Jump to content

කුසල් පෙරේරා

විකිපීඩියා වෙතින්

කුසල් පෙරේරා
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම මතුරගේ දොන් කුසල් ජනිත් පෙරේරා
උස 5 අඩි 6 අඟල් ([convert: unknown unit])
පන්දුවට පහර දීමේ ශෛලිය වමත්
භූමිකාව කඩුළු රකින්නා-පිතිකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම ශ්‍රීලංකාව
එදිජා මංගලවාතරණය (cap 155) 13 ජනවාරි 2013 v ඕස්ට්‍රේලියාව
අවසාන එදිජා තරගය 3 අගෝස්තු 2019 v බංග්ලාදේශය
එදිජා කමිස අංකය. 55
වි20ජා මංගලාවතරණය(cap 48) 26 ජනවාරි 2013 v ඕස්ට්‍රේලියාව
අවසාන වි20ජා 10 ජනවාරි 2020 v ඉන්දියාව
Domestic team information
වසර කණ්ඩායම
වයඹ ක්‍රිකට් කණ්ඩායම
2013 – present රාජස්ථාන් රෝයල් (squad no. 8)
රුහුණ ක්‍රිකට් කණ්ඩායම
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය එදිජා T20I පපෙ ලැඒ
තරග 43 18 43 109
රැස්කළ ලකුණු 866 521 3,123 2,886
පිතිකරණයේ සාමාන්‍යය 22.78 28.94 49.57 30.70
100ඒවා/50ඒවා 1/4 0/5 10/9 4/18
වැඩිම පකුණු සංඛ්‍යාව 106 84 336 155
පන්දු යැවීම් -
කඩුලු -
පන්දු වැවීමේ සාමාන්‍යය -
ඉනිමකදී කඩුලු 5 -
තරගයකදී කඩුලු 10 -
හොඳම පන්දු යැවීම -
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 14/0 5/ 75/14 61/22
මූලාශ්‍රය: ESPN Cricinfo, {{{date}}} {{{year}}}

මතුරගේ දොන් කුසල් ජනිත් පෙරේරා (ඉංග්‍රීසි: Mathurage Don Kusal Janith Perera) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු වේ. මොහු විසින් එල්ල කරන බොහෝ පිතිපහරවල් ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරියගේ පන්දුවට පහරදීමේ ආකාරයට සමාන බැවින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් විසින් මොහුව සනත් ජයසූරියගේ නැවත ඉපදීම ලෙස විග්‍රහ කරනු ලබයි. කුසල්, කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය මෙන්ම අවුරුදු 13න් පහල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පිවිසි අතර පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වන ලදී. 2008 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු[1] වූ කුසල්, ඉන්පසු කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සදහා යොමුවන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ 2013 ඕස්ට්‍රේලියානු සංචාරයේදී පළමුවරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගී වීමට මොහුට ලැබුණි.

අන්තර්ජාතික ක්‍රීඩා ජීවිතය

[සංස්කරණය]

2012/13 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේදී ආබාධයකට ලක්වූ කුමාර් සංගක්කාර වෙනුවට එවකට වයස 22ක් වූ කුසල් හට කඩුලු රකින්නෙකු ලෙස කැදවීමක් ලැබුණු අතර එම සංචාරයේ දෙවන එක්දින තරගයේදී ඔහුට මංගල එක්දින ජාත්‍යන්තර තරගවරම් ලැබුණි. එම තරගයේදී කඩුල්ල පිටුපස සිට උඩපන්දු 4 ක් රැකගනිමින් ද පන්දුවට පහරදෙමින් නොදැවී ලකුණු 14 ලබාගන්නා ලදී. ඔහුගේ ප්‍රවේගකාරී පිතිකරණ විලාශය නිසාවෙන් කෙටි කලක් තුල එක්දින හා 20-20 ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණි.

එක්දින ජාත්‍යන්තර තරඟ - ශතක ලැයිස්තුව [2]

[සංස්කරණය]
#ලකුණුප්‍රතිවාදීන්ඉනිමපිතිකරන ස්ථානයස්ථානයදිනයතරඟ ප්‍රතිඵලය
1106 බංග්ලාදේශය21ශේර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය, මීර්පූර්පෙබරවාරි 22, 2014ජයග්‍රහණය

එක්දින ජාත්‍යන්තර තරඟ - තරඟයේ වීරයා සම්මාන [3]

[සංස්කරණය]
#ලකුණුඋඩපන්දුකඩුල්ල බිදදැමීම්ප්‍රතිවාදීන්ස්ථානයදිනය
1106-- බංග්ලාදේශයශේර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය, මීර්පූර්පෙබරවාරි 22, 2014

විස්සයි-20 ජාත්‍යන්තර තරඟ - අර්ධ-ශතක ලැයිස්තුව [4]

[සංස්කරණය]
#ලකුණුප්‍රතිවාදීන්ඉනිමපිතිකරන ස්ථානයස්ථානයදිනයතරඟ ප්‍රතිඵලය
164 බංග්ලාදේශය11පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේමාර්තු 31, 2013ජයග්‍රහණය
257 නවසීලන්තය23පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේනොවැම්බර් 21, 2013ජයග්‍රහණය
384 පකිස්තානය11ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායිදෙසැම්බර් 13, 2013ජයග්‍රහණය
464 බංග්ලාදේශය11ශිහුර් අහමඩ් චෞදරී ක්‍රීඩාංගනය, චිතගොන්පෙබරවාරි 12, 2014ජයග්‍රහණය
561 දකුණු අප්‍රිකාව11ශිහුර් අහමඩ් චෞදරී ක්‍රීඩාංගනය, චිතගොන්මාර්තු 22, 2014ජයග්‍රහණය

විස්සයි-20 ජාත්‍යන්තර තරඟ - තරඟයේ වීරයා සම්මාන [5]

[සංස්කරණය]
#ලකුණුඋඩපන්දුකඩුල්ල බිදදැමීම්ප්‍රතිවාදීන්ස්ථානයදිනය
164-- බංග්ලාදේශයපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේමාර්තු 31, 2013
257-- නවසීලන්තයපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේනොවැම්බර් 21, 2013
384-- පකිස්තානයඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායිදෙසැම්බර් 13, 2013
464-- බංග්ලාදේශයශිහුර් අහමඩ් චෞදරී ක්‍රීඩාංගනය, චිතගොන්පෙබරවාරි 12, 2014
561-- දකුණු අප්‍රිකාවශිහුර් අහමඩ් චෞදරී ක්‍රීඩාංගනය, චිතගොන්මාර්තු 22, 2014

පළමුපෙළ ක්‍රීඩා ජීවිතය

[සංස්කරණය]

වර්ෂ 2008 දී ඔහුගේ ප්‍රථම පළමුපෙළ තරඟය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණි. ඒ 2007/08 අන්තර් පළාත් 20-20 ක්‍රිකට් තරඟාවලියේ ආරාධිත පාසල් කණ්ඩායමේ උපනායකයා වශයෙනි. ඉන්පසුව කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ප්‍රථම වතාවට 2009/10 පළමුපෙළ සීමිත ඕවර තරඟයකට සහභාගී වූ අතර එහිදී ද්‍රවිඩ එක්සත් ක්‍රීඩා සමාජයට එරෙහිව මැදපෙළ පිතිකරුවෙකු ලෙස ලකුණු 39ක්[6] ලබාගනිමින් තරඟයේ ජයග්‍රහණයට උදවු කරන ලදී. එම තරඟවාරයේදී කොල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරඟ 6කදී එක් අර්ධ-ශතකයක් සමඟින් ලකුණු 151ක් ලබාගන්නා ලදී.

එම තරඟ වාරයේදිම කෝල්ට්ස් ක්‍රිඩා සමාජය වෙනුවෙන් කුසල් තම ප්‍රථම පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරනු ලැබූ අතර සිය ප්‍රථම තරඟයේදීම අර්ධ-ශතකයකින්[7] තම ඉනිම හැඩකර ගැනීමට සමත්විය. ඉන්පසු 2010-11 පළමුපෙල තරඟ වාරයේදී තම ප්‍රථම පළමුපෙල ශතකය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලබාගන්නා ලදී. 2012-13 තරඟවාරය කුසල් හට අමතක නොවන තරඟාවලියක් කරගනිමින් බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 203ක්[8] ලබා ගනිමින් ද සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 275කින් ලකුණු 336ක්[9] ලබාගනිමින් ඔහුගේ ප්‍රථම ද්විත්ව හා ත්‍රිත්ව ශතක ලබාගන්නා ලදී.

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

කුසල් ජනිත් පෙරේරා, වර්ෂ 1990 අගෝස්තු 17 දින ව්‍යාපාරිකයෙකු වූ කිත්සිරි පෙරේරා හා පී. වී. ස්වර්ණලතා දෙපලට දාව කලුබෝවිලදී උපත ලැබිය. පවුලේ දෙවන දරුවා වූ කුසල්ට, සංජිව සහ උදාරා නම්වූ වැඩිමහල් සහෝදරයෙක් හා බාල සහෝදරියක් සිටි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන 2008, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම". සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2014.
  2. "කුසල් ජනිත් පෙරේරා එක්දින ජාත්‍යන්තර තරඟ වලදී ලබාගත් ශතක". සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2014.
  3. "කුසල් ජනිත් පෙරේරා එක්දින ජාත්‍යන්තර තරඟ වලදී ලබාගත් තරඟයේ වීරයා සම්මාන". සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2014.
  4. "කුසල් ජනිත් පෙරේරා 20-20 ජාත්‍යන්තර තරඟ වලදී ලබාගත් අර්ධ-ශතක". සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2014.
  5. "කුසල් ජනිත් පෙරේරා 20-20 ජාත්‍යන්තර තරඟ වලදී ලබාගත් තරඟයේ වීරයා සම්මාන". සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2014.
  6. "කුසල් ජනිත් පෙරේරා කක්‍රීඩාකළ පළමු සීමිත ඕවර තරඟයේ ලකුණු පුවරුව". සම්ප්‍රවේශය 3 මාර්තු 2014.
  7. "කුසල් ජනිත් පෙරේරා කක්‍රීඩාකළ පළමු පළමුපෙල තරඟයේ ලකුණු පුවරුව". සම්ප්‍රවේශය 16 අප්‍රේල් 2014.
  8. "කුසල් ජනිත් පෙරේරා ප්‍රථම ද්විත්ව ශතකය ලබාගත් තරඟයේ ලකුණු පුවරුව". සම්ප්‍රවේශය 16 අප්‍රේල් 2014.
  9. "කුසල් ජනිත් පෙරේරා ප්‍රථම ත්‍රිත්ව ශතකය ලබාගත් තරඟයේ ලකුණු පුවරුව". සම්ප්‍රවේශය 16 අප්‍රේල් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=කුසල්_පෙරේරා&oldid=446341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි