දඹුල්ල

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: උරුම අඩවිය 7°51′24″උ, 80°38′57″නැ

රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරයේ ගල් ලෙනක නිර්මිත පුරාණ පිලිමගෙය පිටතින් පෙනෙන අයුරු

දඹුල්ල නගරය, කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

නගරය ආකර්ෂණීය කරන්නාවූ ප්‍රධාන ස්ථාන අතර ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය, හා දින 167කින් පමණක් තනා නිම කල බවට කියැවෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වෙති. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ කඳුවැටිය පිහිටන බවටද , නාමල් උයන නමැති නා වනයක් පිහිටන බවටද මෙම නගරය උදම් අනයි.

මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන, දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය අසබඩ පිහිටි ඉබ්බන්කටුව ප්‍රාග්-‍ඓතිහාසික සුසාන භූමිය, ලෙන් විහාරයෙන් කි.මී 3ක් ඇතුළත පිහිටා ඇති අතර, දිවයින් දේශයට ඉන්දියානු බලපෑම සම්ප්‍රාප්තියට බොහෝ කලකට පෙර දේශීය ශිෂ්ඨාචාරයක් මෙහි පැවැති බවට සාක්ෂි දෙයි.

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රි. පූ 7වන සිට 3වන සියවස පමණ ඈත කලක සිටම මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව විශ්වාස කෙරේ. ලෙන් තුලැති පිළිම හා සිතුවම් ක්‍රි.පූ 1වන සියවස කාලයට අයත් බව කාලනිර්ණය කර ඇත. එනමුදු, මෙම සිතුවම් හා පිළිම ක්‍රි.ව. 11වන, 12වන හා 18වන වලදී පිළිසකර කොට යලිදු සායම් ආලේප කොට ඇති බව පෙනේ. අනුරාධපුර රාජධානියෙන් පිටුවහල්ව ගතකල වසර 14 දිගැති විප්‍රවාසය තුලදී (වට්ට ගාමිණී අභය‍ ලෙසද හැඳින්වුනු) වළගම්බා රජ හට රැකවරණය සැපයූ ස්ථානය ලෙස මෙම ලෙන සැලකේ. එකල මෙම ලෙන තුල ධ්‍යාන පුරමින් වැඩ විසූ ‍බෞද්ධ භික්ෂූන් වහන්සේලා, පිටුවහල්ව සිටි රජු හට, ඔහුගේ සතුරන්ගෙන් රැකවරණය සැලසූහ. ක්‍රි.පූ 1වන සියවසෙහිදී වලගම්බා රජු නැවත සිංහාසනාරූඪ වූ විට, දඹුල්ලේ භික්ෂූන් වහන්සේට කලගුණ සලකනු රිසි ව, දඹුල්ලේ මනස්කාන්ත ලෙන් විහාරයක් කරවීය.

ප්‍රාග්-ඓතිහාසික (වසර 2700 පැරැණි) මානව ඇටසැකිලි හමුවූ දඹුල්ල අසබඩ ඉබ්බන්කටුව ප්‍රාග්-ඓතිහාසික සුසාන භූමිය, විද්‍යාත්මක විශ්ලේෂන අනුව හෙළිදරව් කරනුයේ, ශ්‍රී ලංකාවට බුද්ධාගම සම්ප්‍රාප්ති වීමට බොහෝ කලකට පෙර මෙම ප්‍රදේශයෙහි ශිෂ්ඨාචාරයන් පැවැති බවය. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව වසර 2700 කට පෙර කලකදී (ක්‍රි.පූ 750) පවා කෘෂිකර්මය පදනම් කරගෙන පුරාතන ජනයා මෙම ප්‍රදේශයෙහි විසූ බවට සාධක පෙන්නුම් කරයි.

දඹුලු ලෙන් විහාරය[සංස්කරණය]

මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම......... සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි........ හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.

ලෙනෙහි ප්‍රගතිය කාලානුරූප ලෙස[සංස්කරණය]

  • ක්‍රි.පූ 7වන සිට 3වන සියවස: ආදි වැසියන්
  • ක්‍රි.පූ 1වන සියවස: සිතුවම් හා පිළිම
  • ක්‍රි.ව 5වන සියවස: ස්ථූපය ගොඩනැඟිනි
  • ක්‍රි.ව 12වන සියවස: හින්දු දෙවිවරුන්ගේ පිළිම එකතු වීම
  • ක්‍රි.ව 18වන සියවස: දැනට අප දකින බොහෝ ‍දෑ නිමැවීම
  • ක්‍රි.ව 19වන සියවස: අමතර ලෙනක් හා තවද සිතුවම් එකතු වීම
  • ක්‍රි.ව 20වන සියවස:යුනෙස්කෝ පුනරුත්ථානය හා ආලෝකකරණය

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

මෙයද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දඹුල්ල&oldid=592260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි