2000 අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය
අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය 2000 | |
---|---|
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | පිළිමළුන් පිටුදැකීම |
සත්කාරකත්වය | කෙන්යාව |
ශූරයන් | නවසීලන්තය |
අනුශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | 11 |
තරඟ | 10 |
වැඩිම ලකුණු | සෞරව් ගංගුලි (348) |
වැඩිම කඩුලු | වෙන්කටේෂ් ප්‍රසාද් (8) |
2000 අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය යනු කෙන්යාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි (එය කෙන්යාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය වැඩි කිරීමට උපකාරී විය). නවසීලන්තය ශූරයන් බවට පත් වූ අතර ජයග්‍රාහකයාගේ ඇමරිකානු ඩොලර් 250 000 චෙක්පත ලබා ගත්තේය. එය මෙතෙක් පැවති ප්‍රධාන ICC තරඟාවලියක ඔවුන්ගේ පළමු සහ එකම ජයග්‍රහණය විය. සහීර් ඛාන්, යුවරාජ් සිං සහ මාලන් සැමුවෙල්ස් ඔවුන්ගේ මංගල එක්දින තරඟ ක්‍රීඩා කළහ.
තරගාවලියට සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් සමග බංගලාදේශය සහ සත්කාරක කෙන්යාව සහභාගි විය. කණ්ඩායම් 11ක් සහභාගී වී සිටි නිසා අර්ධ අවසන් පූර්ව වටයේදී තිදෙනෙකුට ස්ථානයක් අහිමි වනු ඇත. එබැවින් පහළම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් 6ක් අතර පූර්ව සුදුසුකම් ලැබීමේ වටයක් පවත්වා ඉන් ජය ගන්නා කණ්ඩායම් 3 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
පූර්ව සුදුසුකම් ලැබීමේ වටය
[සංස්කරණය]මෙම වටයට පහළම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් 6 ක් සුදුසුකම් ලැබීය. එනම් ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංගලාදේශය හා සත්කාරක කෙන්යාවයි.
2000 ඔක්තෝබර් 3
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
- ඉන්දියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
- මංගල එක්දින තරඟ - විජේ දහියා, සහීර් ඛාන් සහ යුවරාජ් සිං
2000 ඔක්තෝබර් 4
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
- එදිජා මංගලාවතරණය - කෙරී ජෙරමි සහ මාලන් සැමුවෙල්ස්
2000 ඔක්තෝබර් 5
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
අර්ධ අවසන් පූර්ව වටය හි සංචිත
[සංස්කරණය]ඕස්ට්‍රේලියාව | එංගලන්තය | ඉන්දියාව | නවසීලන්තය |
---|---|---|---|
පුහුණුකරු: ජෝන් බුකානන් | පුහුණුකරු: ඩන්කන් ෆ්ලෙචර් | පුහුණුකරු: අන්ෂුමන් ගයික්වාඩ් | පුහුණුකරු: ඩේවිඩ් ට්‍රිස්ට් |
|
|
|
|
පකිස්තානය | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ |
---|---|---|---|
පුහුණුකරු: ජාවේඩ් මියන්ඩාඩ් | පුහුණුකරු: ග්‍රැහැම් ෆෝඩ් | පුහුණුකරු: ඩේව් වට්මෝර් | පුහුණුකරු: කාල් රැක්මන් |
|
|
|
|
පිළිමළුන් පිටුදැකීමේ අදියර
[සංස්කරණය]2000 ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ අදියර, පූර්ව අර්ධ අවසන් පූර්ව වටයෙන් පසුව, 2000 ඔක්තෝබර් 7 සිට 15 දක්වා පැවැත්විණි. 1999 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත කරන ලද හොඳම කණ්ඩායම් 5 පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි. ඉතිරි කණ්ඩායම් තුන 1999 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීම් අනුව පහළම ශ්‍රේණිගත කිරීම් 6ක් අතර ඔක්තෝබර් 3 සිට 5 දක්වා පැවති පූර්ව අර්ධ අවසන් පූර්ව වටයෙන් සුදුසුකම් ලබයි.
මින් පසු කණ්ඩායම් අට, 1999 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රතිවාදීන් තෝරා ගැනීම සිදු කරයි. එනම් ශ්‍රේණිගත 1 එරෙහිව පූර්ව සුදුසුකම් 1, ශ්‍රේණිගත 2 එරෙහිව පූර්ව සුදුසුකම් 2, ශ්‍රේණිගත 3 එරෙහිව පූර්ව සුදුසුකම් 3, ශ්‍රේණිගත 4 එරෙහිව ශ්‍රේණිගත 5 ආකෘතිය යටතේය.
ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ සිම්බාබ්වේ පිළිමළුන් පිටුදැකීමේ වටයට ස්වයංක්‍රීයව සුදුසුකම් ලබන අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තය පිළිවෙලින් කෙන්යාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ එංගලන්තය පරදවමින් ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පාකිස්තානය පරාජය කළ අතර ඉන්දියාව දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
අර්ධ අවසන් පූර්ව වටය
[සංස්කරණය]ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව
[සංස්කරණය] 2000 ඔක්තෝබර් 7
ලකුණු පුවරුව |
එ
|
||
- ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ඉන්දියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව
[සංස්කරණය] 2000 ඔක්තෝබර් 8
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පකිස්ථානය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
නවසීලන්තය සහ සිම්බාබ්වේ
[සංස්කරණය] 2000 ඔක්තෝබර් 9
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
දකුණු අප්‍රිකාව සහ එංගලන්තය
[සංස්කරණය] 2000 ඔක්තෝබර් 10
Scorecard |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
- එදිජා මංගල - පෝල් ග්‍රේසන්
අවසන් පූර්ව වටය
[සංස්කරණය]නවසීලන්තය සහ පාකිස්තානය
[සංස්කරණය] 2000 ඔක්තෝබර් 11
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- නවසීලන්තය ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලාන 2000 අවසන් මහා තරඟයට පිවිසියේය
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව
[සංස්කරණය] 2000 ඔක්තෝබර් 13
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඉන්දියාව ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලාන 2000 අවසන් මහා තරගයට පිවිසියේය
අවසාන තරගය
[සංස්කරණය]2000 අයිසීසී පිළිමළුන් පිටුදැකීමේ කුසලාන අවසන් තරගය 2000 ඔක්තෝබර් 15 වන දින කෙන්යාව, නයිරෝබි, ජිම්කානා පිටියේ දී පැවැත්විනි. එය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්විණි . නවසීලන්තය අවසන් මහා තරගය කඩුලු හතරකින් ජය ගනිමින් ඔවුන්ගේ පළමු ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලානය දිනා ගැනීමට සමත් විය, එය ප්‍රධාන ICC ඉසව්වක ඔවුන්ගේ පළමු ජයග්‍රහණයයි.
2000 ඔක්තෝබර් 15
ලකුණු පුවරුව |
එ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- නවසීලන්තය 2000 ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලානය දිනා ගත්තේය.