ක්‍රිස් වෝක්ස්

විකිපීඩියා වෙතින්
ක්‍රිස් වෝක්ස්
වෝක්ස් 2022 වසරෙහිදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමක්‍රිස්ටෝෆර් රොජර් වෝක්ස්
උපත2 මාර්තු 1989 (1989-03-02) (වයස 35)
බර්මිංහැම්, වෙස්ට් මිඩ්ලන්ඩ්ස්, එංගලන්තය
අපනාමයද විසර්ඩ්[1]
උස6 ft 2 in (1.88 m)
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් වේග-මධ්‍ය වේග
භූමිකාවසියළු-ඉරියව්
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඑංගලන්තය පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2006–වර්තමානයවොරෙක්ෂයර්
2012/13වෙලිංටන්
2013/14සිඩ්නි තන්ඩර්
2017කොල්කොටා නයිට් රයිඩර්ස්
2018රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
2021දෙල්හි කැපිටල්ස්
2022බර්මිංහැම් පීනික්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පක්‍රි ලැඒ
තරග 48 112 167 194
රැස් කල ලකුණු 1,754 1,386 6,422 2,127
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 27.40 24.75 32.76 22.87
100ඒවා/50ඒවා 1/6 0/5 10/25 0/6
වැඩිම ලකුණු 137* 95* 152* 95*
යැවුනු පන්දු 8,569 5,317 28,511 8,585
කඩුළු 149 160 573 238
පන්දු යැවීමේ සාමාන්‍යය 29.13 30.23 25.39 32.82
ඉනිමකදී කඩුළු පහක් 5 3 22 3
තරගයකදී කඩුළු 10 ක් 1 0 4 0
හොඳම පන්දු යැවීම 6/17 6/45 9/36 6/45
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 20/– 47/– 68/– 64/–
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 31 July 2023


ක්‍රිස්ටොෆර් රොජර් වෝක්ස් (උපත 2 මාර්තු 1989) යනු එංගලන්තය වෙනුවෙන් සියළු ආකෘතීන් සඳහා ජාත්‍යන්තර තරගයන්හී ක්‍රීඩා කරන ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දේශීය ක්‍රිකට් තරගයන්හී ඔහු නියෝජනය කරන්නේ වොරෙක්ෂයර් වන අතර, විස්සයි20 තරග වලදී, ඉන්දියානු ප්‍රිමියර් ලීගය තුල කොල්කොටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දෙල්හි කැපිටල්ස් වැනි බහු ආකාර ලීග සඳහා ක්‍රීඩා කර ඇත.

වෝක්ස් විසින් තමන්ගේ එක් දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) මංගලාවතරණ සිදු කලේ 2011 වසරෙහිදී වන අතර, ටෙස්ට් මංගලාවතරණය 2013 වසරෙහිදී සිදු කලේය. 2019 ක්‍රිකට් ලෝක කුසලානය[2] සහ 2022 වි20 ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත කණ්ඩායම් වල ඔහු සාමාජිකයෙක් විය.[3]

දකුණු-අතින් පිත්ත හසුරුවන සියළු-ඉරියව් ක්‍රීඩකයෙක් වන වෝක්ස්, වේග- මධ්‍ය වේග පන්දු යවයි.

  1. ෆාරෙල්, මෙලින්ඩා (11 අගෝස්තු 2018). "'විසර්ඩ්' වෝක්ස් කාස්ට්ස් අ ස්පෙල් ඇට් හිස් හොග්වාට්ස් විත් රෙයාර් ලෝඩ්ස් ට්‍රෙබ්ල්". ඊස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 29 ජූලි 2023.
  2. "ඉංග්ලන්ඩ් ක්‍රිකට් වර්ල්ඩ් කප් ප්ලේයර් රේටිංස්: හව් එව්රි ස්ටර් ෆෙයාර්ඩ් ඔන් ද රෝඩ් ටු ග්ලෝරි". ඊව්නිං ස්ටෑන්ඩර්ඩ්. 15 ජූලි 2019. සම්ප්‍රවේශය 15 ජූලි 2019.
  3. "T20 වර්ල්ඩ් කප්: ඉංග්ලන්ඩ් බීට් පකිස්ටාන් ටු වින් පල්සේටිං ෆයිනල් ඉන් මෙල්බර්න්". බීබීසී. 13 නොවැම්බර් 2022. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිස්_වෝක්ස්&oldid=571959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි