මුජීබ් උර් රහ්මාන්

විකිපීඩියා වෙතින්
මුජීබ් උර් රහ්මාන්

මුජීබ් උර් රහ්මාන් සද්‍රාන් (Pashto: مجیب الرحمن ځدراڼ; උපත 2001 මාර්තු 28) යනු ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 21 වැනි සියවසේ උපත ලද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ පළමු මිනිසා විය.[2] ඔහුගේ ජාත්‍යන්තර තරඟයෙන් මාස දෙකකට පසු, වයස අවුරුදු 16 සහ දින 325 දී, ඔහු ජාත්‍යන්තර එක්දින තරඟයකදී කඩුලු 5ක් දවාගත් ලාබාලතම ක්‍රීඩකයා බවට පත් විය.[3] ඔහු 2018 ජුනි මාසයේදී ඉන්දියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන් එකොළොස් දෙනාගෙන් කෙනෙකි. එය ඔහුගේ පළමු පෙළ මංගල ක්‍රිකට් තරගය ද විය.[4] ඔහුගේ මාමා වන නූර් අලි සද්‍රාන් ද ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Mujeeb Ur Rahman". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 August 2017.
  2. "Mujeeb Zadran becomes the first male International cricketer from the 21st century". Crictracker. සම්ප්‍රවේශය 5 December 2017.
  3. "Mujeeb Ur Rahman continues to makes history". International Cricket Council. සම්ප්‍රවේශය 17 February 2018.
  4. "Which bowler has dismissed the most opening batsmen in Tests?". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 October 2019.
"https://si.wikipedia.org/w/index.php?title=මුජීබ්_උර්_රහ්මාන්&oldid=569883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි