Jump to content

තිලකරත්න ඩිල්ශාන්

විකිපීඩියා වෙතින්
තිලකරත්න ඩිල්ශාන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්
අපනාමය ඩිලී, මිස්ටර් පල්ලෙකැලේ
පන්දුවට පහර දීමේ ශෛලිය දකුණත්
පක්දු යැවීමේ ශෛලිය දකුණත් පිටදග
භූමිකාව තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, කඩුළු රැකීම
නෑදෑයන් තිලකරන්න සම්පත් (සහෝදරයා)
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාව
ටෙස්ට් මංගලාවතරණය (වරම 79) නොවැම්බර් 18 1999 සඳහා සිම්බාබ්වේට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය මාර්තු 16 2013 සඳහා බංගලාදේශයට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap 102) දෙසැම්බර් 11 1999 v සිම්බාබ්වේ
අවසාන එදිජා තරගය අගෝස්තු 28 2016 v ඔස්ට්‍රේලියාව
එදිජා කමිස අංකය. 23
වි20ජා මංගලාවතරණය(cap 2) ජුනි 15 2006 v එංගලන්තය
අවසාන වි20ජා සැප්තැම්බර් 9 2016 v ඔස්ට්‍රේලියාව
වි20ජා කමිස අංකය. 23
Domestic team information
වසර කණ්ඩායම
1996–1998 කළුතර නගර සමාජය
1997–1998 සිංහ ක්‍රීඩා සමාජය
1998–2000 සෙබස්තියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2000 බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2007–2016 බස්නාහිර දකුණ ක්‍රිකට් කණ්ඩායම
2008–2010 දිල්ලි ඩෙයාඩෙවිල්ස්
2010 උතුරු දිස්ත්‍රික් නයිට්
2011–2013 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
2012 Basnahira Cricket Dundee
2013 ඩකා ග්ලැඩියේටර්ස්
2013–2014 ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2014 සිඩ්නි තන්ඩර්
2014 සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජය
2015 ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය
2015 ගයානා ඇමසන් වොරියර්ස්
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය ටෙස්ට් එදිජා වි20ජා පළමුපෙල
තරග 87 330 80 233
රැස්කල ලකුණු ගණන 5,492 10,290 1,889 13,979
පිතිකරණයේ සාමාන්‍යය 40.98 39.27 28.19 38.8
100s/50s 16/23 22/47 1/13 38/59
වැඩිම ලකුණු ගණන 193 161* 104* 200*
පන්දු යැවීම් 3,385 5,880 258 6,501
කඩුලු 39 106 9 90
පන්දු වැවීමේ සාමාන්‍යය 43.87 45.07 29.66 36.16
ඉනිමකදී කඩුලු 5 0 0 0 1
තරගයකදී කඩුලු 10 0 0 0 0
හොඳම පන්දු යැවීම 4/10 4/4 3/16 5/49
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 88/– 123/1 31/2 356/23
මූලාශ්‍රය: ESPNricinfo, 9 September 2016

තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්; (උපත 14 ඔක්තෝබර් 1976), පොදුවේ හඳුන්වනු ලබන්නේ තිලකරත්න ඩිල්ෂාන් ( යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකි. එක්දින තරග ඉතිහාසයේ ලකුණු හඹා යාමේ හොඳම ශ්‍රේණිගත ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඔහු සැලකේ. ඔහු බොහෝ විට සැලකෙන්නේ සෑම කාලයකම වඩාත්ම නව්‍ය එක්දින පිතිකරුවෙකු ලෙසය. පන්දුවට පහර දීමට, පන්දු යැවීමට, පන්දු රැකීමට සහ කඩුලු රැකීමට හැකි ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින්ම කැපී පෙනෙන දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දුර්ලභ උදාහරණයක් ලෙස ඩිල්ෂාන් සැලකේ. ඔහු ආක්‍රමණශීලී දකුණත් පිතිකරුවෙකු වන අතර, ඩිල්ස්කූප් ලෙස හැඳින්වෙන ස්කූප් පහර නිර්මාණය කළේය, එය කඩුළු රකින්නාට හිසට උඩින් පන්දුවට පහර දෙයි. ඔහු ආරම්භක පිතිකරුවෙකුට අමතරව දක්ෂ ඕෆ් බ්‍රේක් පන්දු යවන්නෙකු ද වේ. ජවසම්පන්න පන්දු රකින්නෙකුද වන ඔහු සාමාන්‍යයෙන් පොයින්ට් කලාපයේය පන්දු රකී.

පූද්ගලික ජීවිතය

[සංස්කරණය]

මැලේ ජාතික පියෙකුගේ සහ බෞද්ධ මවකගේ පවුලක උපන් ඩිල්ෂාන් වයස අවුරුදු 16 දී ඉස්ලාම් ආගම හැර බුද්ධාගමට හැරුණි.[1] ඩිල්ෂාන් අධ්‍යාපනය ලැබුවේ කළුතර, කළුතර විද්‍යාලයෙන්. ඔහු දැන් විවාහ වී සිටින්නේ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය නිළි මංජුලා තිළිණි සමඟයි. හින්දු චාරිත්‍රානුකූලව IPL 2008 තරඟාවලියේදී විවාහය ඉන්දියාවේ දී සමරනු ලැබීය.[2] ඩිල්ෂාන්ගේ දෙවන විවාහයෙන් දියණියක් සහ පළමු විවාහයෙන් පුතෙක් සිටී. ඩිල්ෂාන්ගේ සහෝදරයා වන තිලකරත්න සම්පත් ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[3]

ක්‍රීඩා ජීවිතය

[සංස්කරණය]

ඩිල්ෂාන් 1999 දී සිම්බාබ්වේට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය. ඔහු සිය මංගල ටෙස්ට් ශතකය රැස් කළේ ලකුණු 163ක් සමඟිනි. ඩිල්ෂාන් ඉන් මාස 15 කට පසු සිම්බාබ්වේට එරෙහිව සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය ද කළේය. ඔහු ක්‍රීඩා කරන විට, ඔහු නිරන්තරයෙන් තම ස්ථානය නිතර ඉහළට සහ පහළට යාම නිසා ඔහු කිසි විටෙකත් ඔහුගේ ස්ථානය දැන සිටියේ නැත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ නැවත පිබිදීම 2003 දී සිදු විය. පිට පිට ටෙස්ට් ඉනිම් හතරකදී ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඔහු ලකුණු 63, 100, 83 සහ 104 බැගින් ලබා ගත්තේය.

2005-06 VB තරගාවලියෙ හි පළමු අවසන් මහා තරගයේදී, ඩිල්ෂාන් ගේ පන්දු රැකීම ප්‍රධාන සිරස්තල බවට පත් වූයේ ඔහු දුවද්දී දවාගැනීම් 4කට දායකත්වය ලබා දීම නිසාය.

2007 නොවැම්බර් මාසයේදී ඩිල්ෂාන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඕවර 50 තරගයකදී ලකුණු 188ක් රැස් කළේය. ඉනිම ඕනෑම "ලැයිස්තු ඒ" ක්‍රිකට් තරගයක (ගැරී කර්ස්ටන් ගේ 1996 දී ලබාගත් ලකුණු 188 සමග) ඒකාබද්ධ 14 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර එය පන්දු 135 කින්, 139.25 ප්‍රහාරක අනුපාතයකින් ලබාගත්හ. ඔහු හතරේ පහර 14ක් සහ හයේ පහර 12ක් සමඟින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් කුලසේකරගේ පන්දුවකට දැවී ගියේය. එම තරගයේ ලකුණු පුවරුව මෙතැනින් සොයාගත හැකිය [4]

2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඩිල්ෂාන් අර්ධ ශතක තුනක් ඇතුළත් තරග හතකදී ලකුණු 317ක් රැස්කරමින් තරගාවලියේ වීරයා බවට පත්විය. ඔහු තරඟාවලිය පුරාවටම 52.83 පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගෙන ගිය අතර, එය සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිව්වන හොඳම පිතිකරුවා වූ අතර, ඔහුට ඉහලින් ඇන්ජෙලෝ මැතිව්ස් 75ක්, ජැක් කලීස් 59.5ක් සහ යුනිස් ඛාන් 57.33ක් විය.[5]

ඔහුගේ ස්කූප් පහර, කඩුලු රකින්නාගේ හිසට උඩින් කෙළින් ක්‍රීඩා කරන ලදී, මෙම තරඟාවලියේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය වූ අතර ඔහුට ගෞරවයක් ලෙස ඩිල්ස්කූප් ලෙස හැඳින්වේ.

ටෙස්ට් ශතක

[සංස්කරණය]

තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ටෙස්ට් ශතකවල සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

  • ලකුණු තීරුවේ, * ලෙස සදහන් වීම නොදැවී සිටීම පෙන්නුම් කරයි
  • තරගය තීරුවේ ක්‍රීඩකයාගේ වෘත්තීය දිවියේ ක්‍රීඩා කල තරඟ අංකය පෙන්නුම් කරයි
තිලකරත්න ඩිල්ෂාන්ගේ ටෙස්ට් ශතක
ලකුණුතරගයප්‍රතිවාදීන්නගරය/රටක්‍රීඩාංගණයවසර
[1]1632 සිම්බාබ්වේහරාරේ, සිම්බාබ්වේහරාරේ ක්‍රීඩා සමාජය1999
[2]10011 එංගලන්තයමහනුවර, ශ්‍රී ලංකාවඅස්ගිරිය ක්‍රීඩාංගණය 2003
[3]10413 ඕස්ට්‍රේලියාවගාල්ල, ශ්‍රී ලංකාවගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය2004
[4]16827 බංග්ලාදේශයකොළඹ, ශ්‍රී ලංකාවපී. සරවනමුත්තු ක්‍රීඩාංගණය2005
[5]12546 ඉන්දියාවකොළඹ, ශ්‍රී ලංකාවසිංහල ක්‍රීඩා සමාජ පිටිය2008
[6]16250 බංග්ලාදේශයචිටගොං, බංග්ලාදේශයචිටගොං ප්‍රාදේශීය ක්‍රීඩාංගනය2009
[7]143
[8]14552 පකිස්තානයලාහෝර්, පකිස්ථානයගඩාෆි ක්‍රීඩාංගනය2009
[9]123*56 නවසීලන්තයගාල්ල, ශ්‍රී ලංකාවගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය2009
[10]11258 ඉන්දියාවඅහමදාබාද්, ඉන්දියාවසර්දාර් පටෙල් ක්‍රීඩාංගනය2009
[11]10960 ඉන්දියාවමුම්බායි, ඉන්දියාවබ්‍රබෝර්න් ක්‍රීඩාංගනය2009

එක්දින ජාත්‍යන්තර ශතක

[සංස්කරණය]

තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් එදිජා ශතකවල සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

  • ලකුණු තීරුවේ, * ලෙස සදහන් වීම නොදැවී සිටීම පෙන්නුම් කරයි
  • තරගය තීරුවේ ක්‍රීඩකයාගේ වෘත්තීය දිවියේ ක්‍රීඩා කල තරඟ අංකය පෙන්නුම් කරයි
තිලකරත්න ඩිල්ෂාන්ගේ එදිජා ශතක
ලකුණුතරගයප්‍රතිවාදීන්නගරය/රටක්‍රීඩාංගණයවසර
[1]117*94 නෙදර්ලන්තයඇම්ස්ටෙල්වීන්, නෙදර්ලන්තය VRA පිටිය2006
[2]137*155 පකිස්තානයලාහෝර්, පකිස්ථානයගඩාෆි ක්‍රීඩාංගනය2009
[3]106164 දකුණු අප්‍රිකාවසෙන්චූරියන්, දකුණු අප්‍රිකාවසුපර් ස්පෝර්ට් පිටිය2009
[4]160167 ඉන්දියාවරාජ්කොට්, ඉන්දියාවමාධව්රාඕ සින්ඩියා ක්‍රිකට් පිටිය2009
[5]123168 ඉන්දියාවනාග්පූර්, ඉන්දියාවවිදර්භා ක්‍රිකට් සංගම් පිටිය2009
[6]104172 බංග්ලාදේශයමීර්පූර්, බංග්ලාදේශයෂේරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනය2010
[7]108*179 සිම්බාබ්වේහරාරේ, සිම්බාබ්වේහරාරේ ක්‍රීඩා සමාජය2010
[8]110188 ඉන්දියාවදඹුල්ල, ශ්‍රී ලංකාවරංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය2010

ටෙස්ට් අර්ධ ශතක

[සංස්කරණය]

තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ටෙස්ට් අර්ධ ශතකවල සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

  • ලකුණු තීරුවේ, * ලෙස සදහන් වීම නොදැවී සිටීම පෙන්නුම් කරයි
  • තරගය තීරුවේ ක්‍රීඩකයාගේ වෘත්තීය දිවියේ ක්‍රීඩා කල තරඟ අංකය පෙන්නුම් කරයි
තිලකරත්න ඩිල්ෂාන්ගේ ටෙස්ට් අර්ධ ශතක
ලකුණුතරගයප්‍රතිවාදීන්නගරය/රටක්‍රීඩාංගණයවසර
[1]6311 එංගලන්තයමහනුවර, ශ්‍රී ලංකාවඅස්ගිරිය ක්‍රීඩාංගණය සිංහල ක්‍රීඩා සමාජ පිටිය ද්‍රෝණි රක්ෂිත සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය සිංහල ක්‍රීඩා සමාජ පිටිය ස්වාමීන්ගේ2003
[2]8312 එංගලන්තයකොළඹ, ශ්‍රී ලංකාවසිංහල ක්‍රීඩා සමාජ පිටිය2003
[3]7323 නවසීලන්තයවෙලින්ටන්, නවසීලන්තයබේසින් රිසව්2005
[4]8626 බංග්ලාදේශයකොළඹ, ශ්‍රී ලංකාවආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය2005
[5]6530 ඉන්දියාවඅහමදාබාද්, ඉන්දියාවසර්දාර් පටෙල් ක්‍රීඩාංගනය2005
[6]6530 ඉන්දියාවඅහමදාබාද්, ඉන්දියාවසර්දාර් පටෙල් ක්‍රීඩාංගනය2005
[7]6933 පකිස්තානයකොළඹ, ශ්‍රී ලංකාවසිංහල ක්‍රීඩා සමාජ පිටිය2006
[8]6935 එංගලන්තයලන්ඩනය, එංගලන්තයලෝඩ්ස්2007
[9]5936 එංගලන්තයබර්මින්හැම්, එංගලන්තයඑජ්බැස්ටන්2007
[10]7940 බංග්ලාදේශයකොළඹ, ශ්‍රී ලංකාවසිංහල ක්‍රීඩා සමාජ පිටිය2007
[11]8443 එංගලන්තයගාල්ල, ශ්‍රී ලංකාවගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය2007
[12]6245 බටහිර ඉන්දීය කොදෙව්පොර්ට් ඔෆ් ස්පේන්, බටහිර ඉන්දීය කොදෙව්ක්වීන්ස් පාර්ක් ඕවල්2008
[13]9256 නවසීලන්තයගාල්ල, ශ්‍රී ලංකාවගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය2009
[14]68*61 ඉන්දියාවගාල්ල, ශ්‍රී ලංකාවගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය2010
[15]5462 ඉන්දියාවකොළඹ, ශ්‍රී ලංකාවසිංහල ක්‍රීඩා සමාජ පිටිය2010

එක්දින ජාත්‍යන්තර අර්ධ ශතක

[සංස්කරණය]

තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් එදිජා අර්ධ ශතකවල සාරාංශයක් පහත වගුවේ දැක්වේ

  • ලකුණු තීරුවේ, * ලෙස සදහන් වීම නොදැවී සිටීම පෙන්නුම් කරයි
  • තරගය තීරුවේ ක්‍රීඩකයාගේ වෘත්තීය දිවියේ ක්‍රීඩා කල තරඟ අංකය පෙන්නුම් කරයි
තිලකරත්න ඩිල්ෂාන්ගේ එදිජා අර්ධ ශතක
ලකුණුතරගයප්‍රතිවාදීන්නගරය/රටක්‍රීඩාංගණයවසර
[1]535 සිම්බාබ්වේහරාරේ, සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩා සමාජය1999
[2]5016 බංග්ලාදේශයකොළඹ, ශ්‍රී ලංකාවආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය2002
[3]5264 ඉන්දියාවපූනේ, ඉන්දියාවනේරු ක්‍රීඩාංගණය2005
[4]81*65 ඉන්දියාවඅහමදාබාද්, ඉන්දියාවසර්දාර් පටෙල් ක්‍රීඩාංගනය2005
[5]5966 ඉන්දියාවරාජ්කොට්, ඉන්දියාවමාධව්රාඕ සින්ඩියා ක්‍රිකට් පිටිය2005
[6]82*75 දකුණු අප්‍රිකාවඇඩිලේඩ්, ඕස්ට්‍රේලියාවඇඩිලේඩ් ඕවල්2006
[7]6695 නෙදර්ලන්තයඇම්ස්ටෙල්වීන්, නෙදර්ලන්තයVRA පිටිය2006
[8]56107 ඉන්දියාවරාජ්කොට්, ඉන්දියාවමාධව්රාඕ සින්ඩියා ක්‍රිකට් පිටිය2007
[9]58113 දකුණු අප්‍රිකාවප්‍රොවිඩන්ස්, බටහිර ඉන්දීය කොදෙව්ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය2007
[10]70129 එංගලන්තයදඹුල්ල, ශ්‍රී ලංකාවරංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය2007
[11]62*134 ඉන්දියාවකැන්බරා, ඕස්ට්‍රේලියාවමනුක ඕවල්2008
[12]62139 ඕස්ට්‍රේලියාවමෙල්බර්න්, ඕස්ට්‍රේලියාවමෙල්බර්න් ක්‍රිකට් පිටිය2008
[13]64142 බටහිර ඉන්දීය කොදෙව්ග්‍රොස් අයිලට්, බටහිර ඉන්දීය කොදෙව්බියුස්ජෝර් ක්‍රීඩාංගණය2008
[14]56148 ඉන්දියාවකරච්චි, පකිස්ථානයජාතික ක්‍රීඩාංගනය2008
[15]76154 පකිස්තානයකරච්චි, පකිස්ථානයජාතික ක්‍රීඩාංගනය2009
[16]97160 ඉන්දියාවකොළඹ, ශ්‍රී ලංකාවආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය2009
[17]61175 ඉන්දියාවබුලවායෝ, සිම්බාබ්වේක්වීන්ස් ක්‍රීඩා සමාජය2010
[18]60*176 සිම්බාබ්වේබුලවායෝ, සිම්බාබ්වේක්වීන්ස් ක්‍රීඩා සමාජය2010
[19]78178 සිම්බාබ්වේහරාරේ, සිම්බාබ්වේහරාරේ ක්‍රීඩා සමාජය2010
[20]71180 බංග්ලාදේශයදඹුල්ල, ශ්‍රී ලංකාවරංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය2010
  1. Sri Lanka profiles BBC News - November 9, 2003
  2. "Dilshan's wedding gives Delhi a break". DNA - 27 May 2008
  3. Cricinfo Player Profile Retrieved 11-05-2010
  4. Cricinfo Scorecard Retrieved 18-11-2007.
  5. Cricinfo Statistics Retrieved 26-06-2009.
[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=තිලකරත්න_ඩිල්ශාන්&oldid=544285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි