ගාල්ල

විකිපීඩියා වෙතින්
ගාල්ල
Galle
காலி
නගරය
ගාලු නගරය
ඉහළ වම සිට දක්ෂිණාවර්තව: Galle Temple, Aerial view of Galle Fort, Interior of the Galle Fort, St. Aloysius College, Galle View of the Galle International Stadium from the Fort, Dutch Reformed Church of Galle, Galle Municipal Council
ඉහළ වම සිට දක්ෂිණාවර්තව: Galle Temple, Aerial view of Galle Fort, Interior of the Galle Fort, St. Aloysius College, Galle View of the Galle International Stadium from the Fort, Dutch Reformed Church of Galle, Galle Municipal Council
ගාල්ල is located in ශ්‍රී ලංකාව
ගාල්ල
ගාල්ල
ඛණ්ඩාංක: 06°01′58″N 80°12′56″E / 6.03278°N 80.21556°E / 6.03278; 80.21556ඛණ්ඩාංක: 06°01′58″N 80°12′56″E / 6.03278°N 80.21556°E / 6.03278; 80.21556
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
සරිය
 • මුළු16.5 කිමී2 (6.4 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු99,478
 • ඝණත්වය613/කිමී2 (1,590/වර්ග සැත)
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
Old Town of Galle and its Fortifications
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
ගාලු කොටුව: ප්‍රදීපාගාරය
නිර්ණායකයසංස්කෘතික: iv
මූලාශ්‍ර451
අභිලේඛනය1988 (10th සැසිය)

ගාල්ල යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි අගනගරයයි. එය වර්ග සැතපුම් 6.5 ක් පුරා පැතිර පවතී. එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත. ගාල්ල පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවි‍ශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සදහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි.

ගාල්ල නගරය සතුව පවතින පාසල් අතර රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය , මහින්ද විද්‍යාලය, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, සංඝමිත්ත බාලිකා විද්‍යාලය, රිපන් බාලිකා විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගනී. මෙම නගරය අනාධිමත් කාලයක සිට රේන්ද කර්මාන්තයට මෙන්ම කලුවර කැටයම් හා කැස්බෑ⁣පොතු කැටයම් සඳහා ද ප්‍රසිද්ධියක් උසුලයි.

ගාල්ල නගරයෙන් බිහිවූ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ප්‍රමුඛ වේ.දේශපාලන ⁣ක්ෂේත්‍රයට සම්බන්ධ වූ සුප්‍රසිද්ධ චරිත ලෙස සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා,එච්.ඩබ්.අමරසූරිය මහතා,විජයානන්ද දහනායක මහතා ආදීන් හදුන්වා දිය හැකි වේ.

ඉතිහාසය[සංස්කරණය]

සලමොන් රජ ඇත් දළ, මොණරුන් හා වෙනත් වටිනා භාන්ඩ ගෙන්වා ගත් ඓතිහාසික තර්ෂිෂ් වරාය ගාලු වරාය බව ජේම්ස් එමර්සන් ටෙන්නෙන්ට් පෙන්වා දෙයි. ක්රි.පූ 1400 ටත් පෙර සිට ශ්‍රි ලංකවේ සිට විදේශයන් වෙත කුරුඳු අපනයනය කර ඇති අතර එම අපනයනයන් සදහා ප්‍රධාන වෙළඳ අන්තරාල මද්‍යස්තානය ලෙස ගාලු වරාය භාවිත කර ඇත. බටහිර ජාතිකයන් ලංකාවට යටත් කරගනීමටත් පෙර සිටම ගාල්ල වරාය රටෙහි ප්‍රධාන වරාය ලෙස භවිතා කර ඇත. පර්සියානු ජාතිකයන්, අරාබි ජාතිකයන්, ග්‍රීක ජාතිකයන්, රෝම ජාතිකයන්, මැලේ ජාතිකයන්, ඉන්දීය ජාතිකයන්, චීන ජාතිකයන් ගාල්ල වරාය හරහා ව්යාපාරික කටයුතු කරන ලදී. ක්රි.ව 1411 දී චීන ජාතික අද්මිරාල් කෙනෙකු වන ෂැන් හේ ගේ ශ්‍රි ලංකාවෙහි දෙවන සංචාරය නිමිත්තෙන් චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන්ම ගල් පුවරුවක කොටා ඇති ගාල්ල ත්රෛභාෂික ලේඛනය සාදන ලදි. ළොරෙන්සො ද අල්මෙදා ප්‍රමුඛ පෘතුගීසි නාවික කන්ඩායමක් ක්රි.ව 1502 දී ගාල්ල වරායට පැමිණීමත් සමග ගාල්ල "නූතන" ඉතිහාසය ආරම්භ විය. 1640 දී, පෘතුගීසි, ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගම යටත් විය. "හිරු", "සඳ" සහ "තරු" ලෙස හඳුන්වන ප්‍රාකාර තුනක් සහිත ඝන කළුගල් යොදාගෙන ඉදි කර ඇති වර්තමාන ගාලු කොටු පවුර 1663 වසරේ දී ලන්දේසින් විසින් ඉදිකරන ලදි. 1796 දී ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් යටත් කර ගත් පසු ඔවුන් ගාලු කොටුව නොවෙනස් කර දිස්ත්රික් පරිපාලන මධ්යස්ථානයක් ලෙස භාවිත කරන ලදි.

පාලනය[සංස්කරණය]

1865 වසරේදී මහ නගර ආඥාපනත යටතේ පිහිටුවන ලද ගාල්ල නගර සභාව මගින් ගාල්ල නගරය පාලනය කරයි.ඒ වන විට මෙම නගර සභාව රටේ තුන්වන මහ නගර සභාව විය. 1939 දී නගරයේ නගරාධිපති විජේනන්ද දහනායක මහතා පත්කරන ලදී. පසුව ඔහු පස්වන අගමැතිවරයා බවට පත්විය.

2009 වර්ෂයේ සිට 2016 දක්වා කාලය තුළ සේවය කළ මෙත්සිරි ද සිල්වා මහතා අවසන් වරට පත්කළ නගරාධිපතිවරයා විය. නගරයේ ප්‍රදාන දර්ශනය වන්නේ "ගාල්ල මහ නගර සභාවට බදු ගෙවිය යුතු පුරවැසියන්ට සාපේක්ෂව වැඩිදියුණු කළ උපයෝගීතා සේවාවන් සැපයීම මගින් මද්‍යස්ථ නගර ගොඩනැගීම" යන්නයි.

ගාල්ල නගරයේ ජනගහනය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුව ගාල්ල නගරය සැලකිය යුතු නගරයක් වන අතර එහි ජනගහනය 91,000 ක් වන අතර බහුතරය සිංහල ජාතියකි. විශේෂයෙන් ඉපැරණි ගාලු වරායේ පදිංචි කර ඇති අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන පුද්ගලයන්බ සිටි. බලකොටුව තුළ විශාල ශ්‍රී ලාංකික මුස්ලිම් පල්ලි විශාල ප්‍රමාණයක් පවතී.

2004 සුනාමි ව්‍යසනය[සංස්කරණය]

විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි කරමින් 2004 වසරේ ශ්‍රි ලංකාවට බලපෑ සුනාමි ව්‍යවසනය හේතුවෙන් ගාල්ල නගරයටද දැඩි හානි සිදුවූ අතර, මේ සම්බන්ධව පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට ගාල්ල නගරය ලක් විය.

කෙසේ වෙතත් සුනාමියෙන් හානියට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය, බස් නැවතුම් පල ඇතුළු නගරයේ බොහොමයක් දෑ මේ වනවිට නැවතත් ගොඩ නංවා තිබෙයි.

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

  • ගාලු කොටුව - මෙය පෘතුගීසින් විසින් ක්‍රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද බලකොටුවකි.
  • ගාල්ල ප්‍රදීපාගාරය - පුරාණ ගාලු කොටුව තුල, මුහුදු වෙරළට ආසන්නයෙන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි.
  • ගාලු කොටුව ඔරලෝසු කණුව - ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.
  • රූමස්සල කන්ද - ගාල්ල පිහිටි රූමස්සල කන්ද හේතුවෙන් ද නගරය ප්‍රසිද්ධ වී ඇත. ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ.
  • ගාල්ල ජාතික කෞතුකාගාරය - මෙරට ජාතික කෞතුකාගාර හතර අතුරින් ගාල්ල පිහිටුවා ඇති කෞතුකාගාරය වේ.
  • සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල - මෙරට සමුද්‍ර කෞතුකාගාර ද්විත්වය අතුරින් ගාල්ල පිහිටුවා ඇති සමුද්‍ර කෞතුකාගාරය වේ.
  • හිනිඳුම කල්වාරි පුදබිම
  • වතුරවිල ආරණ්‍ය සේනාසනය

පින්තූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ගාල්ල&oldid=591908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි