1996 සිංගර් ක්‍රිකට් කුසලානය (සිංගප්පූරුව)
සිංගර් කුසලානය 1995–96 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
සත්කාරකත්වය | සිංගප්පූරුව |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 4 |
තරඟාවලියේ වීරයා | සනත් ජයසූරිය |
වැඩිම ලකුණු | සනත් ජයසූරිය (217) |
වැඩිම කඩුලු | සක්ලේන් මුෂ්තාක් (8) |
1996 සිංගර් කුසලානය 1996 අප්‍රේල් 1 සිට 7 දක්වා සිංගප්පූරුවේදී පැවති තුන්කොන් ක්‍රිකට් තරඟාවලියකි. මෙම තරඟයට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. අප්‍රේල් 7 දින පැවති අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කළ පාකිස්තානය මෙම තරඟාවලිය ජයග්‍රහණය කළේය.
ස්ථානය
[සංස්කරණය]1996 සිංගප්පූරුවේදී පැවැත්වූ ප්‍රථම ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1996 සිංගර් කුසලානයයි. සියලුම තරඟ සිංගප්පූරු ක්‍රිකට් සමාජයේ ක්‍රීඩාංගණය වූ පදං ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
1996 ලෝක කුසලානයේදී තම කණ්ඩායම මෙහෙයවූ නායකයින් වන අර්ජුන රණතුංග (ශ්‍රී ලංකාව) සහ මොහොමඩ් අසරුදීන් (ඉන්දියාව) එම කණ්ඩායම් මෙහෙය වූ අතර පාකිස්ථානයහි නායකත්වය වසීම් අක්‍රම් වෙනුවට අමීර් සොහායිල්ට හිමි විය. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමෙන් වෙනස් නොවී මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නම් කළේය. පාකිස්තානය ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විශාල වෙනස්කම් කිහිපයක් සිදු විය. හිටපු නායක හා වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් ආබාධයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් වූ අතර ප්‍රවීණ පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ් 1996 ලෝක කුසලානයෙන් පසුව විශ්‍රාම ගත්තේය. ඔවුන් වෙනුවට මැද පෙළ පිතිකරු බැසිත් අලි සහ වේග පන්දු යවන මොහොමඩ් අක්‍රම් ආදේශ කරන ලදි. ඉන්දියාව ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කළ අතර එමඟින් විශාල වෙනස්කම් කිහිපයක් සිදු විය. ප්‍රමුඛ පෙළේ පිතිකරු විනෝද් කම්බිලි සහ මද වේග පන්දු යවන ක්‍රීඩක සලීල් අන්කෝලා කණ්ඩායමෙන් ඉවත් කෙරිණි. ඔවුන් වෙනුවට මද වේග පන්දු යවන ප්‍රශාන්ත් වෛද්‍ය සහ පිතිකරුවන් වන රාහුල් ඩ්‍රාවිඩ් සහ වික්‍රම් රැතූර් කණ්ඩායමට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, රතූර්ව කිසිදු තරඟයකට ක්‍රීඩා කිරීමට තෝරා නොගත්තේය.
ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ඉන්දියාව |
---|---|---|
|
|
|
අප්‍රේල් 1 දා පැවති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආරම්භක තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමා අප්‍රේල් 2 දින නැවත ක්‍රීඩා කරන ලදි. රවුන්ඩ් රොබින් තරඟ අවසානයේ සෑම කණ්ඩායමක්ම එක් ජයග්‍රහණයක් සහ එක් පරාජයක් ලබා ගත් අතර ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සමාන විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශුද්ධ ලකුණු අනුපාතය මත පදනම්ව අවසන් තරඟකරුවන් තීරණය කරන ලදී.
කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
පකිස්තානය | 2 | 1 | 1 | 0 | 0 | +0.56 | 2 |
ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 0 | +0.22 | 2 |
ඉන්දියාව | 2 | 1 | 1 | 0 | 0 | −0.46 | 2 |
තරග
[සංස්කරණය]1996 අප්‍රියෙල් 1
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 10 ක් අවසානයේදී අත්හිටුවා ඇත. තරගය අප්‍රේල් 2 දා නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
1996 අප්‍රේල් 2
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.
1996 අප්‍රේල් 3
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- රාහුල් ඩ්‍රාවිඩ් ඔහුගේ මංගල එක්දින තරඟය ආරම්භ කළේය.
1996 අප්‍රේල් 5
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පකිස්ථානයේ ඉලක්කය ඕවර 33 කදී ලකුණු 187 ක් ලෙස සංශෝධනය කෙරිණි.
අවසාන තරගය
[සංස්කරණය]1996 අප්‍රේල් 7
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
වාර්තා සහ සම්මාන
[සංස්කරණය]1996 ලෝක කුසලානය සඳහා තරගාවලියේ ක්‍රීඩකයා වූ සනත් ජයසූරිය 1996 සිංගර් කුසලානය සඳහා වූ එම සම්මානයම දිනා ගත්තේය. ඔහු තරඟාවලිය නිමා කළේ ඉනිම 3 කදී 72.73 ක සාමාන්‍යයක් සහිතව එක්ල අර්ධ ශතකයක් සහ එක් ශතකයක් සමඟ ලකුණු 217 ක් රැස් කරමිනි.[3] පන්දු යවන්නෙකු වශයෙන් ජයසූරිය 38.33 ක සාමාන්‍යයක් සහ 1/31 ක හොඳම සමග කඩුලු 3 ක් දවාගෙන තිබුණි.[4]
තරඟාවලිය අතරතුර ලෝක වාර්තා කිහිපයක්ම බිඳ වැටුණි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ආරම්භක තරඟයේදී ජයසූරිය පන්දු 48 ක් පමණක් වැය කරමින් එක්දින තරග වලදී වේගවත්ම ශතකය වාර්තා කළේය.[5][6] ඉනිම අවසානයේ පන්දු 65 කදී ලකුණු 134 ක් රැස් කලේය. ජයසූරියගේ පන්දු 48 ක ශතකය පන්දු 62 කදී ශතකයක් වාර්තා කළ ඉන්දියාවේ මොහොමඩ් අසරුදීන්ගේ වාර්තාව කලින් අභිබවා ගියේය.[7] එම තරඟයේම අමීර් සොහායිල් යැවූ පන්දුවාරයකදී ලකුණු 30 ක් ලබා දුන්නේය. එක් පන්දුවකදී වැඩිම ලකුණු රැස් කළ ලෝක වාර්තාව.[7] වසර අවසානයේදී කෙන්යාවේ නයිරෝබිහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානු පිතිකරු ෂහිඩ් අෆ්රිඩි පන්දු 37 කදී ශතකයක් වාර්තා කළ අතර ජයසූරියගේ ශතකය දෙවන වේගවත්ම ශතකය බවට පත් විය.[8]
සනත් ජයසූරිය ඒ වන විට එක්දින ජාත්‍යන්තර පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේය. 1989-90 දී සාජා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ සයිමන් ඕ ඩොනල්ගේ පන්දු 18 ක වාර්තාව පසු කරමින් පකිස්ථානයට එරෙහිව පන්දු 17 අර්ධ ශතකය වාර්තා කළේය.[5]
පාකිස්තානු නායක අමීර් සොහායිල් ඉනිම 3 කදී ලකුණු 70.00 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 140 ක් රැස් කරමින් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. ජයසූරියගෙන් පසුව පකිස්ථානයට එරෙහිව ලකුණු 100 ක් රැස් කළ අනෙක් එකම පිතිකරුවා වූයේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ය. [3]
මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ පකිස්ථානු දඟ පන්දු යවන සක්ලේන් මුෂ්තාක් වන අතර ඔහු 16.2 ක සාමාන්‍යයක් සහ හොදම 3/38 ලෙස කඩුලු 8 ක් දවා ගත්තේය. පාකිස්තාන කඩුලු රකින රෂීඩ් ලතීෆ් උඩපන්දු 4 ක් ලබා ගනිමින් වැඩිම උඩ පන්දු ලබා ගැනීමේ වාර්තාව ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් බෙදා ගත්තේය. [4]
යොමුව
[සංස්කරණය]- ^ Squads
- ^ Result Summary – Points Table
- ^ a b "Batting Averages". Cricinfo.com. සම්ප්‍රවේශය 2010-08-04.
- ^ a b "Bowling Averages". Cricinfo.com. සම්ප්‍රවේශය 2010-08-04.
- ^ a b "Final Match Report". Wisden. සම්ප්‍රවේශය 2010-08-04.
- ^ "Pakistan v Sri Lanka ODI no. 1125 – Scorecard". Cricinfo. 4 October 1996. සම්ප්‍රවේශය 2010-02-26.
- ^ a b "Pakistan vs. Sri Lanka scorecard". Cricinfo.com. 23 August 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2010-08-04.
- ^ "Records / One-Day Internationals / Batting records / Fastest Centuries". Cricinfo. 16 January 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2010-02-26.