2006 යුනිටෙක් ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(යුනිටෙක් කුසලානය 2006 වෙතින් යළි-යොමු කරන ලදි)
2006 යුනිටෙක් කුසලානය [1]
දිනය 2006 අගෝස්තු 16 - 29
ස්ථානය ශ්‍රී ලංකාව කොළඹ, ශ්‍රී ලංකාව
ප්‍රතිඵලය තරගාවලිය අවලංගු කරන ලදී
කණ්ඩායම්
 ශ්‍රී ලංකාව  ඉන්දියාව  දකුණු අප්‍රිකාව
නායකයන්
ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන ඉන්දියාව රාහුල් ඩ්‍රාවිඩ් දකුණු අප්‍රිකාව මාර්ක් බවුචර්

යුනිටෙක් කුසලානය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියකි. කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා කණ්ඩායම නැවතී සිටි හෝටලයට නුදුරෙන්, කොළඹදී බෝම්බ පිපිරීමක් හේතුවෙන් ආරක්ෂක ගැටළු හේතුවෙන් ඉවත් විය. තරඟාවලිය මුලින් දඹුල්ල සහ කොළඹ නගරවල පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පසුව කොළඹ පමණක් ක්‍රීඩා කිරීමට සංශෝධනය විය. සෑම කණ්ඩායමක්ම තරඟ 4 බැගින්, එක් ප්‍රතිවාදියෙකුට එරෙහිව තරග 2 බැගින් ක්‍රීඩා කළ යුතු අතර, හොඳම කණ්ඩායම් 2 අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමත් සමග තරගාවලිය අවලංගු වූ අතර පසුව යුනිටෙක් කුසලානය නමින්[තහවුරු කර නොමැත] ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ 3 කින් යුත් ද්විපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරඟමලාවක් පැවැත් විය.

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව[2]  ඉන්දියාව[3][4]  දකුණු අප්‍රිකාව[5][6][7]
  • මහේල ජයවර්ධන (නා)
  • කුමාර සංගක්කාර (උප සහ කරැ)
  • උපුල් තරංග
  • සනත් ජයසූරිය
  • තිලකරත්න ඩිල්ෂාන්
  • මාවන් අතපත්තු
  • චාමර කපුගෙදර
  • චමින්ද වාස්
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • දිල්හාර ප්‍රනාන්දු
  • මුත්තයියා මුරලිදරන්
  • මාලිංග බණ්ඩාර
  • රුචිර පෙරේරා
  • ප්‍රසන්න ජයවර්ධන (කරැ)
  • රාහුල් ඩ්‍රාවිඩ් (නා)
  • විරේන්ද්‍ර ෂෙවාග් (උප)
  • සචින් ටෙන්ඩුල්කාර්
  • යුවරාජ් සිං
  • මොහොමඩ් කයිෆ්
  • සුරේෂ් රයිනා
  • එම්. එස්. දෝනි (කරැ)
  • ඉර්ෆාන් පතාන්
  • ශ්‍රීසාන්ත්
  • හර්බජන් සිං
  • රමේෂ් පවර්
  • අජිත් අගාර්කාර්
  • මුනාෆ් පටෙල්
  • ආර්. පී. සිං
  • දිනේෂ් මොංගියා
  • මාර්ක් බවුචර් (නා සහ කරැ)
  • ෂෝන් පොලොක් (උප)
  • බෝටා දිප්පෙනාර්
  • ලොට්ස් බොස්මන්
  • හර්ෂල් ගිබ්ස්
  • ඒබී ඩිවිලියර්ස්
  • ජොහාන් වැන් ඩර් වොට්
  • රොබින් පීටර්සන්
  • ඇන්ඩෘ හෝල්
  • ඇන්ඩ්රේ නෙල්
  • මඛය න්තිනි
  • ඈෂ්වෙල් ප්‍රින්ස්
  • රොජර් ටෙලිමචස්
  • තණ්ඩි ඨශබලල

ආරක්ෂිත ගැටළු[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, 2006 අගෝස්තු 14 වන දින, ආරම්භක තරඟය, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවලංගු කරන ලදී. නියමිත සෑම තරගයකටම අතිරේක දින වෙන්කර තිබීම නිසා මෙය ප්‍රධාන ගැටලුවක් නොවූ නමුත් 2006 අගෝස්තු 14 වන දින ක්‍රීඩාංගනයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් සිදුවූ බෝම්බ පිපිරීමක් සිදුවීම තරගාවලිය තවදුරටත් පවත්වාගෙන යාම අනතුරේ හෙළීය. මෙයට හේතු වූයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ඉවත් වීමට සුදානම් වූ නමුත් ආරක්ෂක ඇගයීම් ආරක්ෂිත යැයි සලකන්නේ නම් දිගටම ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ කනස්සල්ල වැඩි වීමයි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට පවතින අවදානම "පිළිගත නොහැකි මට්ටමක" පැවතීම හේතුවෙන් කණ්ඩායම ඉවත් වන බවයි.

තරග 5කින් සමන්විත ද්විපාර්ශ්වික තරගාවලියක් ගැන සලකා බලන ලෙස ශ්‍රී ලංකා පාලක මණ්ඩලය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පොළඹවා ගැනීමට උත්සහ කල නමුත් BCCI විසින් තරග 3කින් සමන්විත තරගාවලියක් පිළිගත්තේය.

සැලකිය යුතු ප්‍රමාදයකින් සහ දකුණු අප්‍රිකානුවන් විසින් ගනු ලැබූ තීරණයෙන් පසුව සංශෝධිත තරග ලැයිස්තුවක් නිකුත් කරන ලදී.

ලීග් අදියර[සංස්කරණය]

කල් දැමූ තරගය[සංස්කරණය]

2006 අගෝස්තු 14 - 15
එරෙහි
  • පලමු දින පිටියේ තෙත් වීම හේතුවෙන් තරගය නතර විය.
  • පසු දින නැවත තරගය ආරම්භ වීමට නියමිත වූ නමුත් බෝම්බ පිපිරීමක් නිසා තරගය අගෝස්තු 29 දිනට කල් යන ලදී.

1 වන තරගය[සංස්කරණය]

2006 අගෝස්තු 16
එරෙහි
  • පිටියේ තෙත් වීම හේතුවෙන් තරගය නතර විය.
  • මුලින් තරගය අතිරේක දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, දකුණු අප්‍රිකාව තරගාවලියෙන් ඉවත් වූ පසු තරගය අත්හැර දැමීය.

2 වැනි තරගය[සංස්කරණය]

2006 අගෝස්තු 19
එරෙහි

3 වැනි තරගය[සංස්කරණය]

4 වැනි තරගය[සංස්කරණය]

2006 අගෝස්තු 24
එරෙහි

5 වැනි තරගය[සංස්කරණය]

6 වැනි තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගමාලාව යළි පැවැත්වීමට නියමිතයි

බාහිර සබැඳි[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. https://www.espncricinfo.com/series/unitech-cup-2006-249145 '2006 Unitech Cup']
  2. "Atapattu back for ODI tri-series". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  3. "Tendulkar and Mongia return to squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  4. "India One-Day Squad - India Squad - Unitech Cup, 2006 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  5. "Boucher appointed captain for tri-series". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  6. "Steyn on standby for Ntini". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  7. "South Africa One-Day Squad - South Africa Squad - Unitech Cup, 2006 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග