ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය

විකිපීඩියා වෙතින්
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩංගනය
Ground information
Locationගාල්ල, ශ්‍රී ලංකාව
Coordinates6°01′54″N 80°12′58″E / 6.0316°N 80.2160°E / 6.0316; 80.2160ඛණ්ඩාංක: 6°01′54″N 80°12′58″E / 6.0316°N 80.2160°E / 6.0316; 80.2160
Establishment1876; වසර 148 කට පෙර (1876)
Capacity35,000
Ownerගාල්ල ක්‍රිකට් සමාජය
Tenantsශ්‍රී ලංකා ක්‍රිකට්
ගාල්ල ක්‍රිකට් සමාජය
End names
නගර අන්තය
කොටුපවුර අන්තය
International information
First Test3–7 June 1998: ශ්‍රී ලංකාව v නවසීලන්තය
Last Test29 නොවැම්බර් – 3 දෙසැම්බර් 2021: ශ්‍රි ලංකාව v බටහිර ඉන්දීය කොදෙව්
First ODI25 ජුනි 1998: ශ්‍රි ලංකාව v ඉන්දියාව
Last ODI2 July 2017: ශ්‍රි ලංකාව v සිම්බාබ්වේ
Domestic team information
ගාල්ල ක්‍රිකට් සමාජය (1876–present)
As of 29 November 2021
Source: Cricinfo

ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ ගාලු කොටුව ආසන්නයේ ඉන්දියන් සාගරයට දෙපැත්තකින් සීමා වී මෙය පිහිටා ඇත. එහි පළමු පෙළ තරඟයක් පැවැත්වූයේ 1984 පෙබරවාරි 29 වන දිනය. පළමුවරට ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පවත්වන ලද්දේ 1998 ජුනි 03 වන දිනය. මෙම ක්‍රීඩාංගනය දඟ පන්දු යැවීම සඳහා මහත් ප්‍රසිද්ධය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ 500 වෙනි ටෙස්ට් කඩුල්ල ලබා ගැනීමේ වාර්තාව පිහිට වූයේ 2004 මාර්තු මාසයේ දී මෙම ක්‍රීඩාංගනයේ දීය. මුත්තයියා මුරලිදරන් විසින් තම 800 වන ටෙස්ට් කඩුල්ල ලබාගත්තේද මෙහිදීය. ඉන්දියානු සාගරයේ භූමිකම්පාවෙන් වූ සුනාමි තත්වය නිසා මෙම ක්‍රීඩාංගනයට හානි සිදු විය. එය නැවත යථාතත්වයට පත්කිරීම ආරම්භ කළේ ඕ‍ස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් ‍වෝන් සහ මෙල්බර්න් නගරවාසීන් විසින් දුන් ආධාරවලිනි. ක්‍රීඩාංගනය නැවත විවෘත කරනු ලැබූයේ තුන්වන එංගලන්ත ටෙස්ට් තරඟ සංචාරය සඳහා 2007 ඔක්තෝබර් මාස‍යේදීය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය

බාහිර සබැදි[සංස්කරණය]