කෙන්යාව
ජාතික ගීය | ඕ දෙවියනි, අපගේ මැවුම්කාර |
සිතියම | |
ගොනුව:250px-Kenya (orthographic projection).svg.png | |
අගනුවර සහ විශාලම නගරය | නයිරොබි |
රාජ්‍ය භාෂා | ස්වාහිලි, ඉංග්‍රීසි |
රාජ්‍ය | අර්ධ ජනාධිපති සමූහාණ්ඩුව |
ජනාධිපති | ම්වායි කිබාකි |
අගමැති | රයිලා ඔඩින්ගා |
නිදහස | එක්සත් රාජ්‍යයේ සිට |
දිනය | 12 දෙසැම්බර් 1963 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 580,367 |
වර්ග සැතපුම් 224,080 | |
ජලය (%) | 2.3 |
ජනගහනය | |
2010 තක්සේරුව | 39,002,772 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 67.2 |
වර්ග සැතපුම් 174.17 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් 65.059(බිලියන) |
සාමාන්‍ය | ඩොලර් 1,782 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් 36.508 (බිලියන) |
සාමාන්‍ය | ඩොලර් 938 |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.541(මධ්‍යම) |
මුදල් | කෙන්යානු ශිල්ලින්ග් (KES) |
අන්තර්ජාල "' | .ke |
දුරකථන සංකේත | +254 |
කෙන්යා ජනරජය නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඉන්දියන් සාගරයෙහි සමකය (equator) මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් ද, ඊසාන දිගින් සෝමාලියාවෙන් ද, දකුණු දෙසින් ටැන්සානියාවෙන් ද, බටහිරින් උගන්ඩාව හා වික්ටෝරියා විලෙන් ද , වයඹ දිගින් සුඩානයෙන් ද මායිම් ව පවතී. මෑත කාලවකවානුවේ දී,එරට ජනගහනයේ ආසන්න වශයෙන් මිලියන 38 දක්වා වූ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලබේ. දහස් සංඛ්‍යාත සත්ත්ව විශේෂයන් ගෙන් සමන්විත වන සත්ත්ව සංචිතයක්ද මෙරටෙහි දැකගත හැකිය.
මෙරටට 'කෙන්යාව' යන නම ලැබී ඇත්තේ ප්‍රකට ඉම් සළකුණු වු ද අප්‍රිකාවේ ගිරිකුළු අතරින් දෙවන ස්ථානය ගන්නා වූද, 'කෙන්යා' නම් වූ කන්දෙහි නාමය මෙරටට ආරෝපනය කර ඇති හෙයිනි. මෙම කන්දෙහි නාමය මෙන්ම මෙරටෙහි නාමයද ස්වදේශිය උච්චාරණයට අනුව 'කෙන්යාව' විය යුතු වුවද ඉංග්‍රිසි බසින් මුල පටන් ම, සාමාන්‍යයෙන් උච්චාරණය කරන ලද්දේ 'කිනියා' යනුවෙනි. වර්ෂ 1960 ගණන්වල ජොමෝ කිනියාවා ජානාධිපතිවරයා සිටි කාලයේ දී ප්‍රවර්තන ඉංග්‍රීසි උච්චාරණය වූ 'කෙන්යා' යන්න බෙහෙවින් ප්‍රචලිත විය.
ඊට හේතු වුයේ ඔහුගේ නාමයෙහි දේශිය උච්චාරණය ගැබ්ව තිබු හෙයිනි. දැනට කෙන්යාව යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රදේශය වසර 1920 ට පෙරදී හැඳින්වූයේ 'බ්‍රිතාන්‍යයට අයත් නැගෙනහිර අප්‍රිකා ආරක්ෂිත රාජ්‍යය වශයෙනි.