ඩේවිඩ් කොන්ස්ටන්ට්

විකිපීඩියා වෙතින්
ඩේවිඩ් කොන්ස්ටන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඩේවිඩ් ජෝන් කොන්ස්ටන්
උපත9 නොවැම්බර් 1941 (1941-11-09) (වයස 82)
බ්‍රැඩ්ෆෝර්ඩ්-ඔන්-ඒවොන්, විල්ට්ෂයර්
අපනාමයකොනී
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග36 (1971–1988)
විනිශ්චය කල එදිජා33 (1972–2001)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2007 සැප්තැම්බර් 8

ඩේවිඩ් ජෝන් කොන්ස්ටන්ට් (උපත 1941නොවැම්බර් 9) යනු හිටපු ඉංග්‍රීසි වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ක්‍රිකට් විනිසුරුවෙකි. ඔහු කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සහ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය වෙනුවෙන් 1961 සිට 1968 දක්වා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළේය. පසුව ඔහු ජාත්‍යන්තර විනිසුරුවරයෙකු බවට පත් වූ අතර 1971 සිට 1988 දක්වා ටෙස්ට් තරඟ 36 ක් සහ 1972 සිට 2001 දක්වා එක්දින ජාත්‍යන්තර තරඟ 33 ක් විනිශ්චය කළේය.

කොන්ස්ටන්ට් 1965 දී ලෙස්ටර්ෂයර් වෙත ගොස් 1968 දක්වා එහි ක්‍රීඩා කිරීමට පෙර 1961 දී කෙන්ට් සමඟ ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. ඔහු පළමු පෙළ තරග 67ක් ක්‍රීඩා කළ මැදපෙළ පිතිකරුවෙකි. සමස්තයක් ලෙස ඔහු පළමු පෙළ ලකුණු 1,517ක් රැස් කළේ පිතිකරණ සාමාන්‍ය 19.20ක් හා ඉහළම ලකුණු 80ක් සමඟිනි. ටෝනි ලුවිස් 1965 දී ලෙස්ටර් හි දුෂ්කර තණතීරුවකදී ග්ලැමෝර්ගන්ට එරෙහිව ඔහුගේ ඉනිම විස්තර කළේ "මා දුටු නිර්භීත ඉනිමක්" ලෙසිනි.[1]

1971 ජූලි මාසයේදී එංගලන්තය සහ පකිස්තානය අතර පැවති තුන්වන ටෙස්ට් තරගය විනිසුරුවරයා ලෙස ඔහුගේ පළමු ටෙස්ට් තරගය විය. ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට පෙනී සිටියේ 2001 ජුනි මාසයේදී ලන්ඩනයේ ඕවල් හිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්තයට කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරගයකය. ඔහු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම කාලයක් සේවය කළ විනිසුරුවරයා වූ අතර වසර 38ක් පළමු පෙළ විනිසුරුවරුන්ගේ ලැයිස්තුවේ රැඳී සිටියේය.[2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. Tony Lewis, Playing Days, Stanley Paul, London, 1985, p. 96.
  2. David Constant, CricInfo. Retrieved 2017-04-19.
"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_කොන්ස්ටන්ට්&oldid=545481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි