එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
එංගලන්ත ක්‍රිකට් ලාංඡනය | ||||
| පුද්ගලයෝ | ||||
|---|---|---|---|---|
| නායකයා | ජෝ රූට් (ටෙස්ට්) ඉයන් මෝගන් (එදිජා සහ වි20) | |||
| පුහුණුකරු | ට්‍රෙවර් බේලිස් | |||
| ඉතිහාසය | ||||
| ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1877 | |||
| ටෙස්ට් තරග | ||||
| පළමුවන ටෙස්ට් තරගය | ඔස්ට්‍රේලියාව එරෙහිව මෙල්බර්න්හීදී 15-19 මාර්තු 1877 | |||
| එක්-දින ජාත්‍යන්තර | ||||
| පළමුවන එදිජා | ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හීදී 5 ජනවාරි 1971 | |||
| වි20 ජාතළුන්තර | ||||
| පළමුවන වි20ජා | ඔස්ට්‍රේලියාවට එරෙහිව සදම්ස්ටන්හීදී 13 ජූනි 2005 | |||
| ||||
| 3 July 2019 වන විට | ||||
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යනු එංගලන්තය නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායමකි . 1997 ජනවාරි 1 දින සිට මෙය පාලනය කරනු ලබන්නේ එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් වන අතර, පූර්වයෙහිදී, 1903 සිට 1996 අග භාගය දක්වා මෙය පාලනය කරනු ලැබුවේ මාලිබන් ක්‍රිකට් සමාජය (MCC) විසිනි
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කළ පළමු කණ්ඩායම් (1877 මාර්තු 15–19 අතර) වූ අතර, මෙම රටවල් දෙක දකුණු අප්‍රිකාව සමඟ එක්ව 1909 ජුනි 15 වන දින අධිරාජ්‍ය ක්‍රිකට් සම්මේලනය (වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පූර්වගාමියා) පිහිටුවන ලදී. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව 1971 ජනවාරි 5 වන දින පළමු එක්දින ජාත්‍යන්තර තරගය (එදිජා) ක්‍රීඩා කළහ. එංගලන්තයේ පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය (වි20ජා) 2005 ජුනි 13 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව නැවත වරක් පැවැත්විණි.
2017 සැප්තැම්බර් 19 වන විට එංගලන්තය ටෙස්ට් තරග 990කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 356ක් ජයග්‍රහණය කර 291ක් පරාජයට පත්වී ඇත (සමසමව තරග 343ක්).කණ්ඩායම 32 වතාවක් අළු බඳුන ශූරතාව දිනා ඇති අතර, එය ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ඕස්ට්‍රේලියාව දිනා ගත් සංඛ්‍යාවට සමාන වේ.එංගලන්තය එක්දින තරඟ 693කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 340ක් ජයග්‍රහණය කර ඇති අතර ප්‍රධාන ODI තරඟාවලි වල එහි වාර්තාව ක්‍රිකට් ලෝක කුසලාන තුනක අනුශූරයන් ලෙස අවසන් කිරීම ඇතුළත් වේ (1979, 1987 සහ 1992), සහ ICC චැම්පියන්ස් කුසලාන දෙකකදී (2004 සහ 2013). එංගලන්තය විස්සයි20 තරග 96ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් 46ක් ජයග්‍රහණය කර ඇත.ඔවුන් 2010 හා 2022 දී ICC ලෝක විස්සයි20 ශූරතාව දිනා ගත් අතර 2016 දී අනුශූරයන් විය.
2015 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් අදියරෙන් ඉවත් වීමෙන් පසුව කණ්ඩායම සහ පුහුණු කාර්ය මණ්ඩලය දැඩි විවේචනවලට ලක් වුවද, එතැන් සිට නායක ඔයින් මෝගන් සහ ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස්ගේ නායකත්වය යටතේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී වඩාත් ආක්‍රමණශීලී සහ නවීන ක්‍රීඩා විලාසයක් අනුගමනය කර ඇත.
