ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2020-21

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2021
බටහිර ඉන්දීය කොදෙව්
ශ්‍රී ලංකාව
දින වකවානුව 2021 මාර්තු 3 – 2021 අප්‍රේල් 2
නායකයන් ක්‍රේග් බ්‍රැත්වේට් (ටෙස්ට්)

කිරන්පොලාර්ඩ් (එදිජා සහ වි20ජා)

දිමුත් කරුණාරත්න (ටෙස්ට් සහ එදිජා)

ඇන්ජලෝ මැතිව්ස් (වි20ජා)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු ක්‍රේග් බ්‍රැත්වේට් (237) ළහිරු තිරිමාන්න (240)
වැඩිම කඩුළු කෙමාර් රෝච් (9) සුරංග ලක්මාල් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව සුරංග ලක්මාල්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ෂායි හෝප් (258) දනුෂ්ක ගුණතිලක (187)
වැඩිම කඩුළු ජේසන් මොහොමඩ් (6) තිසර පෙරේරා (3)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් ෂායි හෝප්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ලෙන්ඩ්ල් සිමන්ස් (73) පැතුම් නිශ්ශංක (81)
වැඩිම කඩුළු ඕබෙඩ් මැකෝයි (4) වනිඳු හසරංග (8)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 මාර්තු සහ අප්‍රේල් මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට, එක්දින ජාත්‍යන්තර (එදිජා) තුනක් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමටය.[1][2] ටෙස්ට් තරඟ 2019-2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[3] සහ එදිජා තරගමාලාව සමාරම්භක 2020-2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් විය.[4]

2021 පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකාවේ පුහුණුකරු මිකී ආතර් සහ පිතිකරු ලහිරු තිරිමාන්න ධනාත්මක කොවිඩ්-19 ප්‍රතිඵල ලබා ගත්හ.[5] මේ හේතුවෙන් සංචාරය කල් දැමූ බවට මාධ්‍ය වාර්තා කිහිපයක්ම පළ විය.[6][7][8] කෙසේ වෙතත්, පසුදින, ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් (CWI) කැරිබියන් දූපත් වල සජීවී ක්‍රිකට් ප්‍රදර්ශනය කිරීම සඳහා ඔවුන්ගේ ඉදිරි විකාශන ගනුදෙනුව ප්‍රකාශයට පත් කරන ලදී, එය ශ්‍රී ලංකාවට ආකෘති තුනෙන්ම සත්කාරකත්වය ලබා දීමෙන් ආරම්භ විය.[9] 2021 පෙබරවාරි 16 දින, ක්‍රිකට් මණ්ඩල දෙකම තරගමාලාව සඳහා දිනයන් තහවුරු කරන ලදී.[10][11]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංග වෙනුවට දසුන් ශානක ඔවුන්ගේ වි20ජා නායකයා ලෙස නිල වශයෙන් පත් කළේය.[12] ශානක මීට පෙර 2019 ඔක්තෝම්බර් මාසයේදී පකිස්ථානයට එරෙහිව වි20ජා කණ්ඩායමහි නායකත්වය දරා ඇත.[13] කෙසේ වෙතත්, වීසා ගැටළු හේතුවෙන් ශානක කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමඟ සංචාරය සඳහා පිටත්ව ගියේ නැති අතර,[14] වි20ජා තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කෙරිණි.[15] ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශානකගේ වීසා ප‍්‍රශ්නය නිරාකරණය වූ පසු ඔහු කණ්ඩායම සමග එක්වීමට බලාපොරොත්තු වන බවයි.[16]

2021 පෙබරවාරි 26 වන දින, බටහිර ඉන්දීය කොදෙව් සීමිත ඕවර තරඟ සඳහා ඔවුන්ගේ සංචිත නම් කරන ලදී.[17] ක්‍රිස් ගේල් සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් වසර දෙකකට පෙර සහ නවයකට පෙර අවසන් වරට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පසුව වි20ජා කණ්ඩායමට නැවත කැඳවනු ලැබීය.[18] 2021 මාර්තු 11 වන දින ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් ආයතනය විසින් ජේසන් හෝල්ඩර් වෙනුවට ක්‍රේග් බ්‍රැත්වේට් ඔවුන්ගේ ටෙස්ට් නායකයා ලෙස විධිමත් ලෙස පත් කරන ලදී.[19] බ්‍රැත්වේට් මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග 7කදී නායකත්වය ලබා දුන්නේය.[20]

2021 මාර්තු 2 වන දින ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් ආයතනය විසින් සංචාරය සඳහා තරඟ නිලධාරීන් නම් කරන ලදී. සංචාරයට පෙර ටෙස්ට් තරග 19ක් සඳහා පිටියේ විනිසුරුවරයා ලෙස කටයුතු කර ඇති ජොයෙල් විල්සන්, සිය මව්බිමේ පළමු ටෙස්ට් තරගයට සහභාගි විය.[21] ග්‍රෙගරි බ්‍රැත්වේට් ටෙස්ට් ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු ලෙස ද සිය මංගල තරගය විනිශ්චය සිදු කළේය.[22]

පළමු විස්සයි20 තරගය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.[23] ශ්‍රී ලංකාව දෙවැනි තරගය ලකුණු 43කින් ජය ගනිමින් තරගමාලාව සම කිරීමට සමත් විය.[24] අවසන් තරගය කඩුලු තුනකින් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් පිල තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තේය.[25] පළමු එක්දින තරග දෙක ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගමාලාවේ ජය හිමිවිය.[26] ඔවුන් අවසන් තරගය කඩුලු පහකින් ජය ගනිමින් තරගමාලාව 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.[27] ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වූ නිසා තරගමාලාව 0-0ක් ලෙස සම විය.[28]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20ජා
 බටහිර ඉන්දීය කොදෙව්[29]  ශ්‍රී ලංකාව[30]  බටහිර ඉන්දීය කොදෙව්[31]  ශ්‍රී ලංකාව[32]  බටහිර ඉන්දීය කොදෙව්[33]  ශ්‍රී ලංකාව[34]
  • ක්‍රේග් බ්‍රැත්වේට් (නා)
  • ජර්මේන් බ්ලැක්වුඩ් (උප)
  • න්කෘමා බොනර්
  • ඩැරන් බ්‍රාවෝ
  • ජෝන් කැම්බල්
  • රහීම් කෝන්වෝල්
  • ජෝෂුවා ද සිල්වා (කරැ)
  • ෂැනන් ගේබ්රියෙල්
  • ජේසන් හෝල්ඩර්
  • අල්සාරි ජෝසප්
  • කයිල් මේයර්ස්
  • කෙමාර් රෝච්
  • ජොමෙල් වොරිකන්
  • දිමුත් කරුණාරත්න (නා)
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල්
  • ධනංජය ද සිල්වා
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ලසිත් ඇඹුල්දෙණිය
  • අසිත ප්‍රනාන්දු
  • ඕෂද ප්‍රනාන්දු
  • විශ්ව ප්‍රනාන්දු
  • වනිඳු හසරංග
  • සුරංග ලක්මාල්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • රමේෂ් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • දසුන් ශානක
  • රොෂේන් සිල්වා
  • ලහිරු තිරිමාන්න
  • කීරන් පොලාඩ් (නා)
  • ෂායි හෝප් (උප, කරැ)
  • ෆේබියන් ඇලන්
  • ඩැරන් බ්‍රාවෝ
  • ජේසන් හෝල්ඩර්
  • අකේල් හොසේන්
  • අල්සාරි ජෝසප්
  • එවින් ලුවිස්
  • කයිල් මේයර්ස්
  • ජේසන් මොහොමඩ්
  • ඇන්ඩර්සන් පිලිප්
  • නිකලස් පූරන් (කරැ)
  • රොමාරියෝ ෂෙපර්ඩ්
  • කෙවින් සින්ක්ලෙයාර්
  • දිමුත් කරුණාරත්න (නා)
  • අශේන් බණ්ඩාර
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල් (කරැ)
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ඕෂද ප්‍රනාන්දු
  • අසිත ප්‍රනාන්දු
  • වනිඳු හසරංග
  • ධනුෂ්ක ගුණතිලක
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ඩිල්ෂාන් මධුශංක
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කමිඳු මෙන්ඩිස්
  • රමේෂ් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • ලක්ෂාන් සඳකැන්
  • දසුන් ශානක
  • කීරන් පොලාඩ් (නා)
  • නිකලස් පූරන් (උප, කරැ)
  • ෆේබියන් ඇලන්
  • ඩ්වේන් බ්‍රාවෝ
  • ෆිදෙල් එඩ්වර්ඩ්ස්
  • ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් (කරැ)
  • ක්‍රිස් ගේල්
  • ජේසන් හෝල්ඩර්
  • අකේල් හොසේන්
  • එවින් ලුවිස්
  • ඕබෙඩ් මැකෝයි
  • රොව්මන් පවෙල්
  • ලෙන්ඩල් සිමන්ස්
  • කෙවින් සින්ක්ලෙයාර්
  • ඇන්ජලෝ මැතිව්ස් (නා)
  • දසුන් ශානක (නා)
  • අශේන් බණ්ඩාර
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල් (කරැ)
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල (කරැ)
  • ඕෂද ප්‍රනාන්දු
  • අසිත ප්‍රනාන්දු
  • වනිඳු හසරංග
  • ධනුෂ්ක ගුණතිලක
  • දිමුත් කරුණාරත්න
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ඩිල්ෂාන් මධුශංක
  • කමිඳු මෙන්ඩිස්
  • රමේෂ් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • ලක්ෂාන් සඳකැන්

සංචාරයට පෙර, ලහිරු කුමාර කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් හේතුවෙන් ශ්‍රී ලංකා සුදු පන්දු සංචිතයෙන් ඉවත් කරන ලදී,[35] ඔහු වෙනුවට සුරංග ලක්මාල් නම් කර ඇත.[36] ශ්‍රී ලංකාවේ දසුන් ශානකට විස්සයි 20 තරග අහිමි වූයේ වීසා ප්‍රශ්න හේතුවෙන් ඔහුට සංචාරය කිරීමට නොහැකි වීම හේතුවෙනි.[37] 2021 මාර්තු 5 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශානක එක්දින තරඟ සඳහා කණ්ඩායම සමඟ එක්වන බවයි.[38] දෙවැනි එක්දින තරගයට පෙර ඇන්ජලෝ මැතිව්ස් සිය සංචාරයේ ඉතිරි කාලය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව ගියේ පවුලේ කරුණක් හේතුවෙන් යළි සියරට බලා යාමටය.[39] තෙවැනි එක්දින තරගයට පෙර ඇන්ඩර්සන් පිලිප් බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට එක් කර ඇත.[40]

2021 මාර්තු 12 වන දින ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරඟය සඳහා සංචිතය නම් කරන ලදී.[41] රොස්ටන් චේස්, ජහ්මාර් හැමිල්ටන් හා චෙමර් හෝල්ඩර් අතිරේක සංචිත ක්‍රීඩකයන් ලෙස සහ ජේඩන් සීල්ස් සංවර්ධන ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇත.[42]

පුහුණු තරග[සංස්කරණය]

2021 මාර්තු 8-11
ලකුණු පුවරුව
95/6 (ඕවර 20.3)
කයිරන් පවෙල් 29 (22)
රේමන් රීෆර් 2/15 (ඕවර 3)
බ්‍රැත්වේට් XI කඩුලු 4කින් ජය ගත්තේය
කූලිජ් ක්‍රිකට් පිටිය, ඇන්ටිගුවා

විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් පැට්‍රික් ගුස්ටාඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් කාල් ටකට්
  • බ්‍රැත්වේට් XI කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2021 මාර්තු 17-18
ලකුණු පුවරුව
294 (ඕවර 81.2)
ෂායි හෝප් 68 (89)
ධනංජය ද සිල්වා 3/26 (ඕවර 10)
56/0 (ඕවර් 13)
දිමුත් කරුණාරත්න 27* (41)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කූලිජ් ක්‍රිකට් පිටිය, ඇන්ටිගුවා

විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ග්‍රෙගරි බ්‍රැත්වේට් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙස්ලි රීෆර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 3
18:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
131/9 (ඕවර 20)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 4ක ජයක් හිමිවිය
කූලිජ් ක්‍රිකට් පිටිය, ඇන්ටිගුවා
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් කිරන් පොලාර්ඩ්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ග්‍රෙගරි බ්‍රැත්වේට් සහ බටහිර ඉන්දීය කොදෙව් නයිජල් ඩුගුයිඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • බටහිර ඉන්දීය කොදෙව් කෙවින් සින්ක්ලෙයාර්, ශ්‍රී ලංකාව අශේන් බණ්ඩාර සහ ශ්‍රී ලංකාව පැතුම් නිශ්ශංක සියලු දෙනාම ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
  • මෙම පිටියේ පැවැති පළමු වි20ජා තරගය මෙය විය.[43]
  • ශ්‍රී ලංකාව අකිල ධනංජය කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් අතර,[44] ඔහු වි20ජා තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමින්.[45]
  • බටහිර ඉන්දීය කොදෙව් කිරන් පොලාඩ් අකිල ධනංජයගේ පන්දු යැවීම හමුවේ එක් ඕවරයක හයේ පහර හයක් එල්ල කරන ලදී,[46] ඒ වි20ජා තරගවලදී මෙම ජයග්‍රහණය කළ දෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්.[47]

2 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 5
18:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
160/6 (ඕවර 20)
ශ්‍රී ලංකාවට ලකුණු 43ක ජයක්
කූලිජ් ක්‍රිකට් පිටිය, ඇන්ටිගුවා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව වනිඳු හසරංග
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් නයිජල් ඩුගුයිඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙස්ලි රීෆර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 7
18:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
131/4 (ඕවර 20)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 3ක ජයක් හිමිවිය
කූලිජ් ක්‍රිකට් පිටිය, ඇන්ටිගුවා
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ෆේබියන් ඇලන්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් පැට්‍රික් ගුස්ටාඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

එදිජා තරගමාලාව[සංස්කරණය]

1 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 10
09:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
232 (ඕවර 49 )
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 8ක ජයක් හිමිවිය
ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඇන්ටිගුවා
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ෂායි හෝප්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ග්‍රෙගරි බ්‍රැත්වේට් සහ බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව අෂේන් බණ්ඩාර සහ ශ්‍රී ලංකාව පැතුම් නිශ්ශංක දෙදෙනාම ඔවුන්ගේ මංගල එක්දින තරගය ක්‍රීඩා කළහ.
  • ශ්‍රී ලංකාව දනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක පන්දු රකින්නන්ට බාධා කරමින් දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.[48]
  • බටහිර ඉන්දීය කොදෙව් ෂායි හෝප් එක්දින තරගවලදී ඔහුගේ 10 වැනි ශතකය වාර්තා කළේය.[49]
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 10, ශ්‍රී ලංකාව 0.

2 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 12
09:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
273/8 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 5ක ජයක් හිමිවිය
ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඇන්ටිගුවා
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් එවින් ලුවිස්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් නයිජල් ඩුගුයිඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 10, ශ්‍රී ලංකාව 0.

3 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 14
09:30
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
274/6 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 5ක ජයක් හිමිවිය
ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඇන්ටිගුවා
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් ඩැරන් බ්‍රාවෝ
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ලෙස්ලි රීෆර් සහ බටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් විල්සන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • බටහිර ඉන්දීය කොදෙව් ඇන්ඩර්සන් ෆිලිප් ඔහුගේ මංගල එක්දින තරගය ක්‍රීඩා කළේය.
  • ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 10, ශ්‍රී ලංකාව –2.[50][සටහන 1]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

ප්‍රධාන ලිපිය : සෝබර්-තිසේරා කුසලානය

1 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 21-25
ලකුණු පුවරුව
476 (ඕවර 149.5)
පැතුම් නිශ්ශංක 103 (252)
කෙමාර් රෝච් 3/74 (ඕවර 27)
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පැතුම් නිශ්ශංක සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ සිව්වැනි පිතිකරුවා බවට පත්විය.[51]
  • බටහිර ඉන්දීය කොදෙව් ග්‍රෙගරි බ්‍රැත්වේට්, විනිසුරුවරයෙකු ලෙස ඔහුගේ පළමු ටෙස්ට් තරගයට පෙනී සිටියේය.[52]
  • බටහිර ඉන්දීය කොදෙව් න්ක්රුමා බොනර් ඔහුගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.[53]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 20, ශ්‍රී ලංකාව 20.

2 වන තරගය[සංස්කරණය]

2021 මාර්තු 29 - අප්‍රේල් 2
ලකුණු පුවරුව
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනයට පන්දුවාර 42.1ක් පමණක් වැය කිරීමට හැකි විය.
  • බටහිර ඉන්දීය කොදෙව් ක්‍රේග් බ්‍රැත්වේට් ඔහුගේ ටෙස්ට් ලකුණු 4,000 වාර්තා කළේය.[54]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 20, ශ්‍රී ලංකාව 20.

සටහන්[සංස්කරණය]

  1. ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු 2ක් අඩු කර ඇත්තේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන්.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sri Lanka's Binura Fernando, Chamika Karunaratne test Covid-19-positive ahead of West Indies tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 January 2021.
  2. "CWI and ESPN+ agree groundbreaking five-year USA media rights deal". Cricket West Indies. සම්ප්‍රවේශය 29 January 2021.
  3. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  4. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  5. "Mickey Arthur, Lahiru Thirimanne test positive for Covid-19". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 February 2021.
  6. "Sri Lanka's tour of West Indies postponed". Ada Derana. සම්ප්‍රවේශය 5 February 2021.
  7. "Sri Lanka tour of West Indies postponed after Mickey Arthur, Lahiru Thirimanne test positive for coronavirus". DNA India. සම්ප්‍රවේශය 5 February 2021.
  8. "Tour to West Indies postponed after Sri Lanka cricket team hit with COVID-19 infections – report". Island Cricket. සම්ප්‍රවේශය 5 February 2021.
  9. "CWI sign major UK broadcast agreement with BT Sport for all West Indies matches". Cricket West Indies. සම්ප්‍රවේශය 6 February 2021.
  10. "Sri Lanka tour of West Indies 2021 – Fixtures". Sri Lanka Cricket. 16 February 2021. සම්ප්‍රවේශය 16 February 2021.
  11. "International Cricket to return to the Caribbean, as CWI confirm Sri Lanka Tour". Cricket West Indies. සම්ප්‍රවේශය 16 February 2021.
  12. "Dasun Shanaka appointed Sri Lanka's T20I captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 February 2021.
  13. "Shanaka named T20I captain, Lakmal replaces Kumara". International Cricket Council. සම්ප්‍රවේශය 23 February 2021.
  14. "Visa-related problems delay Dasun Shanaka's departure for the Caribbean". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 February 2021.
  15. "Mathews named stand-in T20I captain as Shanaka faces visa issues". CricBuzz. සම්ප්‍රවේශය 27 February 2021.
  16. "Angelo Mathews named stand-in T20I Captain for Windies tour". Cricket Sri Lanka. සම්ප්‍රවේශය 27 February 2021.
  17. "Windies confirm Fidel Edwards is back". Nation News. සම්ප්‍රවේශය 26 February 2021.
  18. "Chris Gayle, the Universal Boss, recalled to Windies T20 squad – at 41!". The South African. සම්ප්‍රවේශය 26 February 2021.
  19. "Brathwaite replaces Holder as West Indies Test captain". Cricket West Indies. සම්ප්‍රවේශය 11 March 2021.
  20. "Kraigg Brathwaite replaces Jason Holder as West Indies Test skipper". Trinidad and Tobago Newsday. සම්ප්‍රවේශය 11 March 2021.
  21. "All-West Indian match official team announced for upcoming Sri Lanka series". Cricket West Indies. සම්ප්‍රවේශය 3 March 2021.
  22. "Brathwaite to debut as Test umpire". Nation News. සම්ප්‍රවේශය 3 March 2021.
  23. "Pollard's six straight sixes trump Dananjaya's hat-trick in T20I thriller". International Cricket Council. සම්ප්‍රවේශය 6 March 2021.
  24. "Wanindu Hasaranga the star as Sri Lanka spinners rout West Indies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 March 2021.
  25. "All-round Fabian Allen helps West Indies clinch series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 March 2021.
  26. "Nicholas Pooran eases jitters after Evin Lewis and Shai Hope set up 2-0 series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 March 2021.
  27. "3rd ODI, North Sound, Mar 14 2021, Sri Lanka tour of West Indies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 March 2021.
  28. "Dimuth Karunaratne, Oshada Fernando fifties ensure series ends at 0-0". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 April 2021.
  29. "West Indies squad named for first Test against Sri Lanka". Cricket West Indies. සම්ප්‍රවේශය 12 March 2021.
  30. "Sri Lanka squad for West Indies Test series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 6 March 2021.
  31. "West Indies name exciting squads for CG Insurance T20I and ODI series against Sri Lanka". Cricket West Indies. සම්ප්‍රවේශය 26 February 2021.
  32. "Sri Lanka ODI & T20I Squad for West Indies tour 2021". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 23 February 2021.
  33. "West Indies announce squads for CG Insurance T20I and ODI Series against Sri Lanka". Cricket World. සම්ප්‍රවේශය 26 February 2021.
  34. "Lakmal replaces Kumara in SL white-ball squad for WI tour". CricBuzz. සම්ප්‍රවේශය 23 February 2021.
  35. "Lahore Kumara tested Positive for Covid-19". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 22 February 2021.
  36. "Sri Lanka Announce ODI, T20I Squad For West Indies Tour". NDTV Sports. සම්ප්‍රවේශය 23 February 2021.
  37. "West Indies test old guard as build-up to T20 World Cup begins". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 March 2021.
  38. "Dasun Shanaka expected to join the squad during ODI series v Windies". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 5 March 2021.
  39. "Angelo Mathews Pulls Out Of Sri Lanka's West Indies Tour". NDTV. සම්ප්‍රවේශය 11 March 2021.
  40. "Anderson Phillip added to squad for final CG Insurance ODI". Cricket West Indies. සම්ප්‍රවේශය 14 March 2021.
  41. "West Indies squad named for first Test against Sri Lanka". Cricket World. සම්ප්‍රවේශය 12 March 2021.
  42. "Holder, Bravo recalled for first Test against Sri Lanka. Hope named in President's XI squad". SportsMax. සම්ප්‍රවේශය 12 March 2021.
  43. "Pollard eyes win as West Indies open CG Insurance T20I Series". Cricket West Indies. සම්ප්‍රවේශය 3 March 2021.
  44. "'Mad, mad game!': Sri Lanka's Akila Dananjaya takes hat-trick in second over; gets hit for six sixes in next". India TV. සම්ප්‍රවේශය 4 March 2021.
  45. "List of hat tricks in T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 March 2021.
  46. "How Kieron Pollard hit six sixes in an over". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 March 2021.
  47. "WI vs SL: Kieron Pollard smashes six sixes in an over; becomes second after Yuvraj to reach feat in T20Is". India TV. සම්ප්‍රවේශය 4 March 2021.
  48. "Danushka Gunathilaka given out for obstructing the field". Indian Express. සම්ප්‍රවේශය 10 March 2021.
  49. "Shai Hope century leads dominant display as Windies take 1-0 series lead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 March 2021.
  50. "Sri Lanka fined for slow over-rate in third ODI against West Indies". International Cricket Council. සම්ප්‍රවේශය 16 March 2021.
  51. "Pathum Nissanka slams a Test Century on Debut". Knews. සම්ප්‍රවේශය 24 March 2021.
  52. "West Indies match official team announced for Sri Lanka series". Cricket World. සම්ප්‍රවේශය 21 March 2021.
  53. "Bonner's maiden Test ton helps West Indies salvage draw". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 March 2021.
  54. "Brathwaite 99 not out steadies Windies". Loop. සම්ප්‍රවේශය 30 March 2021.