මහේල ජයවර්ධන

විකිපීඩියා වෙතින්
මහේල ජයවර්ධන
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම දෙනගමගේ ප්‍රබොත් මහේල ද සිල්වා ජයවර්ධන
උපත 27 මැයි 1977 (1977-05-27) (වයස 46)
කොළඹ ශ්‍රී ලංකාව
අපනාමය මයියා
උස 5 අඩි 8 අඟල් (1.73 m)
පන්දුවට පහර දීමේ ශෛලිය දකුණත් පිතිකරු
පක්දු යැවීමේ ශෛලිය දකුණත් මද වේග පන්දු
භූමිකාව පිතිකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාව
ටෙස්ට් මංගලාවතරණය (වරම 69) අගෝස්තු 2 1997 සඳහා ඉන්දියාවට එරෙහිවට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය අගෝස්තු 18 2014 සඳහා පකිස්ථානයට එරෙහිවට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap 92) ජනවාරි 24 1998 v සිම්බාබ්වේ එරෙහිව
අවසාන එදිජා තරගය ජූලි 12 2014 v දකුණු අප්‍රිකාවට එරෙහිව
එදිජා කමිස අංකය. 27
Domestic team information
වසර කණ්ඩායම
1995 සිට මේ දක්වා සිංහල ක්‍රීඩා සමාජය
2007 සිට මේ දක්වා වයඹ 11
2008 ඩර්බිශයර් ක්‍රිකට් සමාජය
2008 සිට 2011 දක්වා කිංග්ස් XI පන්ජාබ්
2011 කෝචි ටස්කර්ස් කේරල
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් තරඟ එක්දින ජාත්‍යන්තර තරඟ පළමු පෙළ ක්‍රිකට් තරඟ A ‌‌‌‌‌‌‌‌ලැයිස්තුවේ තරඟ
තරග 149 420 237 511
රැස්කළ ලකුණු 11,814 11,681 17,838 14,206
පිතිකරණයේ සාමාන්‍යය 49.84 32.90 49.68 33.19
100ඒවා/50ඒවා 34/50 16/72 51/80 17/89
වැඩිම පකුණු සංඛ්‍යාව 374 144 374 163*
පන්දු යැවීම් 589 582 3001 1,269
කඩුලු 6 7 52 23
පන්දු වැවීමේ සාමාන්‍යය 51.66 79.71 31.32 49.60
ඉනිමකදී කඩුලු 5 0 0 1 0
තරගයකදී කඩුලු 10 0 0 0 0
හොඳම පන්දු යැවීම 2/32 2/56 5/72 3/25
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 205/– 204/– 305/– 249/–
මූලාශ්‍රය: CricketArchive, 19 අගෝස්තු 2014

දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන (ඉංග්‍රීසි Denagamage Praboth Mahela de Silva Jayawardene උපත: 1977 මැයි මස 27 වැනිදා) නොහොත් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයයෙකි.ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙකි. මහේල ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිද වෙයි.[1]

ජයවර්ධන 1997 දී ටෙස්ට් හා එක්දින වරම් ලැබුවේය.2006 දී ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කල වැඩි ම ලකුණු සංඛ්‍යාව වන 374 දකුණු අප්‍රිකාවට එරෙහිව මව්බිමෙදී ලබා ගන්නා ලදී. ඔහුට 50ට ඉතාමත් ආසන්න ටෙස්ට් සාමාන්‍යයක් (49.84) හා 30ට වැඩි (32.90) එක්දින සාමාන්‍යයක් ඇත. ටෙස්ට් ලකුණු 10,000 හා 11,000 සීමාව පසු කල පලමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වේ.ඔහුගේ අඩු ලකුණු සාමාන්‍යය නොසලකා හැරියොත් ඔහුගේ ම කණ්ඩායම් සගයෙකු වන කුමාර් සංගාක්කාර සමග මැතකදී ශ්‍රී ලාංකාවෙන් බිහි වූ හොදම පිතිකරුවෙකු වේ.ඔහු එක් දින ජාත්‍යන්තර තරඟ වලදී කුමාර් සංගක්කාර හා සනත් ජයසූරිය හැරුණු විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10,000 ක් ලබා ගත් තෙවැනි පිතිකරු වේ.

2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වසරේ හොඳම නායකයා ලෙස ඔහුව නම් කරන ලදී. එමෙන්ම 2007 දී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහුව නම් කරන ලදී. ඔහු යාර 30 රේඛාව තුල සිටින හොඳ පන්දු රකින්නෙක් බව 2005 දී Cricinfo.com වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ. එහි සඳහන් වන පරිදි 1999 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟ වලදී වැඩිම දුවද්දී දවා ගැනීම් ලබාගත් පන්දු රකින්නා වේ.ලකුණු පුවරුවේ සදහන් c. Jayawardene b. Muralitharan යන්න ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුලභම පන්දු යවන්නෙක් සහ පන්දු රකින්නෙක් අතර ඇති සම්බන්ධතාවය බව වර්තාවලින් සනාත වේ.

2009 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා පාකිස්තානය සමග පැවැත්වුණු ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයවර්ධන විසින් මෙහෙයවන ලදී. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතී ටෙස්ට් තරඟාවලිය නිම වීමෙන් පසුව මෙම තරඟාවලිය පවත්වන ලදී. තරඟාවලියේ පළමුවන තරඟය ජය පරාජයකින් තොරව අවසාන විය. ජයවර්ධන එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කලද දෙවන ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු සිටියේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටය. දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන විට තිලාන් සමරවීරගේ ද්විත්ව ශතකය හා තිලකරත්න දිල්ෂාන්ගේ ශතකයත් සමග ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ථානයක සිටියේය. තරඟයේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැගෙන ගඩාෆි ක්‍රීඩාංගනයට ගමන කරමින් තිබූ බස් රථයට වෙස් මුහුණු දමාගත් තුවක්කුකරුවන් 12 දෙනෙකු විසින් වෙඩිතබන ලදී. එයින් ජයවර්ධන ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හය දෙනෙකුට තුවාල විය. බස් රථය ආරක්ෂා කල පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු එයින් මියගියහ.ඔහු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කෝචි ටස්කර්ස් කේරල කණ්ඩායමේ නායකත්වය දරයි.2011 ලෝක කුසලානය පරාජයෙන් පසු උප නායකත්වයෙන් ද ඉල්ලා අස් වූ අතර නැවතත් දැඩි කතාබහට ලක් වු ටි.එම්. ඩිල්ෂාන් ගේ නායකත්වය නිමා වු පසු නායකයා ලෙස පත් කරන ලදී.ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කෝචි ටස්කර්ස් කේරල පිලේ නායකත්වය දැරිය. වර්තමානයේ ඔහු දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ උප නායකත්වය දරයි.

පෙර දේශීය ක්‍රිකට් ජීවිතය[සංස්කරණය]

ජයවර්ධන අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්ද විද්‍යාලයේය. ඔහු එහිදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉගෙනගත්තේය. ඔහු ඔහුගේ දක්ෂතා ටිකෙන් ටිකේ වර්ධනය කරමින් පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්විය. 1994 වසරේදී ඔහු දෙවැනි හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගන්නා ලදී. 1994 මහේල කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය.

ඔහු සිංහල ක්‍රීඩා සමාජයට 1995 සිට ක්‍රීඩා කරන ලදී. 2008 ඉංග්‍රීසි ප්‍රාන්ත ක්‍රිකට් වාරයේ අග භාගයේදී ඩර්බිෂයර් කණ්ඩායමට විදේශ ක්‍රීඩකයෙක් ලෙසට ගිවිසුම් අත්සන් කලේය. කෙසේ නමුත් ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ට සහභාගි වීම නිසා ඩර්බිෂයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි විය .

ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය[සංස්කරණය]

මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ 69 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකය වේ. ජයවර්ධනගේ පළමුවැනි ටෙස්ට් තරඟය වුයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති වාර්තාගත ටෙස්ට් තරඟයේදීය.එහිදී ඔහු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 66ක් රැස් කරගන්නා ලදී. ඔහු එම තරඟයේදී ක්‍රීඩා පිටියට පැමිණියේ ඊට පෙර ටෙස්ට් තරඟයකදී කණ්ඩායමක් රැස් කරගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවත් ඉක්මවා ගිය පසුවය. ඉන්පසුව ඔහු නවසීලන්තයට හා ඉන්දියාවට එරෙහිව පිළිවෙලින් ලකුණු 167ක් සහ ලකුණු 242ක් රැස් කරගන්න ලදී.

ජයවර්ධන තම පළමු ජාත්‍යන්තර එක්දින තරඟය ලෙස 1998 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනදී ක්‍රීඩා කරන ලදී. ජයවර්ධන ගේ ජයග්‍රාහී ලකුණත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කරන ලදී. ඉන්පසුව පැවති තරඟයෙන් ඔහු ලකුණු 77ක් රැස් කරගන්න ලදී. ඔහුගේ පළමුවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ගතවූයේ තරඟ 11 ක් පමණි.එම 11 වැනි තරගය වූයේ ඕස්ට්‍රේලියානු තුන්කොන් (සී.බී) තරගාවලියේ එංගලන්තය ට එරෙහි ව ඇඩිලේඩ් හි පැවති තරගයයි.එම තරගයේදි ජයවර්ධනට ක්‍රීඩා කිරිමට සිදු වුයේ ශ්‍රි ලංකා කණ්ඩයමේ ලකුණු 134ට කඩුලු 4ක් බිද වැටි තවත් ලකුණු 120ක් අවශ්‍ය කල අසීරු මොහොතකය. විනිසුරු රොස් එමර්සන් විසින් මුත්තයියා මුරලිදරන් හට පන්දුව දමා ගැසිමේ චෝදනා එල්ල කරන ලද්දේ ද මෙම තරගයේදි ය.මෙම සිදුවිමෙන් පසු තරගය අතරතුරදි එවකට නායක අර්ජුන රණතුංග තරගය නවත්වා විනිසුරු තීරණයට විරෝධය පා තම කණ්ඩායම 4 සීමාවෙන් පිටතට ‍රැගෙන යන ලදී.

හිටපු නායක මාවන් අතපත්තු ආබාධයකට ලක් වීම හේතුවෙන් 2005 එංගලන්ත සංචාරයේ නායකත්වය ජයවර්ධන ට හිමි විය. ටෙස්ට් තරගාවලිය 1-1 ලෙස ජය පරාජයෙන් තොරව ද, එක්දින තරගවලිය 5-0 ලෙස අතිවිශිෂ්ට අන්දමින් නිමා කිරිමට ද ඔහුට හැකි විය.

2006 දී දකුණු අප්‍රිකාවට එරෙහි ප්‍රථම ටෙස්ට් තරගයේදි කුමාර් සංගාක්කාර සමග ලෝක වාර්තාවක් පිහි‍ටු වීමට ජයවර්ධන ට හැකි විය.එය ටෙස්ට් තරග ඉතිහාසයේ ඕනැම කඩුල්ලක් සදහා වැඩිම සබදතාවයයි (624 තුන්වැනි කඩුල්ල සදහා).එහිදි ඔහු විසින් මීට පෙර තිලාන් සමරවීර සමග ලකුණු 262 ක ශ්‍රි ලංකා කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල සදහා තැබු හොදම වාර්තාව ද අභිබවා ගියේ ය.එමෙන් ම ඔවුන් නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ක්‍රෝව් සහ ඇන්ඩෲ ජෝන්ස් තැබු ලකුණු 467 ක වාර්තාව ද තමන් සතු කර ගන්නා ලදී.

ශ්‍රී ලාංකික ක්‍රිකට් නායකයෙකු වාර්තා කල ප්‍රථම ත්‍රිත්ව ශතකය වාර්තා කිරිමට ජයවර්ධන ට හැකි විය. එම ලකුණු 374 ඔහු ලබා ගත්තේ 4 පහර 43ක් සහ එක් 6 පහරක් සමගින් පන්දු 572 කදී ය. එය දකුණත් පිතිකරුවෙකු විසින් වාර්තා කල වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන අතර ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම හතර වැනි පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වේ.එහිදි ඔහු ශ්‍රී ලාංකිකයෙකු විසින් වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව වූ සනත් ජයසූරිය ගේ ලකුණු 370 (1997 දී ඉන්දියාව ට එරෙහිව) වාර්තාව ද බිද දමන ලදී.

ඔහු 2007 දී වසරේ විස්ඩන් ක්‍රීඩකයා ලෙස තේරි පත් විය.තවද ජයවර්ධන 2007 ලෝක කුසලානයේදී ශතකයක් හා අර්ධ ශතක 4ක් සමගින් මැතිව් හේඩ්න් ට පමණක් දෙවැනි වෙමින් වැඩිම ලකුණු ‍රැස් කල ක්‍රීඩකයා බවට පත් විය. ඔහුගේ ශතකය නවසීලන්තය ට එරෙහිව පැවති අවසාන පූර්ව තරගයේ ජයග්‍රහණයට හේතු විය. අවසාන මහා තරගයේදී ඕස්ට්‍රේලියාව ට පරාජය වී 2007 ලෝක අනු ශූරයන් බවට පත් වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඔහු සියලුම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වලට එරෙහිව ශතක ලබා ගෙන ඇත.ඔහු මෙම වාර්තාව තැබුවේ 2009 පෙබරවාරි 21 දින පාකිස්තානයේ කරච්චි නුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව ප්‍රථම ශතකය ලබා ගැනිමෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පලමු වරට පිරිනැමු " වසරේ හොදම නායකයා " යන සම්මානය ඔහුට ලැබිණි. තවද 2006 "වසරේ එක්දින කණ්ඩායමේ" නායකයා වීම , 2007 දී "වසරේ ක්‍රිකට් ජීව ගුණය ‍රැදි කණ්ඩායමේ " නායකයා වීම , 2007 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා වීම , ශ්‍රී ලාංකීකයෙකු ලැබු වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලැබීම වැනි සිදුවීම් වලට දායක වීමට මහේල ට හැකියාව ලැබුණි.

2010 අයි.පී.එල් තරගාවලිය අතරතුර කොල්කටා නයිට් රයිඩර්ස් සමග පැවති තරගයකදී ලකුණු 201 ක හඹා යෑමට පෙර ඉනිම ඇරඹීමට තිබු කැමැත්තට නායක කුමාර් සංගක්කාර වෙතින් අවසර ලැබු පසු ජයවර්ධන පන්දු 59කින් අතිවිශිෂ්ට ලකුණු 101 ලබා තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් විය. මෙයින් කුමාර් සංගක්කාර ඔහුව කිංග්ස් 11 පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරු බවට පත් කලේ ය. එහිදි ඔහුට නිරපරාදයේ වුවත් ලකුණු 44ක් රාජස්තාන් රෝයල්ස් පිලට එරෙහිව හා 93* ඩෙකෑන් චා(ර්)ජර්ස් පිලට එරෙහිව ලෙස දර්ශනීය පිති හරඹයක යෙදීමට හැකි විය. ලකුණු 43.9 සාමාන්‍යයක් තරගාවලිය අවසානයෙදී රදවා ගැනිමට ඔහුට හැකි විය. ඔහු තරගාවලියේ 6 වෙනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

කුමාර සංගක්කාර නායකත්වය දැරු සමයේ පැවති 2010 අයි.සි.සි. පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ද ඔහු ආරම්භක පිතිකරු කාර්යය සිදු කලේ ය. නවසීලන්තයට එරෙහි පලමු තරගයේදි ඔහුට පන්දු 51කින් ලකුනු 81ක් ‍රැස් කර ගැනිමට හැකි විය. ඔහුගේ දැවි යාමෙන් පසු පිතිකරු ලැයිස්තුවේ කඩා වැටීම හේතුවෙන් මුළු ලකුණු සංඛ්‍යාව 135කට සීමා වීම නිසා ඔහුගේ ‍රැස් කල ලකුණු සංඛ්‍යාව අපතේ යැවිමක් විය .කෙසේ වූවත් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ඊළග තරගයේ දී ඔහුගේ පන්දු 64කින් ලබා ගත් ශතකය නිසා ලකුණු 173 ක මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා තරගය ජය ගැනීමට හැකි විය. ඔහු ජාත්‍යන්තර ඕවර 20 තරගයක ශතයකයක් වාර්තා කල ලොව 4 වැනි ක්‍රීඩකයා සහ පලමු ශ්‍රී ලාංකිකයා වේ.


පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

මහේල ජයවර්ධන, 1977 දී සුනිලා සහ සෙනරත් ජයවර්ධනට දාව කොළඹ දී උපත ලැබීය. ඔහුට දිශාල් නම් වූ එක් බාල සහෝදරයෙක් සිටි අතර, ඔහු වයස 16 දී මොළයේ පිළකාවකින් මිය ගියේය. මෙය මහේලට මානසිකව බලපැම් ඇති කළ අතර, ඒ නිසා ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම ද ටික කාලයකට නතර විය. අවසානයේ දී ඔහුගේ දෙමව්පියන් හා කණ්ඩායම් මිතුරන් විසින් ඔහුට නැවත ඉදිරියට යාමට සහ වෘත්තිය ගොඩ නඟා ගැනීමට ධෛර්යමත් කරන ලදී. ඔහු ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමඟ විවාහ වී සිටී. ඇය සංචාරක උප‍දේශිකාවකි. ක්‍රීඩාවට අමරතව, ඔහු විසින් “Hope” පිළිකා ව්‍යාපෘතිය සඳහා ලබා දෙන දායකත්වය බොහෝ ප්‍රශංසාවට ලක්වී ඇත. දිශාල්ගේ මතකයන් ද සිතෙහි දරා සිටන ඔහු “Hope” ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩසටහන් ප්‍රවර්ධකයා බවට පත්වී සිටී. වර්තමානයේදී, ඔහු සිය කණ්ඩායම් මිතුරන්ගේ ද සහයෝගය ඇතිව මහරගම පිළිකා රෝහලෙහි ඇඳන් 750කින් යුත් පිළිකා ඒකකයක් ඉදි කිරීමට අදිටන් කර ගෙන සිටී. මෙම රෝහල ලංකාවේ පිළිකා සඳහා වෙන් වුණු එකම රෝහල වේ.

ක්‍රීඩක දත්ත[සංස්කරණය]

An innings-by-innings breakdown of Jayawardene's Test match batting career, showing runs scored (red bars) and the average of the last ten innings (blue line).

එක් එක් ප්‍රතිවාදීන්ට එරෙහිව ටෙස්ට් ක්‍රීඩා කිරිම.[සංස්කරණය]

As of 5 December 2010:

ප්‍රතිවාදීන් තරග ඉනිම් නො දැවීම් ලකුණු වැඩිම ලකුණු 100 50 සාමාන්‍යය
ඕස්ට්‍රේලියාව 10 18 0 581 104 1 1 32.27
බංලාදේශය 11 14 1 860 166 4 1 65.54
එංගලන්තය 16 27 3 1581 213* 6 7 65.87
ඉන්දියාව 18 28 1 1822 275 6 8 67.48
නවසීලන්තය 11 19 1 928 167 3 5 51.55
පාකිස්තානය 18 34 2 1115 240 1 7 34.84
දකුණු අප්‍රිකාව 12 22 1 1472 374 5 2 70.09
බටහිර ඉන්දීය කොදෙව් 12 18 1 748 136 1 4 44.00
සිම්බාබ්වේ 8 10 3 420 100* 1 3 60.00
TOTAL 116 190 13 9527 374 28 38 53.82

තරගාවලියේ වීරයා (ටේස්ට්) සම්මානය ලැබීම.[සංස්කරණය]

# Series Season Match Performance Result
1 Sri Lanka in England Test Series 2002 272 (3 Matches, 6 Innings); 2 Ct. England Won the series 2–0
2 England in Sri Lanka Test Series 2007/08 474 (3 Matches, 4 Innings); 5 Ct. Sri Lanka Won the series 1–0
  1. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට මහේල පත් කෙරේ
"https://si.wikipedia.org/w/index.php?title=මහේල_ජයවර්ධන&oldid=482524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි