2023 ක්‍රිකට් ලෝක කුසලානය
2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරගාවලී ආකෘතිය(න්) | රවුන්ඩ්-රොබින් සහ පිළිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | ඉන්දියාව |
සහභාගිවන්නන් | 10 |
← 2019 2027 → |
2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දියාව විසින් සත්කාරකත්වය සපයයි.[1] 2013 ජූනි මාසයෙහිදී ලන්ඩනයෙහි පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) රැස්වීමකදී සත්කාරකයා වශයෙන් ඉන්දියාව තෝරා ගන්නා ලදි. [2] මෙය 13වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වනු ඇති අතර, ඉන්දියාව සත්කාරකත්වය සපයන සතරවන වතාව වනු ඇත. 1987 (පකිස්තානය හා සමග), 1996 (පකිස්තානය සහ ශ්‍රී ලංකාව සමගින්) සහ 2011 (ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමගින්) වසර වලදී පැවති ලෝක කුසලාන තරගාවලියන් සඳහා සම-සත්කාරකත්වය සැපයීමෙන් පසුව, ඉන්දියාව තරගාවලියට පූර්ණ සත්කාරකත්වය සපයන පළමු වතාව වනු ඇත්තේ මෙම ඉසව්වය.
සුදුසුකම් ලැබුවෝ
පෙර තරඟාවලියේ ආකාරයටම කණ්ඩායම් 10ක් මෙම තරඟාවලියටද එක්වේ. මෙම කණ්ඩායම් 10 තෝරාගන්නේ අයි.සී.සී සුපර් ලීග් 2020-2023 තරඟාවලියෙනි.[3]
මෙම තරඟාවලියේ තරගවදින කණ්ඩායම් 13න් මුල් 8 (සත්කාරක ඉන්දියාවද ඇතුළුව) සෘජුවම ලෝක කුසලානයට සුදුසුකම් ලබන අතර ඉතිරි කණ්ඩායම් 5 තවත් කණ්ඩායම් 5ක් සමග පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට යොමුවේ. ඉන් කණ්ඩායම් 2ක් ලෝක කුසලානයට තෝරාගනු ලබයි.[4][5]
සුදුසුකම් ලබන ආකාරය | දිනය | ස්ථානය | කණ්ඩායම් ගණන | සුදුසුකම් ලැබුවෝ |
---|---|---|---|---|
සත්කාරකත්වය | — | — | 1 | ![]() |
2020–2023 ICC Cricket World Cup Super League | 30 ජුලි 2020 – 31 මැයි 2023 | විවිධ | 7 | ![]() |
2023 Cricket World Cup Qualifier | 18 ජුනි – 9 ජුලි 2023 | සැකිල්ල:රටේ දත්ත Zimbabwe | 2 | |
Total | 10 |
ආශ්‍රිත
- ↑ සිරිනිවාසන්, එන් (2014-07-09). "2023 වර්ල්ඩ් කල් විල් බී ප්ලේඩ් ඉන් ඉන්ඩියා". එන්ඩීටීවී ස්පෝට්ස්. එන්ඩීටීවී ස්පෝට්ස්. සම්ප්‍රවේශය 2014-07-09.
- ↑ "අවුට්කම්ස් ෆ්‍රොම් අයිසීසී ඇනුවල් කොන්ෆරන්ස් වීක් ඉන් ලන්ඩන්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. 2013-06-29. සම්ප්‍රවේශය 2013-06-29.
- ↑ "ICC launches the road to India 2023". International Cricket Council. සම්ප්‍රවේශය 12 August 2019.
- ↑ "New cricket calendar aims to give all formats more context". ESPN Cricinfo. 4 February 2017. සම්ප්‍රවේශය 20 October 2017.
- ↑ "The road to World Cup 2023: how teams can secure qualification, from rank No. 1 to 32". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2019.
- ↑ "One Spot, Four Teams: The Race For Cricket World Cup Qualification". Wisden (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2022-08-23. සම්ප්‍රවේශය 2022-11-11.