග
  • චාමර කපුගෙදර
  • ලහිරු මදුශංක
  • ලසිත් මාලිංග
  • කුසල් මෙන්ඩිස්
  • නුවන් ප්‍රදීප්
  • ලක්ෂාන් සදකැන්
  • උපුල් තරංග
  • ග්‍රෑම් ක්‍රෙමා (නා)
  • රයන් බර්ල්
  • ටෙන්ඩායි චටාරා
  • චාමූ චිබැබ්හා
  • ක්‍රෙග් අර්වින්
  • හැමිල්ටන් මසකඩ්සා
  • වෙලින්ටන් මසකඩ්සා
  • සොලමන් මයර්
  • පීටර් මූර් (කරැ)
  • ක්‍රිස්ටොෆර් ම්පොෆු
  • කාල් මුම්බා
  • ටැරිසයි මුසැකන්ද
  • රිචඩ් ගරවා
  • සිකන්දර් රාසා
  • ඩොනල්ඩ් ටිරිපනෝ
  • මැල්කම් වොලර්
  • ශේන් විලියම්ස්

එදිජා තරගමාලාව[සංස්කරණය]

පලවන තරගය[සංස්කරණය]

2017 ජුනි 30
ලකුණුපත
ශ්‍රී ලංකාව 
316/5 (ඕවර 50)
 සිම්බාබ්වේ
322/4 (ඕවර 47.4)
සිම්බාබ්වේ හට කඩුළු 6 ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල
තරගයේ වීරයා: සිම්බාබ්වේ සොලමන් මයර්
විනිසුරුවන්: එංගලන්තය ඉයන් ගුල්ඩ් සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
  • ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස් ලකුණු 1000 අඩුම ඉනිම සංඛ්‍යාවකින් රැස් කල ශ්‍රී ලාංකික පිතිකරු ලැයිස්තුවේ සම මුල් තැන ලබා ගනී.[24]
  • සිම්බාබ්වේ සොලමන් මයර් එදිජා මංගල ශතකය වාර්ථා විය.[24]
  • මෙය ශ්‍රී ලංකාව තුල සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ ප්‍රථම ජයග්‍රහණයයි.[24]
  • මෙය ශ්‍රී ලංකාව තුල කණ්ඩායමක් හබා ගොස් වාර්ථා කල ඉහලම ලකුණු ප්‍රමාණය හා 300+ හබාගොස් වාර්ථා කල ප්‍රථම අවස්ථාවයි.[25]

දෙවන තරගය[සංස්කරණය]

2017 ජූලි 2
ලකුණුපත
සිම්බාබ්වේ 
155 (ඕවර 33.4)
 ශ්‍රී ලංකාව
158/3 (ඕවර 30.1)
ශ්‍රී ලංකාව හට කඩුළු 7 ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ලක්ෂාන් සදකැන්
විනිසුරුවන්: එංගලන්තය නයිජල් ලෝන්ග් සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • ශ්‍රී ලංකාව වනිදු හසරංග ගේ එදිජා මංගලාවතරණය.
  • ශ්‍රී ලංකාව වනිදු හසරංග මංගල එදිජා තරගයේදී කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා, ශ්‍රී ලංකාව වෙනුවෙන් පලවෙන්නා සහ එම දස්කම දැක්වූ ලොව පලමු පා දග පන්දු යවන්නා ද විය.[26]

තෙවන තරගය[සංස්කරණය]

2017 ජූලි 6
ලකුණුපත
සිම්බාබ්වේ 
310/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
312/2 (ඕවර 47.2)
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල සහ ශ්‍රී ලංකාව ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනාගේම පලමු එදිජා ශතක වාර්ථා විය.[27]
  • ශ්‍රී ලංකාව මව්බිමේදී එදිජා තරගයක දෙවනුව පන්දුවට පහරදී ජයග්‍රාහී තරගයක වාර්ථා වූ වැඩිම ලකුණු.[28]

සිව්වන තරගය[සංස්කරණය]

2017 ජූලි 8
ලකුණුපත
ශ්‍රී ලංකාව 
300/6 (ඕවර 50)
 සිම්බාබ්වේ
219/6 (ඕවර 29.2)
  • ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
  • සිම්බාබ්වේ ඉනිම අතරතුර වර්ෂාව ඇදහැලුන බැවින් පන්දුවාර 31 දී 219 ක ඉලක්කයක් ලැබුනි.
  • ශ්‍රී ලංකාව අසිත ප්‍රනාන්දු ගේ එදිජා මංගලාවතරණය.
  • ශ්‍රී ලංකාව නිරෝෂන් දීක්වැල්ල සහ ශ්‍රී ලංකාව ධනුෂ්ක ගුණතිලක ගේ පිට පිටම දෙවන ද්විත්ව ශතක සම්බන්දතාව.[29]

පස්වන තරගය[සංස්කරණය]

2017 ජූලි 10
ලකුණුපත
ශ්‍රී ලංකාව 
203/8 (ඕවර 50)
 සිම්බාබ්වේ
204/7 (ඕවර 38.1)
  • සිම්බාබ්වේ කාසිය වාසිය දිනා පලමුව පන්දු රැකීමට තීරණය කලා.
  • මෙම තරග ජයත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථම එදිජා තරගමාලා ජය ලැබීමට සිම්බාබ්වේ පිළ සමත් විය.[12]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

එකම ටෙස්ට් තරගය[සංස්කරණය]

2017 ජූලි 14–18
ලකුණුපත
356 (ඕවර 94.4)
ක්‍රෙග් අර්වින් 160 (256)
රංගන හේරත් 5/116 (ඕවර 32)
346 (ඕවර 102.3)
උපුල් තරංග 71 (107)
ග්‍රෑම් ක්‍රෙමා 5/125 (ඕවර 39.3)
377 (ඕවර 107.1)
ශිකන්දර් රාසා 127 (205)
රංගන හේරත් 6/133 (ඕවර 39.1)
ශ්‍රී ලංකාවට කඩුළු 4 ක ජයක්
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අසේල ගුණරත්න
  • සිම්බාබ්වේ කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
  • සිම්බාබ්වේ ටැරිසයි මුසැකන්ද ගේ ටෙස්ට් මංගලාවතරණය.
  • ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල් ගේ මුල්ම නායකත්ව ටෙස්ට් තරගය.[30]
  • සිම්බාබ්වේ පලමු දිනයේ දී රැස් කල ලකුණු 344 ඔවුන් දිනයක රැස් කල වැඩිම ලකුණු වේ.[31]
  • ශ්‍රී ලංකාව රංගන හේරත් ටෙස්ට් ඉනිමක කඩුළු 5 බැගින් 30 වතාවක් බිද හෙලූ ලොව 5 වන ක්‍රීඩකයා විය.[32]
  • සිම්බාබ්වේ ග්‍රෑම් ක්‍රෙමා ඉනිමක විකට් 5 ක් ලබාගත් ප්‍රථම අවස්ථාව හා එවැනි දස්කමක් කල පලමු සිම්බාබ්වේ නායකයායි.[33]
  • සිම්බාබ්වේ සිකන්දර් රාසා ගේ පලවන ටෙස්ට් ශතකය.[34]
  • 4 වන ඉනිමේ ශ්‍රී ලංකාව හබා ගිය ලකුණු ප්‍රමාණය ආසියාවේ පැවති ටෙස්ට් තරගයක ඕනෑම කණ්ඩායමක් හබා ගිය හොදම ලකුණු සංඛ්‍යාව හා ශ්‍රී ලංකාව හබා ගොස් වාර්ථා කල හොදම ජයග්‍රහණය ද වේ.[35]

ක්‍රීඩක දක්ෂතා[සංස්කරණය]

ටෙස්ට් පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
සිම්බාබ්වේ ක්‍රෙග් අර්වින් 1 2 0 165 160
සිම්බාබ්වේ සිකන්දර් රාසා 1 2 0 163 127
ශ්‍රී ලංකාව අසේල ගුණරත්න 1 2 1 125 80*
සිම්බාබ්වේ මැල්කම් වොලර් 1 2 0 104 68
ශ්‍රී ලංකාව උපුල් තරංග 1 2 0 98 71
ටෙස්ට් පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො. තරගයක හො.
ශ්‍රී ලංකාව රංගන හේරත් 1 2 71.1 9 249 11 6/133 11/249
සිම්බාබ්වේ ග්‍රෑම් ක්‍රෙමා 1 2 87.3 10 275 9 5/125 9/175
ශ්‍රී ලංකාව දිල්රුවන් පෙරේරා 1 2 54.0 2 181 4 3/95 4/181
සිම්බාබ්වේ ශේන් විලියම්ස් 1 2 66.5 5 208 4 2/62 4/208
ශ්‍රී ලංකාව ලහිරු කුමාර 1 2 37.4 5 140 3 2/68 3/140
එදිජා පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
ශ්‍රී ලංකාව ධනුෂ්ක ගුණතිලක 5 5 0 323 116
ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල 5 5 0 266 116
සිම්බාබ්වේ හැමිල්ටන් මසකඩ්සා 5 5 0 258 111
ශ්‍රී ලංකාව උපුල් තරංග 5 5 3 226 79*
සිම්බාබ්වේ සොලමන් මයර් 5 5 0 211 112
එදිජා පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො.
ශ්‍රී ලංකාව වනිදු හසරංග 4 4 21.5 0 144 8 3/15
ශ්‍රී ලංකාව අසේල ගුණරත්න 5 5 33.0 1 177 7 2/45
ශ්‍රී ලංකාව ලක්ෂාන් සදකැන් 3 3 23.2 0 170 6 4/52
සිම්බාබ්වේ ටෙන්ඩායි චටාරා 5 5 34.0 2 211 6 2/33
ශ්‍රී ලංකාව අකිල ධනංජය 2 2 20.0 1 108 5 4/47

සබැදි[සංස්කරණය]

  1. "Hambantota ground back on SLC's radar". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 May 2017.
  2. "Sri Lanka Cricket decide to give Hambanthota's Sooriyawewa Stadium new makeover". Cricket County. සම්ප්‍රවේශය 22 May 2017.
  3. "Galle to host first ODI since 2000 on Zimbabwe visit". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 June 2017.
  4. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  5. "Zimbabwe-Sri Lanka Tests could be replaced by tri-series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 August 2016.
  6. "Herath set for captaincy debut in Zimbabwe's 100th Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 October 2016.
  7. "Zimbabwe cricket team to tour Sri Lanka after 15 years". Hindustan Times. සම්ප්‍රවේශය 18 June 2017.
  8. "Raza stars in historic series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 July 2017.
  9. "Zimbabwe claim historic series win". Cricket Australia. සම්ප්‍රවේශය 10 July 2017.
  10. "Zimbabwe end 16-year win drought against Full Member". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 July 2017.
  11. "Zimbabwe beat Sri Lanka by three wickets to win series". BBC Sport. සම්ප්‍රවේශය 12 July 2017.
  12. 12.0 12.1 "Four reasons why this is a historic win for Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 July 2017.
  13. "Fielding separates teams; our fielding was brilliant – Cremer". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2017.
  14. "One of the lowest points in my career – Mathews". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2017.
  15. "Mathews steps down as Sri Lanka captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2017.
  16. "Chandimal to lead SL in Tests, Tharanga in shorter formats". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 July 2017.
  17. "Dickwella, Gunaratne star in record chase". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 July 2017.
  18. "Dhananjaya de Silva dropped for Zimbabwe Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 July 2017.
  19. 19.0 19.1 "Left-arm spinner Wellington named in squad for Sri Lanka tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 June 2017.
  20. "Recalled Wellington Masakadza injured". Daily News. සම්ප්‍රවේශය 5 July 2017.
  21. "Depleted Sri Lanka offer Zimbabwe a glimmer". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 June 2017.
  22. "Chandimal left out for first two Zimbabwe ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 June 2017.
  23. "Pitch, crosswind challenges for teams in Hambantota". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2017.
  24. 24.0 24.1 24.2 "Mire's maiden ton scripts record chase". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 June 2017.
  25. "Zimbabwe ace first successful 300-plus chase in Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 June 2017.
  26. "Sri Lanka vs Zimbabwe, 2nd ODI: Wanidu Hasaranga becomes youngest player to take hat-trick on debut". Indian Express. සම්ප්‍රවේශය 2 July 2017.
  27. "Gunathilaka, Dickwella thrash Zimbabwe". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 July 2017.
  28. "Sri Lanka rack up series lead in their highest ODI chase at home". Cricbuzz. සම්ප්‍රවේශය 6 July 2017.
  29. "Calm Ervine helps Zimbabwe draw level". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 July 2017.
  30. "Can confident Zimbabwe topple Chandimal's Sri Lanka?". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 July 2017.
  31. "Ervine's century powers Chevrons". The Herald. 15 July 2017. සම්ප්‍රවේශය 15 July 2017.
  32. "Sri Lanka batting lapses give Zimbabwe edge". ESPN Cricinfo. 16 July 2017. සම්ප්‍රවේශය 15 July 2017.
  33. "Raza leads Zimbabwe's recovery". Cricket Australia. 17 July 2017. සම්ප්‍රවේශය 17 July 2017.
  34. "Raza ton helps Zimbabwe stretch lead on Day 4". Times of India. 17 July 2017. සම්ප්‍රවේශය 17 July 2017.
  35. "Sri Lanka pull off highest successful chase in Asia". ESPN Cricinfo. 18 July 2017. සම්ප්‍රවේශය 17 July 2017.

බාහිර සබැදි[සංස්කරණය]